චීන, කොරියන් හෝ තායිපේ රටවල්වල ශ්‍රමිකයන් ඉන්න ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් සිද්ධ වෙන පැතිවල අය දන්නවනෙ ඒ පැතිවල බල්ලො, ගැරඬි සහ නයි මිසින් වෙන්නෙ ඇයි කියල. අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කාරණාවක්. මේ ආසියාතික රටවල් අතරෙ අපි හීනෙන්වත් කන්න නොහිතන දේවල් කන කට්ටිය ගැන කතාවක්. මේ අපේ මිත්‍ර ආසියාතික රටවල් කන අමුතු කෑම බීම ගැනයි.
1. ගෝනුසු රස කතා

Source – robertharding.com
අපි සාමාන්‍යයෙන් පාරෙදි පොඩි බඩගින්නට කන්නෙ ඉස්සො වඩයක් වුනාට බැදපු ගෝනුස්සෙක් කෝට්ටෙ ගහල කන්න තියෙන රටවලුත් තියෙනව. ඒව ඇති පදං මිනිස්සු කනවා. කාපු අය නං කියන්නෙ නියම ක්‍රන්ච් එකක් තියෙන ටේස්ටි බයිට් එකක් කියලා තමයි. හැබැයි පුතී ක්‍රන්ච් වුනත් ස්කෝපියන් නිසා දෙපාරක් හිතන්න වෙනව. චීනෙ, ලාඕසෙ, තායිලන්තෙ, කාම්බෝජෙ මෙවුව තියෙනවා කියලයි කියන්නේ.
2. විස සහිත මකුළුවො

Source – eater.com
මෙන්න පුතී වැඩේ. කැලේ ගිහිල්ල නොදන්න විදියකින් මැරෙන්න තියෙන ලොකුම හේතුවක් තමයි අපිත් නොදැන අපිව දිවි මකුළුවෙකුගෙ ගොදුරක් වීම. හැබැයි මේ කියන්නෙ ඒ මකුළුවන්වම කන්න තියෙන විදියක් ගැන. නියමෙට කළු වෙන්න බැදපු දිවි මකුළුවො කාම්බෝජෙ හෙන ප්‍රසිද්ධයි. හැබැයි කකුල් ගලවලා කන්නලු. කටේ ඇනිලා වාත වෙනවලු නැත්තං.
3. තරු මාළු

Source – sweettoothbigmouthblog.blogspot.com
පුංචි කාලෙ මූදෙ යට අඳිද්දි කවදාවත් ඇහැට දැකලා නැතත් තරුවක් වගේ ඉන්න මාළුවෙකුව ඇන්දෙ කාටුන්වල දැකලා තිබ්බ නිසා. කවුද දන්නෙ මේ තරු මාළුවන්ව මිනිස්සු කනවා කියලා. ඇයි හත්තිලවුවෙ කෝටුවල ගහල ලොලිපොප් වගේ පේන්න තිබ්බට මේ තරු මාළුවො චීනෙ හෙන ප්‍රසිද්ධ කෑමක්.
4. තණකොළපෙත්තාස්

Source – wikimedia.org
බෑයි කියල බෑයි කියල බෑ කියල කියපු තණකොලපෙත්තාස් සංගීත කණ්ඩායමේ සින්දු අහපු අපි කොහොමද තණකොලපෙත්තො බාබකියු කරලා කන්නෙ යාළු. හැබැයි ලාඕසෙ කාම්බොජෙ චීනෙ දොස්තර හොඳ හිත නොබලපු යනනං බාබකියු කරපු තණකොලපෙත්තො රස කර කර කනවලු.
5. හිතන්නත් අමාරුයි

Source – skinnedeep.files.wordpress.com
ඔවු අපි මේ කෑම එකේ නම දානවට වඩා හිතන්නත් අමාරුයි කියල කියන එක හොඳයි. මොකද මේ කියන්න යන්නෙ හිතන්නත් අමාරු හොංකොං කෑමක්. වැඩේ මෙහෙමයි. මේ කෑම එන්නෙ සුදු වයින් වීදුරුවක් ඇතුළෙ. සුදු වයින් වීදුරව යට තියෙන සුදු පාට කෑල්ල තමයි නොඉපදුනු මී පැටවෙකු සිටින ගර්භය. කවුද දෙයියො මෙවුව කන්නෙ?
6. ඔළු කකුල්

Source – youtube.com
බයවෙන්නෙපා මිනිස්සුන්ගෙ ඔලුව සහ කකුල් ගැන නෙමෙයි මේ කියන්නෙ. කඩේකින් චිකන් ගනිද්දි අපිට හම්බෙන්නෙ නැත්තෙ මොනවද? පිහාටු, කුකුල් ඔලුව සහ කුකුල් කකුල් තමයි උත්තරේ. හැබැයි මේ චීන කෑමට තියෙන්නෙ නං අන්න ඒ ටික. ඒ කිවුවෙ රසම රස කුකුළු ඔලු සහ කකුල්.
7. සර්පයා දුටුවාද?

Source – theatlasheart.com
ඇයි තාම සර්පයා නැත්තෙ කියලද බල බල හිටියෙ? මෙන්න ඉන්නවා. සර්පයා කියන්නෙ වියට්නාම් සහ තායිවාන්වල සුපිරි කෑමක්. සර්පයාගෙ පිත, සර්පයාගෙ ලේ සහ සර්පයාගෙ සජීවී හදවතත් මේ අය කනවා. අවුල් වගේ නේද? ඒ අය විශ්වාස කරන්නෙ දුර්වල හදවතක් තියෙන අයට ඒක කන්න බෑ කියලලු. ඔයාටත් තියෙන්නෙ නිර්භය හදවතක්ද?
8. ලිඟු කඩේ

Source – timetravelturtle.com
කවුද හිතුවෙ දෙයියනේ මිනිස්සු මේවත් කයි කියල. මේ කෑම තමයි සතුන්ගෙ ලිඟු. බීජිංවල එක රෙස්ටුරන්ට් එකක් තමයි මේ ලක්ෂරි කෑම විකුණන්නෙ. බයිසන් ගවයගෙ වෘෂණ කෝෂ, බැටළුවාගේ වෘෂණ කෝෂ, ඒ වගේම මිල අධික කොටියගේ ලිඟුවත් ඒ අය කන්න පුළුවන් විදියට හදලා දෙනවා.
Leave a Reply