අද ගෙනාපු ටොපික් එකනම් පොඩි අයට වගේම ස්වීට්ස් කන්න කැමති අයට ගොඩක් වැදගත්. අපි පාන් වල ගාලා කන ජෑම් වලින් වෙනස් විදිහෙ කෑම ටිකක් හදාගන්න හැටි කියලා දෙන්නයි යන්නෙ. බබාලගෙ ලන්ච් බොක්ස් එකට දාන්න, ටී ටයිම් එකට මේ වගේ ශෝට් මීල් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත්.
1. ජෑම් රෝල්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 100
- බිත්තර 3
- ජෑම්
- බිත්තර සුදුමද වෙන් කරගන්න. මේක සොෆ්ට් පීක් වෙනකල් (හිම වගේ වෙනකල්) බීට් කරන්න.
- කහමද හා සීනි වෙනම බීට් කරන්න. මේකට පාන්පිටි ටික ටික දාලා බීට් කරන්න. අන්තිමට සුදුමද ටික දාල පත්තකින් කලවම් කරන්න.
- කේක් ට්‍රේ එකකට දාලා අඟල් 3/4ක උසක් හිටින්න තුනී කරන් සෙල්සියස් 160°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 15ක් වගේ බේක් කරගන්න.
- ඊළඟට මේක උණුවෙන්ම ඔයිල් පේපර් එක පිටින් රෝල් කරලා නිවෙනකල් තියන්න. නිවුණට පස්සෙ දිගෑරලා ජෑම් ගාලා නැවත ඔතාගන්න.
- ශීතකරණයේ පැයක් තියල පෙති කපලා කෑමට ගන්න.
2. ජෑම් පීන්වීල්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 200
- කිරිපිටි මේස හැඳි 2
- ඊස්ට් තේ හැඳි 1
- ලුණු
- ලා රස්නෙ වතුර කෝප්ප 1/4
- සීනි තේ හැඳි 1
- බටර් මේස හැඳි 2
- ජෑම්
- ඊස්ට් හා සීනි ටික ලා රස්නෙ වතුරට දාලා දියකරගන්න. පාන්පිටි, කිරිපිටි ලුණු හා ඊස්ට් මිශ්‍රණය දාලා ඩෝ එක අනාගන්න. ටිකකින් බටර් ටික දාලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. මේක පැය භාගයක් පිපෙන්න තියන්න.
- ඩෝ එක තුනී කරලා කොටුවට හිටින්න වටේ කපාගන්න. මැද ජෑම් ගාලා ස්විස් රෝල් වගේ රෝල් කරලා අඟල් 3/4ක වගේ කෑලි කපාගන්න.
- මේ ටික බටර් ගාගත් ට්‍රේ එකක තියලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.
3. බනානා ජෑම් පෑන්කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල් ගෙඩි 2
- බිත්තර 2
- පොල් කෝප්ප 1/2
- පාන්පිටි කෝප්ප 1
- කඩල පිටි කෝප්ප 1/4
- සීනි මේස හැඳි 1
- බටර් මේස හැඳි 1
- ජෑම්
- කෙසෙල් පොඩි කරගන්න. ජෑම් හැර අනික් ඔක්කොම කලවම් කරලා වතුර ටික ටික දාලා බ්ලෙන්ඩ් කරගෙන උකු බැටර් එකක් හදාගන්න.
- දැන් පෑන් එකට බටර් ටිකක් දාලා බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් වගේ හදාගන්න. දැන් නිවෙන්න තියලා උඩින් ජෑම් ගාලා කෑලි කපාගන්න.
4. ජෑම් පයි
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 2
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- බටර් ග්‍රෑම් 100
- බිත්තර 2
- සීනි කෝප්ප 1/4
- කිරි කෝප්ප 1/4
- ජෑම්
- බිත්තර සාරු ස්වල්පයක්
- පාන්පිටි හා බේකින් පව්ඩර් එකතු කරලා හලාගන්න. මේකට බටර් දාලා කලවම් කරලා බිත්තර හා සීනි එකතු කරලා කිරි ටික ටික දාලා ඩෝ එක අනාගන්න. මේක පැය 1/2ක් වහලා තියන්න.
- ඩෝ එක දෙකට කඩලා එක කොටසක් තුනී කරගන්න. රවුමට කපලා රවුම් ට්‍රේ එකක අතුරගන්න. දැන් මැදට ජෑම් පුරවලා ඉතිරි ඩෝ එක තුනී කරලා තීරු කපලා මේක උඩින් කැමති රටාවකට තියාගන්න. උඩින් බිත්තර සාරු ටිකක් ගාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.
5. ජෑම් ක්‍රම්බ් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 400
- සීනි ග්‍රෑම් 150
- ලෙමන් පොතු මේස හැඳි 1
- වැනිලා තේ හැඳි 1
- ලුණු පින්ච් එකක්
- බේකින් සෝඩා තේ හැඳි 1
- බටර් ග්‍රෑම් 100
- බිත්තර 2
- ජෑම්
- පාන්පිටි, සීනි, ලෙමන් පොතු, වැනිලා, බේකින් සෝඩා හා බේකින් පව්ඩර් එකට කලවම් කරගන්න. මේකට බටර් ටිකත් දාගන්න. බිත්තර ටික විස්ක් කරලා දාගන්න.
- දැන් මේක කෑලි කෑලි වගේ වෙන්න මිශ්‍රණයක් එන්න ඇඟිලි තුඩින් පොඩි කරමින් කලවම් කරගන්න. පිටි කෑලි සෑදුණු මිශ්‍රණයක් වගේ. (ක්‍රම්බ්ස් එන්න)
- පෑන් එකට බටර් ටිකක් ගාලා සීනි ටිකක් ඉසගන්න. මේ හදාගත්තු පිටි ක්‍රම්බ්ස් වලින් භාගයක් පෑන් එකට දාලා තුනීකරගන්න.
- මේක හොඳට ට්‍රේ එකට අතින් තද කරගන්න. උඩින් ජෑම් ලේයර් එකක් දාගන්න.
- ඊළඟට ඉතිරි ක්‍රම්බ් ටික උඩින් දාලා අතින් ටිකක් තද කරලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 40ක් බේක් කරගන්න.
6. ජෑම් බන්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 250
- ලා රස්නෙ වතුර කෝප්ප 1/4
- ඊස්ට් තේ හැඳි 1 1/2
- කිරි කෝප්ප 1/4
- බටර් මේස හැඳි 2
- සීනි මේස හැඳි 1
- ලුණු ස්වල්පයක්
- කිරි කෝප්ප 1/2
- වෙනම සීනි ස්වල්පයක්
- ලා රස්නෙ වතුරට ඊස්ට් හා සීනි දාලා ඇක්ටිව් වෙන්න තියන්න. පාන්පිටි වලට ලුණු, ඊස්ට් දාලා කිරි ටික ටික දාලා අනාගන්න. බටර් ටිකත් දාලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
- විනාඩි 15ක් වගේ නීඩ් කරලා පැය 15ක් වහලා තියන්න. නැවත නීඩ් කරලා බෝල හදාගන්න.
- මේ බෝල හොඳට නීඩ් කරලා තුනී කරලා මැදට ජෑම් තියලා අඩකවයක් වෙන්න නවාගන්න (පැටිස් වගේ). කට අතින් තද කරලා වහලා හැන්දකින් කැමති රටාවක් දාගන්න.
- බටර් ටිකක් තවරලා උඩින් හොඳට සීනි ඉහගන්න. බටර් ගාගත් ට්‍රේ එකක තියලා 180°ට විනාඩි 20ක් බේක් කරගන්න.
7. ජෑම් මිල්ක්ශේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- මික්ස්ෆෘට් ජෑම්
- කිරි කෝප්ප 1
- දෙහි යුෂ තේ හැඳි 2
- අයිස් කැට 4-5
- බ්ලෙන්ඩර් එකට ජෑම් මේස හැඳි 2ක් දාගන්න. කිරි ටික දාලා අයිස් කැට හා දෙහි යුෂ දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- ග්ලාස් එක ඇතුළෙ ජෑම් ගාලා මිල්ක්ශේක් එක දාලා පිළිගන්වන්න.
Leave a Reply