ඔබ ඇත්තටම ලිංගික ජීවිතයේදී වෙනස් දේවල් කරන්නට ආශා කරන සරාගී පුද්ගලයෙක්ද?

මේක නම් ඇත්තටම අපි විවිධ කෝණයන් වලින් වෙනස් වෙනස් ආටිකල් වල කතා කරලා තියෙන මාතෘකාවක්. හැබැයි අවංකවම කියනවා නම්, මේ මාතෘකාවේ කාලීන බවත් එක්ක කොයි තරම් කථාබහ කළත් මේ මාතෘකාව ගැන හැමදාමත් කතා කරන්න දේවලුත් තියෙනවා. හරි පටන් ගමු.

 

දැන් සෙක්ස් ගැන කතා කරනකොට කොටසක් ලැජ්ජාවෙන් ඇඹරෙනවා. තව කොටසක් හෙන ආඩම්බර බැල්මක් හෙළනවා “සෙක්ස් ගැන අපි ඕන නං පොත් ලියඤ්ඤං” කියනවා වගේ! හැබැයි ඉතින් අපි කලිනුත් කියලා තියෙන විදියට, ගොඩක් සෙක්ස් වල කප් ගහලා ඉන්නේ කියලා හිතාගෙන ඉන්න උන්දැලා ඇත්තටම වැඩේට බැස්සහම එක්කෝ හුටස් ගාලා වැඩේ වකූරු කරගන්නවා. එහෙම නැතිනං කොණක ඉඳන් හානවා. ආන්න ඒ නිසා තමයි අපි ඔය කලිනුත් කියලා තියෙන්නේ සෙක්ස් කරනකොට සිහියේ තියාගන්න ඕන දේවල් ගැන.

 

දැන් අපි මේ කියන්න යන දේවල් වලට පොදුවේ කියන්නේ kinky දේවල් කියලා තමයි. ඒ කියන්නේ හැමදාමත් පුරුදු විදියට දේවල් ටිකක් කරලා, අනික් පැත්ත හැරිලා නිදාගන්නවා වෙනුවට, ලිංගික ජීවිතේ පොඩ්ඩක් නග්ගලා, ගස්සලා ගන්න පුළුවන් දේවල් තමයි මේ.

 

1. බොන්ඩේජ්!

මේක ඉතින් මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ඉතින් අත් කකුල් බැඳලා සෙක්ස් කරනවා කියන එකම නෙවෙයි මෙතනදී කියන්නේ. ඒ වගේම අර ලණු වලින් බඳිනවා කියන එකමත් නෙවෙයි මේ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, ඕන නම් අත් කකුල් බඳින්න පුළුවන්. ඒකට කැපෙන්නෙ නැති සොෆ්ට් ලණු ගන්න තියෙනවා. ඕන නම් රෙදි පටියකින් අත් බඳින්න එහෙමත් පුළුවන්. ඕන නම් ගෑණු ළමයගේ බ්‍රා එකෙන්ම එයාගේ අත් බඳිනවා වගේ වැඩත් සෙක්සි. ඕන නම් අර සෙක්ස් කරනකොට දාන මාංචු එහෙමත් ඒ වගේ ෂොප් වලින් ගන්න පුළුවන්. තමන්ට කිසිම දෙයක් කරන්න බැරුව ඉන්නකොට, අනික් කෙනා තමන්ට දේවල් කරන එකේ තමයි මෙතන ෆන් එක තියෙන්නේ. අනික් පැත්තට, මොකුත් කරන්න බැරුව ඉන්න කෙනෙක්ව තමන්ට ඕන විදියට ඩොමිනේට් කරන එකේ ෆන් එක තමයි අනිත් කෙනාට ලැබෙන්නේ. ඕන නම් මේ රෝල්ස් මාරු කරගන්නත් පුළුවන්. 

 

2. ඇස් බැඳලා!

ඇස් බඳින එකත් අර වගේම තමයි. ඕන නම් උඩ එකත් එක්ක එකතු කරලා මේක කරන්නත් පුළුවන්. නිකමට හිතන්න, තමන් ඉස්සරහා ඉන්න තමන්ගේ සෙක්ස් පාට්‍නර් තමන්ට මොනවා කරයිද කියලා අපිට හිතාගන්නවත් බෑ. කරන දෙයක් කරනකොට අපිට දැනෙන විදියත් එක්ක තමයි හැමදේම හිතාගන්න පුළුවන් වෙන්නේ!

 

3. රෝල් ප්ලේ!

රෝල් ප්ලේ කියන්නේ ටිකක් ෆැන්ටසි පැත්තට බර වැඩක්. උදාහරණයක් විදියට ගමු අපි නර්ස් නෝනා කෙනෙක් එක්ක සෙක්ස් කරන ෆැන්ටසියක්. හැබැයි දැන් මේක ඇත්තටම ෆැන්ටසියක් වෙන්නේ අපි ලෙඩා, එයා නර්ස් නෝනා නම් තමයි. එහෙම නැතිනම් අපි ලෙඩා, එයා දොස්තර මහත්තයා වෙන්න පුළුවන්. ඔන්න අපි ඒ විදියටම අඳිනවා. ඊට පස්සේ ඒ විදියටම කතාවක් රඟදක්වනවා. ඒක ඉවර වෙන්නේ නර්ස් නෝනයි ලෙඩයි සෙක්ස් කරලා! ආන්න ඒ විදියේ ඕන තරම් කතන්දර ෆැන්ටසි ඇත්තටම දෙන්නට කරන්න පුළුවන්ද කියලා නිකමට හිතලා බලන්න!

 

4. හොට් ඇන්ඩ් කෝල්ඩ්

මේකත් සෑහෙන්න ලොකු පරාසයකට යනවා. ඔය ෆිල්ම් වල දැකලා තියෙනවද සමහර වෙලාවට සීතල අයිස් කියුබ් එකක් අරගෙන ඒක නිප්ල්ස් වල, ඇඟේ උද්දීපනය වෙන තැන්වල අනික් කෙනා ගාවගෙන යනවා? ඒ වගේම තමයි රස්නේ දේවලුත්. හොට් වැක්ස් වෙන්න පුළුවන්, ඉටිපන්දම් වෙන්න පුළුවන් (ඒකට ඒ තරම් රස්නෙට ඉටි වැගිරෙන්නෙ නැති විශේෂිත ඉටිපන්දම් තියෙනවා). ආන්න ඒ වගේ ඒවා සෙක්ස් කරනකොට අමුතු උද්දීපනයක් ඇති කරන්න සමත් වෙන රහස් තමයි. අපි තව උදාහරණයක් ගමු. නිකමට හිතන්න, අපි ඕරල් සෙක්ස් කරනකොට, ඒ කියන්නේ අපේ මුඛයෙන් අනික් කෙනාට උද්දීපනයක් ලබාදෙන කොට, නිකම්ම ඒක කරන්නේ නැතුව සීතල වතුර උගුරකින් අපේ කට සීතල කරගෙන වැඩේට බහිනවා කියලා. කොහොමද ඒ ෆීල් එක? එහෙම නැතිනම් රස්නේ වතුර උගුරකින් හෝ තේ උගුරකින් කට උණුසුම් කරගෙන මුඛ සංසර්ගයට ගියත් ඒකත් අනික් කෙනාට මාරෙට දැනෙයි!

 

5. ස්පෑන්කින්ග්!

සාමාන්‍යයෙන් අපි කෙනෙක්ට ගහන්නේ වැරැද්දක් කළහමනේ. හැබැයි පස්සට අතින් තහ් ගාලා දෙකක් දෙන්නේ වැරැද්දක් කළහම විතරද? නෑ, සෙක්ස් කරනකොටත්, පස්සට, ඒ කියන්නේ තට්ටම් වලට ගහන එකෙන් ලිංගික උද්දීපනයක් ලබාදෙන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට අර එක්තරා විදියකට දරන්න අමාරු නැති වේදනාව කියන්නේ ලිංගික සතුට වැඩි කරන දෙයක්. ආන්න ඒ නිසා සෙක්ස් කරන වෙලාවට ස්පෑන්කින් පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවට කමක් නෑ. හැබැයි ඒක අනික් කෙනාට අපහසුවක් නැති සීමාව කොතනද කියන එක සන්නිවේදනයෙන් දැනගන්න ඕන. ඕන නම් අත පාවිච්චි කරනවට අමතරව, වේවැලක්, අඩි රූලක්, ස්පෑන්කින් වලටම තියෙන ටෝයි එකක් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්.

 

6. ටෝයිස්!

සාමාන්‍යයෙන් ටෝයිස් කියපු ගමන් කෙනෙක්ට මතක් වෙන්නේ ඩිල්ඩෝ එකක්, එහෙම නැතිනම් බට් ප්ලග් එකක්. එහෙම නේ? හැබැයි ඇත්තටම ගත්තොත් සෙක්ස් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් ටෝයිස් ඒවා විතරක් නෙවෙයි. ඒ වගේම සෙක්ස් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් ටෝයිස් හැම එකක්ම සල්ලි වලට ගන්න ඕනැත් නෑ. තමන් අවට තියෙන දේවල් වුනත් සෙක්ස් කරනකොට ලිංගික උද්දීපනය වැඩි කරවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඕන කරන්නේ පොඩ්ඩක් නිර්මාණශීලී වීම විතරයි. උදාහරණයක් විදියට කිවුවොත්, තනි ලෝහ කඩදාසි බරක් අරගෙන, ඒකෙන් අපේ පාට්නර්ගේ නිපල්ස් ස්පර්ෂ කරන්න බැරිද? එතකොට සොෆ්ට් වූල් තියෙන ටෙඩි බෙයාර් කෙනෙක්ව පාවිච්චි කරන්න බැරිද ඒ වගේ වැඩකට? ඕවා පොඩි උදාහරණ විතරයි!

 

ඒ ඇරෙන්න කඩෙන් ගන්න තියෙන ඩිල්ඩෝ, බට් ප්ලග් වගේ එව්වත් පාවිච්චි කළාට කිසිම ගැටළුවක් නෑ!!

 

7. ඇඳෙන් එහා!

මේක අපි මීට කලිනුත් කියලා තියෙන දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක තියාගන්නේ තමන්ගෙ නිදන කාමරයේ, තමන්ගේ ඇඳේ විතරයි. හැබැයි ඇයි එතනට විතරක් සීමා වෙන්නේ? ඇයි තමන්ගේ ගෙදර වෙන කවුරුවත් නැති වෙලාවට, ඇඳේ ඇර වෙන තැන්වල සෙක්ස් කරන්න බැරි? ඇයි කාටවත් පේන්නේ නැති නම් ගාර්ඩන් එකේ සෙක්ස් කරන්න බැරි? ඇයි කෑම්පින් ට්‍රිප් එකක් ගිහිල්ලා කැලේ මැද්දේ සෙක්ස් කරන්න බැරි? ඇයි පාලු තැනක නවත්තපු කාර් එක ඇතුළේ සෙක්ස් කරන්න බැරි? ඇයි බීච් එකේ සෙක්ස් කරන්න බැරි? මේවා එක එක්කෙනාගේ ආසාවන් අනුව වෙනස් වෙනවා. තමන් අවදානම නැහැ කියලා ෂුවර් කරගත්තට පස්සේ, මේ වගේ ෆැන්ටසීන් ට්‍රයි කරලා බලන එකෙන් ලිංගික ජීවිතේට අමුතුම සතුටක් ලැබෙනවා ෂුවර්.