ලිංගික සවිබල ශක්තිය වැඩිදියුණු කරගන්න ක්‍රම සහ විධි කිහිපයක්!

දැන් ඔය ස්ටැමිනා කියලා වචනයක් එහෙම අහල ඇතිනේ. නැද්ද? ස්ටැමිනා කිව්වහම ඉතින් සෑහෙන්න මහන්සි වෙන්න පුළුවන් කම, අල්ලගෙන ඉන්න පුළුවන් හැකියාව ගැන තමයි කියන්නේ. එතකොට සෙක්ෂුවල් ස්ටැමිනා කියන්නේ? ඒත් ඒ වගේම දෙයක් තමා. ඇඳේදී අල්ලගෙන ඉන්න පුළුවන් හැකියාව තමයි එතනදී අදහස් වෙන්නේ. මේක ඕන නම් ලිංගික සවිබලතාව, ලිංගික සවිබල ශක්තිය කියලා කියන්න පුළුවන්. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ලිංගික සවිබලතාවය එක්කම, තමන්ගේ ශාරීරික සවිබලතාවයත් කියන කාරණා දෙකම අරගෙන තමයි. ඇයි? ඇඳේදී තෘප්තිමත් ලිංගික සංසර්ගයක් ලබාගන්න නම් ඔය දෙකම සෑහෙන්න දුරට වැදගත් වෙනවා. අමුවෙන්ම කියලා දානවා නම්, ටිකක් වෙලා “යන්නෙ නැතුව” අල්ලගෙන ඉන්නත් පුළුවන් වෙන්න ඕන, ඒ වගේම ටිකක් වෙලා ‘හති හලන්නෙ නැතුව’ අල්ලගෙන ඉන්නත් පුළුවන් වෙන්න ඕන!

දැන් ඔය විදියට හොඳ ස්ටැමිනා එකක් තියෙන එක ඇඳේදී අතිශයින්ම වැදගත්ද? ඔව්. තමන්ට හොඳ ලිංගික ජීවිතයක් ලබාගන්න විතරක් නෙවෙයි, තමන්ගේ පාට්නර්ට හොඳ ලිංගික ජීවිතයක් ලබාදෙන්නත් මෙන්න මේ කියන සෙක්ෂුවල් ස්ටැමිනා එක අත්‍යාවශ්‍යයි. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, ලිංගික සවිබලතාවය නැතිනම් සෙක්ෂුවල් ස්ටැමිනා එක වැඩිවර්ධනය කරගන්න ක්‍රම සහ විධි කිහිපයක් කියලා දෙන්න අවශ්‍යයි කියලා.

 

1. සමබර ආහාර සහ ව්‍යායාම

මේක ඉතින් කොහෙන් ගියත් මුලින්ම කියන්න සිද්ධ වෙන කතාවනේ. දැන් ඔය මහත දෙහෙත අලස ඇඟ පත තියෙන මනුස්සයෙක්ට සෙක්ස් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. බඩ වදිනවා, ඇඟ මහන්සි කරවන්න බැහැ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ඇරෙන්න, සෙක්ෂුවල් ස්ටැමිනා එකත් සෑහෙන්න බහිනවා. ආන්න ඒ නිසා තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සෙක්ෂුවල් ලයිෆ් එකේ පර්ෆෝමන්ස් වලට අත්‍යාවශ්‍ය වෙන්නේ. ඒකට පළවෙනිම කාරණාව තමයි සමබර ආහාර වේලක්. කාබ්ස් අඩු, ප්‍රෝටීන් සහ මේද වැඩි, සීනි පිටි අනං මනං නැති ආහාර රටාවක් හදාගත්තා නං ගොඩ. ඊට පස්සේ එක්සයිස්. එක්කෝ ජිම් එකකට යන්නත් පුළුවන්. එහෙම නැතිනම් හොඳ කාඩියෝ එක්සසයිස් ටිකක් හොඳ ට්‍රේනර් කෙනෙක්ගේ උදව්වෙන් හදාගෙන තමන්ටම කරගෙන යන්න පුළුවන්. මේ විදියට මාස කීපයක් කළොත්, සෙක්ෂුවල් ස්ටැමිනා එකෙත්, ෆිසිකල් ස්ටැමිනා එකෙත් කැපී පේන වෙනසක් පේනවා ෂුවර්!

 

2. මාස්ටර්බේෂන් හෙල්ප්ස්!

සමහරු ඉතින් ස්වයං වින්දනය සලකන්නේ ආනන්තරිය පාපකර්මයක් විදියටනේ. එහෙම හිතන්නේ නැති අයට පුළුවන් මාස්ටර්බේෂන් එකෙන්, ඒ කියන්නේ ස්වයං වින්දනයෙන් සෙක්ෂුවල් ස්ටැමිනා එක යම් දුරකට වර්ධනය කරගන්න. ටිප්ස් කීපයක් තියෙනවා. එක්කෝ තමන්ට හුරු අතින්, හුරු විදියෙන් නැතුව වෙනස් විදියකට ස්වයං වින්දනය කරන්න පුළුවන්. සුරතාන්තයක් ලඟා වෙනකොට පොඩ්ඩක් වැඩේ නවත්තලා, ආයෙමත් පටන් ගන්න පුළුවන්. මෙන්න මේ විදියෙන් තමන්ටම ‘‍යවන්නෙ නැතුව ඉන්න’ ට්‍රේනින් එකක් ලබාගන්න පුළුවන් වෙනවා.

ඇත්තටම සෙක්ස් කරනකොටත් මේ ක්‍රමේම අත්හදා බලන්න පුළුවන්. සුරතාන්තයක් ඉක්මනටම එනවා නම්, සාමාන්‍යයෙන් එක සුරතාන්තයකට පස්සේ වැඩේ බැරි වෙලා යනවා නම් කරන්න තියෙන්නේ සුරතාන්තය පමා කරන එක. ඒකට ලං වෙනකොට වැඩේ පොඩ්ඩක් නවත්තලා, ඊට පස්සේ ආයෙමත් පාට්නර්ට සතුට ලබාදීමට ෆෝකස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙමත් තමන්ගේ සුරතාන්‍තය බිල්ඩ්-අප් කරන්න පුළුවන්.

 

3. ෆිට් තමයි ද?

ඇත්තටම ශක්තිමත් ශරීරයක් තියෙන එකත්, සෙක්ෂුවල් ස්ටැමිනා එකට බලපානවා. ඒ කියන්නේ වැඩි වෙලාවක් ‘අල්ලගෙන ඉන්න’ වගේම, වැඩි වෙලාවක් ‘යවන්නෙ නැතුව ඉන්නත්’ හොඳ උදවුවක් වෙනවා. එහෙම කියන්න හේතුව මේකයි. සාමාන්‍යයෙන් සෙක්ස් කරනකොට පිරිමියෙක්ට නම් ගොඩක් සෙක්ස් පොසිෂන් වලදී ගොඩක් වෙලාවට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන් ඉන්නේ ලබාගන්නා පැත්තේ නෙවෙයි නම්, එතකොට පාට්නර් තමන්ගේ උඩට ඇවිල්ලා කරගන්න පොසිෂන් එකකුත් නෙවෙයි නම්, අනිවාර්යයෙන්ම පිරිමියාට තමයි මහන්සි වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් ශක්තිමට ශරීරයක් තිබීම අනිවාර්යයි. ඒකට හොඳ දෙයක් තමයි, බයිසෙප්ස් වලට, ට්‍රයිසෙප්ස් වලට, බඩට, පිටිපස්සට, ඉණට වගේ තැන් වලට හරියන ව්‍යායාම කරන එක. ඒවා බෙන්ච් ප්‍රෙස් වල ඉඳලා පුෂ්-අප්ස් වලට එනකල්, සිට්-අප්ස් වල ඉඳලා බ්‍රිජස් වලට එනකල්, ස්කොට්ස් වලට එනකල් වෙනස් වෙනවා. ජිම් එකට ගියොත් ට්‍රේනර් මේ එක්සයිස් ටික ගාණට ෂෙඩුල් එකක් හදලා දෙයි!

 

ඒ විතරක් නෙවෙයි, එක්සයිස් කිරීමෙන් ඇඟේ නම්‍යතාවයත් දියුණු වෙනවා. ඒකත් සෙක්ස් කරනකොට වාසියක්!

 

4. ස්ලෝ ෆෝර්ප්ලේ!

ඇත්තටම ඔය පැනපු ගමන් වළං කඩේ ගොනා ටයිප් එකට සෙක්ස් කරන්න යන අයට ගොඩක් වෙලාවට තමන්ගේ පාට්නර්ව සතුටු කරන්න අමාරු වෙන්න පුලුවන්. ඒකට ප්‍රධානතම හේතුවක් වෙන්නේ, සෙක්ස් කියන්නේ ඇත්තටම යෝනියක් සහ ශිෂ්ණයක් අතර ගනුදෙනුවක් නොවීම. අන්තිමට එන්නේ එතනට වෙන්න පුළුවන්. හැබැයි එතනට එන්න පාර හරියට හදාගන්න වෙනවා. ආන්න ඒකට තමයි පූර්ව ලිංගික ක්‍රියා නැතිනම් ෆෝර්ප්ලේ තියෙන්නේ. තමන් නිකම්ම වැනිලා සෙක්ස් පාරක් දානවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් වෙන මොනවා හරි ෆැන්ටසිමය දෙයක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ ඒ කෝක කළත්, පුළුවන් ඉක්මනට ලොකුම වැඩේට ගිහින් ඉවර කරන්න උත්සාහ කරන්නේ නැතුව, ෆෝර්ප්ලේ එකට වැඩි වෙලාවක් දෙන්න කියන එක. ඒ කියන්නේ සිප වැළඳ ගැනීම් වල ඉඳලා අතින්, කටින්, දිවෙන් සහ වෙනත් ඕනම ශරීරාවයවයකින් අනෙකාව උත්තේජනය කිරීම් දක්වා, මුඛ සංසර්ගය දක්වා විවිධ දේවල්. ආන්න ඒකෙනුත් සෙක්ෂුවල් ස්ටැමිනා එක වැඩි කරගන්න පුළුවන්.

 

5. ප්‍රශ්න ඔළුවේ තියාගෙන සෙක්ස් එපා

තමන්ගේ ඔළුවේ තියෙන කලබලකාරී බව, ආතතිය, පීඩනය වගේ දේවල් එක්ක ආයෙ සෙක්ස් ලයිෆ් එක ෆුල් බෝරින් වෙන්න විතරක් නෙවෙයි, ස්ටැමිනා එකත් නැත්තටම නැති වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, සෙක්ස් කරන එක නිකම් කනවා බොනවා වගේ දෙයක් කරගන්නෙ නැතුව විශේෂ දෙයක් කරගන්න කියලා තමයි කියන්න වෙන්නේ. උදාහරණයක් විදියට කිව්වොත්, තවත් වැඩ ඔළුවේ තියාගෙන සෙක්ස් කරන්න ඇඳට එන්න එපා. මීටින් එකකට ඔෆිස් එකට යන්න කලින් ‘ක්විකී’ එකක් දාලා යන එකේ වෙනම ෆන් එකක් තියෙනවා තමයි. හැබැයි ඒක ගැන නෙවෙයි මේ කියන්නේ. සෙක්ස් කරමින් ඉන්න අතරවාරයේදී කෝල්ස් එනවා නං, ඔෆිස් එකේ ප්‍රශ්න මතක් වෙනවා නම්, ගෙදර බිල් ගෙවන්න මතක් වෙනවා නම්, අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා සෙක්ස් කරන්න ආවහම හරියට මූඩ් එක සෙට් කරගෙන, ඒකට සම්පූර්ණ අවධානය යොදවන්න ඕන.

 

6. වෛද්‍ය උපකාර

දැන් ඔය සෙක්ෂුවල් ස්ටැමිනා එකේ ප්‍රශ්න වලට ගන්න පුළුවන් පෙති ජාති, බාම් ජාති ගැන එහෙම ඕන තරම් පත්තර වල ඇඩ්ස් යනවනේ. හැබැයි අපි කියන්නේ වෛද්‍ය උපදෙස් නැතුව එහෙම තැනකට යන්න එපා කියලා. ඇත්තම කියනවා නම්, ලිංගික ශක්තිය වර්ධනය කරන ස්වභාවික ආහාර පාන වර්ග තියෙනවා. විවිධ ඇට වර්ග, ටෝෆු, බිත්තර වගේ දේවල් වල ඉඳලා අත්‍යාවශ්‍ය ෆැටි ඇසිඩ් වර්ග අඩංගු මාළු වගේ දේවල් දක්වා තියෙනවා. මේකත් ඇත්තටම අයිති වෙන්නේ අපි කියපු පළවෙනි කාරණාවට. එතනින් එහාට කෘත්‍රිමව සෙක්ෂුවල් ස්ටැමිනා එක රඳවා ගන්න දෙයක් ගන්නවා නම්, ඒක වෙන්න ඕන නියම වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය මත විතරයි. අන්න ඒකත් මතක තියාගන්න ඕන.

 

7. අප්සට් ගහන්න එපා

මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්, සෙක්ෂුවල් ස්ටැමිනා එකට. ඒ තමයි කිසිම වෙලාවක තමන්ට හිතපු විදියට සෙක්ස් කරන්න බැරි වුණා කියලා හරි, තමන්ගේ පාට්නර්ව හරියට සතුටු කරන්න බැරි වුණා කියලා හරි අප්සට් නොයෑම. මේකට එක ප්‍රධාන හේතුවක් තමයි, ගොඩක් මිනිස්සු -ඒ කියන්නේ පිරිමි බහුතරයක් සහ ගැහැණුත් සැලකිය යුතු ප්‍රමාණයක්- තමන්ගේ සෙක්ස් ලයිෆ් එක සෑහෙන්න ඊගෝ එකක් එක්ක බැඳලා තියාගන්න එක. උදාහරණයක් විදියට කිව්වොත්, සමහර පිරිමි හිතනවා තමන් ඇඳේදී හරියට පාට්නර්ට සුරතාන්තයක් ලබාදෙන්න අසමර්ථ වුණොත්, ඒක තමන්ගේ පෞරුෂයට හානියක් කියලා. සරලවම කිවුවොත්, සෙක්ස් ලයිෆ් එක කියන්නේ ජීවිතේ එක පාට් එකක් විතරයි. හැබැයි ඒක ඊගෝ එකට හානියක් විදියට භාරගත්තොත්, ඒ අනාරක්ෂිත කම ඊලඟට සෙක්ස් කරන අවස්ථාවන් වලත් ආයෙ ආයෙමත් මතුවෙන්න පටන් ගන්නවා. අන්න ඒකම ඇති තමන්ගේ සෙක්ෂුවල් ස්ටැමිනා එකට හානි කරන්න. 

 

ඒ වගේම තව දෙයක් තියෙනවා. ප්‍රශ්නේ විසඳගන්න පියවර ගැනීමේ පළමුවෙනි කාරණය වෙන්නේ තමන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අවබෝධ කර ගැනීම සහ ඒක පිළිගැනීම. අන්න ඒ නිසා ඊගෝ එකට ඉඩ දීලා තියන්න එපා. මුලින් ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්න. ඊට පස්සේ පුළුවන් උඩ තියෙන දේවල් පිළිපදින්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *