ප්‍රංශය යළි ගොඩනැඟූ චාල්ස් ඩී ගෝල්

අද වෙනකොට ප්‍රංශය ලෝක බලවතෙක් බවට පත්වෙලා ඉන්නවා. නමුත් දෙවැනි ලෝක යුද්ධයේ මුල් අවස්ථාවේදී ජර්මනිය ඉදිරියේ ලද ලැජ්ජාසහගත පරාජය නිසා  ප්‍රංශ ජනතාවගේ  අභිමානයට මරු පහරක් වැදුණා. දෙවැනි ලෝක යුද්ධය අවසානය වන විට ප්‍රංශය ජයග්‍රාහකයන් බවට පත් වුණත් ජර්මානු ආක්‍රමණිකයන් විසින් ප්‍රංශයේ ආර්ථිකය සහ ප්‍රංශ ජාතිකයන්ගේ  ආත්මාභිමානය නැත්තටම නැති කොට තිබුණා. මේ වන විට ප්‍රංශ ඉතිහාසයේ හතරවැනි සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන යුගය ආරම්භව තිබූ අතර යටත් විජිතව පැවති ඉන්දු චීනයේ සහ ඇල්ජීරියාවේ ඇතිවී තිබූ දේශපාලන අස්ථාවරතා ප්‍රංශය වෙතටත් දැඩි බලපෑම් එල්ල කරමින් තිබුණා. මේ කාලයේදී ප්‍රංශ ජනතාව වීරයෙක් සොයමින් සිටියා. එම වීරයා වූයේ දෙවන ලෝක යුධ සමයේ දී  හමුදාවට නායකත්වය ලබාදුන් චාල්ස් ඩී ගෝල්. ඔහු විසින් ප්‍රංශයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් ප්‍රංශයේ බලය ලබා ගත්තා. එතැන් පටන් ප්‍රංශයේ නව යුගයක් ආරම්භ වුණා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නෙ චාල්ස් ඩී ගෝල්  ප්රංශ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් ක්රියාමාර්ග කිහිපයක් පිළිබඳවයි.

 

1. පරම සතුරා මිත්රයා බවට පත්කර ගැනීම

අනාගතයේ ප්රංශයේ අභිවෘද්ධිය රඳා පවතින්නේ කලාපීය සහයෝගීතාවය මත පමණක් බව වටහාගත චාල්ස් ඩී ගෝල් සියවස් ගණනාවක් පුරා ප්රංශයේ සහ තමන්ගේ පෞද්ගලික අංක එකේ සතුරා බවට පත්ව තිබූ ජර්මනිය සමඟ යළි සබඳතා ඇති කර ගැනීමට පටන් ගත්තා. නැපෝලියන් ගෙන් පසුව ජර්මනියේ සංචාරය කළ පළමු ප්රංශ රාජ් නායකයා බවට පත් වූ ඔහු ජර්මානු ප්රංශ සහයෝගීතාවයකට  මුල පිරුවා. මේ පිළිබඳව කාලයේදී ඔහුට දැඩි විරෝධතා එල්ල වුවත් අද වන විට යුරෝපය පාලනය කරන ප්රධානම බලවේගය බවට පත්ව තිබෙන්නේ ප්රංශයේ සහ ජර්මනියේ මෙම සහයෝගීතාවයයි.

 

 

2. ආර්ථික පුනර්ජීවනයට මග පෑදීම

ආර්ථික විද්යාඥයන්ගේ සහයෝගය ලබා ගත් චාල්ස් ඩී ගෝල් සුවිශාල ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාවලියක් ආරම්භ කළා. ප්‍රංශයේ ණය ප්රතිව්යුහගත කෙරුණු අතර ව්යාපාර සඳහා ප්රංශ ජාතිකයන් දිරිමත් කරනු ලැබුවා. එසේම සුබසාධන කටයුතු පවා යම් තාක් දුරකට දුෂ්කරතා මධ්යයේ වුවත් පවත්වාගෙන යෑමට ඔහු සමත් වුණා. එසේම ඔහු විසින් ෆ්රෑන්ක් සීයේ නෝට්ටුවක් නිකුත් කිරීමට තීරණය කිරීම එවකට ආර්ථිකය ශක්තිමත් කිරීමට තවත් හේතුවක් වුණා.

 

 

3. සේවකයන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම

මෙම කාලයේදී ප්රංශයේ වැටුප් වල අසමානතා පිළිබඳව යම් නිරීක්ෂණයක් සිදු කළ ඔහු විසින් විශේෂ නීති පැනවීමට කටයුතු කළා. යටතේ ප්රංශ සමාගම්වලට තම ලාභයෙන් කොටසක් වැටුප් වලට අමතරව තම සේවකයන් වෙත ගෙවීමට සිදු වුණා. මේ හරහා සාමාන් ප්රංශ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔහු සමත් වුණා.

 

 

4. න්යෂ්ටික බලවතෙකු බවට පත්වීම

වන විට ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් රුසියාව සහ එක්සත් රාජධානිය න්යෂ්ටික බලවතුන් බවට පත්ව තිබීම යම්තාක් දුරකට ප්රංශයේ අනාගත ආරක්ෂාවට තර්ජනයක් වනවා පමණක් නොව ප්රංශයේ අභිමානයට යම් ගැටළු සහගත තත්ත්වයන් ඇතිකරන බව ඩි ගෝල් නිරීක්ෂණය කළා. ඉන්පසු ඔහුගේ නියෝගය යටතේ ප්රංශය වසර කීපයක් ගත වන්නට පෙර න්යෂ්ටික බලවතෙකු බවට පත් වූයේ ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව පවා අන්දමන්ද කරවමින්

 

 

5. යුරෝපයේ පියා

යුරෝපයේ එක්සත්භාවය පිළිබඳව දැඩි ලෙස විශ්වාස කළ ඩි ගෝල් අත්ලාන්තික් සාගරයේ සිට යූරල් කඳු වැටිය දක්වා ප්රදේශය එකම කලාපීය අනන්යතාවක් සහිත පිරිසක් බව නිතර නිතර සිහිපත් කළා. එසේම ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව යන ලෝක බලවතුන් අතරමැද ප්රබල යුරෝපයක අවශ්යතාවය මතු කළා. යුරෝපා සංගමය වර්ධනය වීම කෙරෙහි ගෝල් ගේ මෙම අදහස් විශේෂයෙන් බලපෑවා. මේ නිසා ඇතැම් දේශපාලන විචාරකයන් යුරෝපයේ පියා ලෙස ගෝල්ව හඳුන්වනවා.

 

 

6. මහජන චීනය පිළිගැනීම

එතෙක් කලක් බටහිර බලවතුන් චීනය ලෙස පිළිගනු ලැබුවේ තායිවානයයිගෝල් පළමු වතාවට මහජන චීනය රාජ්යයක් ලෙස පිළිගැනීමට ලක් කළා. හරහා ඇමරිකා එක්සත් ජනපද සහ සෝවියට් රුසියානු විදේශ ප්රතිපත්තිය  කුමක් වුවත් ප්රංශය සතුව ස්වාධීන විදේශ ප්රතිපත්තියක් පවතින බව ඔහු ලොවට පෙන්වනු ලැබුවා. තුළින් ඔහු චීනය සමග ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කළා.

 

 

7. ලතින් ඇමරිකානු සහයෝගය

මෙක්සිකෝව ප්රමුඛ ලතින් ඇමරිකානු රටවල සංචාරය කළ චාල්ස් ඩි ගෝල් හරහා සංස්කෘතික සහ ආර්ථික සහයෝගය ලතින් ඇමරිකානු රටවල් සමඟ ගොඩනැගීමට කටයුතු කළා. තුළින් ඇමරිකානු මහද්වීපය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට පරිබාහිරව මිත් රටවල් ගොඩනඟා ගැනීම තුළින් අන්‍යෝන්‍ය අභිලාෂ වලට වාසි සහගත පසුබිමක් නිර්මාණය කරන්නට ඔහු සමත් වුණා.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *