සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන සමාජේ ඉන්න මිනිස්සු වැඩි දෙනෙක් බොහොම දක්ෂයි තවත් මනුස්සයෙක්ට හිනා වෙන්න. සමහර වෙලාවට දැන් මේ ආටිකල් එක කියවන ඔයත් එකෙන්ම එහෙම වෙන්න පුළුවන්. ඒත් ඒ නිසා අපිම කියනවා රටේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඕන විදියට නෙවෙයි, තමන්ට ඕන විදියට ජීවත් වෙයං කියලා. ඒ නිසාම මිනිස්සු අපි යන්න ඇරලා පිටිපස්සට හිනාවුනත්, පිටිපස්සෙන් යන අධෝවාතයක් තරමට වත් ගණන් ගන්න එපා කියලත් අපිම කියනවා. ඒ කථාව හරි කියමුකෝ. හැබැයි මිනිස්සු අපේ පිටිපස්සට හිනා වෙන්නේ ඇත්තටම හිනා යන සීන් එකක් නිසා නම්? ඒක අපේ හැසිරීම හෝ ඇඳුම් පැළඳුම් හෝ වෙනත් දෙයක් වෙන්න පුළුවන්. දැන් එහෙම දෙයක් වුනත් මිනිස්සු අපේ මූණට දෙයක් කියන්නේ නැතුව යන්න ඇරලා පිටිපස්සට හිනා වීම ගැන තඹ සතේකට මායිං කරන්න ඕන නෑ. ඒත් මිනිස්සු අපිට හිනා වෙන හේතු ගැන පොඩ්ඩක් හිතලා බලන එක වටිනවා. මොකද සමහර වෙලාවට ඒක හදාගන්න ඕන හේතුවක් වෙන්න පුළුවන් නිසා!
1. තේ උඩිච්චි/ මැන්ටල් බෝයිෆ්‍රෙන්!
මිනිස්සු විවිධාකාරයි. ඒ වගේම පිරිමින්ට හම්බුවෙන ගෑණුත්, ගෑණුන්ට හම්බුවෙන පිරිමිත් විවිධාකාරයි. අන්න ඒ නිසාම ඉතින් සමහර වෙලාවට අපි ආදරෙන් බැඳෙන්නේ මොනවා හරි පිස්සු ගතිගුණ තියෙන ඩයල් එකක් එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඔහොම එකක් සෙට් වුනාට පස්සේ සමහර වෙලාවට කොල්ලෙක්ට යාලුවෝ හම්බුවෙන්න යන්නත් අවසර ගන්න වෙනවා. කෙල්ලෝ සෙට් එකත් එක්ක ෂොපින් යන කෙල්ලෙක්ට විනාඩි දහයෙන් දහයට කෝල් එකට ආන්සර් කරලා ලොකේෂන් අප්ඩේට් කරන්න වෙනවා.
ඉතින් ඔය විදියේ හරි, ඔයිට වෙනස් විදියේ හරි මහප්‍රාණ පිස්සු මගුලක් සෙට් වුනත් ඒක ආදරේ නාමයෙන් හරි කියමුකෝ. හැබැයි ඉතින් යාලු මිත්තරයන්ගේ ආදරයක් නෙවෙයිනෙ ඒක. ඒ නිසා උන් මේක විකාරයක් කියලා දැක්කට අපේ හිත කැඩෙන නිසා කෙලින් කියන්නෙත් නෑ. ඒත් උන් අපිට යන්න ඇරලා හිනාවෙනවා.
2. පිනොකියෝ!
මිනිස්සු එක එක හේතු වලට බොරු කියනවා. සමහරු වැරැද්දක් වහන්න, බොරුවක් වහන්න බොරු කියනවා. සමහරු ආතල් එකට බොරු කියනවා. සමහරු පුද්ගලික ලාභාපේක්ෂාවෙන් බොරු කියනවා. සමහරු අනික් අයව කොටවන්න බොරු කියනවා. දැන් ඔය කොයි දේට බොරු කිව්වත්, ඒ කියන බොරු මතක තියාගන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් එක බොරුවක් කාලයක් ගිහිල්ලා වුනත් ආයෙමත් උඩට එනවා. එතකොට වෙනත් වාතාවරණයකදී අර කිවුව බොරුව එළිවෙන විදියේ දෙයක් කියන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ එක බොරුව වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියලා.
