ඔයා පාඩම් කරන කෙනෙක් නම් මේ ඇප්ස් 7 ඔයාගේ ෆෝන් එකේ තියන එක වටීවි

දැන් මේ ඔන්ලයින් තාක්ෂණයෙන් උගන්නන ක්‍රමයත් එක්ක ෆෝන් එකක් අතේ නැති ළමයෙක් හොයාගන්න අමාරුයි. ඉතින් මේ ඉගෙන ගන්න දේ තවත් වැඩි දියුණු කරගන්න ෆෝන් එකට දගන්න පුළුවන් ඇප්ස් කීපයක් ගැන අද අපි කතාකරමු.

 

1. Zoom Screen Recorder

දැන් ගොඩක් අය zoom online classes වලට සහභාගී වෙනවා. ගොඩක් අය නෙමෙයි, ඉගෙන ගන්න හැමෝම වගේ. සමහර දවස් වලට ඔයාට මේ ක්ලාස් වලට සහභාගී වෙන්න බැරි වුණොත් ඔයාට පුළුවන් ටීචර්ගෙන් හෝ යාළුවෙක්ට කියලා රෙකෝඩින් එකක් ලබා ගන්න. දැන් ටීචර් කෙනෙක්ට නම් පුළුවන් ලේසියෙන්ම මේ වැඩේ කරන්න. හැබැයි සමහර ගුරුවරු එහෙම දෙන්න අකමැතියිනේ. ඒ නිසා ඔයාට පුළුවන් යාළුවෙක්ට රෙකෝඩ් කරගන්න කියලා කියන්න. සමහර වෙලාවට වෙනත් screen recorder වලින් සූම් මීටින් එකේ සවුන්ඩ් එක රෙකෝඩ් කරන්න බැහැ. ඒත් මේ ඇප් එකෙන් ඔයාට සවුන්ඩ් එකත් රෙකෝඩ් කරගන්න පුළුවන්. 

 

App – https://play.google.com/store/apps/details?id=com.jayazone.record.zoom&hl=en&gl=US

 

2. Cam Scanner

 

මේකත් ගොඩාක් වැදගත් වෙන්නේ කලින් කතා කරපු ඇප් එක වගේ පාඩම මගහැරුණු වෙලාවල් වලට. සාමාන්‍යයෙන් පාඩම් මගඇරුනම අපි කරන්නේ යාළුවෙක්ගෙන් ඒ සටහන් ඉල්ලගන්න එකනේ. එහෙම වෙද්දි යාළුවා ෆොටෝ ගහලා එවන සමහර සටහන් අපැහැදිළි වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ ඇප් එක තියෙනවානම් මේකෙන් නෝට් එක ස්කෑන් කරල හරිම පැහැදිළිව මුළු නෝට් එකම ඔයාට ගන්න පුළුවන්. 

 

App – https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner&hl=en&gl=USc

 

3. Google sheets සහ Docs

මේත් ඔයාගේ පාඩම් වැඩ වලට ගොඩාක් ගැළපෙන ඇප් ටිකක්. ඔයාට පුළුවන් ගූග්ල් හරහා නොමිලේ හිමිවන මේ ඇප්ස් පාවිච්චි කරලා ගොඩක් වැඩ කරගන්න. අද දවසේ කරන්න තියෙන වැඩ To do list එකක් විදියට හදාගන්න, සතියක මාසෙක වැඩ ඔක්කොම කාල සටහනකට ගන්න, නෝට්ස් හදාගන්න වගේ දේවල් මේ හරහා ඔයාට කරගන්න පුළුවන්. ඒක ගොඩාක් වැදගත් වගේම පහසුයි ඔයාගේ පාඩම් වලට…

 

https://www.google.com/sheets/about/

 

4. Maths Scanner

ඔය සමහර ගණන් හදද්දී අපි හිරවෙන අවස්ථාවල් තියෙනවානේ. අන්න ඒ වගේ වෙලාවල් වලට ඔයාට පුළුවන් මේ ඇප් එක පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් කැල් එකකට වඩා මේක වෙනස්. මේකේ තියෙන්නේ ඔයාට උත්තරේ ගන්න ඕනේ ගාණ ස්කෑන් කරන එක. ඊට පස්සෙ ඔයාට මේ ගැටළුවට උත්තරේ පහසුවෙන්ම ගන්න පුළුවන්. හැබැයි මේකේ සමහර ගණන් වලට උත්තරේ ගන්න නම් පුංචි මුදලක් ගෙවන්න වෙනවා. හැබැයි හැම ගාණටම නෙමෙයි, සමහර සුවිශේෂී ගණන් වලට.

 

App – https://play.google.com/store/apps/details?id=com.math.photo.scanner.equation.formula.calculator

 

5. Quizlet

මේකත් ගොඩක්ම ලේසි ඇප් එකක් පාඩම් කරන ඇයට. මේකේ තියෙනවා සමහර පාඩම් වලට අදාළව විවිධ සෙල්ලම්. නිවැරදිව යා කරන්න, mcq වගේ දේවල්. මේ දේවල් නිසාම ඉගෙන ගන්න එක ආසාවෙන් කරන්න,පුළුවන්. හැබැයි මේකේ සිංහලෙන් ඉගෙන ගන්න අයට නම් තියෙන ගේම්ස් ගොඩාක්ම අඩුයි. හැබැයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න අයට නම් ගොඩාක් ප්‍රයෝජනවත් ඇප් එකක්.

 

App – https://play.google.com/store/apps/details?id=com.quizlet.quizletandroid&hl=en&gl=US

 

6. Study music 

පාඩම් කරද්දි සිංදු අහගෙන පාඩම් කරන්න පුරුදු වුණු සමහර අය ඉන්නවනේ. ඔයාත් එහෙම සිංදු අහගෙන පාඩම් කරන කෙනෙක්නම් මේ ඇප් එක දාගන්න ඔයාට පුළුවන්. මේකේ තියෙනවා පාඩම් වෙලාවට අහන්න ගැළපෙන මියුසික්. පාඩම් කරන වෙලාවට වගේම, පාඩම් කරලා ලැබෙන බ්‍රේක් එකකදිත් ඔයාට මේ මියුසික් අහන්​න පුළුවන්.

 

App – https://play.google.com/store/apps/details?id=com.UtkuGogen.CalismaMuzikleri&hl=en&gl=US

 

7. google keep

ගූග්ල් හරහා නොමිලේ හිමිවන මේ සේවාව ඔයාගෙත් ෆෝන් ඒකේ තිබ්බට සමහර විට ඔයා මේකෙන් වෙන්නෙ මොකද්ද කියලා නොදැන හිටියා වෙන්න පුළුවන්. මේක පාඩම් වැඩවලටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන ඇප් එකක්. කරන්න තියන පාඩම් සහ වැඩ වල ලිස්ට් හදන්න, කෙටි සටහන් හදන්න, රූපසටහන් අඳින්න, අවශ්‍ය පින්තූර හෝ සටහන් සේව් කරගන්න වගේම ඔයාට කරන්න තියන වැඩවලට Reminders තියාගන්නත් මේ ඇප් එක උදවු වෙනවා. අපි මේ ගූග්ල් කීප් ගැන සවිස්තරාත්මකව තියපු සටහනක් පහතින් කියවන්න පුළුවන්. 

 

ගූග්ල් කීප් පාවිච්චි කරනවද? ගූග්ල් කීප් වල තියෙන මේ විශේෂාංග පාවිච්චි කරලා තියෙනවද?

 

 

මීට අමතරව ඔයා දන්න ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත් ඇප් ගැනත් අපිට කමෙන්ට් එකකින් කියන්න. ​ඒ වගේම මේ දේවල් ඔයාගේ යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා…

 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *