එකමිටට කිවුවම හිතන්න එපා අපි මේ ලෝකෙ භයානකම ත්‍රස්තවාදියො ටික කොටු කරලා දෙන්නයි යන්නෙ කියලා. ඇත්තටම මේක ලියන්න හේතුව වෙන්නෙ මිනිස්සු ත්‍රස්තවාදීන් කියල දන්න අයට වඩා භයානක ත්‍රස්තාවදියො ඉන්න බව කියන්නයි. මොකද අයිසීස් භයානකයිනම් ඊඩ වඩා දහස් ගුණයකින් භයානක ත්‍රස්තවාදියොත් ලෝකයෙ ඉන්න බව සහ හිටිය බව මිනිස්සු දැනගන්න එපැයි. මේ ඒ ගැනයි. ඒ නිසා මේකෙ අති ප්‍රසිද්ධ ත්‍රස්ත සංවිධාන අපි ඇතුළත් කරන්නෙ නෑ.
1. THE LORD’S RESISTANCE ARMY (LRA)
ක්‍රිස්තියානි කල්ට් එකකින් ගොඩනැගුණු මේ අය දකුණු සුඩානෙ, කොංගෝවෙ, උතුරු උගන්ඩාවෙ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයෙ තමයි ඉන්නෙ. මේ අයගෙ බිහිවීම සිද්ධ වෙන්නෙ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන්. මේ වෙද්දි දැනටත් ක්‍රියාත්මක ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් මේ අයව හලලා තිබුණත් මානව හිමිකම් කැඩීම අතින් ඉහළින්ම ඉන්න, මිනීමැරුම්, දූෂණයන්, පහරදීම්, දරුවන් පැහැරගැනීම් සහ යුද්ධයට යොදාගැනීම්, දරුවන් අපයෝජනයයේ යෙදවීම්, ප්‍රාණ ඇපයට ගැනීම් සියල්ල ම්ලේච්ඡ විදියට සිදුකරපු මේ අය නින්දිත ව්‍යාපාරයක්.
2. IRISH REPUBLICAN ARMY
මේ අයත් මේ වෙද්දි අකර්මණ්‍යයි. 1913දි පටන්ගත්තු මේ සංවිධානෙ අරමුණ වෙන්නෙ බ්‍රිතාන්‍යයට එරෙහිව නිදහස දිනාගන්න අයර්ලන්තය වෙනුවෙන් සටන් වැදීමයි. මේක දෙපැත්තටම දරුණු ජීවිත හානි කරපු විප්ලවයක්. ගරිල්ලා කණ්ඩායම් විදියට ප්‍රැක්ටිස් කරපු මේ අය සර්ප්‍රයිස් ඇටෑක්ස්වලට අතිප්‍රසිද්ධයිලු.
3. NAXALITES
මේ ගොලොන්ව කෙලින්ම ලින්ක් වෙන්නෙ ඉන්දියාවෙ මාවෝවාදී කමියුනිස්ට් පක්ෂයකටයි. නක්සල්බාරී කියන බටහිර බෙංගාලයේ තියෙන ගමේ තමයි වැඩේ පටන්ගැනෙන්නෙ. 1967දියි හැදෙන්නෙ. කානු සන්යාල්ගෙ නායකත්වයෙන් ඇරඹෙන වැඩේට හේතුව තමයි නැතිවුණු ඉඩම් ලබාගැනීම. වැඩේට ඒ වෙනකොට චීනෙ කමියුනිස්ට් පාටියෙ ලොක්කා වුනු මාඕ සේතුං. මෙයාලගෙ ගේම වුණු ලොක්කො මරලා සිවිල් යුද්ධයක් පටන්ගන්නයි. මෙයාලව පස්සෙ ලොකුවටම මර්ධනය වුණත් තාමත් මේ අය සිවිල් මිනිස්සු, පොලීසිය වගේම මිනිමැරුම් කරමින් ඉන්නවා.
4. KURDISTAN WORKER’S PARTY
ගෑණු ද පිරිමිද භේදයක් නැතුව විප්ලවේ කරන කුර්දිස්ථාන් කම්කරු පක්ෂය 1978 තුර්කියෙ පටන්ගත්තු වැඩක්. තුර්කි රජයෙන් නිදහස පතා ඇරඹුණු PKK තුර්කියේ, ඉරානෙ, ඉරාකෙ, සිරියාවෙ වැඩ කරගෙන යනවා. බටහිර මාධ්‍යය නං එයාලට ත්‍රස්ත ලේබලයක් නොගහන්නෙ එයාලත් ඉස්ලාමික රාජ්‍යයට විරුද්ධ නිසායි. සල්ලි එනවා, මීඩියා පවර් එක තියෙනවා වුණත් මෙයාලා විප්ලවවාදීන් සහ ත්‍රස්තවාදීන් කියන දෙක අතර මැද මෙයාලගෙ තත්ත්වය තියාගෙන ඉන්නවා.
5. FARC
Revolutionary Armed Forces of Colombia සංවිධානෙ ඇරඹෙන්නෙ 60 ගණන්වල. කිඩ්නැප් කරනවා, මරලා දානවා වගේම, අනවසර කැණීම් සිද්ධ කිරීමත් එයාලව ත්‍රස්ත සංවිධානයයක් විදියට රෙජිස්ටර් කරනවා. අති විශාල වශයෙන් සිද්ධ වෙන මත් කුඩු ව්‍යාපාරයෙන් සල්ලි හොයාගන්න මේ අය 2002දි තමයි ඉදිරි තිරයට එන්නෙ. දකුණු ඇමරිකාවට, යුරෝපෙට සහ ලතින් ඇමරිකාවට මේ අය බාධාවක් වෙලා තියෙනවා.
6. HAMAS
මේ ලැයිස්තුවට සෙට් වෙන ප්‍රසිද්ධම අය තමයි මේ. Harakat Al-Muqawama Al-Islamia තමයි හමාස් කියන්නෙ. පලස්තීන සමාජ-ත්‍රස්ත කණ්ඩායමක ව මොවුන් 1987 පිහිටුවන්නෙ ඊශ්‍රාලයට එරෙහිව ජාහිඩය වපුරවන්න ප්ලෑන් කරගෙනයි. ඒ වගේම ඊශ්‍රයලේ අතපෙවීමෙන් පලස්තීනය බේරාගන්නයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් තමයි මෙයාලගෙ ප්‍රකටම අවිය.
7. AL-NUSRA FRONT
අල් කයිඩාවෙම සෙට් එකක් වුණු මේ අය අල් කයිඩාව විසින් ලෙබනනයේ සහ සිරියාවේ තියාගෙන යන බළල් අත තමයි මේ. බෂාර් අල් අසාද් ගේ සිරියානු රජයට ගහන්න හදන මේ අයගෙ නායකයා වෙන්නෙ අබු මොහොමඩ් අල් ජුලානි. ඇමරිකාවත් මෙයාලට සපෝට්. මොකද මෙයාලට ආයුධ දෙන ඇමරිකාව ඒ වෙනුවෙන් අසාද් වට්ටන්න මෙයාලගෙන් උදවු ගන්නවා. මේක ඉතිං මොනවා වුණත් භයානක ත්‍රස්ත කණ්ඩායමක් කියලා කියන්න ඕනමයි.
දැන් ඉතිං අල් කයිඩා කෝ? අයිසීස් කෝ? තලීබාන් කෝ? එල්ටීටීඊ කෝ? හිස්බුල්ලා කෝ? කියල අහන්න කලින් ඉන්ට්‍රො එක කියවන්න. ඕනනං අපි ඔබ වෙනුවෙන් ඒ ගැන විස්තර ගෙන එන්නටත් සූදානම්.
Cover Image Source – gamer.net
Leave a Reply