දැන් ඔය විදියේ ලෝක බොරුකාර ඩයල් වලට හැමදාමත් බොරුවෙන් රඟන්න බෑ. තමන් කලින් කියපු බොරුවක්, දැන් කියන දේකින් බොරු වෙන අවස්ථා ඕන තරම් එනවා. ඉතින් විශේෂයෙන්ම යාලුවෝ අතරේ මෙහෙම හැරෙන හැරෙන පැත්තට බොරු කියලා මාට්ටු වුනහම වෙන්න පුළුවන් දේ තමයි තමන්ව බයිට් එකක් වෙන එක. මූණට හිනා නොවුනත් යන්න ඇරලා හිනා වෙන එක.
3. සිරිමත් මගෙ සකි
නිකමට හිතලා බලන්න අපි එක එක වයසෙදී හිතපු පතපු ආකාරය කොහොමද කියලා. එතකොට අපි අඳින්නේ පළඳින්නේත් ඒ ඒ වයසේ හැටියට තමයි. දැන් ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකක් ඇඳලා ඒකේ උඩම බොත්තමත් දාලා පංති යන එක ඕ ලෙවල් කරන කොල්ලෙක්ට ලොකු අවුලක් විදියට දැනෙන්නෙ නෑ. හැබැයි කොහොමද අවුරුදු තිහක් තිස්පහක් වෙන සොෆ්ට්වෙයාර් ඉන්ජෙක් ක්‍රොකඩයිල් ටී ෂර්ට් එක ඔෆිස් කලිසමකට යට කරලා, ටී ෂර්ට් එකේ උඩම බොත්තමත් දාලා, සැන්ඩ්ල්ස් දාලා වැඩට ගියොත්? හිනා යන සුළුයි නේද?
ආන්න ඒ විදියට තමන්ගේ වයසට සහ තත්වයට ගැලපෙන්න ඇඳුම් පැළඳුම් නැත්නම් ගොඩක් වෙලාවට මිනිස්සු අපේ පිටිපස්සට හිනා වෙන්න ඉඩ තියෙනවා!
4. පුරසාරං රටේ වෙදා!
මිනිස්සු ඕන කෙනෙක් කැමතියි තමන් පොඩ්ඩක් පොර වෙන්න. ඒක හරි සාමාන්‍ය දෙයක්. ඒ නිසාම තමයි මිනිස්සු උජාරුවට කාර් එකේ යතුර කරකෝ කරකෝ ෆුඩ් සිටි යන්නේ, තමන්ගේ ළමයි යන ඉස්කෝලෙ ගැන කියන්නේ, වෙඩින් එකේ ප්ලේට් එකේ ගාණ අහන්නෙ නැතුවම කියලා දාන්නේ එහෙම. පුංචි පුංචි පොර වීමේ ආසාවල්නේ. ඒවා ඉතින් එහෙමට අවුලක් නෑ.
හැබැයි මේ අපි කියන විදියේ පුරසාරං සේනලා සහ රටේ වෙද්දු එයිට වෙනස්. ආයෙ මොන කථාවක් ඇදිලා ආවත් ඉවර වෙන්නේ උන්දැගෙ පුරසාරමෙන්. රුපියල අවප්‍රමාණ වෙලා කිවුවොත් කියන්නේ ගිය සතියේ ඩොලර් ටික කෑෂ් කරගත්තේ අපරාදේ කියලා. විල්පත්තුව කපනවා කිවුවොත් කියන්නේ නුවර එළියේ එක ගහක් නොකපා තමන්ට හදාගත්තු කන්ට්‍රි හවුස් එක ගැන. ජනාධිපති අප්සෙට් කිවුවොත් කියන්නේ, ඒ වුනාට ජනාධිපතිගේ නංගි බැඳපු ඩයල් එකේ බාප්පගේ පුංචිගේ පුතා මගේ මේම මේම ෆිට් එක කියලා. ක්‍රිකට් ටීම් එක ගැන කිවුවොත් කියන්නේ ඉස්කෝලෙ යන කාලේ තමන් පැවිලියන් එකට වැටෙන්න සික්සර් ගහපු හැටි. සිංදුවක් ගැන කථා කලොත් කියන්නේ, ඉස්සර තමන් සිංදු කියනවා අහලා කෙල්ලෝ ලියුම් එවපු හැටි.
ඉතින් ඔහොම රටේ වෙද්දුන්ට මූණට හිනා නොවුනත්, මිනිස්සු පිටිපස්සට හිනා වෙන එක අහන්න දෙයක්ද බ්‍රෝ!
5. මරි මෝඩ සෝෂල් මීඩියා ආතල්!
මේ ඉන්නේ මෑත කාලෙදී, ඒ කියන්නේ අවුරුදු දහයක විතර කාලෙදී බිහිවුණු සෙට් එකක් ගැන. දැන් සමහරු සෝෂල් මීඩියා වල ඉන්නේ සීරියස් විදියට. සමහරු සෝෂල් මීඩියා වල ඉන්නේ ෆන් ගන්න. සමහරු සෝෂල් මීඩියා වල ජීවිතේම මේන්ටේන් කරනවා. ඔය ඔක්කොමත් හරි, තව සමහරු ඉන්නවා, කැපිලා පේන්න හරි, නම හැදෙන්න හරි, මරි මෝඩ කමට හරි සෝෂල් මීඩියා ඇතුළේ දාන්නේම ගොන් පාට්, ගොන් ජෝක්. අඩු ගාණේ මේ ගොන් පාට් එකකට හරි ජෝක් එකකට හරි තව මිනිහෙක්ට හිනා යනවා නම් ඒක අවුලක් නෑ. ඒත් මේ ඩයල්ස් හැසිරෙන විදිය මොන තරම් මරි මෝඩ, මැන්ටල්ද කියනවා නම් ඒවලට හිනා යන්නෙ නෑ. ඒ වෙනුවට හිතට එන්නේ, මේ වගේ එව්වා ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්න තරම් මේ යකාට පිස්සුද කියලා තමයි. එතකොට ඉතින් මිනිහා නැතත් මිනිහව දන්න එවුන් සෙට් වුණු තැනක මිනිහා තමයි පොදු බයිට් එක!
6. පිස්සු හුටන් ඩ්‍රාමා කින්ග් ඇන්ඩ් ක්වීන්!
සාමාන්‍යයෙන් අපි කාගෙවත් ජීවිත ඉතාම පරිපූර්ණ විදියට ගලාගෙන යන එව්වා නෙවෙයිනේ. ප්‍රශ්න එනවා, බඩු වැටෙනවා, මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා, දේවල් අමතක වෙනවා. ඔය වගේ නානාප්‍රකාර අප්සෙට් සීන් අපේ ජීවිත ඇතුළේ එදිනෙදා වෙනවා. හැබැයි ඉතින් ඒ වගේ පොඩි දෙයක් වුනහම ඒ මොහොතේ කරන්න ඕන දේ කරලා අමතක කරලා දාන එකනේ සාමාන්‍යයෙන් කූල් එකේ ඉන්න මනුස්සයෙක්ගේ අතින් වෙන්නේ.
හැබැයි සමහර ඩ්‍රාමා කින්ග්ස්ලා සහ ඩ්‍රාමා ක්වීන්ස්ලා ඉන්නවා ඕකේ සම්පූර්ණ අනික් පැත්ත. මැස්සෙක් නාහෙ උඩ වැහුවත් මේ ඩයල් දවස් පහක් ඒක කිය කියා පිස්සු නටනවා. ටයිෆොයිඩ් වැක්සීන් ගන්න යනවා. ෆේස්බුක් එකේ දානවා. තමන් මැන්ටල් විදියට පෝස් කරලා ඉන්න ෆොටෝ එකකට කවුරු හරි හා හා රියැක්ට් එකක් දැම්මොත් එහෙම මාසයක් ඒ ගැන දුක කියලා, හෙණ ඉල්ලලා වෙනම ෆේස්බුක් පෝස්ට් දවසකට පහ ගාණේ දානවා. ගෙදර බල්ලා පාපිස්ස උඩ කක්කා කරලා තිබ්බොත්, ඒකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ දාලා, අනේ මගෙ චෝයි චූටි බලු කුක්කි කක්කීඩ් ඔන් ඩෝර් මැට් ෆෝ ද ෆස්ට් ටයිම් කියලා කැප්ෂන් දාලා වැළලෙන්න හදනවා. ඉතින් මෙහෙම මිනිස්සුන්ගේ පස්සට අනික් මිනිස්සු හිනා නොවී තියෙයිද!
7. අර කෙල්ලත් මට ලයින්, මේ කෙල්ලත් මට ලයින්!
ඔව්, සමහර හාදයෝ ඉන්නවා ආයෙ කට ඇරියොත් කිම් කාඩර්ෂියන් එක්කත් නිදාගෙන තියෙනවා. අයිෂ්වර්‍යා රායි අභිෂේක්ව බැඳලා තියෙන්නේ මුන්දෑ අවුරුදු ගාණක් තියාගෙන ඉඳලා අතෑරියාට පස්සේ. දකින දකින කෙල්ල ගැන කියන්නේ, ඒ කෙල්ල තමන්ගේ පස්සෙන් බලෙන් ඇවිත්, තමන්ට කියලා ලමේක් හදාගන්න ඕන කියලා නිදාගත්තා කියලා. සමහර වෙලාවට ඒක ඔප්පු කරන්න චැට් පැනල් එකේ කන්ටැක්ට් එකත් පෙන්නනවා. හැබැයි චැට් එක ඇරලා බැලුවොත් තියෙන්නේ මුන්දෑ ඒකපාර්ශ්විකව කරපු චැට් එකක්. හායි, හලෝ සෙක්සි, හායි නංගි, ඇයි කතා නැත්තේ, බිසීද, ඔයා ඉන්නවද වගේ චැට් අඬවැඩියාවක් මේ පැත්තෙන් දිගට දිගට ගිහින්, අන්තිමට කෙල්ල මූට උත්තර නොදීම බ්ලොක් කරලා කියලා තමයි චැට් ලයින් එකේ පෙන්නන්නේ. හැබැයි ඉතින් මේ විදියේ හාදයෝ හිතාගෙන ඉන්නවා, මෙහෙම දේවල් කියනකොට අනික් එවුන් හිතනවා කියලා මූ කෙල්ලොන්ගේ සිහින කුමාරයා කියලා. හැබැයි මූ යන්න ඇරලා මිනිස්සු මුට හිනාවෙන විදිය දන්නවා නං…
මේ දේවලින් වුනත් සමහර කාරණයක් රටේ ලෝකේ මිනිස්සුන්ට හිනා වෙන්න කාරණාවක් වුනාට අපිට සීරියස් දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක ඒ මිනිස්සුන්ට අනුකම්පා කරලා ඒක අමතක කරලා දාන්න. එහෙම නැතුව මිනිස්සු අපිට හිනාවෙන්නේ ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕන හේතුවක් නිසා, අපේ දුර්වලතාවයක් නිසා නම් ඒක කරුණාකරලා හදාගන්න. ඉන් පස්සේ හිනාවෙන මිනිස්සුන්ට අනුකම්පා කරලා ඒක අමතක කරලා දාන්න! ☺
Leave a Reply