මේ දවස් වල බහුලවම දකින්න ලැබෙන පළතුරක් තමයි කොමඩු. ඇඟටත් ගොඩාක් ගුණ පැණි කොමඩු වලින් හදන්න පුළුවන් කෑම ටිකක් අද අපි බලමු.
1. පැණි කොමඩු මිල්ක්ශේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කර කපාගත් කොමඩු ගෙඩි 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
- සීනි මේස හැඳි 2
- වැනිලා අයිස්ක්‍රීම් හැඳි 2
- කිරි ටික රත් කරලා නිවෙන්න තියන්න. කොමඩු ටික පැය 2ක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න.
- කොමඩු, කිරි හා සීනි එකතු කරල අයිස්ක්‍රීම් ටිකත් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
2. කොමඩු Sorbet
අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක කෑලි කපාගත් කොමඩු ගෙඩි 2
- කොමඩු ටික කපලා ඇට අයින් කරලා ට්‍රේ එකකට දාලා පැය 4ක් ෆ්‍රීස් කරන්න.
- දැන් මේ ටික එලියට අරන් බ්ලෙන්ඩ් කරගන්න.
- නැවත පැය භාගයක් ෆ්‍රීස් කරල ස්කූප් එකකින් ඩෙසර්ට් කප් වලට දාගන්න.
3. කොමඩු පොප්සිකල්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කර කපාගත් කොමඩු කෝප්ප 1
- ක්‍රීම්චීස් ග්‍රෑම් 100
- වැනිලා ස්වල්පයක්
- සීනි ස්වල්පයක්
- කපාගත් කිවි ගෙඩි 2
- කපාගත් කොමඩු ටික බ්ලෙන්ඩ් කරල පියුරි එක හදාගන්න. මේ පියුරි එක පොප්සිකල් ට්‍රේ එකකට දාලා ෆ්‍රීස් කරන්න.
- ක්‍රීම්චීස්, වැනිලා හා සීනි එකතු කරලා කලවම් කරලා ෆ්‍රෝස්ටින් එක හදලා ෆ්‍රෝසන් පොප්සිකල් උඩින් දාගන්න.
- කිවි ටිකත් බ්ලෙන්ඩ් කරල අරන් අර පොප්සිකල් උඩින්ම වක්කරගෙන ෆ්‍රීස් කරලා කෑමට ගන්න.
4. කොමඩු ඩිසර්ට් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- මාරි බිස්කට් කිහිපයක්
- මෙල්ටඩ් බටර් මේස හැඳි 2
- කොමඩු ජූස් කෝප්ප 2
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
- දෙහි බෑයක යුෂ
- බිත්තර සුදුමද 1
- සීනි කෝප්ප 1
- ජෙලටින් මේස හැඳි 2
- ජෙලටින් ටික ලා රස්නෙ වතුර කෝප්ප 1/4ක දිය කරන්න. මේකට කොමඩු ජූස් එකත් දාගන්න. හොඳට කලවම් කරගන්න.
- බිස්කට් ටික කුඩු කරගන්න. මේකට මෙල්ට් කරගත් බටර් ටික දාගන්න.
- හොඳට කලවම් කරලා බේකින් පෑන් එකකට බිස්කට් කුඩු ටික දාලා හැන්දකින් තද කරගන්න.
- ඊළඟට බිත්තර සුදු මදයට සීනි ටික ටික දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. ෆ්‍රෙශ් ක්‍රීම් ටික වෙනම බීට් කරගන්න.
- ජෙලටින් වල දියකරගත් කොමඩු ටික මේ බිත්තර සුදුමද මිශ්‍රණයට දාලා විස්ක් කරලා දෙහියුෂ දාගන්න. මේක බිස්කට් ලේයර් එක උඩින් දාගන්න.
- බීට් කරගත් ෆ්‍රෙශ් ක්‍රීම් ටිකත් ඊලඟ ලේයර් එකට දාගන්න.පැය 2ක් ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.
5. පැණි කොමඩු මොහීටො
අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක කෑලි කපාගත් කොමඩු ගෙඩි 1
- දෙහි පෙති කිහිපයක්
- මින්චි කොළ ස්වල්පයක්
- කුඩු කරගත් සීනි මේස හැඳි 2
- දෙහි යුෂ මේස හැඳි 2
- අයිස් කැට කෝප්ප 1
- වයිට් රම් මේස හැඳි 2
- ෆ්‍රෝසන් කොමඩු කෑලි ටිකක්
- කොමඩු ටික බ්ලෙන්ඩ් කරල පෙරාගන්න. මින්චි කොළ වලින් බාගයක් වංගෙඩියේ හෝ ග්‍රයින්ඩර් එකේ අඹරගන්න .
- ජග් එකකට කුඩු කරගත් සීනි ටික දාලා ලයිම් ජූස් ටික දාගන්න. ඊළඟට අයිස් කැට දාලා කලවම් කරලා මින්චි කොළ ටික දාගන්න.
- දෙහි පෙති, වයිට් රම් ටිකත් දාගන්න. දැන් කොමඩු ජූස් එක දාගෙන හොඳට කලවම් කරලා ඉතිරි මින්චි කොළ ටිකක් උඩින් දාලා, කපාගත් කොමඩු කෑලි ටිකක් උඩින් දාගන්න.
6. පැණි කොමඩු අයිස් ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කොමඩු කෝප්ප 2
- සීනි මේස හැඳි 4
- විප් ක්‍රීම් කෝප්ප 1
- කොමඩු ටික බ්ලෙන්ඩර් එකට දාලා සීනි ටිකත් දාගන්න. මේක විනාඩි 2ක් බ්ලෙන්ඩ් කරගන්න.
- ඉන් පස්සේ මේක පෙරාගන්න. පෙරාගත් ජූස් එකට විපින් ක්‍රීම් ටික දාල හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරගන්න.
- එයටයිට් කන්ටේනර් එකකට මික්ස්චර් එක දාලා හොඳට වහලා පැය 12ක් ෆ්‍රීස් කරගෙන කෑමට ගන්න.
7. පැණි කොමඩු ලෙමනේඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- පැණි කොමඩු කෑලි කෝප්ප 1
- ෂුගර් සිරප් මේස හැඳි 2
- ලෙමන් ජූස් මේස හැඳි 1
- මින්චි කොළ ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- මේ ඔක්කොම දාලා බ්ලෙන්ඩ් කරගන්න. උඩින් කුඩු කරගත් අයිස් කියුබ් ටිකක් දාගන්න.
Leave a Reply