ලාංකික අපි හරි ජොලි ජාතියක්. නැව ගිලුනත් ගැට්ටේ බජව් නිසා ආතල් විතරයි අපේ බලාපොරොත්තුව. මළ පොතේ අකුරත් දන්නැති අයත් ඩෙස්පාසිටෝ යද්දි නටන්නේ අන්න ඒකයි. ඉතින් මේ විශ්ව භාෂාවේ සෑහෙන සාක්ෂරතාවක් තියන අපිට ඉන්ටර්නැෂනල් මියුසික් කියන්නේ අපේ වගේ තමයි. ඉන්ටර්නෙට් අරක මේක ඒ තරමට නැති කාලේ ලෝකයේ හිට් වුණ ගොඩක් සින්දු අපේ රටෙත් සෑහෙන ජනප්‍රිය වුණා. ඉස්සර හරි හරියට බලපු චාට් ෂෝවලටත් මේ සින්දු දාන්න වුණේ ඒ ඉල්ලුම නිසයි.
1. My Heart Will Go on – Celine Dion

Image Source – hollywood.com
සමහර විට එහෙම කිව්වම නුහුරු ගතියක් දැනෙනවා වගේ නම් ටයිටැනික් සින්දුව කිව්වම මතකෙට එයි. ජැක්ගෙයි රෝස්ගෙයි නැවේ කතාව අස්සේ යන මේ ගීතය ප්‍රේමය ගැන කිව්ව ගමන් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක වගේ වටේ පිටේ ඇහෙන්න තරම් මානසිකත්වයක් ඒ කාලේ තිබ්බේ. වෙන ඕනි නෑ. සමහර වාහනවල රිවර්ස් කරද්දි මියුසික් එකක් එනවනේ. අපේ ඈයෝ මේකත් දැම්මා ආයිබොවන්ඩ.
2. Broken Angel – Arash

Image Source – vimeo.com
මේ සින්දුවේ අපිට තේරුම් ගන්න පුළුවන් කොටහකට කියලා තිබ්බේ බොහොම ඩිංගිත්තයි. අනික් ඔක්කොම වඳුරු කුණුහරුප වගේ වෙන භාෂාවක්නේ. හැබැයි ඉතින් රසයට ඕක බාධාවක් වුණේ නෑ කීයටවත්. අරාෂ් කියන්නේ ඉරානීය ජාතිකයෙක්. පර්සියන් භාෂාවලින් සින්දු කියන මේ හාදයා ලංකාවම අල්ලන්නෙත් මේ සින්දුවෙන්. වීඩියෝ එකත් ඉන්ටර්නෙට් කැෆේ එකකට ගිහිල්ලා හරි භාගන්න තරම් උද්‍යෝගේ ඉතින්. චාට් ෂෝ එකක ගියාම සතියක් හමාරක් ඉන්න එපැයි ආය බලන්න.
3. As Long As You Love Me – Backstreet Boys

Image Source – youtube.com
ඒ කාලේ කොල්ලන්ට කෙල්ලන්ට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා වගේ එලෝ මෙලෝ නැතිවෙන සින්දුවක් තමයි මේ. කොහොමත් බැක්ස්ට්‍රීට් බෝයිස්ලාගේ සින්දු අපේ රටේ සෑහෙන ජනප්‍රියයි. ඒ අතරින් මේ ගීතය ප්‍රමුඛ වෙනවා. මේකේ මියුසික් වීඩියෝ එකෙත් අමුතු ම කික් එකක් තිබ්බනේ. ආදරය ගැන ලියවුණු සුදු මහත්තුරුන්ගේ සින්දු අතරින් ඇහුවම සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් ගීතයක් වුණ නිසාමත් ජනප්‍රියතාව තව ටිකක් ඉහළ යන්න ඇති. අමාරු වචන අරවා මේවා නැහැනේ.
4. Angel – Shaggy

Image Source – youtube.com
ෂැගී. ස්කූබි ඩූ එකේ ඉන්න හාදයා නෙවෙයි සින්දු කියන එක්කෙනා. මේ ළඟදිත් ලංකාවට ඇවිදිල්ලා ගියේ. මීට අවුරුදු 8කට විතර කලින් තමයි ඒන්ජල් සින්දුව අපිට අහන්න ලැබෙන්නේ. මේකේ තියෙන ටියුන් එක වගේම ෂැගීලා වගේ ගායකයන්ගේ දකින්න තියෙන ස්වැග් ඉස්ටයිල් එක මේ ජනප්‍රියත්වයට හේතුවක්.
5. Waka Waka – Shakira

Image Source – youtube.com
2010 පාපන්දු ලෝක කුසලානය කාට කාටත් අමතක වුණත් ලංකාවේ පොරකට පොරියකට ලේසියෙන් අමතක කරන්න බෑ මේ නිසා. සමහරවිට මේ ගීතය උපරිමෙන් ම විඳින්න ඇත්තෙත් අපි තමයි. අවුරුදු 8ක් ගෙවිලා ගියත් අදටත් ඇහුණොත් නැටවෙන්නේ නැති කකුල් දෙකක් මේ භූමියේ නම් නෑ. මේකත් එක්කම එළියට ආපු අනික් ගීතය කේනෑන්ගේ Waving Flag. ක්‍රීඩාව මිනිස්සු එකතු කරනවා කියන්නේ ඇත්තයි. ලෝක කුසලානයට කිසිම අදාළත්වයක් නැති රටක ඒ උන්මාදය රඳවන්න මේ ගීත සෑහෙන උපකාරී වුණා.
6. Barbie Girl – Aqua

Image Source – bandwagon.com
පුංචිම පුංචි කෙලි පැටික්කියන්ගේ ඉඳලා ඇන්ටිලා ආච්චිලා දක්වා කාන්තා සංහතියම බාබී උන්මාදයෙන් අම්බානෙකට පෙළුණා. මේවයේ ලිරික්ස් බල බලා හෙනට ගැඹුරින් විග්‍රහ කරන්න තරම් මෙව්වා එකක් නැහැනේ. පොඩි කෙල්ලෝ ඉස්කෝලවල කොන්සට්වලටත් නැටුවා ඕකට. ඒ දවස්වල තේමා ගීතය වගේ මොන නැටුමටත්, මොන සාදයටත් තිබ්බ ගීතයක් තමයි බාබී ගර්ල්.
7. Shalala lala – Vengaboys

Image Source – youtube.com
වෙන්ගාබෝයිස් කිව්වට මේකේ ඉලාස්ටික් වගේ නටන්න පුළුවන් කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා කියලා දතයුත්තෝ දන්නවා. ගොඩක් ලෝකයේ සංගීත කණ්ඩායම් ආවෝ ගියෝ ටයිප් එකේ හිටියට මෙයාලා එහෙම නැහැ ඉතින්. මයි හාට් ගෝස් කියනකොට අපි අත්පුඩි ගහන්න ලෑස්ති වෙලා ඉන්නේ. කලින් කියපු බාබී ගර්ල් සින්දුව වගේම ඕනෑම අඩියකට පුඩියකට සෙට් වෙන සින්දුවක්.
8. Lambada – Kamoa

Image Source – onejive.com
නයින්ටිස් එයිටීස් බේබිලගේ හදවතේ රැඳුණ තවත් ගීතයක් තමයි මේ. වාහන රිවර්ස් කරද්දි එන මියුසික් එකක් වශයෙන් සහ අයිස්ක්‍රීම් කරත්තයක් ළඟ එන බව දන්වන සංගීතයක් විදියටත් සීන් එකේ තදටම බැහැලා හිටියට මොකෝ ඉතින් මේකේ තියෙන උලව් එක වචනයක්වත් දන්නෑ. විශ්ව භාෂාව හිටං
9. La Macarena – Los Del Rio

Image Source – 9coach.com
“බල්ලා කුකුළා පරවියා” වගේ පටන් ගන්නවා ඇහුණත් සින්දුව පටන් ගන්නේ වෙන විදියකට. ඉංග්‍රීසි නොවන ඒත් බටහිරට අයිති බොහෝ සින්දු මෑත කාලයෙත් අපේ රටේ හිට් වෙලා ගියා. මියුසික් එකෙන් කරන බලපෑම තමයි. “හේ…… මකරෙනා” කෑල්ල විතරක් යාන්තම් අහුලගෙන අනික් ඒවාට හිතට එන බහුභූත දදා මේ සින්දු කියපු අතීතය අද ඊයේ ඉවර වුණ දෙයක් වගෙයි.
10. Mysterious Girl – Peter Andre

Image Source – youtube.com
ටෙලිසීන් ඇඩ් බලලා ඩිස්කේ අම්මට ඩිස්කේ වෙලා ඉන්න අස්සේ ටීවි එකේ එක පාරට මේ සින්දුව ගියා නම් තකට තක. සික්ස් පැක් හදාගත්තු අයියා කෙනෙක් අමාරුවෙන් වගේ කියන මේ ගීතය අද එහෙම ට්‍රෙන්ඩ් වෙන්න ගත්තා නම් ජස්ටින් බීබර් ලේබල් එක එයාට වැදෙනවා. මේ මෙලඩිය පට්ට ලස්සනයි. ඒකේ රඟපාන්න ඉන්න අක්කිත් ලස්සනයි.
මේ සින්දුවල විවිධත්වයක් තියෙනවා. වැඩිය කොම්පියුටර් කෑලි සංගීතයට මුහුනොවුණ කාලයක් නිසා අප්පිරියාවක් නැතුව අහන්නත් පුළුවන්. ඒ කාලේ වගේම අද හෙටටත් මේ සින්දු වලංගුයි.
Cover Image Source – youtube.com/ bandwagon.com
Leave a Reply