රිය උණ එන්න හේතුවන කරුණු

Lankan reasons to buy a car

නව රථවාහනයක් මිලදී ගැනීම කියන්නේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක්. තමුන්ටම කියා බයිසිකල් එකක් පැද්ද දවස වගේම වගේම තමුන්ගේ කියා මෝටර් සයිකල් එකක් පැද්ද දවසත් අමරණීය එකක්. ඒ වගේද තමුන්ගේම රෝද 4ක් ගත්ත දවස. ඒක ඊටත් වඩා මතක හිටින දවසක්. රෝද 4න් පස්සේ ඉතිං රෝද උඩ දුවන එකේ තවත් අලුත් දේවල් වෙනස් කරගන්නවා මිස තවත් රෝද ගාන වැඩිකරගන්න කාරුවත් උත්සාහ කරන්නේ නැහැ.

 

1. උපතින් එන රථ ගාය

Lankan reasons to buy a car

Source – speechies.com

ඇතැම් අය කුඩාකාලයේ කතාකරන්නට බැරි තරම් වූ කුඩාවියේ පටන්ම රථ වලට පුදුමාකාර ඇල්මක් දක්වනවා. එම ඇල්ම බැල්ම ලොකු වනවිටත් හැර නොගිය අය රථයක් තමුන්ට හැකි මුල්ම කාලසීමාවේදීම මිලදී ගන්නවා. රථයක් නැත්නම් ජීවිතයම නැති වගේ හැඟීමකුත් එම අයට තිබෙනවා.

 

2. පොදු ප්‍රවාහනයේ කේස්

Lankan reasons to buy a car

Source – wikimedia.org

වාහනයක ලංකාවේ මිල බැලූ විට වාහනය හදන සමාගමටත් වඩා ලීසිං කම්පැනියත්, රජයත් ඒ වාහනයෙන් ආදායම් උපයන බවක් පේනවා. රජය විශාල බදු මුදලක් අය කළත් මහජනයාට සුව පහසු පොදු ප්‍රවාහන සේවාවක් නැහැ. ඇතැම් විට වායුසමන බස්, දුම්රිය තිබුණත් ඒ සේවා විසිරී පැතිරි නැහැ. වායුසමන දුම්රියේ හෝ බස්රිය වල ආසනයක් වෙන් කරගැනීමත් ලොකුවට පෙරුම් පිරිය යුතු කාරණාවක්. පාරට එන වාහන ගණන අඩුකරන අදහසින් දිගින් දිගටම වාහන වලට බදු එල්ල කලත් පොදු ප්‍රවාහනය සැප පහසුවට දියුණු වෙන තාක්කල් පොදු ජනයා තමුන්ගේ රථ වලින් ඈත්වෙන එක් නැහැ.

 

3. මිතුරන්ගේ කෙනහිලිකම්

Lankan reasons to buy a car

Source – fullsackdigital.com

පාටියකට යන්නට ඉවෙන්ට් එකකට යන්නට උවමනා වූ විට තමුන්ට කාර් එකක් නැතිනම් මිතුරකුගෙන් ඒ ඉල්ලාගන්නට සිදු වෙනවා. එවිට ඇත්තටම සෑම විටම අපිට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර නෙමෙයි. මිතුරකුගෙන් වාහනය ඉල්ලූ විට හෝ ඔහුගේ වාහනයේ යන්නට අවස්ථාවක් ඉල්ලූ විට ප්‍රතිචාර සවුත්තු වනවිට අපිටත් වාහනයක් ගන්නට අදහසක් පහල වෙනවා. හුදෙක් යාලුවාට රිදවීමටත් වඩා දැන් අපිටත් එකක් ගන්න කාලේ හරි යන සංඥාාව අපිට ලැබෙනවා.

 

4. නැදෑ හිතමිතුරන්ගේ පස්න

Lankan reasons to buy a car

Source – balance.com

පුතා දැන් ඉතිං රෝද 4ක් ගන්නට අදහසක් නැද්ද ? කියා අසන නෑදෑ හිතමිතුරන් අපිට වාහනයක් නැති කල අපිටත් වඩා දුක්වන පිරිසකි.  ඥාතින් විටක යම් කරදරයක් වුවත් තමුන්ගේ ඥාති පුතා අලුත්ම කාර් එකක් මිලදී ගෙන කුරුල්ලා වගේ යනවා දකින්නට ඔවුනුත්  කැමතියි.  අප රටේදී සාමාන්‍යයෙන් තමුන්ගේ තත්ත්වයට අදාලව වාහනයක් මිලදී ගන්නට ගියත් බොහෝවිට තමුන්ගේ මාසික ආදායමින් සියයට 40කටත් වඩා ප්‍රමාණයක් රථවාහන ණය හෝ ලීසිං වෙනුවෙන් වියදම් කරන්නට සිදු වෙනවා. එය අපේ පුද්ගලික ආර්ථික හැකියාවෙන් විශාල ප්‍රමාණයක්. එහෙත් වෙනත් විකල්පයක් නැති තැන අපි අමාරුවෙන් හෝ කැපවීම් කරලා වාහනයක් ගන්නට පෙළඹෙනවා.

 

5. කාර්යාලයේ පස්න

Lankan reasons to buy a car

Source – time.com

ඒ ඒ රැකියාවන් සහ රැකියා තත්වයන්ට අනුකූලව නිර්මාණය වන සමාජ වටපිටාවක් තිබෙනවා. දොස්තරවරුන්, ටියුෂන් ගුරු භවතුන්, ඇතැම් නිලධාරීන් පොදු ප්‍රවාහනයේ ගොස් සේවාවන් සපයන විට එයට එතරම් තැකීමක් සමාජයෙන් ලැබෙන්නේ නැහැ. ඒ ඒ රැකියා තත්වයන්ට වාහනයක් තිබිය යුතුයැ අදහසක් අපේ සමාජයේ තිබෙනවා. දොස්තර මහතා ඉතා දුෂ්කර සේවයේ නිරත වෙමින් දුෂ්කර පලාතක ජීවත් වුවත් දොස්තර මහතාගේ දිස්පැන්සරියට මිනිසුන් යන්නට නම් අඩුම තරමේ මරුති සුසුකි ඇල්ටෝ රථයක් වත් ඔහුගේ දිස්පැන්සරිය ඉදිරිපිට නවතා තැබිය යුතු වෙනවා. අලුත්ම මාදිලියේ රැකියා වන සොෆ්ට්වෙයා ඉන්ජිනියරිං වැනි ක්ෂේත්‍ර වලදී පවා සිය සමාන්තර සේවා තත්වයේ බොහෝ දෙනා රිය වලින් ඉගිලී යන විට එසේ නොවන අයට අමුතු තනිකමක් සිතට දැනෙනවා. ඔවුන් ඉන් පසු නව කාර් රියක් වෙත සිත යොමු කරනවා.

 

6. ප්‍රියයා ගේ උවමනාව

Lankan reasons to buy a car

Source – wordpress.com

කිසිම සම්බන්ධතාවයක් නැතුව සිටින තනිකඩයෙකු නම් කාර් රියක් ගැනීමෙන් නව සම්බන්ධතාවයක් වෙනුවෙන් නව වටිනාකමක් එකතු කරගැනීමට කාර් රිය උපකාරී වෙනවා. අද යුගයේ යමක් කමක් ඇති මනාල මහත්මයකුගේ වටිනාකම වැඩිවන්නට ඔහුටම කියා කාර්රථයක් තිබීම වාසිදායකය. යම් සම්බන්ධතාවයක් ඇත්තේ වුවද දූවිලි කමින් පිටුපස වාඩි වී යන මෝටර් සයිකලයට වඩා කාන්තා පාර්ශවය බොහෝවිට සැප පහසු කාර් රියකට මනාපය දක්වනවා වැඩියි. පෙම්වතිය හෝ බිරිය ගේ උවමනාව නිසා ඔවුන්ගේ ද සතුට වෙනුවෙන් කාර් රියක් මිලදී ගන්නට පිරිමින් පෙළඹෙන අවස්ථාද තිබෙනවා.

 

7. ආර්ථිකය සහ කාර් රිය

Lankan reasons to buy a car

Source – shesaid.com

සාමාන්‍ය මිනිසෙක් සිය ආදායමෙන් මසකට සියයට 10ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය වෙනුවෙන් වියදම් කිරීම දියුණු රටකදී නම් කාර් රියක් ගැනිමට ප්‍රමාණවත්.එහෙත් අප රටේ ලීසිං වාරික ණය වාරික සැලකුවත් එය වැටුපෙන් සියයට 10ක පවත්වා ගැනීම සිහිනයක්. තමුන්ට හෝ නිවසට නව කාර් රියක් මිලදී ගැනීමේදි ඒ සඳහා හේතුවන කරුණු මොනවාද යන්න සැලකීම වැදගත්.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *