මේ දවස්වල ලංකාවේ නැගලා යන මීඩියා සේප්පුව; ටෙලිග්‍රෑම් ගැන දැනගමු

ඇඳිරි නීතියත් එක්ක ගෙට වුණ ටිකේ හැමෝම චිත්‍රපට, ටීවි සීරිස් යනාදිය බාගත කරගෙන සැපයෙන් කාලය ගත කරානේ. තවමත් ඉතින් ඒ තත්ත්වයන් එහෙමයි. ටොරන්ට්, ඩිරෙක්ට් යනාදි විදියට බාගත වුණ කාලෙට තිත තියලා මේ ටිකේ හැමෝම ටෙලිග්‍රෑම් කියලා අයිටමයකින් සෑහෙන දේවල් බාගෙන තිබ්බා. ඉතින් ඒ ගැන කරුණු දැනගමු.



1. ටෙලිග්‍රෑම් යනු


ටෙලිග්‍රෑම් කියන්නේ සාමාන්‍ය භාවිතයට නම් වට්ස්ඇප් වගේ ම නෝමල් නම්පචම් කියවන්න තියෙන ඇප් එකක්. වට්ස්ඇප් එකේ නම් ගෲප් එකක සාමාජික සීමාවක් තියනවනේ. ඒත් මේකේ ගෲප් එකකට සාමාජිකයන් ලක්ෂ 2ක් ඇඩ් කරගන්න පුළුවන්. ඒත් ඔය ගෲප් කෙරුවාවටත් වඩා ෆිල්ම් පිස්සොන්ට වටින්නේ මේකේ තියන චැනල් කියන අයිටම් එක. හිතන්නකෝ යූටියුබ් චැනල් එකක් වගේ කියලා. ඒකේ ඇතුලේ තියනවනේ වීඩියෝ. ඒ වගේ මේකේ චැනල් ඇතුළෙත් තියෙන්නේ මීඩියා ෆයිල්. එක එක චැනල්වල එක එක සෙල්ලම්. චැනල් එකකට සාමාජිකයන් ලක්ෂ තිහකට වැඩිය ඇඩ් කරගන්න පුළුවන්.



2. කොහොමද ඉතින් චැනල්වලින් ඕවා බාගන්නේ?


මෙහෙමයි. ඔය චැනල්වල නැති දෙයක් නෑ. ගේම්, චිත්‍රපට, සින්දු, ටීවි සීරිස් වගේ හැමකම තියනවා. ඒකයි මේක මීඩියා සේප්පුවක් වෙන්නේ. වැඩේ තියෙන්නේ හරි චැනල් එකක් හොයාගන්න එකේ. ඒක ඔයාටම තනිවම හොයාගන්නත් පුළුවන්. ඉස්සෙල්ලා ඒ ගැන කියන්නම්. ටෙලිග්‍රෑම් ඕපන් කරපු ගමන් සර්ච් බාර් එකේ ඔයා කැමති චිත්‍රපටයක් වගේ දෙයක් ටයිප් කරලා බලන්න. එතකොට ඒක තියන චැනල් එකක් පෙන්නාවි. ඒ චැනල් ඇතුළෙම තියනවා තව චැනල්වලට ලින්කු. ලියමන අවසානයේ චැනල් ලින්කු කීපයක් අපි දෙන්නම්. ඒවට ගිහින් ජොයින් වෙන්න පුළුවන්. එහෙම චැනල් එකකට ජොයින් වුණා ම වඩාත් ලේසියෙන් චිත්‍රපට බාගන්න පුළුවන්. වේගයත් අනික් ක්‍රමවලට සාපේක්ෂව ඉක්මන්. ෆෝන් එකේ ඇප් එක වගේ ම ඩෙස්ක්ටොප් ඇප් එකත් තියනවා.

 


3. ඇප් එක සෙට් කරගැනීම


ෆෝන් එකේ ස්ටෝර් එකට ගිහින් ඔන්න ඩවුන්ලෝඩ් කරනවා Telegram එක. මේකේ PC ඒවත් තියනවා කියලා කලින් කිව්වා. ඉතින් බාගත්තට පස්සේ නම්බරේ දීලා රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ ඒකේ Settings ගිහින් Automatic Media Download කරන්න තියන විදියට හදලා තියන සැටින්ග් එක වෙනස් කරගන්න. නොකෙරුවත් කමක් නෑ මදි නොකියන්න ඩේටා තියේ නම්. 



4. ඩෙස්ක්ටොප් එකට


මෙන්න මේ https://desktop.telegram.org ලින්කුවට ගිහින් මැෂින් එකට ඕක බාගන්න ඕනි. ඉස්සෙල්ලම ඇප් එක ෆෝන් එකෙන් බාගෙන සැටින්ග් හදාගෙන ඉන්න ඕනි ඉතින් ඔය ඩෙස්ක්ටොප් කෙරුවාව හරියන්න. ඊට පස්සේ ඔයාට ඩෙස්ක්ටොප් එකත් වෙනම පාවිච්චි කරන්න පුළුවනි. ඒක ලේසියි. 



5. බාගැනීමේ දී දැනගතයුතු කාරණා


පොදුවේ දැනගන්න ඕනි දෙයක් නම් තමයි මේක ඩිරෙක්ට් බෑවිල්ලක් බව. එතකොට අර ටොරන්ට්වල වෙනවා වගේ එක තැනකින් නවතලා ආයේ පස්සේ පටන් ගන්න සිද්ධි නෑ. ඇත්තටම එහෙම ඕනෑ කමකුත් නෑ මොකද ඉක්මනින් ම ඕවා බෑවෙනවා. ඩෙස්ක්ටොප් එකේ නම් ඩවුන්ලෝඩ්ස්වල Telegram Desktop කියලා ෆෝල්ඩරේකට ඕවා සේව් වෙන්නේ. ෆෝන් එකේ නම් Internal Storage එකේ Android එකේ Data කියන කොටසට ගියාම හොයාගන්න පුළුවන් වේවි.



6. ටෙලිග්‍රෑම් X


මේ X එක දැක්කොත් බය වෙන්න එපා ඒකත් ටෙලිග්‍රෑම් ම තමයි. ඒකෙනුත් බාගැනීම් කරන්න පුළුවන්. ඉදිරි පියවරක් නිසා වේගයත් වැඩියි. ඒ වගේ ම ඒකේ ඉන්ටර්ෆේස් එකත් එක්ක කෝල් මැසේජ්වලට පහසුයි.


7. චැනල් පෙලක් 


අපි කලින් කිව්වා චැනල් ටිකක් දෙන්නම් කියලා. ඇප් එක බාගෙන මේ ලින්ක්වලට ගිහින් ජොයින් වෙන්න. ඒ හරහා තව අලුත් චැනල් හොයාගන්න.

https://t.me/Sherlibrary
https://t.me/tvseriesorg
https://t.me/RickyChristanto
https://t.me/Tv_Series_Bay
https://t.me/filmpissollk
https://t.me/Movie_Hub_Group
https://t.me/subtitlelk
https://t.me/NetflixCineplex
https://t.me/linkslanka
https://t.me/Sinhala_Movies
https://t.me/CC_X265
https://t.me/cc_mobilemovies
https://t.me/dlparadisegroup
https://t.me/tvsworld

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *