හොට්, කෝල්ඩ් මේ ඕන විදියකට කොෆී හදාගන්න පුළුවන් රසම රස කොෆී රෙසිපි ටිකක් ට්‍රයි කරමුද?… ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නකොට හදලා බලන්නකො. හැමදාම හදයි.
1. රෙගියුලර් අයිස්ඩ් කොෆී
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉන්ස්ටන්ට් කොෆී පව්ඩර් තේ හැඳි 2 (උදා: නෙස්කැෆේ)
- සීනි තේ හැඳි 2
- කොකෝ පව්ඩර් තේ හැඳි 1
- උණු වතුර මේස හැඳි 2
- අයිස් කියුබ් 4-5
- ශීතකළ කිරි කෝප්ප 1
- කිරිපිටි මේස හැඳි 1
- මුලින්ම කොෆී පව්ඩර් වලට සීනි, කොකෝ පව්ඩර් සහ වතුර දාලා කලවම් කරගන්න.
- දැන් බ්ලෙන්ඩර් එකට අයිස් කැට දාලා ඒකට කිරි ටික එකතු කරලා වෙනම පිටිකිරි හැන්දක් දාගෙන තප්පර 10ක් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේකට කෝපි මිශ්‍රණය දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- ග්ලාස් එකට දාගෙන කැමති නම් උඩින් චොක්ලට් සිරප් වක්කරගන්න. පිලිගන්වන්න කලින් උඩින් කොකෝ පව්ඩර් ටිකක් ඉහගන්න.
2. මසාලා කොෆී
අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි වලින් කිරි කෝප්ප 2
- කොෆී පුරවල තේ හැඳි 2
- සීනි තේ හැඳි 3
- කරාබුනැටි 2-3
- ස්ටාස් අනීස් 1
- එනසාල් ඇට 3
- කුරුඳු පොතු කෑල්ලක්
- කෝපි වලට වතුර ටිකක් දාලා ලිපේ තියල තම්බගන්න. මේකට කුළුබඩු ටිකත් එක්කරන්න.
- කිරි ටික වෙනම භාජනයකට දාලා ලිපේ තියන්න. රත්වේගෙන එනකොට කෝපි මිශ්‍රණය දාලා හැඳිගාන්න.
- හොඳට හැඳි ගාලා, ලිපෙන් බාලා පෙරාගෙන සීනි දාගන්න.
3. අයිස් ක්‍රීම් කෝල්ඩ් කොෆී
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉන්ස්ටන්ට් කොෆී පව්ඩර් තේ හැඳි 2
- සීනි තේ හැඳි 2
- උණු වතුර මේස හැඳි 2
- අයිස්ක්‍රීම් ස්කූප් 2
- ශීතකළ කිරි කෝප්ප 1
- කෝපි, සීනි හා වතුර දමා මිශ්‍ර කරන්න. දැන් බ්ලෙන්ඩර් එකට අයිස්ක්‍රීම් දාලා ඒකට කිරි ටික හා කෝපි මිශ්‍රණය දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න.
- ග්ලාස් එකකට චොකලට් සිරප් වත් කරල විනාඩි 5ක් ෆ්‍රීස් කරන්න. ඒකට කෝපි මිශ්‍රණය දාගෙන උඩින් චොක්ලට් ටිකක් ග්‍රේට් කරගන්න.
4. කැපචිනෝ
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉන්ස්ටන්ට් කොෆී පව්ඩර් මේස හැඳි 2
- සීනි මේස හැඳි 4
- කිරි කෝප්ප 2
- කෝප්පයක් අරගෙන කෝපි ටික දාගන්න. දැන් මේකට සීනි ටිකත් එකතු කරන්න. ඒ දෙක හොඳට කලවම් කරලා කිරි වලින් ටිකක් දාගෙන උකුවට හොඳට කලවම් කරගන්න.
- මේක විනාඩි 10ක්වත් හොඳට ක්‍රීමි වෙනකල් බීට් කරගන්න ඕනෙ.
- දැන් මේක වෙනම මග් එකට දාලා යන්තම් උණුකරගත් ඉතුරු කිරි ටික වෙනම බීට් කරගන්න.
- බීට් කරගත්ත කිරි සහ කෝපි මග් එකට කලවම් කරන් හැන්ඳෙන් හොඳට ගසමින් කළවම් කර උඩින් කොකෝ පව්ඩර් ටිකක් ඉහගන්න.
5. ඔරියෝ කෝල්ඩ් කොෆී
අවශ්‍ය ද්‍රව්‍ය
- අයිස්කැට 4-5
- ශීතකළ කිරි කෝප්ප 1
- ඉන්ස්ටන්ට් කොෆී තේ හැඳි 2
- සීනි තේ හැඳි 2
- උණුවතුර මේස හැඳි 2
- කෑලි කැඩූ ඔරියෝ බිස්කට් 4ක්
- කුඩු කරගත් ඔරියෝ බිස්කට් 2ක් (උඩින් ඉහින්න)
- කෝපි, සීනි, උණුවතුර එකට මිශ්‍ර කරගන්න.
- කෝපි මිශ්‍රණය, අයිස් කැට සහ කිරි එක්ක කෑලි කැඩූ ඔරියෝ දමා හොඳට බ්ලෙන්ඩ් කර ග්ලාස් එකට වක්කරන්න.
- අන්තිමට උඩින් කුඩු කරගත් ඔරියෝ දාගන්න.
Leave a Reply