ලෝ වටා ලිංගික අභිචාර

ලෝ වටා යන්න කලින් අපි පොඩ්ඩක් ලිහාගෙන ඉමු මොනවද මේ ලිංගික අභිචාර කියන්නේ කියලා. ලිංගික කියන දේ තේරුම් බේරුම් කරන්න දෙයක් නෑනේ ඉතින්. අභිචාර කියන්නේ යම් කිසි තමන්ට තේරුම් ගන්න බැරි බලවේගයක් වෙනුවෙන් සිදු කරන ඕනෑම දෙයක් විදිහට සරලව කියන්න පුළුවන් (තව සංකීර්ණ විස්තර දෙන්න පුළුවන්, මොකටද එච්චර නේ, මල විකාර). අපේ තොවිල් පවිල්, මල් පැලවල් පත්තු කිරීම්, සෙත් ශාන්ති, එතකොට හදි හූනියම්, සෙත්කවි, වස්කවි මේ සේරම යන්නේ අභිචාර ගොඩට. ගොඩක් වෙලාවට මේ අභිචාර පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායන් විදිහට තමයි එන්නේ. අපි දැන් බලමු ලිංගිකත්වය එක්ක බැඳුණු අභිචාර කීපයක් ගැන.

 

1. නයිල් ගඟට ආශිර්වාද කරපු ඊජිප්තුවෙ පාරාවෝවරු

Image Source – connollycove.com

ඊජිප්තුව කියන්නේ අප්‍රිකාවේ සශ්‍රීකම රටක්. ඒ සශ්‍රීක බවට හේතුව තමයි නයිල් නදිය. ඒ නිසා ලෝකේ පැරණිම ශිෂ්ටාචාරයක් විදිහට මිසර (නයිල් නදී) ශිෂ්ටාචාරය ඒ බිමෙන් පටන් ගන්නේ. මිසර වැසියන් තමන්ගේ කෘෂිකර්මාන්තයට සහයෝගය දෙන නයිල් නදිය දේවත්වයෙන් ඇදහුවා. වරින් වර නයිල් නදිය උතුරා යෑම තමන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබීමක් විදිහට ඔවුන් සැලකුවේ. ඒ වගේම නයිල් නදිය උතුරා යන්නේ “ඒටම්” කියන දෙවියා ස්වයං වින්දනය කරන වෙලාවට කියලා ඔවුන් විශ්වාස කළා. ඉතින් ඒටම් කරන දේ උත්සවාකාරයෙන් මහ පොළොවේ දෙවිවරුත් කරන්න ගත්තා. මහා පොළවේ දෙවිවරු කියන්නේ ඉතින් මිසර වැසියන්ගේ රජවරු. පාරාවෝවරු. සමහරු විශ්වාස කරන්නේ මේ උත්සවයට පාරාවෝවරු විතරක් නෙමෙයි, සාමාන්‍ය ජනතාව පවා සහභාගී වුණා කියලා.

 

2. වැඩිමහල් කාන්තාවන්ගෙන් ලිංගිකත්වයට අත්පොත් තියන මැන්ගියන් පිරිමි ළමයි

Image Source – scoopwhoop.com

පැසිෆික් සාගරයේ කුඩා රටක් තියෙනවා කුක් දූපත් කියන නමින්. මේ රට දූපත් කීපයකින් සමන්විත වෙලා තියෙන්නේ. මේ දූපත්වලින් දකුණු දිගම දූපත තමයි මැන්ගියා කියන්නේ. මේ දුපත ඇතුළේ නිදහස් ලිංගික සංස්කෘතියක් තියෙන්නේ. කොහොමද කියනවා නම් අවුරුදු 10 විතර වෙද්දි දරුවන්ව ස්වයං වින්දනයට යොමු කරන්නේ දෙමව්පියන් විසින්මයි. අවුරුදු 13 දී පිරිමි දරුවන්ව සුන්නත් කරනවා. ඊට පස්සේ සති දෙකක කාලයක් දරුවන්ව වැඩිහිටි පිරිමියෙක් බාරයේ තියෙනවා. ඒ කාලය ඇතුළේ වැඩිහිටියා පොඩිහිටියන්ට සංසර්ගයේ යෙදෙන හැටි, විවිධ ලිංගික ඉරියව්, සහකාරියව සුරතාන්තයට පත් කරන්නේ කොහොමද වගේ දේවල් කියලා දෙනවා. ඒ වගේම තමන්ගේ සහකාරියව රාත්‍රියකට තුන් පාරක්වත් සුරතාන්තයට පත් කරන්න ඕන කියලත් උපදෙස් දෙනවා. ඒ සති දෙකෙන් පස්සේ තමයි හොඳම කාලේ එන්නේ. ඊට පස්සේ දූපතේ වැඩිමල් ගැහැණු අර කොලු ගැටවුන්ව හොයාගෙන එනවා. සති දෙකේ  තියරි පාඩම් ඇප්ලයි කරන්න තමයි දැන් තියෙන්නේ. සෑහෙන කාලයක් යනකන් මේ වැඩිමල් කාන්තාවන්ට උපරිම ලිංගික ආස්වාදය ලබා දෙන්න මේ කොලු  ගැටවුන්ට සිද්ධ වෙනවා.

 

3. අනිවාර්ය ගණිකා සේවයේ යෙදුණු ඇසිරියානු ලලනාවෝ

Image Source – history.com

මේ කතාව ලියන්නේ “ඉතිහාස රචනයේ පියා” විදිහට සැලකෙන හෙරඩෝටස් කියන ග්‍රීක ජාතිකයා. හැබැයි ග්‍රීසිය ගැන නම් නෙමෙයි. ඇසිරියාව ගැන. (ඇසිරියාව කියන්නේ වර්තමාන ඉරාකය ආශ්‍රිතව තිබ්බ රටක්) හෙරඩෝටස් කියන විදිහට ඇසිරියාවේ ගැහැණු ළමයි වැඩිවියට පත් වුණාම ගණිකාවන් විදිහට සේවය කරන්න පටන් ගන්නවලු. මේකට හේතුව විදිහට හෙරඩෝටස් කියන්නේ ඇසිරියානු ජනතාව ඉෂ්තාර් කියන ලිංගිකත්වයට නැඹුරු වුණු දෙවඟන ඇදහීම කියලා

 

4. ගෙදරින් පිටවෙන ක්‍රෙයුන්ග් කෙලි පැටික්කියෝ

Image Source – time.com

ක්‍රෙයුන්ග් කියන්නේ කාම්භෝජයේ උතුරු ප්‍රදේශයේ ජීවත් වෙන ජන කොටසක්. මේ ජන කොටසේ ගෑණු ළමයි තමන් වැඩිවියට පත් වෙද්දිම වගේ නිවසෙන් එළියට යනවා. ගිහින් තනියම තවත් පැලක නවතිනවා. මේ පැල්පත් හදන්නේ ඒ ගමේම පිරිමි ළමයි. සාමාන්‍ය බිම් මට්ටමට වඩා උසින් පඩි කීපයක් තියලා, උණු බම්බු සහ ලී අධාරයෙන් තමයි පැල් හදන්නේ. හවසට මේ පිරිමි ළමයි මේ පඩිවල ඉඳන් නලාවක් වාදනය කරනවා. ගෑණු ළමයි ඒ පිරිමි ළමයට කැමති නම් පැලට එන්න කියලා ආරාධනය කරනවා. එහෙම නැත්තම් පිරිමි ළමයා වෙන පැලකත් ඒ විදිහටම නලාව වාදනය කරන්න යනවා. මේ විදිහට තමන්ට විවාහ කරගන්න සුදුසු පුද්ගලයෙක් ලැබෙනකන් මේ දේ සිද්ධ වෙනවා.

 

5. කෙළි සෙල්ලමෙන් රති කෙළියට

Image Source – 500px.com

පුරාණ ඉන්දියාවේ සෙල්ලමක් තිබිලා තියෙනවා, “ඝාට් කංචුක්” කියලා. ඝාට් කංචුක් කියන්නේ වස්ත්‍ර අඩංගු කළය කියන එක. මේ ක්‍රීඩාවට සමාන ස්ත්‍රීන් පුරුෂයන් පිරිසක් සහභාගී වෙන්න ඕන. මේ ක්‍රීඩාවෙදි මුලින්ම කරන්නේ ටිකක් ලොකු භාජනයක් අරන් එකෙක්කෙනා තමන් ඇඳන් ඉන්න වස්ත්‍රයක් ඒ භාජනේට දානවා. ඊට පස්සේ එකෙක්කෙනා ඇස් වහගෙන ගිහින් ඇඳුමක් ගන්නවා. ඒ ඇඳුම ගත්ත කෙනා එක්ක ලිංගිකව එකතු වීම තමයි සිද්ධ වෙන්නෙ. මේ විදිහට ක්‍රීඩාවට සහභාගී වුණු සියල්ලන්ම එකිනෙකා එක්ක ලිංගිකව එක් වෙලා ඉවර වෙනකන් මේ ක්‍රීඩාව ඉවර වෙන්නේ නෑ.

 

6. රණශූරයන්ගේ ශුක්‍රාණු පානය කරන එරෝටෝ ගැටවු

Image Source – steemit.com

පැපුවා නිව් ගිනියාවේ ජීවත් වෙන එරෝටෝ ගෝත්‍රිකයෝ අතර සමලිංගිකත්වයට නැඹුරු ලිංගික අභිචාරයක් සිද්ධ වෙනවා. ගෝත්‍රයේ අවුරුදු 7 ඉඳන් අවුරුදු 17 වෙනකන් පිරිමි දරුවන්ට ගෝත්‍රයේ වැඩිමල් රණශූරයන්ගේ ශුක්‍රාණු පානය කිරීමට සිද්ධ වෙනවා. මේ හේතුවෙන් ඊළඟ පරම්පරාවත් රණශූරයෝ වෙනවා කියලා එරෝටෝ ගෝත්‍රිකයෝ විශ්වාස කරනවා. මේ නිසා පිරිමින් අතර මුඛ සහ ගුද සංසර්ගය වැඩි වශයෙන් සිද්ධ වෙනවා.

 

7. නිරුවත් උඩු කයින් සිදු කළ දිග්ගෙයි නැටුම

Image Source – divaina.com

දිග්ගෙයි කියන්නේ ඉස්සර ලංකාවේ දේවාල සංකීර්ණවල එක කොටසක්. (සබරගමු මහ සමන් දේවාලේ තාම දිග්ගෙයක් තියෙනවා). ඉස්සර දේවාල පෙරහැරේ මූලිකත්වය අරන් තියෙන්නේ රජතුමා. පෙරහැරට සහභාගී වෙලා විඩාපත් වුණු රජතුමා ඉදිරියට එන කාන්තාවෝ පිරිසක්, රජතුමාට විනෝදාස්වාදය සපයන්න නැටුමක් ඉදිරිපත් කරනවා. ඒ නැටුම නටන්නේ උඩුකය නිරුවත්ව සහ යටිකයට දුහුල් ඇඳුමක් ඇඳන්. පස්සේ කාලවලදි  පෙරහැරේ ප්‍රධානත්වය ගන්න රජකෙනෙක් නැති වුණාම මේ නැටුම නටන විදිහ වෙනස් වෙලා තියෙනවා, ඒ කියන්නෙ හැට්ට සහ ඔසරි ඇඳන් තමයි නර්තනයේ යෙදිලා තියෙන්නේ.

හරි එහෙනම් ලිංගික අභිචාර ගැන කියෙව්වනේ… සමහර ඒවලට ආසත් හිතෙන්න ඇති නේ. එහෙනම් මේ ආටිකල් එක ගැන කාටත් කියන්න ෂෙයාර් කරලා

Cover Image Source – coxblo.blogspot.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *