වයසින් වැඩි කාන්තාවක් එක්ක සෙක්ස් කරනවා නම්, මේ උපදෙස් වැදගත් වෙයි!

සාමාන්‍යයෙන් සෙක්ස් කියන්නෙම ලංකාවේ ගොඩක් දෙනෙක් කතා කරන්න පැකිළෙන මාතෘකාවක්නේ. එහෙම තියෙද්දී ඇන්ටි කෙනෙක් එක්ක සෙක්ස් කරනවා වගේ සීන් ගැන කොහොමටවත් කෙනෙක් කතා කරන්න කැමති නැහැ කියන එක අපිට තේරුම් ගන්න පුලුවන්. හැබැයි, කතා නොකලා කියලා එහෙම සීන් නැතිවෙන්නෙ නැහැනේ. ආන්න ඒ නිසා, අපි හිතුවා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා.

 

ඇත්තටම වයසින් වැඩි කාන්තාවක් කිව්වහම අපි අදහස් කරන්නේ, පිරිමියාට වඩා අවුරුදු කීපෙකින් වැඩිමහළු කාන්තාවක් එක්ක සෙක්ස් කරන එක ගැන නෙවෙයි. ඊට වඩා වයසින් ටිකක් වැඩි පරතරයක් තියෙන කාන්තාවක් එක්ක සෙක්ස් කරන එක ගැන තමයි මේ කියන්නේ. අමුවෙන්ම කිව්වොත් ඔය “ඇන්ටි පාර” කියලා සමාජගත වෙලා තියෙන විදියේ කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධතාවයකට යෑම ගැන තමයි මේ කියන්නේ. හැබැයි එකක්, අපි කලිනුත් කියලා තියෙන විදියට, අපි මේ “ඇන්ටි පාර”, “ඇන්ටා පාර” කන්සෙප්ට් එකට කැමැත්තක් නෑ. ඒ ගැන අපි අන්තිමට කියනවා. කොහොම හරි, අඩු වයසේ කොල්ලෝ සමහරු ඇන්ටිලා එක්ක සෙක්ස් කරන්න කැමතියි වගේම, සමහර වයසින් වැඩිමහළු කාන්තාවෝ තමන්ට වඩා ටිකක් බාල කොල්ලෝ එක්ක සෙක්ස් කරන්නත් කැමතියි කියන එක අපි කලිනුත් කතා කරලා තියෙන දෙයක්.

 

දැන් අපි කියමු ඔය වගේ ලිංගික සම්බන්ධතාවයකට හරි, ආදර සම්බන්ධතාවයකට හරි යන්න දෙපාර්ශවයම කැමතියි කියලා. ඒ වගේම, කොල්ලට දහඅටත් පැනලා කියමු. අන්න එහෙමනම්, වයසින් වැඩි කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොට දැනුවත් වෙලා ඉන්න ඕන දේවල් ගැන අපිට කතා කරන්න පුලුවන්. තව දුරට කියවලා බලන්න, මේ ටිප්ස් වැදගත් වෙයිද කියලා!

 

01. සීමාවන් කලින්ම නිර්ණය කරගන්න

වයසින් වැඩිමහළු කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොට, මෙන්න මේක ඉතාම තීරණාත්මක දෙයක්. ඒ තමයි, දෙන්නා අතරේ ඇත්තටම තියෙන්නේ මොකක්ද කියන එක කලින්ම කතාබහ කරලා තීරණය කරගන්න එක. එහෙම කියන හේතුව මේකයි. ගොඩක් වෙලාවට වයසින් ටිකක් වැඩි කාන්තාවක් සහ වයසින් ලාබාල පිරිමියෙක් අතර ආදර සම්බන්ධතාවයක් ඇති වුණත්, ඒක විවාහයකට හෝ සමාජය ඇතුළේ ප්‍රසිද්ධියේ කියන සම්බන්ධතාවයකට යන්නේ එහෙමත් වේලාවකනේ. ගොඩක් වෙලාවට ඔහොම සම්බන්ධයක් සැබෑ ආදරයක් වුණත්, ටිකක් රහසිගතව තමයි යන්නේ. හැබැයි ඒකෙන් කිසිම පාර්ශවයකට හිත් රිදීමක්, ගැටළුවක් ඇතිවෙන්නෙ නෑ, කලින්ම සීමා මායිම් ගැන තීරණය කරගත්තහම. උදාහරණයක් විදියට, වයසින් බාල පිරිමියා කවදාහරි විවාහ වෙනවා නම්, කාන්තාව ඒක කොයි විදියටද භාරගන්නේ? සම්බන්ධතාවය කොයි මට්ටමේද තියාගන්නේ? මෙන්න මේ වගේ දේවල් කලින්ම කතාබහ කරලා තියාගන්න තරමට දෙන්නටම හොඳයි.

 

02. සන්නිවේදනය අත්‍යාවශ්‍යයි

කාත් එක්ක සෙක්ස් කලත් ඉතින් සන්නිවේදනය අනිවාර්ය දෙයක් කියලා අපි හැමදාමත් කියනවනේ. හැබැයි වැඩිමහළු කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොට මේ සන්නිවේදනය නැතුවම බැරි දෙයක්. ඇයි? වයසින් වැඩිමහළු කාන්තාවකට ගොඩක් වෙලාවට මීට කලින් සෙක්ස් කරලා අත්දැකීම් තියෙනවා. අන්න එතකොට, ඒ අත්දැකීම් එක්ක තමයි එයා අපිත් එක්ක සෙක්ස් කරන්න එන්නේ. ඒ නිසාම එයා දන්නවා යම් යම් දේවල් එයාට හොඳටම දැනෙන්නේ කොහොමද කියන් එක, එත්කොට සෙක්ස් කරනකොට කරන්න ආස දේවල් මොනවද කියන එක. ආන්න ඒ නිසා, ඒ දේවල් අපි කලින්ම දැනගෙන යන එකෙන්, අපිට එයාට වඩාත් හොඳ තෘප්තියක් ලබාදෙන්න පුලුවන්. අනික් අතට, අපි ආස දේවල් මොනවද කියලා හොයාගන්නත් ඒ සන්නිවේදන පාට් එක වැදගත්. එතකොට අපිටත් වඩා හොඳ තෘප්තියක් ලබාදෙන්න එයාට පුලුවන්.

 

03. ආධුනික කියලා සලකන්න එපා

මෙන්න මේක වයසින් වැඩිමහළු කාන්තාවක් එක්ක සෙක්ස් කරන්න ගියහම කවදාවත් නොකළ යුතු වැරැද්දක්. ඒ තමයි, එයා ආධුනික ගාණට, ඒ කියන්නේ එල්බෝඩ් ගාණට දාලා නොසලකන එක. කළාතුරකින් අපිත් එකක් සෙක්ස් කරන්න එන වයසින් වැඩි කාන්තාවක් මීට කලින් සෙක්ස් කරලා නැති වෙන්න පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඉඩ වැඩියි. අන්න එතකොට, ගොඩක් වෙලාවට අපි වයසින් ගොඩක් ලාබාලයි නම්, අපිට සෙක්ස් කරන එකේ තියෙන රස රහස් එයාගෙන් ඉගෙන ගන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්න පුලුවන්. අන්න ඒ නිසා, එහෙම ඉගෙන ගන්න තියෙන දේවල් එයාගෙන් අහලා බය නැතුව ඉගෙන ගන්න. ඒක ඇඳට ගිහින් එයාව තෘප්තිමත් කරනකොට අපිටම ලොකු වාසියක් වෙනවා.

 

04. ආත්ම විශ්වාසය ගොඩනංවන්න

දැන් අපි සෙක්ස් කරනකොට ඇත්තටම ශරීරයේ හැඩය, ශරීරයේ පාට වගේ දේවල් වැදගත් වෙනවද? එහෙම වෙන්නෙ නැහැයි කියන්න බෑ. මොකද, ලිංගික උත්තේජනය ඇතිවෙන්න සමහර වෙලාවට දැකීමෙන් ලැබෙන දේත් වැදගත් වෙනවනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් වයස්ගත වෙනකොට අපි ඕන කෙනෙක්ගේ ශරීරයේ වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට වයසින් වැඩිමහළු කාන්තාවකට තමන්ගේ ශරීරයේ පෙනුම එහෙම ගැන පොඩි චකිතයක් එහෙම තියෙන්න පුලුවන්. ආන්න චකිතය නැති කරලා ආත්ම විශ්වාසය වර්ධනය කරන එක කරන්න ඕන දෙයක්. ඒක කරන්න පුලුවන් අපිට පොඩි පොඩි කම්ප්ලිමන්ට්ස් හරහා වුණත්. “ඔයා මේ ඇඳුමට හරිම ලස්සනයි” කියලා කියන එක වුණත් ප්‍රමාණවත්.

 

05. ෆෝර්ප්ලේ එක්ස්පර්ට්

සාමාන්‍යයෙන් ඕනෑම වයසක කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොට, ඒකෙන් උපරිම තෘප්තියක් ලබාගන්න නම්, ෆෝර්ප්ලේ, ඒ කියන්නේ සංසර්ගයට කලින් කරන සෙක්ස් ක්‍රියාකාරකම් වැදගත්. වයසින් වැඩිමහළු කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොටත්, මෙන්න මේ කියන ෆෝර්ප්ලේ ඩබල් එකේ වැදගත්. එකක් තමයි, ෆෝර්ප්ලේ එකෙන් සෙක්ස් කරන්න තියෙන මූඩ් එක උපරිමයට අරගෙන එන්න පුලුවන්. විශේෂයෙන්ම කාන්තාවකට සුරතාන්තයකට පත්වෙන්න මේ ෆෝර්ප්ලේ එක ඉතාම වැදගත්. අනික් කාරණාව, කාන්තාව එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම්, කොල්ලා තාම එල්බෝඩ් නම්, කොල්ලට තමන්ගේ අත්දැකීම් අඩු කම එක්ක එන පොඩි පොඩි අඩුපාඩුකම් පවා සෑහෙන්න වෙලා අරගෙන කරන හොඳ ෆෝර්ප්ලේ එකකින් මගහරවා ගන්න පුලුවන්.

 

06. අලුත් අලුත් දේවල් හොයන්න

දැන් ජීවිතේ පළවෙනි වතාවට අපිත් එක්ක සෙක්ස් කරන සම වයසේ හරි, අපිට වඩා බාල හරි ගෑණු ළමයෙක් ගොඩක් අළුත් දේවල් කරන්න බය වෙන්න වැඩි ඉඩක් තියෙනවා. මොකද, සමහර වෙලාවට සමහර දේවල් කරන්න ලොකු ආසාවක් තිබ්බත්, අත්දැකීම් නැති නිසා බය වැඩියි. හැබැයි වයසින් වැඩිමහළු කාන්තාවක් එක්ක ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්නේ නෑ. එයා මීට කලින් කවදාවත් කරලා නැති දෙයක් වුණත්, කරන්න එයා ලොකුවට බයක් වෙන්නෙ නෑ, සෙක්ස් සම්බන්ධයෙන් සමස්තයක් විදියට අත්දැකීම් තියෙන නිසා. ආන්න ඒක හින්දා, සෙක්ස් කරනකොට වඩාත් වැඩි තෘප්තියක් ලබාගන්න අලුත් අලුත් ක්‍රම සහ විධි එයත් එක්ක හොයන්න ට්‍රයි කලාට කමක් නෑ. ඒ කියන්නේ කින්කි දේවල් වුණත් ට්‍රයි කරලා බලන්න පුලුවන්. හැබැයි එතනදීත් ආයෙ අර උඩින් කියපු සන්නිවේදනය කියන තැනට ගිහිල්ලා තමයි එන්න ඕන!

 

07. හොඳ දරා ගැනීමේ ශක්තියක් වර්ධනය කරගන්න

මේක ඉතින් වයසින් වැඩිමහළු කාන්තාවක් එක්ක විතරක් නෙවෙයි, කා එක්ක සෙක්ස් කරද්දී වුණත් වැදගත් කාරණාවක්. හැබැයි වයසින් වැඩි කෙනෙක් එක්ක සෙක්ස් කරනකොට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන දෙයක්. ඒ තමයි ස්ටැමිනා. ඒ කියන්නේ දරාගැනීමේ, අල්ලගෙන සිටීමේ හැකියාව. දැන් අපි කලිනුත් කිව්වනේ, අපිත් එක්ක සෙක්ස් කරන්න යන වයසින් වැඩිමහළු කාන්තාවක් ගොඩක් වෙලාවට සෙක්ස් කරලා එක්ස්පීරියන්ස් තියෙන මනුස්සයෙක්. අන්න එතකොට, දැම්ම ගමන් වැඩේ ඉවරයි වගේ එල් බෝඩ් මනුස්සයෙක්ට එහෙම කාන්තාවක් තෘප්තිමත් කරන්න අසීරු වෙන්න පුලුවන්. එතකොට ඒකට තමයි හොඳ ලිංගික සවිබල ශක්තියක් අවශ්‍ය වෙන්නේ. සෙක්ස් කරනකොට අවශ්‍ය වෙන මේ ස්ටැමිනා හදාගන්නේ කොහොමද කියන එක ගැනත් අපි කලින් කතා කරලා තියෙනවා!

 

08. ලුබ්‍රිකන්ට් මිතුරෙක් කරගන්න

මේක ඇත්තටම ප්‍රායෝගික කාරණාවක්. විශේෂයෙන්ම වයසින් ටිකක් වැඩි පැත්තට බර කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොට. ගොඩක් අය හිතනවනේ වයසින් ගොඩක් වැඩි වෙනකොට ලිිංගික පිබිදීම ටිකක් අඩු වෙනවා කියලා. ඇත්තටම ඒක එහෙමමයි කියන්න බැහැ. ආර්ථවහරණයෙන් පස්සේ වුණත් ලිංගිකව සෑහෙන්න සක්‍රිය, හොඳට ලිංගිකත්වය රසවිඳින්න ආස කාන්තාවෝ ඕන තරම් ඉන්නවා. හැබැයි වයසින් ටිකක් වැඩි පැත්තට යනකොට ජීවවිද්‍යාත්මක බාධක සමහර වෙලාවට ඇති වෙනවා. එක උදාහරණයක් තමයි යෝනි මාර්ගය කලින් හොඳින් තෙතමනය සහිතව තිබුණත්, වයස්ගත වෙනකොට යෝනි මාර්ගය එහෙම වියළීමකට ලක් වෙන්න පුලුවන්. හැබැයි ඒක සෙක්ස් කරන්න ගැටළුවක් වෙන්නෙ නැහැ, ලුබ්‍රිකන්ට් පාවිච්චි කිරීමෙන්. අපි කලිනුත් කියලා තියෙනවනේ සෙක්ස් කරනකොට ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන එකේ තියෙන හොඳ පැත්ත ගැන.

 

09. රොමෑන්ස් අමතක කරන්නත් එපා

මේක ඇත්තටම ගොඩක් දෙනෙක් අමතක කරන කාරණාවක්, විශේෂයෙන්ම වැඩිමහළු කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධතාවයක විතරක් ගියත්, යම් තරමකට ආදර බැඳිමක් වර්ධනය කරගන්න එක, සෙක්ස් වඩාත් හොඳින් එන්ජෝයි කරන්න උපකාරී වෙනවා. කොහොමත් අපි කලිනුත් කියපු විදියට, වැඩිමහළු කාන්තාවකට සෙක්ස් සම්බන්ධයෙන් පරිණත අත්දැකීම් තිබෙනවා. ලිංගිකව අතිශයින්ම ක්‍රියාකාරී වැඩිමහළු කාන්තාවක් එක්ක වුණත්, යම් කිසි බැඳීමක් එක්ක සෙක්ස් කරනකොට, ඇගේ උපරිමයටත් එහා ගිහින් 200% ක් ලබාදෙන්න ඇයට හැකි වෙනවා. අන්න ඒ නිසා, අපි මුලින්ම කියපු සීමාවන් පිළිබඳ අදහස තියාගෙන, රොමෑන්ටික් සෙක්ස් කිරීමකට යන්න පුලුවන් නම්, දෙන්නටම ලබාගන්න පුලුවන් තෘප්තිය උපරිමයි.

 

අන්තිමට කියන්න ඕන කාරණාව තමයි මේක. තමන් නීත්‍යානුකූලව සෙක්ස් කරන්න පුලුවන් වයසක ඉන්නවා නම්, එහෙම සෙක්ස් කළා කියලා පවුල් අවුල් වීම් වගේ ප්‍රශ්න, වෙනත් සමාජ ගැටළු එහෙම ඇතිවෙන්නෙත් නැති නම්, දෙන්නෙක් සෙක්ස් කරනවා කියන එකේ කිසිම ගැටළුවක් නෑ. ඒකට වයස් පරතරයක බාධාවකුත් නෑ. හැබැයි එහෙම වයසින් වැඩිමහළු කාන්තාවක් එක්ක සෙක්ස් කරන්න යන කොල්ලෙක් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ ඉන්නේ “ඇන්ටි පාරක්” නෙවෙයි. මේ ඉන්නේ හැඟීම් දැනීම් තියෙන, තමන් වගේම තවත් මනුස්සයෙක්. අන්න ඒ නිසා, ඒ මනුස්සයාටත් ගරුත්වයකින්, මානුෂීයත්වයකින් සලකන්න ඕන. එහෙම නැතුව ලිංගික භාණ්ඩයක් විදියට අනික් කෙනාව සලකන එක කොල්ලා වුණත්, කාන්තාව වුණත් නොකළ යුතුයි. අන්න එහෙම හරි ගරුත්වයකින්, ලැදියාවකින් දෙන්නට සෙක්ස් කරන්න පුලුවන් නම්, උඩ කියලා තියෙන ටිප්ස් ආයෙත් පාරක් කියවලා බලලා, වැඩේට සෙට් වෙන්න තමයි තියෙන්නේ. අපෙන් බාධාවක් නෑ!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *