සෙක්ස් කරන්න දවසේ හොඳම වෙලාව මොකද්ද?

දැන් අපි කෑම කන්නේ බඩගිනි වුණහම විතරයිද? ඔව්, බඩගිනි වුණහම කනවා. හැබැයි දැන් ඔය වෙලාවට කන සීන් තියෙනවනේ. ඒ කියන්නේ ෆාස්ටින් කරලා, වෙලාවට කන අය. එහෙම පුරුදු වුණහම බඩගිනි වෙන්නේ ඒ වෙලාවට තමයි. එතකොට සෙක්ස් කරන එකත් ඔය වගේද? බඩගිනි දැනෙනවා වගේ, සෙක්ස් කරන එකත් කරන්න ඕන කියලා හිතෙන දෙයක්ද? ඔව්. සෙක්ස් කරන්න හිතෙන වෙලාවට තමයි සෙක්ස් කරන්න ඕන. හැබැයි එහෙම වුණාට, සෙක්ස් කරන්න දවසේ හොඳම වෙලාවක් තියෙනවද? ඒ වෙලාවට සෙක්ස් කරනකොට ෆන් එක උපරිමයි ද? ආන්න ඒ ගැන අපි පොඩ්ඩක් හොයලා බලමු.

 

1. උදේ පාන්දර

 

නිකමට හිතන්න. උදේ පාන්දර අපිව ඇහැරෙනවා කියන්නේ අපි බාගෙට නින්දේ ඉන්නකොටනේ ඇස් අරින්නේ. හැබැයි නින්දෙන් බාගෙට අවදි වෙන්නත් කලින්, අපිට වෙනම සෙක්ස් ෆන් එකක් ලැබෙනවා කියන්නේ කොහොමද? අපිව අපේ පාට්නර් පාන්දර ඇහැරවලා තියෙන්නේ සෙක්ස් කරන්න! ඇත්තටම ඒක වෙනම විදියක තෘප්තියක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩ්ඩක් නිර්මාණශීලී වෙන්න ඕන ඒ වෙලාවට. ඒ වගේම, නිදාගෙන ඉඳලා නැගිටපු ගමන් කුණු කෙළ පිටින් සෙක්ස් කරන්න සෙට් වෙන්න බැහැනේ. ආන්න ඒ නිසා ඒකටත් මොකක් හරි ක්‍රමයක් හදාගන්න ඕන. උදාහරණයක් විදියට හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම නිසා, ඒ වගේ ප්‍රශ්න ඇති නොවී, ආතල් එකේ මහ පාන්දර සෙක්ස් කරන්න බැරි කමක් නෑ!

 

2. වැඩට යන්න කලින්

 

මේක ඕන විදියකට වෙන්න පුළුවන්. ටිකක් කලින් නැගිටලා, වොෂ් දාලා, උදේ කරන්න තියෙන වැඩපල ටිකත් කරලා, තව ඔෆිස් යන්න පැයක් දෙකක් විතරත් තියෙන නිසා සෙක්ස් සීන් එකකට නිවීහැනහිල්ලේ එන්ටර් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ, ඒක ඉවර වුණහම හොඳ ප්‍රබෝධයකින් ඔෆිස් යන්නත් පුළුවන්. එහෙම නැතිනම්, උදේ නැගිටල දඩිබිඩියේ වැඩ ටික කරගෙන, ඇඳගෙන කරගෙන ලැහැස්ති වෙලා, යන්න ගාණට ටයිප් එක තියෙනකොට, වයිෆ් ඇවිත් හදිසි බ්ලෝජොබ් එකක් එහෙම දෙන්න හැදුවොත්? එහෙම නැතිනම් හස්බන්ඩ් ඇවිත් ක්විකී එකකට අවුස්සලා ගන්න හැදුවොත්? ඇත්තම කතාව, ඒ වෙලාවට නං රතු ඉර වදිනවා කියලා මතක් වෙන එකක් නෑ. ඒ වෙනුවට ඒකේ වෙනම ෆන් එකක් තියෙයි. හැබැයි ඉතින් ඒ වගේ වෙලාවකදී නම් ඇඳුම් එහෙම පොඩි නොවෙන්න හරි පරිස්සම් වෙන්නත් වෙනවා!

 

3. දවල් දවසේ

 

නෑ නෑ අපි මේ කියන්නේ ඔෆිස් සෙක්ස් ගැන නෙවෙයි. එහෙම ඒවා තියේ නං ඉතින් එව්වත් කමක් නෑ. හැබැයි අපි මේ කියන්නේ වෙන දෙයක්. අපි කියමු දවල් වරුවේ ගෙදර ඉන්න නිසා හරි, වෙන කොහේදී හරි ඉඩක් ලැබෙන නිසා හරි සෙක්ස් කරන්න හිතෙනවා කියලා. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ලංකාවේ පොඩ්ඩක් රස්නේ ගතියක් තියෙන නිසා, දවල් වරුවක සෙක්ස් කරනකොට ඒසී එක හරි ෆෑන් එකක් හරි තියෙන එක හොඳයි. නැතිනම්, දාඩිය නාගෙන සෙක්ස් කරන්න ගියහම එපා වෙනවනේ. අනික ඔය කාපු ගමන් එහෙම නම් සෙක්ස් කරන්න ගියාට වැඩේ හරියයිද කියන්න බෑ. ඒ වෙලාවට නිදිමතක් එනවනේ. හැබැයි කාලා බීලා පැයක් දෙකක් ගියාට පස්සේ හවස් වරුවට බර වෙන්න දවල් වෙලාව නං සෙක්ස් කරන්න මරු. විශේෂයෙන්ම ගෙදර ඉන්න දවසක නං වෙලාව අරගෙන සෙක්ස් කරන්න් පුළුවන්. නැත්තං එළියේ නං ඉතින් ක්විකී තමයි.

 

4. හවස් වරුවේ

 

දැන් හවස් වරුවට බර වෙලා, ඒ කියන්නේ හවස 4 න් පස්සේ වගේ සෙක්ස් කරන එකේ වාසියකුත් තියෙනවලු. ඒ තමයි, ඒ වෙලාව වර්ක්අවුට් කරන්න හොඳම වෙලාව කියලා එක්ස්පර්ට්ලා කියන එක. හරියට සෙක්ස් කරනවා කියන්නෙ හොඳ වර්ක්අවුට් එකක් තමයි ඇඟට. කොහොමහරි, හවස් වරුවේ සෙක්ස් කරන්නත් ඉතින් එක්කෝ ගෙදර ඉන්න ඕන, එහෙම නැතිනම් වෙන තැනක් තියෙන්න ඕන. හැබැයි කලින් ගෙදර ආවොත්, හවස් වරුවේ සෙක්ස් කරන එකෙන් දවසේ මහන්සියත් දුරු කරගන්න  පුළුවන්. හොඳ ප්‍රබෝධයක් ආයෙමත් ලබාගන්නත් පුළුවන්.

 

5. ටිකක් රෑ වෙලා

 

දැන් ටිකක් රෑ වෙලා සෙක්ස් කරනවා කියලා අපි කියන්නේ, රෑ හතෙන් අටෙන් පස්සේ සෙක්ස් කරන එක. ඇත්තටම සමහරු ඉන්නවා, රෑ හත වෙනකොට කාලා බීලා ඉවර කරලා, නිවීහැනහිල්ලේ කලින්ම සෙක්ස් කරන්න සෙට් වෙන. ඒක ඇත්තටම හොඳ තෘප්තියක් එක්ක වෙලාව අරගෙන සෙක්ස් කරන්න හොඳම වෙලාව. මොකද, මහපාන්දර වෙනකල් නිදි මරන්න ඕන වෙන්නෙ නෑ. හතට අටට පටන් ගත්තත් අඩු ගාණේ පැය කීපයක් තියෙනවා වැඩේට. ඔය අලුත් අලුත් එක්ස්පෙරිමන්ට් එහෙම සෙක්ස් ලයිෆ් එකේ අත්හදා බලන්නත් මේ වෙලාව හොඳටම ගැලපෙයි අපි හිතන්නේ! ඇත්තටම අද කාලේ අපිට තියෙන කාර්යබහුල කමත් එක්ක ඉතින් සතියකට දවසක් ඇර දවසක් වත් මේ විදියට සෙක්ස් කරන්න වෙලාව හොයාගන්න නම් අමාරුයි. හැබැයි අඩු ගාණේ අපිට සතියකට දෙකකට එක පාරක් හරි මේ විදියට හොඳට වෙලාව අරගෙන සෙක්ස් කරන්න පුළුවන් නම්, ඒකෙන් දෙන්නා අතරේ තියෙන ලිංගික බැඳීම තව ශක්තිමත් කරගන්නත් පුළුවන්.

 

6. නිදාගන්න යන්න කලින්

 

මේක ඉතින් ලංකාවේ තියෙන සුලභම සෙක්ස් කරන වෙලාව තමයි. ඒ කියන්නේ නිදාගන්න යන්න කලින්. එතකොට අහන්න එපා කලින් කිව්වෙත් එහෙම එකක්ම නේද කියලා. මේ කියන්නේ, දවසේ වැඩපල ඔක්කොම ඉවර කරලා, රෑ දහය එකොළහත් පහුවෙලා නිදාගන්න ගිහින් සෙක්ස් කරන එක ගැන. ඇත්තටම පහුවදාට වැඩ දවසක් නම්, මේ වෙලාවට සෙක්ස් කරන්න පටන් අරගෙන පැය ගණන් වෙලාව අරන් සෙක්ස් කරන්න බෑ. ක්විකී එකක්ම නොවුණත්, මේ විදියට සෙක්ස් කරන්න ගියහම වැඩේ ෆාස්ට් ෆෝර්වර්ඩ් එකේ ඉවර කරගන්න වෙනවා. ඇත්තටම ඒකේ අවුලකුත් නෑ. මොකද, දෙන්නටම හොඳ ප්‍රබෝධයකින් නිදාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය සුරතාන්තය ලැබෙන්න වෙලාව යන පාට්නර්ස්ලව සතුටු කරන්න එහෙම නම් මේ වෙලාවට ටයිම් මදි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රශ්න වලට ඉතින් විකල්ප හොයාගන්න වෙනවා.

 

7. අහුවෙන ඕනම වෙලාවක මිනිත්තු කීපෙකට

 

මේ කියන්නේ දවසේ ඕනෑම මොහොතක, සෙක්ස් කරන්න ඕන කියලා හිතෙන ඕනෑම වෙලාවක, ක්වික් සෙක්ස් පාරක් නැතිනම් ක්විකී එකක් දැමීම ගැන තමයි. ඇත්තටම ක්විකී එකකට එහෙම ලොකු සූදානම් වීමක් අවශ්‍ය නැහැනේ. ආයෙ ඇඳකට යන්න ඕන කියලා නියමයකුත් නෑ. ඒ නිසා කුස්සියේ වුණත්, සාලේ වුණත්, වෙන කොයි තැනක වුනත් පාර්ට්නර් ඕකේ නම්, තමන්ටත් ඕකේ නම්, දෙන්නටම ඕන වෙලා නම්, නිදහසත් තියෙනවා නම්, ආයෙ හිතන්න කරන්න දෙයක් නෑ! ඇත්තටම මෙහෙම පොඩි වෙලාවක් ඇතුළේ සෙක්ස් කරන එකේ වෙනම තෘප්තියක් තියෙනවා. එතනදී දෙන්නටම සුරතාන්තයන් ලබාගන්න බැරි වුණත්, එක්කෙනෙක්ගේ අරමුණ වෙන්නේ තනිකරම අනික් පාට්නර්ට තෘප්තියක් ලබාදීම විතරක් වුණත් අවුලක් නෑ. අනික, ඔය බෝරින් වෙලා තියෙන සෙක්ස් ලයිෆ් වලට නම්, මේ වගේ අහුවෙන ඕනම මිනිත්තු කීපෙකදී හදිසි, වේගවත් සෙක්ස් කිරීමකට යන එක හොඳ වෙනසකුත් වෙයි!

 

හැබැයි ඔය අතරේ ඔය සෙක්ස් කරන්න හොඳම වෙලාව ගැන එක්ස්පර්ට්ලා කියනවා, දවසේ සෙක්ස් කරන්න හොඳම වෙලාව වෙන්නේ පාන්දර 3 ට විතරලු. මොකද කියන්නේ? හෙට ඉඳන් 3 ට එලාර්ම් එක තියලා ඇහැරෙමුද?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *