ඔබේ සහකරුවාට/සහකාරියට විඳින්න පුළුවන් ලිංගේන්ද්‍රියක් පවත්වා ගැනීම සඳහා උපදෙස්!

හරි. අපි හැමෝම සෙක්ස් ගැන දන්නවනේ. සහකරුවෝ සහකාරියෝ ඉන්න අය සෙක්ස් කරලත් ඇති. මේ ආටිකල් එක වැදගත් වෙන්නේ සෙක්ස් කරන, සෙක්ස් කරන්න ඉන්න හැමෝටම. මේ ආටිකල් එකේ කියවෙන්නෙත්, සෙක්ස් ලයිෆ් එකට තව කොලිටියක් එක් කරගන්න පුළුවන් විශේෂ දෙයක් ගැන.

 

හරි, කෙලින්ම මාතෘකාවට බැස්සොත්, මේ කියන්න යන්නේ කාන්තාවන්ට අදාළ දෙයක්. ඒ කියන්නේ කාන්තාවන්ගේ යෝනි මාර්ගය ගැන. තව පැහැදිලි කළොත්, දැන් ලිංගික එක් වීමකදී මුඛ සංසර්ගය කියන්නේත් හැමෝම වගේ විඳින දෙයක්නේ. හැබැයි තමන්ගේ සහකාරියගේ ලිංගේන්ද්‍රිය මුඛයෙන් සන්තර්පණය කරන කෙනෙක්ට, ගොඩක් වෙලාවට ඒකේ උපරිම සතුට විඳින්න පුළුවන් වෙන්නේ සහකාරියගේ යෝනියෙන් හොඳ සුවඳක් සහ රසක් ලැබෙනවා නම් තමයි. ඒ කියන්නේ මල් සුවඳවත්, ස්ට්‍රෝබෙරි රසයවත් නෙවෙයි. හැබැයි ප්‍රසන්න, ආස හිතෙන විදියේ යෝනි සුවඳක් සහ යෝනි රසයක් කියන එක තමයි මේ කියන්නේ. අන්න ඒකට අවශ්‍ය කරන උපදෙස් තමයි මේ.

 

1. පිරිසිදුකම

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක්ද? නෑනේ. පිරිසිදුකම තියෙනවා නම්, ලිංගේන්ද්‍රියන් එක්ක මොන දේ වුනත් කැත නැතුව කරන්න ඇහැකි. ඇත්තටම යෝනි මාර්ගය කියන්නේ ස්වභාවයෙන්ම පිරිසිදු වෙන්න පුළුවන් විදියේ අවයවයක්.

 

දිනපතාම නා කියාගෙන, ඇඟ පත සෝදාගෙන පිරිසිදුව ඉන්න එක යෝනි මාර්ගයත් පිරිසිදුව තියාගන්න අත්‍යාවශ්‍ය කාරණයක්. එතකොට යෝනි මුඛය සෝදන්න ටිකක් රස්නේ වතුර පාවිච්චි කරන එක හොඳයි. සබන් හරි බොඩි වොෂ් හරි පාවිච්චි කළත්, සමට මෘදු එකක් තමයි පාවිච්චි කරන්න ඕන. එතකොට පිරිසිදු කරනකොට යෝනි තොල් ඈත් කරලා, ඇඟ අතුල්ලන සුමට රෙදි කෑල්ලක් උණුසුම් වතුරේ පොඟවලා මෘදුව පිරිසිදු කරන්න කියලා තමයි කියන්නේ. හැබැයි ඒ වගේම අනිවාර්යයෙන්ම ගුද මාර්ගයත් නිරන්තරයෙන් පිරිසිදුව තියාගන්න ඕන. හේතුව, ගුද මාර්ගයත්, යෝනි මාර්ගයත් එකිනෙකට ආසන්නව තියෙන නිසා, අපිරිසිදු ගුද මාර්ගයකින් ලේසියෙන්ම විෂබීජ අනික් පැත්තට එන්න පුළුවන් නිසා.

 

2. කන දේවල් බලපානවා

ඔව්, මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. උදාහරණයක් විදියට ගත්තොත්, ඔය කරි වර්ග, සෑහෙන්න තදට තුනපහ දාපු කෑම කෑවහම වැඩිපුර දාඩියත් දානවා. ඒකෙන් යෝනියේ ගන්ධය සහ රසයත් වඩාත් තීව්‍ර වෙන්න පුළුවන්. එතකොට ඇල්කොහොල් භාවිතා කිරීම එහෙමත් යෝනියේ ගන්ධය සහ රසය වෙනස් කරනවා කියලා කියනවා. කොහොම වුනත්, අපි උපදෙස් දෙන්නේ සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර රටාවක් භාවිතා කරන්න කියලනේ. එතකොට ඉතින් අනවශ්‍ය විදියට සැර කෑම එහෙම අඩුවෙන් පරිභෝජනය කළාට කමක් නෑ. එතකොට වතුර එහෙම හොඳට බිව්වට එහෙමත් කමක් නෑ!

 

3. සෙක්ස් කරන්න කලින් වොෂ් එකක්

මේක අමාරු වැඩක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් දවසම ඔෆිස් ඉඳලා හරි ජිම් ගිහිල්ලා ආවහම හරි සෙක්ස් කරන්න සෙට් වුණාට කමක් නෑ. හැබැයි ඉතින් මුඛ සංසර්ගයට එහෙම යනවා නං, යෝනියෙන් ටිකක් තද ගන්ධයක් සහ රසයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒක ගොඩක් දෙනෙක් අකමැති ගන්ධයක් සහ රසයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳම දේ තමයි, සෙක්ස් කරන්න කලින් හොඳ වොෂ් එකක් ගන්න එක. එතකොට හොඳ ෆ්‍රෙෂ් ගතියකුත් දැනෙන නිසා, වඩාත් හොඳට සෙක්ස් එන්ජෝයි කරන්නත් පුළුවන්.

 

එහෙම වොෂ් එකක් ගන්නකොට කොහොමද කරන්න ඕන කියලා අපි පළවෙනි පොයින්ට් එකේම කියලා තියෙනවනේ. අන්න ඒ විදියට, යෝනි තොල්, යෝනි මාර්ගය අවට තියෙන දහදිය, වෙනත් ශ්‍රාවයන් හොඳින් ඉවත් වෙන විදියට වොෂ් එකක් ගත්තා නම් හරි.

 

4. යට ඇඳුම් හරියට තෝරගන්න

මේකත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොයි තරම් සෙක්සි ලුක් එකක් තිබ්බත්, දහදිය එහෙම ලේසියෙන් උරාගන්නෙ නැති, සමට පහසුවක් නැති කෘත්‍රිම රෙදි වලින් නිර්මාණය කරපු යට ඇඳුම් නිසා යෝනි ප්‍රදේශයේ දහදිය දැමීම වැඩි කරනවා වගේම, දහදිය උරා නොගැනීම නිසා ප්‍රසන්න නැති ගන්ධයකුත්, රසයකුත් ඇති කරනවා. ලේසියෙන්ම ඔය දිලීර ආසාදන එහෙමත් ඇතිවෙන්න පුළුවන්.

 

අන්න ඒ නිසා, හොඳම දේ තමයි ස්වභාවික කපු වගේ සමට හිතකර අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරපු පහසු යට ඇඳුම් තෝරගන්න එක. ඕනෑවට වඩා යට ඇඳුම් හිරට අඳින්න හොඳ නෑ කියලත් අපි දන්නවනේ. අන්න ඒ නිසා, ඔය කියපු කාරණා දෙකම ගැන සැලකිලිමත් වුණොත්, යෝනි ප්‍රදේශයේ ගන්ධය සහ රසය බැලන්ස් එකේ තියාගන්න පුළුවන් වෙයි.

 

5. ඕනම නම් රස ගන්වපු ලුබ්‍රිකාන්ට්

අපි කියන දෙයක් තමයි සාමාන්‍යයෙන් සෙක්ස් කරනකොට ලුබ්‍රිකන්ට් එහෙම නැතිනම් ලිහිසි ද්‍රව්‍යයක් පාවිච්චි කරන එකෙන්, සෙක්ස් කරලා ලබන තෘප්තිය වැඩිදියුණු කරගන්න පුළුවන් කියන එක. ඉතින් ඔබේ සහකරුවාට හරි සහකාරියට හරි ඔබේ යෝනිය මිහිරි රසක් තියෙන එක හොඳයි කියල හිතෙනව නම්, මුඛ සංසර්ගයට කලින් සුවඳ සහ රස කවපු ලූබ් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි, ලූබ් පාවිච්චියේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ගැනත් කලින් දැනගෙන ඉන්න එක වටිනවා.

 

6. එච්චර හිතන්න එපා

දැන් අපි උඩින් කියලා තියෙන දේවල් කරනවා නම්, එතනින් එහාට තමන්ගේ යෝනියේ රසය සහ යෝනි ප්‍රදේශයේ ගන්ධය ගැන හිතන්න දෙයක් නෑ. කොහොමත් ස්වභාවිකවම යෝනියට ආවේණික රසයක් සහ ගන්ධයක් තියෙනවා. සාමාන්‍යයෙන් සෙක්ස් කරනකොට නිරෝගී, පිරිසිදු යෝනියකින් එන ආවේණික රසයට සහ ගන්ධයට අකමැති කෙනෙක් මුණගැහෙන්නේ කලාතුරකින්. අන්න ඒ නිසා, ඒක මානසික කරදරයක් කර නොගැනීමත් ඉතාම වැදගත්.

 

7. වෙනදට වඩා සැර රසක් සහ ගන්ධයක් තියෙනවා නම්

මේක ඇත්තටම යම් කිසි සෞඛ්‍ය ගැටළුවක් නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු දරන්න ටිකක් අපහසු තරම් සැර ගන්ධයක් සහ සුවඳක් යෝනි මාර්ගයෙන් එනවා කියලා. ඒ කියන්නේ බොහෝ විට බැක්ටීරියා ආසාදනයක්, යීස්ට් ආසාදනයක්, එහෙම නැතිනම් ට්‍රිකෝමනායසිස් වගේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදනයක් වෙන්නත් පුළුවන්. අන්න එහෙම යෝනි මාර්ගයෙන් නැගෙන රසය සහ ගන්ධය සාමාන්‍යයට වඩා තීව්‍ර වෙලා කියලා දැනෙනවා නම්, ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් මුණගැහෙන එක තමයි කරන්න ඕන.

 

 

අන්තිම වශයෙන් තව කාරණයක් සිහි තබා ගත යුතුයි. යෝනි මාර්ගයක් ස්වභාවයෙන්ම ආම්ලිකයි. ඒ කියන්නේ නීරෝගී යෝනියක pH අගය 3.8 ත් 4.5 ත් අතර තියෙන්න ඕන කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. ඒකට හේතුව, අනවශ්‍ය බැක්ටීරියා පළවා හරින්න නම් ඒ ආම්ලිකතාවය අවශ්‍ය නිසා. අන්න ඒ නිසා නොදන්න බේත් හේත්, බාත් ප්‍රොඩක්ට්ස් එහෙම පාවිච්චි කරලා මේ pH අගය වෙනස් කරන්න උත්සාහ කිරීම නුවණට හුරු නෑ. ඒකෙන් වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න, බැක්‍ටීරියා ආසාදන ඇතිවෙන්න පුළුවන් ලේසියෙන්ම.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *