කසාද බැන්දට පස්සෙ ඇඳට ගොඩවෙන්නෙ නිදාගන්නම නෙමෙයි. එහෙම කිවුව ගමන් වල් ඇහෙන් බලන්න පටන් ගන්නෙපා. එහෙම කිවුව කියල වල් ඇහෙන් නොබලා ඉන්නත් එපා. කසාද බැන්දම ඇඳේදි නින්දට වඩා දේවල් තියෙනවා. සෙක්ස් ඒ අතරින් ප්‍රධානයි වගේම ඒක නින්දට අමතරව ඇඳේදි කරන එකම දේත් නෙමෙයි. අන්න එතකොට ඔබට හිතේවි අපි මොනවද ඇඳේ කරන්න කියන්නේ කියල. කෑම කන්නද? චෙස් අදින්නද? නෑ අපි මේ කියන්නෙ නින්දට පෙර අඹුසැමියන් ඇඳේදි නොකළ යුතු දේවල් ටිකක්. මේ දෙවල් කියෙවුවම ඔබට කළ යුතු දෑ මොනවද කියලා හිතාගන්න පුළුවන් වේවි.
1. වෙලාවල් දෙකකදි යන්නෙපා

Source – grapiest.com
වයිෆ් කුස්සිය අස් කරලා, දරුවා හැඩි කරපු ගෙදර පිළිවෙලක් කරලා, ඇඳට එනවා. හස්බන්ඩ් රෙස්ලිං මැච් බලලා ෆිල්ම් බලලා ඇඳට එන්නෙ ඊටත් පැයකට පස්සෙ නං ඒක හොඳ දෙයක් නෙමෙයි. දෙන්නා වෙලාවල් දෙකකදි ඇඳට ගොඩ වෙන්නෙපා. දෙන්නගේ ඇඳේ එක්කෙනෙක් තනි වෙන්නෙපා කියලයි අපි කියන්නෙ. දෙන්නම එකට ඇඳට ගොඩවෙන්න. ඒක දෙදෙනාගේ උණුහුම පිරි හාද්දකින් නින්දට වැටෙන සතුටක් බවට හරවා ගන්නට හේතුවක් වේවි.
2. නිදන කාමරයේ ඝෝෂා

Source – shutterstock.com
ඔබේ නිදන කාමරයේ බිරිඳත් සැමියාත් විකර්ෂණය කරවන දේ මොනවාද? නිතර එළිය වෙමින් ඔබේ අවධානය පැහැරගන්නා ඔබේ ස්මාට්ෆෝනය ඔබේ දෑසට වදයක් නම් එය කාමරයේ ඔබේ ඇඳ අසලින් නොව ඔබේ ඇඳට දුරකින් තබන්න. කාමරයේ ඇති රූපවාහිනිය ඉවත් කරන්න. ඝෝෂාව නැති අඳුරේ සුවය විඳින්න. අවශ්‍යම නම් පමණක් යම් ලා පැහැ එලියක් දුරින් දල්වා ගන්න. අඳුරේ සහ නිසසල බවේ සුවය දෙදෙනාම විඳින්න.
3. වචනයක් දෙකක්

Source – shutterstock.com
රෑ ඇඳට ආවම, අද දවස කොහොමද? කියා අසන පැනයට හොඳයි! කියා අනෙක් ඇලයට හැරී නිදා නොගන්න. ඔබේ සයනය ඊට වඩා ක්‍රියාශීලී වූ යුවලක් වෙනුවෙන් සැදී පැහැදී සිටින බව අමතක නොකරන්න. ඔබ දෙදෙනාගේ කතාබහ වඩා සෞම්‍ය සහ අතිශය පෞද්ගලික දෙයක් බවට පත් කරගන්න. එය කිසි විටෙකත් රණ්ඩුවක් බවට පත් කර නොගන්න. අනෙකාට උපදෙස් දෙන්න යන්නෙපා. නමුත් ආදරයෙන් වචනයක් හුවමාරු නොකර ඉන්නෙපා.
4. සමාජ ජාලා

Source – 1075koolfm.com
ඔබ කාර්යබහුල මිනිසෙකු නම් එදා දවසේ ඔබේ මිතුරන්ගේ සහ හිතවතුන්ගේ යාවත්කාලීනයන් සියල්ල ඔබ ලබාගන්නේ රාත්‍රියේ ඇඳට පැමිණි පසු ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රම් හරහා විය හැකියි. නමුත් ඔබ එහි ගිලී සිටිනා විට ඔබට මගහැරෙන ඔබේ නිවසේ ඔබ වෙනුවෙන් ම වෙන්වූ සහකරුවා පිළිබඳ නිතර සිහිකරන්න. සෑම මොහොතක්ම සමාජ ජාලා ඇබ්බැහියට ගෙවෙන කල සයනය මත ඔබ බලාපොරොත්තුවෙන් ඇය ඇති බව සිහියට නගා ගන්න.
5. පෙර සූදානම අමතක නොකරන්න

Source – youtube.com
ඇඳට ගොඩවන විට නා පිරිසුදු වී සුවඳ විළවුන් තරමක් ගල්වා ප්‍රියමනාප ලෙස ගොඩවන්න. සහකරුවා හෝ සහකාරිය ඔබව විවාහ කරගෙන සිටියත් ඔබ හා ලිංගිකව එක්වීම මගහරිනවානම් එයට හේතුව ඔබම විය හැකියි. ඒ ඔබේ ඇති නුරුස්නා ගති විය හැකියි. නිසි ලෙස පිරිසුදුව, මොට විය යුතු තැන් මොට කර, සුමුදු විය යුතු තැන් සුමුදු කර පැමිණෙන්න. සයනයේදී හදිසියේ සිහිපත්ව ඒ කටයුතු කරන්නට නොයන්න.
6. සෙක්ස් සෙක්ස් සෙක්ස්

Source – weedshoe,com
සමහරු කතා කරන්නට අකමැතිම මාතෘකාවක් වුවත් කසාද ජීවිතයේ අඹුසැමියන් දෙදෙනා වැඩිපුරම අවධානය යොමු කළ යුතු, වියදම් කළ යුතු, ප්ලෑන් කළ යුතු, කාලයක් වෙන් කළ යුතු දෙයක් ලෙස සෙක්ස් කාණ්ඩගත කළ හැකියි. එහි වැදගත්කම වටහා ගන්න. ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න හැකි හැමවිටම සාකච්ඡා කරන්න.
7. කේන්ති ශාන්ති

Source – sheknows.com
ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය සමග කෝපයක් තිබෙනවානම් එය කිසිසේත්ම නිදි ඇඳේදී විසඳන්නට නොයන්න. යම් කැපකිරීමක් කර එය ඔබේ සිතේම තබාගන්න. එය විසඳීම පසුදිනට තබන්න. ඒ නිසා රාත්‍රිය විනාශ කර නොගෙන ඔබේ ක්‍රෝධය බිඳෙන තුරු ඔවුන් මගහරින්න. එයට පෙර කිවූ රූපවාහිනිය හෝ ස්මාට්ෆෝනය භාවිත කර කාලය කාදැමීමට ඔබට හැක. ඇඳ ආදරය සහ ආදරයෙන් උපන් කාමය වෙනුවෙන්ම තබන්න.
Cover Image Source – instagram.com
Leave a Reply