සෙක්ස් කරන වැඩේ තව ෆන් කරගන්න, ලුබ්‍රිකන්ට් පාවිච්චි කරමුද?

අපි සෙක්ස් කිරීම ගැන විවිධ පැතිකඩ Lifie.lk එකෙන් කතා කරනවනේ. සමහරු ඉතින් ලැජ්ජාවේ ඇඹරෙනවත් ඇති. හැබැයි අපරාදෙ කියන්න බෑ, අපිට පේන විදියට ගොඩක් දෙනෙක් සෙක්ස් ගැන අපි ලියන ආටිකල් කියවලා දෙයක් ඉගෙනගන්න එක තමයි වෙන්නේ. අන්න ඒක තමයි වෙන්න ඕනෑත්. කොහොමහරි, දැන් අපි සෙක්ස් කිරීම ගැන කතා කරනකොට, ගොඩක් වෙලාවට කියලා තියෙන දෙයක් තමයි ලුබ්‍රිකන්ට්, ලූබ් එහෙම නැතිනම් සරල සිංහලෙන් ලිහිසිකාරක ද්‍රව්‍ය පාවිච්චි කරන්න කියන එක. ගුද සංසර්ගය වගේ විශේෂ අවස්ථා වලදී නම් අනිවාර්යයෙන්ම ඉතින් ඔය ලුබ්‍රිකන්ට් පාවිච්චි වෙනවනේ. හැබැයි අපි කියලා තියෙන දෙයක් තමයි එහෙම අනිවාර්ය නැහැයි කියලා හිතෙන අවස්ථාවන්වලදී වුණත් ලුබ්‍රිකන්ට් පාවිච්චි කරලා, සෙක්ස් කිරීම වඩාත් රසවත් කරගන්න පුලුවන් කියන එක. එතනදී ඉතින් හරි ලුබ්‍රිකන්ට් වර්ගයක් තෝරාගැනීමේ ඉඳලා, ලුබ්‍රිකන්ට් එක්ක ඇත්තටම මොනවද කරන්න පුලුවන් වෙන්නේ කියන එක ගැනත් හොඳ අවබෝධයක් තිබීම වටිනවා. ආන්න ඒ නිසා, අපි හිතුවා, සෙක්ස් කරනකොට ලුබ්‍රිකන්ට් පාවිච්චි කිරීම ගැන එක්ස්පර්ට් ටිප්ස් කීපයක් ලබාදෙන්න!

 

01. විවිධ ලූබ් වර්ග

ඇත්තටම පටන් ගන්නකොට අපි ලූබ් වර්ග ගැන දැනගෙනම පටන් ගන්න එකනේ හොඳ. හරි, ප්‍රධාන වශයෙන් ලූබ් නැතිනම් ලුබ්‍රිකන්ට් ගත්තොත්, වර්ග තුනකට බෙදාගන්න පුලුවන්. එකක් තමයි ජලය පදනම් ලිහිසිකාරක (Water-based lubricant). දෙවෙනි එක සිලිකන් පදනම් ලිහිසිකාරක (Silicone-based lubricant). තුන්වෙනි එක තෙල් පදනම් ලිහිසිකාරක (Oil-based lubricant).

ජලය පදනම් ලිහිසිකාරක: ඔය ලේටෙක්ස් කොන්ඩම් එක්ක එහෙම පාවිච්චි කරන්න හොඳම වර්ගය තමයි මේ. කොන්ඩම් ඉරෙන්නෙ නෑ මේ ලූබ් වලට. අනික ඇඳ රෙදි වල පැල්ලම් එහෙම හිටින්නෙත් නෑ. ඒ ඇරෙන්න ඔය සංවේදි සමක් එහෙම තියෙන අයටත් කියාපු වර්ගේ තමයි මේ. හැබැයි ග්ලිසරීන් එහෙම නැහැ නේද කියලා ලේබලේ කියවලා ගන්න. හැබැයි එකක්, ජලය පදනම් ලිහිසිකාරක ටිකක් වැඩියෙන් පාවිච්චි කරන්න වෙනවා, මොකද ගොඩක් වෙලා අල්ලලා හිටින්නේ නැතුව වේලෙන නිසා.

සිලිකන් පදනම් ලිහිසිකාරක: මෙන්න මේ ජාතිය නම් සෑහෙන්න වෙලාවක් වේලෙන්නෙ නැතුව අල්ලලා හිටිනවා. සිලිකන් පදනම්ව හදපු සෙක්ස් ටෝයිස් එක්ක එහෙම නම් හරියන්නෙ නෑ, මොකද සෙක්ස් ටෝයිස් ටිකෙන් ටික විනාශ වෙලා යනවා මේ ලූබ් එක නිසා. හැබැයි ලේටෙක්ස් කොන්ඩම් වලට අවුලක් වෙන්න විදියක් නෑ. අනික් කොන්ඩම් නම් ෂුවර් නෑ. හොඳම දේ සිලිකන් ජෙල් පාවිච්චි කරනවා නම්, ලේබලේ බලලා කොන්ඩම් ගන්න එක. මේ සිලිකන් පදනම් ලිහිසිකාරක ලේසියෙන් ජලයේ දියවෙන්නෙත් නැති නිසා, වතුරේ හරි ෂවර් එක යට හරි සෙක්ස් කරන්න නම් හොඳට ගැලපෙනවා. හැබැයි ඒ වගේම, හෝදලා යවන්නත් සබන් දාන්නම වෙනවා.

තෙල් පදනම් ලිහිසිකාරක: මේවා ඉතින් ගොඩක් අය දන්න ඒවා. ඒ කියන්නේ සමහරු පාවිච්චි කරන බේබි ඔයිල් වගේ එව්වා විතරක් නෙවෙයි, වැස්ලීන් වගේ එව්වා, විවිධ ක්‍රීම් වර්ග, ලෝෂන් වර්ග සහ පෙට්‍රෝලියම් ජෙලි වර්ග හැම එකක්ම මේ වර්ගෙට තමයි අයිති වෙන්නේ. වතුරට ඉතාම හොඳට ඔරොත්තු දෙනවා. හැබැයි ලේටෙක්ස් කොන්ඩම් එක්ක එහෙම නම් පාවිච්චිය හොඳ නෑ. අනිත් එක, ඔය හෑන්ඩ් ජොබ් එකකට, මසාජ් එකකට වගේ මේ විදියේ ලූබ් ඉතාම හොඳ වුණත්, යෝනි සංසර්ගයට හෝ ගුද සංසර්ගයට දීර්ඝ කාලීනව මේ ලූබ් පාවිච්චි නොකරන එක හොඳයි. හේතුව, මේ තෙල් පදනම් ලිහිසිකාරක ලේසියෙන් ඉවත් කරන්න අමාරු නිසා, ශරීරය ඇතුළේ සෑහෙන්න වේලා තියෙන්නත්, ඒ හේතුවෙන් ඔය බැක්ටීරියා ආසාදන ඇතිවෙන්නත් පුලුවන් නිසා.

 

02. එනල් ඕර් වැජෙයිනල්?

ගොඩක් දෙනෙක් ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්නේ එනල් සෙක්ස් වලදී, එහෙම නැතිනම් ගුද සංසර්ගයේදී විතරයි. හරි, ගුද සංසර්ගයේදී ස්වභාවිකව ලිහිසිකරණය වෙන්න හැකියාවක් ගුද මාර්ගයට නැහැනේ, ඒ නිසා ඒකට ලූබ් පාවිච්චි කරන එක හරි. හැබැයි වැජෙයිනල් සෙක්ස් නැතිනම් යෝනි මාර්ගික සංසර්ගයේදී නම්, විශේෂිත කාරණයකදී හැරුණහම යෝනි මාර්ගය ස්වාභාවිකවම ලිහිසිකරණය වෙනවා. ඒ නිසා යෝනි මාර්ගික සංසර්ගයේදී ලුබ්‍රිකන්ට් ඕන නැද්ද? අපි කියන්නේ පාවිච්චි කරන්න කියලා! කොයි තරම් හොඳට ස්වභාවික ලිහිසිකරණය සිදුවෙන යෝනි මාර්ගික සංසර්ගයකදී වුණත් ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන එකෙන් වෙනස් විදියට වින්දනයක් ලබාගන්න පුලුවන් කියලා වැටහෙයි. කරලම බලන්න!

අනික් එක, ඔය සෙක්ස් ටෝයිස් පාවිච්චි කරද්දී එහෙමත් අනිවාර්යයෙන්ම ලූබ් පාවිච්චි කරන්නම ඕන, හොඳේ!

 

03. ඕනෑවට වඩා අවුල් ද?

දැන් ඔය ලූබ් පාවිච්චි කරලා සෙක්ස් කරලා තියෙන සමහරු කියන කතන්දරයක් තමයි, ලුබ්‍රිකන්ට් පාවිච්චි කිරීම හොඳයි, හැබැයි ඕනෑවට වඩා වැඩිවුණොත් අවුල් කියලා. උදාහරණයක් විදියට ඒ අය කියන්නේ, ඕනෑවට වඩා යෝනි මාර්ගය ලිහිසිකරණය වෙලා තිබුණොත්, සම්පූර්ණ ප්‍රීතියක් ලබාගන්න බැහැයි කියලා. ඒ කියන්නේ ශිෂ්ණය විටින් විට ලිස්සලා එළියට යන එක, එළියට පනින එක වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන් කියලා. ගුද සංසර්ගයේදිත් ඕක වෙන්න පුලුවන් කියලා සමහරු කියනවා. ඒක ඉතින් පුරුද්දෙන්ම තමයි තේරුම් ගන්න ඕන. ඇත්තටම සමහර වෙලාවට ඕනෑ ප්‍රමාණයට වඩා අඩුවෙන් ලුබ්‍රිකන්ට් යොදනවාට වඩා, ටිකක් වැඩියෙන් ලුබ්‍රිකන්ට් යෙදුවත් ගැටළුවක් නෑ. මොකද, ටික වෙලාවක් යනකොට ලිහිසිකරණ තත්වය ගාණට ඇජස් වෙන නිසා.

 

04. ලූබ් යොදාගන්න පුලුවන් සංසර්ගයට විතරමද?

ගොඩක් දෙනෙක් හිතනවා ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්න ඕන කරන්නේ ලිංගික අවයව සඳහා, ඒ කියන්නේ යෝනි මාර්ගය හෝ ගුද මාර්ගය සඳහා, ඒ ඇරෙන්න ශිෂ්ණය සඳහා විතරයි කියලා. හැබැයි ඇත්තටම එහෙම නෑ. දැන් ඔය මසාජ් සෙක්ස් වගේ දෙයක් කරනවා නම්, මුළු ශරීරයටම ලුබ්‍රිකන්ට් පාවිච්ච් කරන්න පුලුවන්. එහෙම නැතිව මසාජ් කරන්න බැහැනේ. හැබැයි ඒ ඇරෙන්න, නිකමට හිතලා බලන්න, සෙක්ස් කරනකොට තමන්ගේ සහකරුගේ හෝ සහකාරියගේ පියයුරු, තනපුඩු උත්තේජනය කරන්න ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්න බැරිද? ඒ විතරක් නෙවෙයි, ශරීරයේ වෙනත් ඕනම තැනකට දැනෙන උත්තේජනය වැඩි කරන්න ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්න බැරිද? පුලුවන්.

 

ඒ විතරක් නෙවෙයි, ලුබ්‍රිකන්ට් වල රසය ගැටළුවක් නොවෙන පාට්නර් කෙනෙක් ඉන්නවා නම්, ලුබ්‍රිකන්ට් හොඳට තවරලා ඕරල් සෙක්ස් කරලා බලන්න. ඒක මීට කලින් කවදාවත් අත් නොවිඳපු විදියේ අත්දැකීමක් වෙයි! ඒකට ගැලපෙන්නේ ජලය පදනම් වුණු ලුබ්‍රිකන්ට් තමයි. කටේ තැවරුණාට කිසිම අවුලක් නෑ!

 

05. හරියට ලූබ් කරන්නේ කොහොමද?

ගොඩක් වෙලාවට ගුද සංසර්ගයේදී වුණත්, යෝනි සංසර්ගයේදී වුණත් ගොඩක් දෙනෙක් ලුබ්‍රිකන්ට් ආලේප කරන්නේ ගුද මාර්ගයට හරි යෝනි මාර්ගයට හරි විතරයි. හැබැයි එහෙම නැතුව, ශිෂ්ණයේ හරි පාවිච්චි කරන සෙක්ස් ටෝයි එකේ හරිත් පොඩ්ඩක් ලුබ්‍රිකන්ට් ආලේප කරන්න. ඊට පස්සේ බලන්න වෙනස කොහොමද කියලා. අනික් කාරණාව, ඔය දැන් එන ගොඩක් ලුබ්‍රිකන්ට් වල කෙලින්ම ටියුබ් එක හරි බෝතලේ හරි ඕන තැනට අල්ලලා මිරිකුවහම පොඩ්ඩ පොඩ්ඩ තමයි ලූබ් වැක්කෙරෙන්නේ. ඒකෙන් ඕනෑවට වඩා ලූබ් යෙදවෙන එක සහ ලූබ් නාස්තිවෙන එක අඩු වෙනවා. හැබැයි අපි කියන්නේ, එහෙම බෝතලේකින් හරි ටියුබ් එකකින් හරි වුණත්, එහෙම නැතිනම් ඔය සාමාන්‍ය ටියුබ් එකකින් හරි බෝතලේකින් හරි ලූබ් ගත්තත්, මුලින් ඇඟිලි වලට ටිකක් මිරිකලා අරගෙන අවශ්‍ය තැන ආලේප කරන්න කියලා. ඒකෙන් සමානව අවශ්‍ය හැමතැනකට හරියට ලූබ්‍රිකන්ට් වෙන එක පාලනය කරගන්න පුලුවන්. නාස්තියත් අඩුයි. අනික, ලූබ් පාවිච්චි කරනකොට, මතක ඇතුව පිහිදන්න පුලුවන් රෙදි කෑල්ලක් වගේ දේකුත් ඇඳට අරගෙන එන්න. ඒකෙන් හැමතැනම ගෑවෙන ප්‍රශ්නය නැතිකරගන්න පුලුවන්.

 

06. තනියෙනුත් ලූබ් පාවිච්චි කරන්න පුලුවන්ද?

තනියෙන් ලූබ් අවශ්‍ය වෙන්නේ මොකටද? ස්වයං වින්දනයට. ඒකටත් ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්න පුලුවන්ද? අනිවාර්යයෙන්ම පුලුවන්. මෙහෙමයි. දැන් අපි ස්වයං වින්දනයේ යෙදෙනකොට පිරිමියෙක් නම් නිකම්ම අතින් ශිෂ්ණය අල්ලගෙනනේ වැඩේ කරන්නේ. කාන්තාවක් නම් ස්වභාවික ලිහිසිකරණය උදව්වක් වෙනවා. හැබැයි පිරිමියෙක්ට තමන්ගේ ශිෂ්ණය ලිහිසිකරණය කරලා ස්වයං වින්දනයේ යෙදෙනකොට වෙනස් වින්දනයක් ලැබෙනවද? අනිවාර්යයෙන්ම ඔව්. ඕන නම් ඒකට විවිධ වෙනස්කම් කරලා බලන්නත් පුලුවන්. ලුබ්‍රිකන්ට් තවරලා, ඊට පස්සේ රෙදි කෑල්ලක් ශිෂ්ණය වැහෙන විදියට යොදලා ඒකට උඩින් ස්වයං වින්දනය කරන එක වගේ දේවල්. කාන්තාවන්ටත් කොයිතරම් ස්වභාවික ලිහිසිකරණයක් තිබුණත්, අමතරව ලුබ්‍රිකාන්ට් යොදලා ස්වයං වින්දනය කරලා බලන්න පුලුවන්. ඒක යෝනි මාර්ගය උත්තේජනයේදී වගේම, භගමණිය උත්තේජනයේදීත් යොදාගන්න පුලුවන් ගැටළුවක් නැතුව!

 

07. පේන් එක නැති කරන ලූබ්ස් එහෙම

දැන් ලුබ්‍රිකන්ට් සම්බන්ධයෙන් ගත්තහම, වෙළඳපොළේ විවිධාකාරයේ ලුබ්‍රිකන්ට් ගන්න තියෙනවා. ඒ කියන්නේ සෙක්ස් වෙනුවෙන්ම නිර්මාණය කරපු ඒවා. එතනදී විවිධ ඉෆෙක්ට්ස් ලබාදෙන, ඒ කියන්නේ අල්ලාගෙන සිටීමේ හැකියාව වැඩි කරන, උත්තේජනය වැඩි කරන, වේදනාව නොදැනෙන්න වැඩ කරන ලුබ්‍රිකන්ට් වගේ විවිධ එව්වා. හැබැයි අපි පුද්ගලිකව දරණ අදහස තමයි, ඔය ඉෆෙක්ට්ස් මොකුත් නැති ලුබ්‍රිකන්ට් ඔක්කොටම වඩා ආතල් කියන එක. හැබැයි එහෙම කිව්වා කියලා ට්‍රයි නොකර ඉන්න අවශ්‍ය නෑ. ඒත් එක දෙයක්, ඔය වේදනාව නොදැනෙන ලුබ්‍රිකන්ට් එහෙම නම් පාවිච්චි කරන එක ඒ තරම් තේරුමක් නෑ. ඒකට හේතුව මේකයි. ගුද සංසර්ගය වුණත්, යෝනි සංසර්ගය වුණත් හරි විදියට ඉවසිලිවන්තව නොකළොත් වේදනාවක් ගෙන එනවා. අන්න එතකොට තමන් හරි ක්‍රමයට, ඉවසිලිවන්තව වැඩේ කරන එකයි වෙන්න ඕන. දෙවෙනි කාරණාව, යම් විදියක වේදනාවක් කියන්නෙත් සෙක්ස් කරනකොට තෘප්තිය තීව්‍ර කරන දෙයක්. සෙක්ස් කරලා තියෙන අයට මේ කියන්නේ මොකක්ද කියලා වැටහෙයි. අන්න ඒ නිසා, වේදනාව නැති කරන ලූබ්ස් එහෙම ගන්නවා නම් පරිස්සමෙන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *