පාසැල් සහ ටියුශන් ජීවිතයේදී අපිට හමුවන ගුරුවරු වර්ග 7ක්

ගුරුවරු කිවුවම ඉතින් අපට මතක් වෙනවා විවිධ තැන් වලදී අපට උගන්නපු අය. ඉස්කෝලෙදී, ටියුශන් එකේදී අපට උගන්නපු බොහොමයක් ගුරුවරු අපේ අනාගතේ හැඩ කරන්න ගත්තු උත්සාහය අනන්තයි අප්‍රමාණයි. ඒ අතරේ සමහර ගුරුවරු අපේ හිත් රිද්දන්නත් හේතු වුණා. ඒ මොකක් උනත් ගුරුවරු කියන්නේ අපිව අත්දැකීම් වලින් පුරවපු මිනිස්සු. ඉතින් මේ මතක් කරගන්න යන්නේ අපට උගන්නපු ගුරුවරු වර්ග හතක්. වැඩිය හිතන්නෙපා. චරිත ලක්ෂණ අනුවයි අපි ඔවුන්ව මෙහෙම වර්ග කරන්නේ.

 

1. ඉගෙනිව් නැත්නම් පිටවෙවු

teachers

Image Source – geektyrant.com

මේ ගුරු භවතුන්ගේ කටේම තියෙන්නේ ඉගෙනීමේ අගය. ගෙදර වැඩ නොකළොත් බැනුම් කෝටියයි. දඬුවම් දාහයි. සමහර අතිරේක පීරියඩ් වල පවා ඇවිල්ලා උගන්නන්නේ මෙන්න මෙහෙම ගුරුවරු තමයි. අවුරුද්දෙ නියමිත කාලයටත් කලින් සිලබස් එක ඉවර කරලා ඒ ශ්‍රේණියට අදාළ පාස් පේපර්ස් ටිකත් කරලයි මේ ගුරුවරු ඒ අවුරුද්ද ඉවර කරන්නේ. මේ වගේ ගුරුවරු සෙට් වුණාම ඒ පංතියේ ළමයි ඉන්නේ “අනේ මේ අවුරුද්ද ඉක්මනටම ඉවර වෙයන්” කියල හිතමිනුයි.

 

2. විනය ෆස්ට් අය

teachers

Image Source – cbs.com

ඉස්කෝලේ විනය භාරව ඉන්න සර්ලා ගැන ආයේ මොකට කියනවද..? ගර්ල් ස්කූල් වල ඉන්න විනය භාර ගුරුතුමියනුත් එහෙම තමයි. අතේ වේවැල. කටේ බැනුම. ඒ උනාට දෙයියනේ “හිතේ තියෙන්නේ ආදරේ”. ඒ කොහොම උනත් පිරිමි ඉස්කෝල වල ඉන්න මෙහෙම සර්ලානම් දෙනවා කන පැලෙන්න වැරැද්දක් කළාම. කොණ්ඩ, රැවුල, දිග සපත්තු පේන්න බෑ. ගර්ල් ස්කූල් වල ඉන්න ටීචර්ස්ල ට කෙල්ලොන්ගේ නියපොතු, කොණ්ඩ, පේන්න බෑ.

 

3. ඩබල් මීනින් සර්ලා

teachers

Image Source – adventuresinblunderland.wordpress.com

ටියුශන් පංති වලදී ගොඩක් මෙහෙම සර්ලා මුණ ගැහුණත්, ඉස්කෝල වලදිත් ඉඳලා හිටලා මෙහෙම සර්ලා සෙට් වෙනවා. ඩබල් මීනින් කියන්නේ ඉතින් දන්නවනේ. අසභ්‍ය වචන අසභ්‍ය වචන නොවේ වගේ නොදැනෙන්න කියනවා. අසභ්‍ය දේවල් සභ්‍ය විදිහට දැනෙන නොදැනෙන ගාණට කියනවා. ඒකෙත් පොඩි ආතල් එකක් නැත්තෙ නෑ. මෙහෙම ගුරුවරු ගොඩක් දුරට අපේ මතකයේ යහපත් විදිහට ලැගුම් ගන්නවා. ඒකට හේතුවක් නම් මම දන්නෑ. ඒත් එහෙම තමයි.

 

4. සුකුමාල ටීචර්ලා

teachers

Image Source – pulse.lk

“අනී… අපි දැන් පටන් ගන්න යන්නී අහවල් පාඩම” ය යන්න ඉස්සරහම පේලියටවත් ඇහෙන්නැති සද්දෙන් කියලා පාඩම පටන් ගන්න මෙහෙම ටීචර්ස් ලා බොහොමයක් වෙලාවට එන්නේ එයාලගේ සීමාවාසික කාලෙදී.  තරුණ කාලේ නොවැ. ඉතින් හරිම සුකුමාලයි. ළඳ බොලඳයි. ලැජ්ජාශීලියි. ඔය අතරේ ඉතින් පිරිම් ඉස්කෝල වල ඉන්න දඩබ්බර ලොකු තරුණ කොල්ලොන්ගේ ඇල්ම බැල්මත් රහසක් නොවී මේ ගුරුවරියන්ට වැටෙනවා. “විද්‍යාපීඨ ටීචර්ස්ලා එනවා, සීමාවාසික ටීචර්ස්ලා එනවා” කියන්නේ ඉස්කෝලේ කොල්ලොන්ට නොකා නොබී හිතන්න තරම් බලාපොරොත්තු දල්වන දෙයක් වෙන්නේ අන්න එහෙමයි.

 

5. “ඉස්සරනම් මෙහෙමයි” අය

teachers

Image Source – youtube.com

“ඉතිහාසේ ඉස්කෝලේ හිටපු ගුරුවරු අරමයි. ළමයි මෙහෙමයි. විදුහල්පතිලා මෙහෙමයි” කියලා ඒ අභිමානවත් අතීතය වර්ණනා කරලා, දැන් කාලේ ඉන්න එවුන්ට බනින ගුරුවරයෙක් හම්බවෙලා නැත්නම් වැඩක් නෑ. ඒකත් වෙනම ආතල් එකක්. මේ වගේ ගුරුවරු ගොඩක් වෙලාවට පාසලේ පරිපාලනය එක්ක තියෙන මොකක් හරි තරහක් තමයි මේ ළමයින්ගෙන් පිට කරන්නේ. ඒවා අහගෙන ඉන්න එකත් එක්තරා ආකාරයක ආතල් එකක්. හා නැද්ද..?

 

6. සිලබස් කැලේ

teachers

Image Source – pinterest.com

අවුරුද්දෙ සිලබස් එක උගන්නන්න අවුරුදු දහයක් විතර ඕනෑය කියලා හිතෙන විදිහේ ගුරුවරු හම්බවෙලා තියෙද ඔබට. ඇත්තටම මේ ගුරුවරු වර්ග දෙකකට බෙදන්න පුලුවන්. එක වර්ගයක් තමයි ඕනෑවටත් වඩා අමතර කරුණු අපට උගන්නන්න ගිහිල්ලා සිලබස් එක කවර් කරන්න බැරි වුණ ගුරුවරු. අනිත් වර්ගෙ තමයි මොකුත්ම උගන්නන්නෙ නැති නිසා සිලබස් එක කවර් කරන්න උනේ නැති අය. ගෙදරදී දෙමවුපියෝ අපේ ලියන පොත් පරීක්ෂා කරද්දී මේ ගුරුවරුන්ට හරියට හචින් යනවා ඇති. ඇයි ඉතින් නම කිය කිය බනින එකමනේ වැඩේ.

 

7. හැමදේම දෙන ගුරුවරු

Image Source – schoolofpde.co.uk

ආදරය, අවබෝධය, දැනුම. මේ හැමදේම එක වගේ කිසිම අඩුවක් නැතුව අපට දෙන ගුරුවරු, ගුරුවරියෝ ඉඳලා හිටලා අපට මුණ ගැහෙනවා.  අපිව හිර නොකර අපට කියලා වැඩ ටික කරවගන්න මේ අය දන්නවා. ඉස්කෝලේ වෙන කවුරුහරි ප්‍රශ්නයක් දැම්මම මේ ගුරුවරු අපි වෙනුවෙන් පෙනී ඉන්නවා. අපට නිදහස එක්ක දැනුමත් මේ අය දෙනවා. ඉතින් අපි හැමදාම අමතක නොකරන ගුරු වර්ගය තමයි මේ අය. මෙහෙම ගුරුවරයෙක් මැරෙණ කොටත් මතක් වුණොත් ඒක පුදුමයක් නෙමෙයි.

 

ඉතින් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ගුරුවරු ඔබේ ජීවිතේ වෙනස් කළා කියලා ඔබ හිතනවනම්.

Cover Image Source – study.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *