ඉතින් මේ කලින් ගෙවුනු කොවිඩ් කාලෙත් එක්ක ඇත්තටම ගොඩක් අය හුරු වුනා Netflix වගේ චිත්‍රපට නරඹන්න පුලුවන් තැන් වලට එක්වෙන්න. ඉතින් ඒ හින්දම ගොඩක් අය හුරු වුනා web series බලන්න ත්. අද අපි කතාකරන්න හිතුවේ ඒ වගේ මෑත කාලයේ වැඩිම කතා බහකට ලක් වුනු Netflix web series හතක් ගැන කතාකරන්න.
01. Squid Game
දැනට වැඩියෙන්ම ජනප්‍රිය වුනු Netflix series එක තමයි squid game කියන්නේ. ඇත්තටම k drama එකක් වුනත් ලංකාවේ ත් ලෝකයෙත් මේ කතා මාලාක අතිශයින්ම ජනප්‍රිය වුනා. ඉතින් තාම මේකේ ඇවිත් තියෙන්නේ එක සීසන් එකක් විතරයි හැබැයි මේ සීසන් එක ඇතුලේ මේ කුතුහලය පිරිච්ච කතාව ඇතුලේ හරිම ලස්සනට මිනිස්සුන්ට සල්ලි ඇතුලේ නැතිවුනු මනුෂ්‍යත්වය ගැන ලස්සනට කතාකරනවා.
02. Bridgerton
Squid Game එකට කලින් වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තිබ්බ Netflix series එක තමයි මේක. ඉතින් ගොඩක් අය හරිම ආසාවෙන් නරඹපු නිර්මාණය ක්. මේකට පාදක වෙන්නේ Juia Quinn රචනා කරපු කෘතියක්. ඉතින් මේකේ සීසන් 2 මෑතකදී ආවා. ඉතින් ගොඩක් අය මේක හඳුන්වන්නේ Pride and Prejudice හා Fifty Shades of Grey චිත්‍රපට වල සංකලනයක් හැටියට.
03. Witcher Witcher
මේකත් අතිශයින්ම ජනප්‍රිය වූ Netflix series එකක්නේ. ඇත්තටම මේකටත් පාදක වෙන්නේ කෘති පෙලක්. මේකේ පලවෙනි කෘතිය සිංහල ටත් පරිවර්තනය වුනා. මායා ලෝකයක අද්භූත ගතිය විඳින්න වගෙම කුතුහලයෙන් ආසාවෙන් බලාහෙන ඉන්න පුලුවන් සුපිරිම series එකක් තමයි මේ.
04. Dark
මේක නම් ඇත්තටම ගොඩක් ජනප්‍රිය වුනු සෑහෙන්න වෙනස් නිර්මාණය ක්. ගොඩක් අයට සංකීර්ණ කතාමාලාවක්. මේ වෙනකොට මේකේ සීසන් 3ක් ඇවිත් තියෙනවා. ඇත්තටම මේකේ චරිත තුල තියෙන සම්බන්ධ ය හරියට අඳුරගෙන බැලුවොත් එච්චරම සංකීර්ණ ගතියක් නම් ඇති වෙන්නෙර් නෑ. ඉතින් හැමෝටම සෙට් නොවුනත් හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්.
05. Sex Education
මේක නම් අතිශයින්ම ජනප්‍රිය වුනු Netflix series එකක් නේ. ගිය අවුරුද්දේ මේ series ඒකේ සීසන් 2 අපිට Netflix හරහාම බලන්න අවස්ථව හිමි වුනා. ඉතින් මේ කතාමාලාව හරිම සැහැල්ලුවෙන් කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් ඒ වගේම ලිංගිකත්වය ගැනත් හොඳ අවබෝධයක් ගන්න පුලුවන් නිර්මාණය ක්.
06. Never Have I Ever
මේකත් අපි කලින් කියපු sex education වගේම නිර්මාණය ක්. මොකද මේකටත් බේස් වෙන්නේ high school එකක්. මේකෙත් season 2 ගිය අවුරුද්දේ ආවා. මේ නිර්මාණය හරිම වෙනස්ම එකක්. මේකට ප්‍රධානවම පාදක වෙන්නේ වෙනත් රටක අධ්‍යාපනය හදාරන ඉන්දියානු සංස්කෘතියක් තියෙන සිසුවියක්. ඉතින් හරිම සැහැල්ලුවෙන් කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් නිර්මාණය ක්.
07. Scared Games
ඉන්දියාවේ නිෂ්පාදනය කරපු පලමුවෙනි Netflix series එක තමයි Scared Games කියන්නේ. ඒ පලමු උත්සහයෙන්ම ඔවුන් ඇත්තටම සාර්ථක වුනා කිව්වොත් වැරැදි නැහැ.මේක ඇත්තටම ඉන්දියානු කතා මාලාවක් වුනාට බලපු අය දන්නවා ඇති සාමාන්‍ය ඉන්දියානු කතා වල තියෙන එකම බොලද ලක්ෂණයක් වත් නැති බව. ඉතින් නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා කියනවා.
ඉතින් මේ කාලේ ගොඩක් ම ජනප්‍රිය වුනු Netflix tv series හතකට සීමා කරන්න නම් කොහෙත්ම බෑ. ඉතින් ඔයාලත් බලලා තියෙන අනිත් අයටත් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් web series තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකකින් කියන්න.
Leave a Reply