BDSM කරන්න ආසාවෙන්ද ඉන්නේ? ඊට කලින් ඒ ගැන ටිප්ස් ටිකක් දැනගන්න එක හොඳයි නේද?

දැන් අපි BDSM කියන්නේ මොනවද කින්ද මන්ද කියන එව්වා ගැන අටුවා ටීකා ටිප්පණි කියන්න යන්නෙ නෑ. ඇයි? අපි කලිනුත් ඒ ගැන කතා කරලා තියෙන නිසා. හැබැයි මෙහෙම දෙයක් නම් අනිවාර්යයෙන්ම කියන්න ඕන. BDSM කියන්නේ නරක, ජරා දෙයක් එහෙම නෙවෙයි. BDSM කියන්නේ සෙක්ස්ම විතරකුත් නෙවෙයි. අපි මෙහෙම කියමු. දැන් සෙක්ස් කියන්නේ තවදුරටත් ප්‍රජනනය සඳහා කරන දෙයක් නෙවෙයිනේ. සෙක්ස් කියන්නේ විනෝදාස්වාදය සඳහා කරන දෙයක්. ආට් එකක්. අන්න එතනදී ලිංගික උත්තේජනය සඳහා තමන්ගේ ආස දේවල් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක් ආසයි සෙක්ස් කරන එකේදී තමන්ගේ පාට්නර්ට සම්පූර්ණයෙන්ම යටත් වෙන්න. අන්න එතකොට ඒ යටත් වීම නිරුපණය වෙන දේවල් කිරීමෙන් එයාට ලැබෙන උත්තේජනය වැඩි වෙනවා. අන්න එහෙම දෙයක්. එහෙම නැතුව ඔය ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ බලපු ගොඩක් අය හිතන විදියට BDSM කියන්නේ ලණු වලින් බැඳලා කසෙන් ගහන එකට නෙවෙයි!

හරි. අපි මේ ආටිකල් එකේ කතා කරන්නේ BDSM ලයිෆ්ස්ටයිල් එකක් විදියට කරන එකට වඩා, සෙක්ස් කිරීමේ අංගයක් විදියට BDSM වල විවිධ භාවිතාවන් කරලා බලන්න කැමති අයට දෙන්න පුළුවන් උපදෙස් ටිකක් ගැන. විශේෂයෙන්ම BDSM වලට ආධුනික, ඒත් කැමැත්තක් තියෙන අයට මේ ටිප්ස් සෑහෙන්න වැදගත් වේවි.

 

1. සෙක්ස් ඇන්ඩ් කමියුනිකේෂන්

මෙන්න මේක ඉතාම වැදගත්. දෙන්නත් එක්ක මුලින් අවබෝධයකට සහ එකඟතාවයකට එන්න ඕන දෙන්නා මොනවද කරන්න යන්නේ කියන එක ගැන. සාමාන්‍යයෙන් ඩොමිනන්ට්-සබ්මිසිව් ප්ලේ එකකදී ඩොමිනන්ට් කෙනා සබ්ගෙන් ඔයාට මම මෙහෙම කරන්නද, අරෙහෙම කරන්නද කියලා අහ අහා කරන්නෙ නෑ. හැබැයි සෙක්ස් කරන්න කලින් අනිවාර්යයෙන්ම අහන්න ඕන. මොකද සෙක්ස් කරනකොට තියෙන ගෝල්ඩන් රූල් එකක් තමයි දෙන්නගේම කැමැත්ත කියන එක. අන්න ඒ නිසා සෙක්ස් කරන්න ඇඳට හෝ වෙන තැනකට යන්න කලින් හොඳ සංවාදයක යෙදෙන්න තමන්ට මොනවද ඕන කියන එක ගැන. සමහර වෙලාවට සබ්මිසිව් කෙනා කියයි, “මම ඒ වෙලාවට කොයි තරම් එපා කිව්වත් ඔයා ඒක අහන්නෙ නැතුව මෙන්න මෙහෙම මට කරන්න” කියලා. ඔව්, මුලින් කැමැත්ත දුන්නට පස්සේ ඒ වෙලාවට බෑ කියන එව්වා අදාළ නෑ. හැබැයි ඒකට බය වෙන්න එපා. ඒකට තමයි සේෆ් වර්ඩ් තියෙන්නේ!

 

2. සේෆ් වර්ඩ් ඊස් යෙලෝ

සේෆ් වර්ඩ් කියලා අපි සෙක්ස් වලදී කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි උඩිනුත් කිව්වනේ වැඩේ පටන් ගත්තට පස්සේ “අනේ මට බෑ” කියලා කංකෙඳිරි ගාන්න බැහැයි කියලා. හැබැයි ඔක්කොටම කලින් දෙන්නම එකඟ වෙනවා සේෆ් වර්ඩ් එකකට. සේෆ් වර්ඩ් එක වෙන්නෙ යෙලෝ කියලා කියමු. දැන් සෙක්ස් කරන්න ගියාට පස්සේ යටත් වෙන එක්කෙනාට හිතෙනවා මෙතනින් එහාට කරන්න අමාරුයි කියලා. හැබැයි අමාරුයි කියලා ඇඬුවත්, කෙඳිරි ගෑවත්, බෙරිහන් දුන්නත් වැඩේ නවතින එකක් නෑ. හැබැයි එයා “යෙලෝ” කියලා කියපු සැණින් වැඩේ නවත්තන්න ඕන. ආයෙ වගවිභාගයක්, ඇහිලි බැලිලි මොකුත් නෑ. ඒක තමයි මෙතනදී දෙන්නම එකඟ වෙන නීතිය. ආන්න ඒකට තමයි සේෆ් වර්ඩ් එකක් තියෙන්නේ.

 

3. BDSM බඩුමුට්ටු කොහෙන් හොයන්දෝ!

ඔය BDSM සම්බන්ධ විවිධ දේවල් බලපු අයට බලපාන ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ, ඒකට ඕන කරන විදියේ අනං මනං කෑලි බෑලි ගැජට් කොහෙන්ද හොයාගන්නේ කියන එක. ඒ කියන්නේ සමහරු හිතනවා ඒවා නැතුව BDSM කරන්න බෑ කියලා. එහෙම එකක් නෑ. ඔය ෆිල්ම් වල පෙන්නන විදියේ අමුතු අමුතු දංවැල්, කටට දාලා ලොක් කරන ගැග් බෝල්ස්, ෆ්ලෆී මාංචු අනං මනං ඕන නෑ. ගොඩක් වෙලාවට BDSM වලට අවශ්‍ය කළමනා අහල පහලින්ම හොයාගන්න පුළුවන්. උදාහරණයක් ගමු. දැන් පාට්නර්ගේ අත් එහෙම බඳින්න මොනවද ලේසියෙන් හොයාගන පුළුවන්? ලේසියෙන්ම බ්‍රා එකකින් එහෙම වුණත් ගැට ගහන්න පුළුවන්. එහෙම නැතිනම් පළලට ඉරා ගත්තු රෙදි පටි පාවිච්චි කරන්න පුළුවන්. ඕන නම් රළු නැති කෝඩ් වර්ග ඕන තරම් හාඩ්වෙයාර් එකකින් එහෙම හොයාගන්න පුළුවන්. හැබැයි කොහුලණු හරියන්නෙ නෑ, හොඳේ!

 

4. සෙන්සේෂන් ප්ලේ

BDSM වලට අලුත් අයට පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න පුළුවන් විවිධ ආකාරයට ලිංගික උත්තේජනයක් ලබාදෙන දේවල් එක්ක. උදාහරණ ගමුද? ඔන්න අයිස් කැටයක් ගන්නවා. පාට්නර්ගේ අත් බැඳලා තියෙන්නේ. අපි අයිස් කැටේ එයාගේ ඇඟ දිගේ අරගෙන යනවා, හිතන්න ඇඟිලි වල, කන් පෙති වල, නිපල්ස් වල, නාභියේ එහෙම සීතල අයිස් කැටේ ගෑවෙනකොට තියෙන අමුතු ෆීලින්ග් එක. ඕක ඉතින් ලිංගේන්ද්‍රිය දක්වාම ගේන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ අයිස් කැටේ කටේ දාගෙන, කට හොඳට සීතල වුණාට පස්සේ මුඛ සංසර්ගීය අත්දැකීමක් දෙන්නත් පුළුවන්! මේකම රස්නේ වතුර එක්ක කරන්නත් පුළුවන්. අන්න ඒ වගේ දේවල්.

එතකොට පිහාට්ටකින් ඇඟ පිරිමදිනවා වගේ දේවල්.

 

5. වේදනාව සහ ආශ්වාදය අතර වෙනස

BDSM වලට ආධුනික කෙනෙක් ඉතාම පරිස්සමෙන් වටහා ගන්න ඕන කාරණාව මේක තමයි. ගොඩක් දෙනෙක් හිතනවා BDSM කියන්නේ වද දෙන එකට, රිද්දන එකට කියලා. නෑ, ඒක වැරදියි. ඇත්තටම BDSM වලදී කරන්නේ යම් කිසි ආශ්වාදයක් ලබාදෙන පුළුවන් දෙයක් කරන එක. උදාහරණයක් ගමු. සබ්මිසිව් කෙනෙක් ආස වෙන්න පුළුවන් තමන්ගේ නිපල්ස් මෘදුව ස්පර්ෂ කරනවට වගේම පොඩ්ඩක් තදින් හපනවටත්. සෙක්ස් කරනකොට ගොඩක් වෙලාවට යම් කිසි වේදනාවක් වුණත් ආශ්වාදයක් වෙනවා කියන්නේ ඒ නිසානේ. හැබැයි අන්න එතනදී එයාට ආශ්වාදයක් ගෙන දෙන සීමාව පන්නලා, ඒක හිරිහැරයක් වෙන වේදනාවක සීමාවට ගියොත් වැඩේ කචල්. ඒකට කරන්න පුළුවන් මේකයි. මුලින්ම BDSM එක්ස්පෙරිමන්ට් කරන කොට සම්පූර්ණයෙන්ම ඒ භූමිකාවට යන්නෙ නැතුව, හොඳ අවබෝධයක් ලබාගන්න දෙන්නගේම ආශ්වාදයේ සීමාවන් ගැන. උදාහරණයක් විදියට මෘදු තැනක ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ පීඩනය වැඩි කරමින් එයාගෙන්ම අහන්න පුළුවන් කොහොමද කියලා. එතකොට එයාගේ ප්‍රතිචාරය එක්ක අපිට තීරණය කරන්න පුළුවන් මොකද්ද අවශ්‍ය සීමාව කියලා.

ආන්න එහෙම දෙන්නාම දෙන්නා ගැන හොඳ අවබෝධයක් ගත්තට පස්සේ පුලුවන් ෆුල් BDSM සෙෂන් එකකට යන්න.

 

6. ස්පෑන්කින්ග් රොක්ස්!

ගොඩක් වෙලාවට ඔය BDSM වලට ආසයි ඒත් බයයි කට්ටියට බොහොම පහසුවෙන් පටන් ගන්න පුළුවන් තැනක් තමයි ස්පෑන්කින්ග් කියන්නේ. ඒ කියන්නේ කොටින්ම කිවුවොත් පස්සට ගහනවා වගේ ඒවට. හැබැයි මේ කියන්නේ අර ගෙදර වැඩ කරගෙන ආවෙ නෑ කියලා ගණන් සර් අල්ල පුරෝලා ගහනවා වගේ ගැහිල්ලකට නෙවෙයි. පහරේ බලය එක තැනකට කේන්ද්‍රගත නොවෙන විදියට, වින්දනයක් ලැබෙන විදියට ගහන එකකට තමයි මේ ස්පෑන්කින්ග් කියන්නේ. උදාහරණයක් විදියට කිව්වොත්, අල්ල විහිදලා සැර අඩු පාරවල් තට්ටම් වලට ගහන්න පුළුවන්. ඒක වින්දනාත්මකයි. හැබැයි පාට්නර් කියනවා නම් තව හයියෙන්, සැරෙන් ඕන කියලා, ඒක අර උඩින් කියපු විදියට ටික ටික වැඩි කරලා, පාට්නර්ට ඕන ප්‍රමාණෙට ගන්න පුළුවන්. ඕන නම් අත විතරක් නැතුව, පැතලි සහ පළල් අඩි රූලක් වගේ විවිධ දේවල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

 

7. බැක් සයිඩ් ඕකේ! ෆ්‍රන්ට් සයිඩුත් ඕකේ!!

සාමාන්‍යයෙන් BDSM කරන කොට ගොඩක් දෙනෙක් බැක්සයිඩ් එකේ සෙක්ස් කරන්න, ඒ කිව්වේ ඓනල් සෙක්ස් නැතිනම් ගුද සංසර්ගයට කැමැත්තක් දක්වනවා. හරි, ඒක තමතමන්ගේ කැමැත්ත. ඒක හරියට කරන්නේ කොහොමද කියන එකත් අපි කලින් කියලා තියෙනවනේ. හැබැයි අපි මේ කියන්නේ ඒ ගැන නෙවෙයි. BDSM කරනකොට බැක් වුනත්, ෆ්‍රන්ට් වුනත් රළු විදියටයි සෙක්ස් කරන්න ඕන කියලා සමහරු බොහොම වැරදි මතයක ඉන්නවා. නෑ. BDSM කියන්නේ ඒක නෙවෙයි. අන්න ඒ නිසා කරුණාකරලා ඉස්සරහින් කළත්, පස්සෙන් කළත්, තෘප්තියක් මිසක් අනවශ්‍ය වේදනාවක් ඇති නොවෙන විදියට ඒක කරන්න වග බලා ගන්න ඕන. 

ඇත්තටම BDSM වලට ආධුනික නම්, එක පාරටම ඩිරෙක්ට් ඉන්ටර්කෝස් එකට හරි ඓනල් ඉන්ටර්කෝස් එකට හරි නොයා, අනික් එන්ජෝයි කරන්න පුළුවන් දේවල් එක්ක ඉස්සරහට ගියත් කමක් නෑ.

 

8. එයාට තියෙන ආදරේ වෙනුවෙන්ද මේ ඉවසන්නේ?

මෙන්න මේක අවසානෙට කියන්න ඕන. BDSM කියන්නේ තමන් ආදරේ කරන කෙනා නැතිනම් සෙක්ස් කරන කෙනා නැතිවෙයි කියලා බයට, තමන් අකමැතිව වුනත් කරන දෙයක්, එයා වෙනුවෙන් කරන දෙයක් නම් නෙවෙයි. එහෙම තැනක ඉඳන් නම් BDSM ට්‍රයි කරන්න යන්න එපා. මේක ඇත්තටම දෙන්නගේම වින්දනය සඳහා කරන දෙයක් වෙන්න ඕන. BDSM ප්ලේ එකකදී ඩොමිනන්ට් වගේම සබ්මිසිව් කෙනාත් උපරිම තෘප්තියක් ලබාගන්න ඕන. අන්න ඒ නිසා කරුණාකරලා යන්න අංක එකට. දැන් බලන්න දෙන්නටම ඕන මේකද කියලා. දෙන්නටම ඕන මේක නම්, දෙන්නටම ජය වේවා!

 

තව දෙයක්. අපි ආටිකල් එකේදී තේරුම් ගන්න පහසුවට BDSM කරනවා කිව්වට, ඒක හරිම හරි දෙයක් නෙවෙයි. BDSM කියන්නේ ලයිෆ්ස්ටයිල් එකක්, ආට් එකක් වගේ දෙයක්. එතකොට BDSM එලිමන්ට්ස් එක්ක සෙක්ස් කරනවා කියන එක තමයි හරිම යෙදුම. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *