2021 වසරේ ලෝකය පුරා තියෙන සුප්‍රසිද්ධ Food Festivals

කෑම කියන්නෙ ඉතින් කොයිකාලෙක උනත් කතා නොකරම බැරි මාතෘකාවක්නේ. කොහොමද කෑමත් එක්කම travelling එකතු උනහම. සමහරුන්ටනම් ඉතින් ඊට එහා දෙයක් නැහැ. මේ කියන්න යන්නෙ අන්න එහෙම අයට මසුරන් වටින කරුණු ටිකක්. ලෝකෙ පුරා ඇවිදින එකේ සතුට දෙගුණ තෙගුණ කරන වැඩක් තමයි එක එක සංස්කෘතීන්ට අදාළ එක එක කෑම වර්ග, ඒවා කන වෙනස් වෙනස් විදි එහෙම අත්හදා බලන එක. විශේෂයෙන්ම වෙනස් දේවල් හොයාගෙන ඇවිදින අය කැමතිම දෙයක් තමයි මේ එක එක food festivals කියන්නෙ. ලංකාවේ අපිටනම් ඒතරම්ම හුරු පුරුදු නැති උනාට food festivals කියන්නෙ ලෝකෙ පුරා හරිම ප්‍රසිද්ධ මාතෘකාවක්. ඉතින් අන්න ඒ වගේ food festival ගැන හොයන අයට වැදගත්, 2021 වසරේ ලෝකෙ පුරා තියෙන විවිධාකාර food festivals අතරින් කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. ඉක්මනින් මේ කොරෝනා වසංගතය ඉවරයක් වෙලා මේ සුපිරි festivals වලට යන්න ලැබේවා කියල හිතාගෙනම කියවගෙන යමු.

 

1. Pizzafest

මේ pizzafest එක පැවැත්වෙන්නෙ ඉතින් pizza කිව්වම අපිට ඉස්සෙල්ලාම මතක් වෙන ඉතාලියේ. ආයෙත් අහන්නත් දෙයක්ද ඕක නේද? ඉතාලියේ නේපල්ස් නගරයේ තමා මේ පිස්සු හැදෙන පීසා ෆෙස්ටිවල් එක පැවැත්වෙන්නෙ. කාලසීමාව කිව්වොතින් 2021 මැයි 29 ඉඳලා ජූනි 07 වෙනිදා වෙනකන් දවස් දහයක් පුරාවට රාත්‍රියේදී මේ නේපල්ස් කියන ගමේදී ලෝකෙ පුරා ප්‍රසිද්ධ විවිධ රස වලින් යුතු පීසා වර්ග 100,000 කට වඩා රසවිඳින්න පුළුවන්. ඒ අතරින් 50කට වඩා නැපොලිටානා, මාගරීටා, මැරිනාරා වගේ ඉතාලියේ ඉතාම පැරණි වට්ටෝරු වලට අනුව සකස් කරපු පීසා වර්ග. පීසා වලට පිස්සුවෙන් වගේ ආස අයට මේ තරම් හොඳ වෙන ෆෙස්ටිවල් එකක්නම් කවදාවත්ම දකින්න ලැබෙන එකක් නැහැ. 

 

2. Dumpling Festival

 

Dumpling කියන්නෙ සාම්ප්‍රදායික චීන වට්ටෝරුවකට අනුව සකස් කෙරෙන කෑමක් උනත් දැනට ලෝකෙ පුරාම ප්‍රසිද්ධ, හුඟක් දෙනෙක් ආස කරන කෑමක්. ඉතින් මේ ඩම්ප්ලින්ග් කන්න ආස අයවත් අමතක කරන්න බැහැනේ. ඔන්න එයාලට හරියන මේ dumpling festival එක තියෙන්නෙ ඩම්ප්ලින්ග් හොයාගත්ත චීනයේම හොන්ග්-කොන්ග් නගරයේ, 2021 ජූනි මාසේ 25 වෙනිදා. දැක්කමත් කටට කෙළ උනන ලස්සන ඩම්ප්ලින්ග්ස් වගේම චීන ජනතාවගේ අසීමිත ආගන්තුක සත්කාරය අත්දකින්නත් මේ festival එකට යන්නම ඕන ඉතින්.

 

3. Bacon Festival

Bacon Lovers ලට අදහාගන්න බැරි ප්‍රවෘත්තියක් තමයි මේ Bacon Festival එක. ඔව් ඔව් බේකන් වලටම වෙන්වුණු festival එකක්. බේකන් වලට ආස අයට bacon gelato, bacon salad, bacon ramen, bacon tatertots වගේ එක එක විදිහේ බේකන් dishes විශාල සංඛ්‍යාවක් දකින්න සහ රසවිඳින්න පුළුවන් මේ පුදුමාකාර බේකන් ෆෙස්ටිවල් එක තියෙන්නෙ 2021 අප්‍රේල් 18 වෙනිදා කැලිෆෝර්නියාවේ Sacramento ප්‍රදේශයේ. 

 

4. Melbourne Food and Wine Festival

මේක ඕස්ට්‍රේලියාවේ තියෙන සුපිරි food festival එකක්. ඔන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ කටියටත් හොඳ නිව්ස් එකක්. Melbourne Food and Wine Festival එහමත් නැත්තම් MFWF කියන්නෙ ලෝකෙ හොඳම food festivals අතරේ තියෙන festival එකක්. ඔන්න මේ වසරේ මේ MFWF පටන් ගන්නෙ 2021 මාර්තු මාසෙ. මේ වසංගත තත්ත්වය නිසා හරිම දිනය නම් තාම දැනුම්දීල නැහැ. හැබැයි කොහොමහරි festival එක තියෙනවා. තියෙන්නෙ වික්ටෝරියා නගරයේ.  දවස් දහයක් පුරාවට පැවැත්වෙන මේ festival එකේදී ලෝකෙ පුරා නම ගියපු වයින් වර්ග, රසවත් කෑම වර්ග වගේම ඔස්ට්‍රේලියාවට ආවේණික විවිධ කෑම වර්ගත් රසවිඳින්න පුළුවන්.

 

5. Salon Du Chocolat

මේකත් තවත් එක පුදුමාකාර food festival එකක්. චොකලට් කන්න ඉතින් කව්ද අකමැති. එහෙම බැලුවම මේක අපි හැමෝටම වැදගත් ආරංචියක්. මේ චොකලට් සැණකෙළිය තියෙන්නෙනම් ටිකක් අහල පුරුදු නැති රටක. ඒ තමයි දකුණු ඇමරිකාව ළඟ තියෙන ඉක්වදෝරය (Ecuador) කියන රට. රට කොහොම වෙතත් මේ සැණකෙළිය නම් අහන්නම වටින එකක්. 2021 පෙබරවාරි 7 වෙනිදා ඉඳලා 9 වෙනිදා වෙනකන් පවත්වන්න සැලසුම් කරලා තියෙන මේ festival එකේදී එක එක රස චොකලට් වර්ග කන්න වගේම චොකලට් වලින් කරපු විලාසිතා වලින් සැරසුණු ලස්සන නිරූපිකාවන්ගේ විලාසිතා දැක්මක් නරඹන්නත් පුළුවන්. 

 

6. National Street Food Festival

මේ අපේ අසල්වැසි ඉන්දියාවේ තියෙන food festival එකක්. තවම දින වකවානුනම් ප්‍රකාශයට පත්කරලා නැහැ. හැබැයි මේ සැණකෙළිය පැවැත්වෙන්නෙ නවදිල්ලියේ ශ්‍රී ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගනයෙදී. ඉන්දියාව කියන්නෙ ස්ට්‍රීට් ෆුඩ්ස් කිව්වම කියාගන්න බැරි තරම් කෑම ජාති ගොඩක් හදන රටක්. ඉතින් මේ විවිධාකාර ඉන්දියානු කෑම රසවිඳින්න මේ food festival එකට ගියෝතින් පුළුවන්.  

 

7. Vegetarian Festival

ඔක්කොමත් කියල මේ ගැන නොකිව්වොත්නම් ලොකු අඩුපාඩුවක්. වෙජිටේරියන් එහෙමත් නැත්තම් වීගන් කියන්නෙ දැන් වෙද්දි එක්තරා trend එකක්. මේ වෙජිටේරියන් අයට හොඳ ආරංචියක් තමයි මේක. මේ ආහාර සැණකෙළිය පැවැත්වෙන්නෙ 2021 ඔක්තෝම්බර් මාසෙ 16 වෙනිදා ඉඳලා 25 වෙනිදා වෙනකන් දවස් 10ක් පුරාවට තායිලන්තයේ Phuket නගරයේ. මස් මාළු කන නොකන ඕනම කෙනුකුට රසවිඳින්න පුළුවන් කෑම වර්ග විශාල සංඛ්‍යාවක් එක්ක පැවැත්වෙන මේ food festival එකත් ලෝකෙ තියෙන හොඳම food festivals අතරින් එකක්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *