විදේශීය ටීවී සීරීස් කියන්නෙ අපට දැන් නුපුරුදු කතාංග නෙමෙයිනේ. ලංකාවේ තරුණ පරපුරේ බොහොමයක් දැන් මේ ටෙලි මාලා බලනවා වගේම ඒ ටෙලිමාලා වල චරිත වලට ආදරය කරන්නත් පෙළඹිලා ඉන්නවා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වුණු මේ ටෙලිමාලා වල හිටපු අමතක නොවන චරිත කිහිපයක් ගැන ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න.
1. වෝල්ටර් වයිට් – Breaking Bad

Source – sickchirse.com
වෝල්ටර් වයිට් කියන්නේ කවුද..? බ්‍රේකින් බෑඩ් (Breaking Bad) බැලුව කෙනෙක්නම් වයිට් මහත්තය අඳුනන්නැති වෙන්න විදිහක් නෑ. වයිට් මහත්තයා රසායන විද්‍යා ගුරුවරයෙක්. ඔහු පිළිකා රෝගී තත්ත්වයකිනුත් පීඩා විඳිමිනුයි ඉන්නෙ. එහෙන් මෙහෙන් සල්ලි අර්බුද එනකොට තමන්ගෙ පවුලේ අනාගතය ගැන බියවෙන වෝල්ටර් මහත්තය කරන්නේ තමන්ගෙ පරණ ගෝලයෙක් එක්ක එකතු වෙලා මෙතම්ෆෙටමීන් කියන මත්ද්‍රව්‍යය හදන්න පටන් ගන්න එකයි. මේ මත්ද්‍රව්‍යය හැදීමත් එක්කම වෝල්ටර් මහත්තයගෙත්, එයාගෙ වටේ ඉන්න අයගෙත් ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නේ හිතාගන්නවත් බැරි විදිහටයි. බ්‍රයන් ක්‍රෑන්ස්ටන් තමයි මේකෙ වෝල්ටර් වයිට් චරිතයට පණ පෙවුවෙ.
2. ලුසිෆර් – Lucifer

Source – twitter.com
අපායෙ ඉඳලා ආපු ලුසිෆර් ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් වලට තමයි එන්නේ. ඒ ඇවිල්ලා ඔහුගේ තටු කපලා මනුස්ස වේසෙට ඇවිත් මනුෂ්‍යයෙක් වගේ ඔහු ජීවත් වෙනවා. මේ අතරේ ඔහු ලොස් ඇන්ජලීස් පොලීසියේ නිලධාරිනියක් එක්ක එකට පරීක්ෂණ වැඩ කටයුතු කරනවා. ඒ ඔහුටම අයිති සමාජ ශාලාවක් පවත්වාගෙන යන ගමනුයි. ලුසිෆර් කියන්නෙ සමාජශීලී වගේම සෙල්ලක්කාර, හාස්‍යජනක චරිතයක් විදිහටයි අපි ඔහුව අඳුනන්නෙ. ටොම් එලිස් තමයි මේකෙ ලුසිෆර් චරිතයට රඟන්නෙ.
3. ශර්ලොක් – Sherlock

Source – digitalspy.com
සුප්‍රකට ශර්ලොක් හෝම්ස් චරිතය අපට හම්බවෙන්නේ ආතර් කොනන් ඩොයිල් මහත්මයගේ පොත් සෙට් එකෙන්නේ. ඒ සෙට් එක දිවෙන්නේ 19 වැනි සියවස පදනම් කරගෙන. ඒ ශර්ලොක් හෝම්ස් ම දැන් කාලෙ හිටියොත් ඔහු ඉන්නෙ කොහොමද..? ඔහුට එදා ආපු ප්‍රශ්න දැන් එනවනම් ඒ ප්‍රශ්න මොන විදිහේ වෙනස්කම් වලින් පිරිලද එන්නේ..? අද ඒ ප්‍රශ්න ඔහු විසඳන්නෙ කොහොමද..? පිළිතුරු සියල්ල ශර්ලොක් ටෙලි නාට්‍ය මාලාවෙ තියෙනවා. ශර්ලොක් චරිතය මාන්නක්කාර, වැඩිය සමාජශීලී නොවන, විචක්ෂණශීලී චරිතයක් විදිහට හඳුන්වන්න පුලුවන්. බෙනඩික් කම්බර්බැච් තමයි ශර්ලොක් චරිතය රඟපාන්නෙ.
4. බැරී ඇලන් (ෆ්ලෑශ්) – Flash

Source – wallpapersite.com
DC කොමික් පොත් වලින් එළි දැක්වුණු තවත් සුපිරි තරුවක් තමයි බැරී ඇලන් හෙවත් ෆ්ලෑශ් කියන්නේ. ලෝකයේ ඉන්න වේගවත්ම මිනිසා කියලයි කියන්නේ. ඔහුගේ වේගය ඔහු ප්‍රයෝජනයට ගන්නේ කවුරුහරි පස්සේ පන්නන්න විතරක් නෙමෙයි. වේගයෙන් යෙදවෙන බලය මගින් විවිධ ප්‍රයෝජනත් ඔහු ගන්නවා. ග්‍රාන්ට් ගස්ටින් මේ චරිතයට පණ පොවනවා.
5. මයිකල් ස්කොෆීල්ඩ් – PrisonBreak

Source – screenrent.com
අයියට හිරෙන් පනින්න උදවු වෙන පොඩි මල්ලි තමයි මේ. හිරේ ඇතුළට යන්න වගේම හිරෙන් එළියට එන්නත් සුපිරි ගේමක් ගහන, ලංකාවෙ ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තු චරිතයක් තමයි මේ. අයියගේ නම ලින්කන් බරෝස්. අයිය නොකල වැරැද්දකට තමයි සිරගත කරන්නේ. ඒත් අයියට වඩා මල්ලි තමයි කාගෙත් ආදරය දිනාගෙන ඉන්නේ. මයිකල් ටිකක් ළාමක පෙනුමකට හිටියට දුරදිග හිතලා වැඩ කරන කෙනෙක්. ඉවසිලිවන්ත පුද්ගලයෙක්. චරිතයට 100% ක් සාධාරණය ඉෂ්ට කරන්නේ වෙන්ට්වෝත් මිලර්.
6. ඔලිවර් ක්වීන් (ඇරෝව්) – Arrow

Source – suwalls.com
ඇරෝව් කියන්නේ කවුද කියලා ලංකාවෙ අයට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. කාලයක් ලංකාවෙ උදවිය ඇරෝව් උන්මාදයෙන් පෙලුණා. ඔලිවර් ක්වීන් තමයි සුපිරි වීර ඇරෝගෙ සැබෑ ජීවිතේ නම. ඇරෝ කියන මේ කොමික් චරිතයේ මුල් නම වෙන්නේ ග්‍රීන් ඇරෝව්. මේකත් DC කොමික් චිත්‍ර කතාවල තිබූ චරිතයක්. ස්ටීෆන් ආමල් තමයි මේ චරිතයට පණ පොවන්නේ.
7. ටිරියන් ලැනිස්ටර් – Game of Thrones

Source – hdqwalls.com
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව බලපු ඔබට නම් මේ චරිතය අමතක වෙන්න විදිහක් නැහැ. ලෝඩ් ටයිවින් ලැනිස්ටර්ගේ සහ ජොආනා ලැනිස්ටර් යුවලගේ බාලම පුතා වුණු ඔහු අඟුටුමිට්ටෙක්. සන්සා ස්ටාක් ගේ ස්වාමි පුරුෂයා වෙන ඔහු දූරදර්ශී වගේම කල්පනාවෙන් වැඩ කරන චරිතයක්. ඉක්මනින් තේරුම් ගැනීමේ හැකියාව, වහා ක්‍රියාත්මක වීමේ හැකියාව වගේ ලක්ෂණත් මේ චරිතයේ විශේෂත්වයන් විදිහට හඳුන්වන්න පුලුවන්. ටිරියන් චරිතයට පණ දුන්නෙ පීටර් ඩින්ක්ලෙජ්.
8. හෑන්ක් මූඩි – Californication

Source – steemit.com
ඉඳල ඉඳල ලියන දේවල් හිට්වෙන, නිතර නොලියවෙන ලියන්නෙක්. බීමෙන් නිතරම මත් වෙලා ඉන්න, මුණගැහෙන ගැහැණුන් හා ආලිංගනයේ යෙදෙන්නට දෙපාරක් නොහිතන, ඒනිසාම අමාරුවේ වැටෙන ලියන්නෙක්. හොඳම යාළුවා සහ මැනේජර් නිසා බොහෝ අමාරු වෙලාවල් වලින් ගොඩ යන චරිතයක්. දරුවෙක් ඉන්න තාත්තෙක්. කසාද බැඳලා නෑ. හැබැයි දරුවාගෙ අම්මට පුදුමාකාර ආදරයක් තියෙන නිසා ඔවුනුත් අත් නොහරින අමුතුම චරිතයක්. එහි රසවත් බව ඩේවිඩ් ඩකොවුනි නම් වූ ඒ සුපිරි නළුවාගෙ තාත්වික රංගනය නිසාම කදිමට ගලායනවා.
9. ඩෙක්ස්ටර් මෝගන් – Dexter

Source – medium.com
මයෑමි පොලිසියේ රුධිර විහිදුම් පිළිබඳ පරීක්ෂකයෙක් වන ඩෙක්ස්ටර්ට සැඟවුණු ජීවිතයකුත් තියනවා. ඔහු සීරියල් කිලර් කෙනෙක්. හැබැයි ඔහු ඝාතනයට තෝරගන්නේ භයානක අපරාධකාරයන්ව තමයි. පොලිසියේ වැඩ කරන ගමන්, නීතියේ රැහැනින් ගැලවෙන අපරාධකාරයන්ව දඩයම් කරන ඩෙක්ස්ටර් කියන්නෙත් අපේ ප්‍රියතම චරිතයක් තමයි. ඩෙක්ස්ටර් චරිතයට පණ පෙවුවෙ මයිකල් සී හෝල්.
ඔබ ආදරය කරන සියලු චරිත මේ ලිපියේ නැත්නම් පහළින් ඒ චරිතයේ නම කමෙන්ටුවකින් දාන්න අමතක කරන්න එපා.
Cover Image Source – newvision.com / tvseries.com / twitter.com
Leave a Reply