ලෝකයේ සමස්ථ ජනගහණයෙන් 27%ක් පමණ දකුණු ආසියාවේ ජීවත් වෙති. අපි ජීවත් වෙන ලංකාවද අයිති වෙන දකුණු ආසියාව ඉන්දියාව මූලික කරගත් පළාතකි. මේ සීමාවේ විවිධාකාර වර්ණයේ, විවිධ සංස්කෘතීන්ට අයිති මිනිසුන් බිලියන ගණනක් ජීවත් වෙති. එහි රටවල් දැනට ඇෆ්ඝනිස්ථානය සමග 8කි. එයින් මෑතකදී දකුණු ආසියාවට එකතු වූ ඇෆ්ඝනිස්ථානය හැර අනෙක් රටවල් වල බිහිවීම ගැන කාරණා කිහිපයක් අපි සොයා බලමු.
1. පාකිස්ථානය
බෞද්ධ ඉතිහාසයේ ගන්ධාර දේශය දැනට අයිති වන්නේ පාකිස්ථානයටයි. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා මුලින්ම ඉන්දියාවට ඇතුළු වන්නේත්, කුශානවරු සිය රාජධානිය තනාගෙන සිටියේත් වර්තමාන පාකිස්ථානු භූමියේය. බොම්බායේ උපන් මොහොමඩ් අලි ජින්නා, ගාන්ධි සමග උරෙනුර ගැටී ඉන්දීය නිදහස් සටනට උර දුන්නේය. එහෙත් පසුව අලි ජින්නා සහ පිරිසක් වෙනම මුස්ලිම් රටක් වෙනුවෙන් අරගල කරන්නට වූහ. එය ජීවිත මිලියන ගණනක් අහිමි කල ඛේදජනක සිදුවීමක් විය. එකල පාකිස්ථාන සීමාවේ සිටි හින්දු ජාතිකයන්ට ඉන්දියාවට එන්නට සිදු විය. ඉන්දීය කොටස් වල සිටි මුස්ලිම් ජනයා පාකිස්ථානයට ඇදී යන්නට විය. කෙසේ වෙතත් සර්දාර් පටේල් වැනි නායකයින්ගේ දූරදර්ශී වැඩපිළිවෙල නිසා නැගෙනහිර පාකිස්ථානය සහ දැනට පාකිස්ථානය ලෙස පවතින කොටස් වලට ගියාට වැඩි මුස්ලිම් ජන කොට්ඨාසයක් ඉන්දියානු රට තුළ නවත්වා ගන්නට හැකි විය. සුද්දාගෙන් නිදහස් වීම ඉන්දියාව විශාල ජයග්‍රහණයක් ලෙස සලකනු ලබනවා. එහෙත් ඔවුන්ට ඉන් පසු ජාතියක් ලෙස පැරණි බ්‍රිතාන්‍ය – ඉන්දියාව සම්පූර්ණයෙන්ම එක්සත්ව තබාගැනීමට බැරි විය.
2. බංග්ලාදේශය
පාකිස්ථානය ලෙස මුස්ලිම් ජනයා ඉන්දියාවෙන් වෙන් වෙද්දී, නැගෙනහිර කොටසේ බෙංගාලයේ නැගෙනහිර පාකිස්ථානය බිහි විය. එකම රටක් කොටස් දෙකක් ලෙස පාලනය කළත් නැගෙනහිර පාකිස්ථාන ජනයාගේ උවමනා එපාකම් පාකිස්ථානයෙන් හරිහැටි ඉටු නොවුණි. එක් පසෙකින් යා නොවූ භූමි දෙකක ජීවත් වූ ඔවුන්ට පාලන ගැටළුද තිබෙන්නට ඇත. ඉන්දියාව සමග එක්ව ගෙනගිය දීර්ඝ සටනකින් අනතුරුව 1971දී නැගෙනහිර පාකිස්ථානය බංග්ලාදේශය ලෙස නිදහස ලැබීය.
3. නේපාලය
කිසිදා යටත්විජිතයක් නොවූ නේපාලය ඉන්දියාවට ආගම් සැපයූ දේශයක් විය. හින්දු ආගමේ බිහිවීම මෙන්ම බෞද්ධ ආගමේ මහා ශාස්තෘවරයාණන් වූ ගෞතම බුදුන් වහන්සේගේ උපතද නේපාලයේ සිදු වූවකි. නේපාලය ලංකාවට සමාන ජනතාවක් සිටින රටක් වන අතර, එහි උතුරු කොටස හිමාල කඳු වලින් වැසී පවතී. රජ පවුලක අණසක යටතේ පාලනය වූ නේපාලය වසර ගණනාවක සිවිල් යුද්ධයෙන් පසුව 2000 වසරේදී ඒ යුද්ධය සාමදාන කරගැනීමට සමත් විය. 2008දී දැඩිමතධාරී හින්දු බලපෑම් වලින් රජය නිදහස් කගත් නේපාලය, 2008දී ජනරජයක් බවට පත් විය.
4. ඉන්දියාව
බ්‍රිතාන්‍යයෝ පාලනය කළ තරම් විශාල ඉන්දියාවක් ඉන්දියාවේ විසූ කිසිම අධිරාජ්‍යයකු කවර කලකවත් පාලනය කළේ නැත. කල්කටාව, බොම්බාය, මදුරාසිය සහ දිල්ලිය වශයෙන් මුල් කාලීනව බ්‍රිතාන්‍යයන් පාලනය කළ ඉන්දියාව පසුකලෙක මහා විශාල රටක් ලෙස එකතු කරණු ලැබීය. ලොව දෙවනියට විශාල ජනගහණයක් සිටින රට ඉන්දියාවය. 1947දී පාකිස්ථානය වශයෙන් කැඩී ගියේ නැතිනම් දැනට ලොව වැඩිම ජනගහණයක් සිටින රට ඉන්දියාවයි. භාෂා සිය ගණනක් කතාකරන ජාතන් විශාල ගනක් සිටින ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වේ. නේරු, සර්දාර් පටේල්, ගාන්ධි, සුභාෂ් චන්ද්‍රබෝශ් ආදීන් ගෙනගිය දීර්ඝ අරගලයකින් අනතුරුව දෙවන ලෝක යුද්ධයෙන් පසු 1947දී ඉන්දියාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයෙන් නිදහස් විය.
5. ශ්‍රී ලංකාව
ලංකාව යනු ඉන්දියාවට ආසන්න විශාල දූපතකි. ඉන්දියාවට ආසන්න වුවත් ඉතිහාසයේ එකම වරක් හෝ සම්පූර්ණයෙන් ඉන්දියානුවන් ලංකාව පාලනය කළේ නැත. දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යයෝ වරක් ලංකාව ආක්‍රමණය කළත් වැඩිකලක් ඔවුන්ට එම පාලනය ගෙන යෑමට අපේ වළගම්බා රජු ඉඩ දුන්නේ නැත. විදෙස් සංචාරකයින්ද පවසන පරිදි ආසන්න වුවත් ඉන්දියාව සහ ලංකාව යනු තරමක් වෙනස්කම් සහිත රටවල් දෙකකි. බ්‍රිතාන්‍යයන් පාලනය කරන අවස්ථාවේදී පවා ලංකාව වෙනමම රටක් ලෙසම ඔවුන් සලකන ලදී. 1948දී නිදහස ලබන විට ලංකාව ආසියාවේ තිබූ ප්‍රබලම රටක් විය. අවස්ථා කිහිපයකදී ඇතිවූ කැරළි කෝලාහල සහ ජාතිවාදී, ත්‍රස්තවාදී ගැටුම් නිසා අද වනවිට අප දෙන ඕනෑම රටකින් ණය ගන්නා සිඟන තත්ත්වයකට වැටී ඇත.
6. භූතානය
ගෝලීයකරණයත් සමගම ලෝකයේම ජනයා විවිධ ආකාරයේ සැප සම්පත් සොයා නිරන්තර තරඟයක යෙදී සිටිති. භූතාන රටේ අගමැතිවරයා වර්තමානයේද එම මහා තරඟයට තමුන්ගේ රටේ ජනතාව ඇතුළත් නොකර වෙනමම ආකාරයේ සංවර්ධනයක් ගැන සිහින දකියි. භූතානයේ ජනතාව සරලව ජීවත් වෙමින් වඩාත් සතුටින් සිටීම ජනතාව ලබන ලොකුම සැපය බව එරට රජය ප්‍රකාශ කර තිබේ. මුලු මහත් රටෙන් වැඩි කොටසක් වනාන්තර සහ කඳුකර පරිසරයක පිහිටියත් රටේ ජනයා සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙති. එදා සිටම භූතානය බ්‍රිතාන්‍යය-ඉන්දියාව සහ වර්තමාන ඉන්දියාව සමග සමීප සම්බන්ධතාවයක් පවත්වති. මේ ආසන්නයේම පැවති ටිබෙට් රට අද නැත. එය චීනයේම තවත් එක කොලනියක් වී හමාරය. භූතානය වැඩිපුර බටහිර රටවල් සමග සහ ආසන්න චීනය සමග ගනුදෙනු කළ නිසා අදත් භූතානය වෙනම රටක් ලෙස පවතී.
7. මාලදිවයින
ලංකාවට පහළ එහෙත් තරමක් ඈත දූපත් සමූහයක් වන මාලදිවයින ලොව පුරා සුඛෝපභෝගී සංචාරක පාරාදීසයකි. සංචාරකයින සිය මධුසමය සහ නිවාඩු ගතකිරීමට හො තැනක් ලෙස මාලදිවයින තෝරාගෙන තිබේ. එය මුස්ලිම් රටකි. ලංකාවට ආසන්න නිසා මාලදිවයිනේ දේශපාලන කටයුතු වලට ලංකාවද නිතරම සම්බන්ධ වේ. කෙසේ වෙතත් සංචාරක කර්මාන්තයෙන් ලංකාව පසුකර බොහෝ දුරක් යෑමට මාලදිවයින සමත් වී තිබේ. කලකදී ලංකාවෙන් ගිය ජන පිරිසක්ද වර්තමානයේ මාලදිවයින් වාසීන් වී ඒ රටේ දිවි ගෙවනු ලබති.
යුරෝපා සංගමය සක්‍රීය වීමට බොහෝ කාලයකට පෙර දකුණු ආසියාව සාක් ලෙස එක්කාසු විය. එහෙත් සාක් කලාපයේ රට රටවල සමුළු තිබෙනවාට වඩා වැඩි යමක් රටවල් ලෙස එකතු වී කරගන්නට අපොහොසත් වී තිබේ. යුරෝපා සංගමය සිය රටවල් එකතුවට සියලු රටවලට එකම මුදල් ඒකකයක්, ඒ ඒ රටවලට වීසා සහන දක්වා දුර ගමනක් ගියේය. රට රටවල් අතර වීසා පහසුවවත් පහසුවෙන් සලසාගන්නට දකුණු ආසියාතික රටවල් එකමුතුවට හැකි වී නැත. අපිට ඉන්දියාවට යන්නට උවමනා වුවත් දවසක් දෙකක් රස්තියාදු වී, වීසා අයදුම් කර, එය ලබාගැනීමට සිදු වී තිබේ. සාක් ආදී සමුළු, ආසන්න රටවල දේශපාලකයින් එකතු වී කරන සුහද කතාබහක් පමණදැයි සැක මතුවේ. එයින් එහාට ගොස් කලාපයේ ජනතාවට, සන්නිවේදනයට, සංචාරයට සහ වෙළඳාම් කටයුතු වලට වැඩදායී ලෙස වැඩපිළිවෙලක සකස් කරන්නේ නම් සාක් සංගමයෙන් නියම ප්‍රයෝජන අදාළ රටවල ජනතාවට ලැබෙනු ඇත.
Leave a Reply