සංගීතයේ තියන රහ විඳින්න භාෂාව බාධාවක් නෙවේ කියලා ලංකාවේ අපි දන්නේ කවුරුවත් පණ්ඩිතයෙක් ඒක කිව්ව නිසා නෙවේ. අත්දැකීමෙන්ම ඒ බව අපි දන්නා නිසා. නොස්ටැල්ජියාව බේරුණ අතීතයක් දිහා හැරිලා බලනකොටම ඒක අපිට තේරෙනවා. අපි හැදුණේ වැඩුණේ මේ දේවල් එක්ක නේද කියලා හිතෙනවා. දමිළ සිනමාව කියන්නේ ඒ විදියට අපේ ජීවිතයත් එක්ක බැඳුණ තවත් රසාංගයක්. ඒ කාලේ ඒ චිත්‍රපටවල ගියපු ගීත අදටත් අහනකොට දැනෙන්නේ එදා දැනුණ සුන්දර හැඟීමම තමයි. ඒ කාලේ අහපු මේ චිත්‍රපට ගීත මතකද කියලා බලන්න.
1. Munbe Vaa – Sillunu Oru Kaadhal
රහුමාන්ගේ මියුසික් ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. අදටත් ඕන තරම් රූපවාහිනී වැඩසටහන්වල පසුබිම් සංගීතය විදියට මේක යොදාගන්නවා ඇහිලා ඇති. දමිළ සිනමාවේ ඉන්න සිහින කුමාරයෙක් වෙන සූර්යා, ඇත්ත ජීවිතයේ ප්‍රියම්බිකාව වන ජ්‍යෝතිකා වගේම හෙන අහිංසක ලුක් එකක් තියන භූමිකා චව්ලා රංගනයෙන් දායක වුණ Sillunu Oru Kaadhal චිත්‍රපටයේ තමයි මේ ගීතය තියෙන්නේ. 2006 අවුරුද්දේ ඉස්සෙල්ලාම මේ ගීතය අහනකොට දැනුණ මෙව්වා එක තාමත් ඒ වගේම තියන්න මියුසික් එක, ගායනය වගේම රූප රචනාවේ ඉන්න සූර්යායි භූමිකායිත් හේතු වෙලා තියනවා කියලා හිතන්න පුළුවන්.
2. Ale Ale – Boys
රහුමාන්ගේ තවත් මැජික් එකක් තමයි මේ. සිද්ධාර්ත් එක්ක ජෙනීලියා ප්‍රධාන චරිතය නිරූපණය කරපු Boys ඒ කාලේ කොල්ලෝ කෙල්ලෝ ආසාවෙන් බලපු නිර්මාණයක්. මේ සින්දුව හරි හරියට රූපවාහිනියේ සංගීත වැඩසටහන්වල එහෙමත් පෙන්නුවේ තිබ්බ ඉල්ලුම නිසාමයි. ගීතය වගේම ඒකෙ වීඩියෝ එකෙත් අමුතු ලල් එකක් තිබ්බනේ. නටනවා, ආය එක පාරට ගල් ගැහෙනවා, ආය නටනවා. අවුරුදු 15කට කලින් ආපු මේ ගීතයේ තියෙන්නේ මේ දැන් අවන් එකෙන් බාපු කේක් ගෙඩියක අලුත් ගතියක්.
3. Theradi Veethiyile – Run
අද වෙනකොට බොලිවුඩ් සිනමාවත් ආක්‍රමණය කරලා ඉවර ආර්. මාධවන් එහෙමත් නැත්නම් රසික රසිකාවියොන්ගේ ආදරණීය මැඩී කොල්ලා කාලේ, ඒ කියන්නේ 2002දී රඟපාපු Run චිත්‍රපටයේ ගීතයක් තමයි මේ. මේ චිත්‍රපටයේ තියෙන්නේ ගීතය අහනකොට වගේම බලනකොට ඒත් එක්ක අපිටත් නටන්න හිතෙන බීට් එකක්. ඒ කිව්වේ එලෝ මෙලෝ නැතුව නටන්න තියෙන විදිය නෙවේ. මේක වෙනම ආතල් එකක්. අමතක අය මේ ගීතය ආයෙත් මතක් කරගමු. සංගීතය විද්‍යාසාගර්. කියන්නේ කාර්තික්.
4. Appadi Podu – Ghilli
විජේ නැති දමිළ සිනමාවක් ගැන කතා කරලා ජීවිත අවදානමක් ගන්න බැහැ. ඒ තරමට රසික ආකර්ෂණයක් දිනාගත්තු මේ ජවසම්පන්න නළුවගේ රංගනය ඇති අමරණීය ගීතයක් තමයි මේ. විජේ එක්ක දමිළ සිනමාවේ දඟකාර අහිංසක බව කියන දෙකම තියෙන ට්‍රිෂා ඇට්ටි හැලෙන්න නටන මේ ගීතය නොදන්නා කෙනෙක් නැති තරම්. 2004 අවුරුද්දේ Ghilli චිත්‍රපටයත් එක්ක KKගෙයි අනුරාධා ශ්‍රීරාම්ගෙයි හඬ සංයෝගයෙන් තමයි සින්දුව හැදෙන්නේ. විද්‍යාසාගර්ගේ සංගීතේ තමයි සංගීතේ. උන් හිටි තැන් අමතක කරලා නටන්න තරම් උද්යෝගයක් මේ ගීතය පුරාම ඇති කරලා තියෙන්නේ ඒ සංගීතේ තමයි.
5. Nenjukkul Peidhidum – Vaaranam Aayiram
ජීවිතය ගැන මාරම සංවේදී විදියට බලන්න හුරු කරපු චිත්‍රපටයක තියෙන ආදරණීය ගීතයක් තමයි මේ. සූර්යා එක්ක සමීරා මේ ගීතයේ බොහොම ආදරණීය රංගනයක යෙදෙනවා. මීට අවුරුදු 10කට කලින් එළියට ආපු ගීතයක් වුණත් අදටත් අහනකොට ආපහු අවුරුදු 10ක් කාලයේ ආපස්සට යනවාමයි. පපුවට වදින සංගීතය හැරිස් ජයරාජ්ගෙන්. ගායනය හරිහරන්. ආදරේ නොකරන අයටත් ආදරේ කරන්න පොළඹවන විදියේ ගීතයක්.
6. Vaseegara – Minnale
ගීතය පටන් ගන්නකොටම ඇහෙන වාදනයත් එක්ක මොළෙත් එක්ක හිරිවැටිලා ගියේ නැත්නම් ඒක ලෝක ප්‍රශ්නයක්. මේ වගේ සංගීතයක් නම් අනිවා ඒ හැරිස් ජයරාජ්ගේ වැඩක්. ආර්. මාධවන් සහ අබ්බාස් යන දෙන්නගේ ප්‍රධාන රංගනයෙන් එළියට ආපු Minnale චිත්‍රපටයේ ජනප්‍රියම ගීතය විදියට හඳුන්වන්න පුළුවන්. 2001 අවුරුද්දේ උත්පත්තිය ලැබුවට අද ඊයේ හැදුණ ගීතවලට වඩා සංගීතය බොක්කටම වැදෙනවා. ගායනය බොම්බේ ජයශ්‍රී.
7. Uyirin Uyire – Kaakha Kaakha
නෝනයි මහත්තයයි දෙන්නා නෝනා මහත්තයා වෙන්න කලින් රඟපාපු චිත්‍රපටයක ගීතයක් තමයි මේ. මහත්තයා සූර්යා. නෝනා ජ්‍යෝතිකා. 2003 අවුරුද්දේ එළියට දාපු මේ චිත්‍රපට ගීතය අහද්දී වගේම බලද්දී අපිටත් ඒ දෙන්නා එක්ක හරි හරියට නටන්න හිතෙනවා. ඒක නිකන් ගෝල් දේශයට ගිහින් අරිෂ්ට ෂොට් එකක් ගහන ගමන් අකුණු පාරක් වැදිලා තව ටිකක් ශක්තිය වැඩි වෙනවා වගේ අමුතු කික් එකක්. ගායනය KK සහ සුචිත්‍රා. සංගීතය හැරිස් ජයරාජ්.
8. Manmatha Rasa – Thiruda Thirudi
සමහර චිත්‍රපට ගීත තියනවා බලද්දී සෑහෙන ප්‍රශ්න මතු කරන. මේ මිනිස්සු මෙහෙම නටන්නේ කොහොමද? ඇඟපත රිදෙන්නේ නැද්ද? ඉලාස්ටික් ද? මෙහෙම දේවල් වෙන්නේ කොහොමද වගේ ඒවා. 2003 වසරේ නිකුත් කරපු Thiruda Thirudi චිත්‍රපටයේ එන මේ සුපිරි ගීතය අන්න ඒ වගේ එකක්. ධනුෂ් එක්ක චායා මේ ගීතයේ ඉල ඇට කූඩුව ඇඹරෙන නැටුමක් දානවා. සංගීතය ධීනා. ගායනා කරන්නේ ශංකර් මහදේවන් එක්ක මාලතී ලක්ෂ්මන්.
9. Mukkala Mukkabala – Kadhalan
දමිළ සිනමාවේ මයිකල් ජැක්සන් හෙවත් ප්‍රභූදේවාගේ ගීත අතරින් ලාංකික අපිට මොකක්ම හරි හේතුවකට සමීප වුණ හොඳම ගීතය තමයි මේ. මේ ඩාන්ස් දාන්න ගිහින් ඇඟේපතේ ආබාධ ඇති කරගත්තු අවස්ථාත් නැතුවම නෙවෙයි. 1994 වගේ කාලෙක ඉඳන් අද වෙනකන් ජනප්‍රියතාව එක විදියට තියාගන්න එකත් ගීතයක් විදියට සෙල්ලම් වැඩක් නෙවෙයි. Kadhalan චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය රහුමාන්. මේ ගීතය ගයන්නේ මනෝ එක්ක ස්වර්ණලතා.
10. Chinna Chinna Aasai – Roja
දශක ගණනාවක් තිස්සේ දමිළ සිනමාවට අයිති ගීතයකට වඩා අපේම ගීතයක් වගේ පරම්පරා ගාණක් මුව අග රැඳුණ, මොන්ටිසෝරි ලෙවල් එකේ ඉඳන්ම ඉගෙනගත්ත, අදටත් ඇහුවම අතීතය මතක් වෙලා හිරිගඩු පිපෙන්න ගන්න ජනප්‍රියම ගීතය තමයි මේ. මීට අවුරුදු 26කට කලින් එළි බැහැපු Roja චිත්‍රපටයේ එන රහුමාන්ගේ සංගීතයෙන් හැඩ වුණ ගීතය ගායනා කරන්නේ මින්මිනි.
11. Mustafa Mustafa – Kadhal Desam
‘ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට’ ලයින් එකක් අල්ලපු කාදල් දේසම් චිත්‍රපටයේ තමයි මේ අතිශය ජනප්‍රිය සින්දුව තිබ්බෙ. අබ්බාස්, විනීත් සහ ටාබු තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟදැක්වුවෙ. චිත්‍රපටයේ දුක් සීන් ටිකක් වැඩි වුණාට මේ මුස්ටාෆා සින්දුවේ නම් තිබ්බේ හිතට අමුතුම කික් එකක් දෙන ගතියක්.
Cover Image Source – osmlyrics.blogspot.com
Leave a Reply