ප්‍රථමාධාරයක් කියන්නෙ ලෙඩ හෝ තුවාල සිදුවුණු පුද්ගලයෙකුට අවශ්‍ය සම්පූර්ණ ප්‍රතිකාර වලට යොමු කරනකන් මූලිකව ලබාදෙන ප්‍රතිකාරයන්. අපේ රටේ ඒතරම් කතා බහට ලක් නොවෙන, අප්‍රසිද්ධ කාරණයක් උනාට පිටරටවල් වලනම් ප්‍රථමාධාර කියන්නෙ පාසලේ පුංචිම පන්ති වල ඉඳන් පොඩි දරුවන්ට පවා උගන්වන විෂයක්. අන්න ඒ නිසාම අනතුරක් වෙච්ච වෙලාවක අපි අත් ඉහ බැඳගෙන කෑගහගෙන දැඟලුවට පිටරටවල් වල පුංචි ළමයෙක් පවා දන්නවා අදාළ අවස්ථාවට අනුව රෝගියාගේ ජීවිතේ බේරගන්න, එක්කො අනතුරේ හානිය අවම කරගන්න හැසිරෙන්න ඕන විදිහ. ඉතින් එච්චර ලොකුවට සම්පූර්ණ විෂයම කතා කරන්න බැරි උනත් අපි හිතුව අද එදිනෙදා ජීවිතයේදී ගෙදර දොරේ වැඩ කරද්දී, කුස්සියේ වැඩ කරද්දී සිදුවෙන පුංචි පුංචි අනතුරු වලදී දෙන්න පුළුවන් නිවැරදිම ප්‍රථමාධාර ගැන ඔබව දැනුවත් කරන්න.
1. පිළිස්සුම් සඳහා
පිළිස්සීමක් කියන්නේ එදිනෙදා වැඩ කරද්දී ඉතා සුලභව සිද්ධ වෙන්න පුළුවන් අනතුරක්. මේක සුළු පරිමාණ හෝ මහා පරිමාණ වෙන්න පුළුවන්. මහා පරිමාණ පිළිස්සුමක්නම් ප්‍රථමාධාරය අතරතුර ගිලන් රථයක් හෝ වෙනත් වහනයක් ගෙනත් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකිරීම අනිවාර්යයි. එත් එදිනෙදා කුස්සියේදී වගේ සිදුවෙන පුංචි පිළිස්සුමක් නම් මේ කියන ප්‍රථමාධාරයෙන් ගොඩදාගන්න පුළුවන්.
සම මතුපිට සිදුවෙන පිළිස්සුමෙන් සම ඇතුළට තව තවත් හානි වෙන එක වැලැක්වීම තමයි ප්‍රථමාධාරයෙන් කරන්නේ. ස්ථර වශයෙන් පිහිටලා තියෙන හම තවත් ඇතුළට ඇතුළට පිච්චෙන එක නවත්තන්න පිච්චුන වහාම ඒ අදාළ ස්ථානය වතුර ගලාගෙන යන ටැප් එකකට වගේ අල්ලන්න ඕනේ. අඩුම විනාඩි 20ක්වත් ගලාගෙන යන සිහිල් ජලයට අල්ලගෙන ඉන්න. පුංචිම පිළිස්සුමක් නම් එතැනින්ම වැඩේ ඉවරයි. ආයෙත් දිය බුබුලක්වත් එන්නේ නැහැ. ඊට වැඩි පිළිස්සුමක් නම් වතුරට අල්ලන් හිටියට පස්සේ පිළිස්සුම් වලට පාවිච්චි කරන ක්‍රීම් වර්ගයක් ගාගන්න පුළුවන්. එහෙම නැතුව කුස්සියේ තියෙන බිත්තර සාරු, බාත්රූම් එකෙන් ටූත් පේස්ට් එහෙම ගාන එකෙන් තුවාලය ආසාදනය වෙලා ලොකු ලොකු ගැටළු ඇතිවෙන්න පුළුවන්.
2. කැපුම් තුවාල සඳහා
මේකත් බහුලවම කුස්සියේ සිදුවෙන අනතුරක්. ඊට පිටතත් නැතුවම නෙමෙයි. කැපුම් තුවාලෙකදී මූලිකම අවධානය දෙන්න ඕනෙ ලේ ගැලීම නවත්තන්නයි. පොඩි කැපුමක් නම් ලේ ගැලීම ඉක්මනින් නැවතෙනවා. එත් ටිකක් ලොකු කැපුමක්නම් ගෝස් හෝ පිරිසිඳු රෙදි කැබැල්ලක් තදින් තුවාලයට උඩින් තද කරගෙන ඉඳල ලේ ගමන නවත්තන්න පුළුවන්. රෝහලකට හෝ වෛද්‍යවරයෙක් ලඟට යන්න තරම් දරුණු කැපුමක් උනත් ඒ ප්‍රතිකාරයට ගෙනියනකන් ලේ ගමන නවත්වාගෙන යන එක හරිම වැදගත්. ප්‍රතිකාර ලැබෙනකන් ලේ යන එකත් රෝගියාගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්.
3. කැඩුම් බිඳුම් සඳහා
මේ වගේ තත්ත්වයක්නම් අනිවාර්යෙන් රෝහලක් වෙත යොමු කරන්න ඕනෙ. ඒත් ඒ ප්‍රතිකාරයට යනකන් අතරමගදි කැඩුණු අස්ථියට තවත් හානි නොවෙන්න අරන් යන එක හරිම වැදගත්. කිසිම විදිහකින් කැඩුණු අස්ථිය දිග හරින්න උත්සාහ කරන්න එපා. වාහනයක යන මගදී ඒ ප්‍රදේශය හෙලවෙන්නේ නැති වෙන්න ලී පතුරු තියල බැන්ඩේජ් එකකින් ඔතාගන්න. කැඩුණු අස්ථිය හෙලවීමෙන් ඇතුළෙ මාංශපේශී වලට පවා හානි වෙන්න පුළුවන්. ඒ ස්ථානය සිසිල් වෙන්න අයිස් පැක් එකක් හෝ සීතල රෙදි කඩක් ඊට උඩින් තියාගෙන හැකි තරම් ඉක්මනින් පරිස්සමෙන් රෝගියාව ප්‍රතිකාර වලට අරගෙන යන්න.
4. ක්ලාන්ත වූ විට
මේ ඉස්කෝල වල හෝ මඟ තොටදී සුලභව දකින ගැටළුවක්. කෙනෙක් කලන්තේ දාල වැටෙන්න කලින්ම ඒ බව දැන්වුවොත් ඒ පුද්ගලයාව හැකි ඉක්මනින් පැතලි මතු පිටක ඇලකරවල මේ ප්‍රථමාධාර දෙන්න පුළුවන්. හැබැයි කලන්තෙ නිසා බිමට වැටුණු කෙනෙක්නම් ඔක්කෝටම කලින් වැටීම නිසා හානියක් වෙලා තියෙනවද බලන්න ඕනේ. එහෙම නැත්තම් අර විදිහටම හාන්සි කරවල හැකි තරම් පිරිසිදු වාතය ලැබෙන්න සලස්වන්න. වටවෙලා ඉන්න සෙනග අයින් කරන්න. යටි පතුල් සිරුරේ මට්ටමට වඩා ඉහළින් හිටින විදිහට සකස් කරන්න. ඇඳුම් ලිහිල් කරල ඇඟ සිසිල් වෙන්න ඉඩ හරින්න. වතුර බාල්දි ගණන් මූණට හලන්න එපා. අතට වතුර ටිකක් ගාගෙන මුහුණ අතගාන්න. නැවත පියවි තත්ත්වයට එනකං වතුර පොවන්න උත්සහ කරන්න එපා.
5. ඇහැට පිටතින් යමක් ඇතුළු වූ විට
අපි මේකට කියන්නෙ ඇහැට රොඩ්ඩක් ගිහින් කියල. මේ වගේ වෙලාවක කරන්න පුළුවන් එකම ප්‍රථමාධාරය පිරිසිදු ඇල් ජලයෙන් ඇහැ හෝදන එකම පමණයි. ඇස කියන්නෙ අපේ ශරීරයේ තියෙන ඉතාම සංවේදී ඉන්ද්‍රියක්. ඉතින් පිටින් එක එක දියර වර්ග දැමීම, පොඩි කිරීම මඟින් ඇහැට තව හානි වෙන්න පුළුවන්.
6. සර්ප දෂ්ටනයකදී
මේකත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවශ්‍ය වෙන ටිකක් දරුණු අවස්ථාවක්. හැබැයි සර්පයෝ දෂ්ට කරනවා කිව්වට සියලුම සර්පයන් මාරාන්තික විෂ සහිත නැහැ. ලංකාවේ ඉන්න සර්පයන් අතුරින් කෑවට කිසිම විසක් නැති සර්පයින් පවා ඉන්නව. ඒ නිසා වැදගත්ම කාරණය තමයි රෝගියාව කලබල නොකර සන්සුන්ව තියාගන්න එක. කලබල වීමෙන් රුධිර සංසරණය වේගවත් වෙලා විෂ උනත් ඉක්මනින් ශරීර ගත වෙන්න පුළුවන්. අනික දෂ්ට කරපු තුවාලය අවට හෝදන්න එපා. ඉතුරු උන විෂෙන් ශරීර ගත උන විෂ හඳුනාගන්න පුළුවන්. සර්ප දෂ්ටනයකට කෙරෙන්නේ ප්‍රති විෂ ප්‍රතිකාර. ඒ නිසා විෂ හඳුනා ගැනීම බොහොම වැදගත්. හැකි ඉක්මනින් රෝගියාව රෝහලකට අරන් යන්නයි ඕනේ.
7. වලිප්පුව සඳහා
වලිප්පුව කියන්නේ අපිට බලෙන් පිටතින් ප්‍රතිකාරයක් කරල හොඳ කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා මුලින්ම රෝගියාගේ අවට ඉන්න සෙනඟ ඉවත් කරලා හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. රෝගියා ඉන්නෙ පාරක් වගේ අනතුරුදායක ස්ථානයකනම් ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යන්න. හිසට යටින් කොට්ටයක් හෝ රෙද්දක් වැනි දෙයක් තියල හිස පොලවේ හෝ දැඩි මතුපිටක ගැටීම වලක්වන්න. බෙල්ල අවට තද උණු ටයි පටි කොලර්, මාල ආදිය ලිහිල් කරන්න. කිසිසේත්ම කට ඇතුළට ඇඟිලි, යකඩ හැඳි වගේ දේවල් ඇතුළු කරන්න උත්සහ කරන්න එපා. ෆිට් එක ඉබේම නැවතෙන තුරු ඉන්න. වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියා යොමු කරනවානම් ගෙනියන්න ඕනෙ ඊට පස්සෙයි.
අන්තිමට කියන්න ඕන වැදගත්ම දේ තමයි ප්‍රථමාධාර කියන්නෙ මූලික ප්‍රතිකාරයක් පමණයි. ඒ නිසා ප්‍රථමාධාර දෙන අතරේ වැඩි දුර ප්‍රතිකාර වලට යොමු කිරීම බොහොම වැදගත්.
Leave a Reply