කොළඹ අවට හවසකට කෝපි එකක් බොන්න යන්න තියෙන අලුත්ම තැන් 6ක්

best new coffee shops

අපි හැමදාමත් කියන දෙයක් තමයි මාසෙකට සැරයක් වුනත් දෙන්නත් එක්ක හවස් අතේ ගිහින් කෝපි එකක් බීලා එන්න රුපියල් තුන් හාරසීයක් වියදම් කලාට කමක් නැහැ කියන එක. ඇත්තටම කැෆේ එකකින් අපි මිලදී ගන්නේ කෝපි එකක් විතරක් නෙවෙයි. එක්තරා විදියකට අපි සංස්කෘතියකුත් එතන අත්විඳිනවා. දැන් එහෙම වෙනස් අත්දැකීමක් ලබන්න කැමති යුවළකට හැමදාමත් යන්න තියෙන කැෆේ එකක් වෙනුවට, අලුත් කැෆේ එකකට ගිහින් බලන්න ඕනෑ නම්, අපේ මේ ලිස්ට් එක පොඩ්ඩක් කියවලා බැලුවට කමක් නෑ. හැබැයි මේ තැන්වල කෝපි එකක රහ, චීස් කේක් කෑල්ලක රහ අඩු වැඩි වෙන්න පුලුවන්. ඒක තමන්ම ගිහින් අත්දකින්න ඕන දෙයක්.

 

1. Tokiwa Café

best new coffee shops

Source – facebook.com

සාමාන්‍යයෙන් කෝපි කඩයක් කියනවට වඩා මේ තැනට කියන්න පුලුවන් වෙන්නේ ජැපනීස් රෙස්‍ටුරන්ට් එකක් කියලා. කොල්ලුපිටියේ හොටෙල් ඩ්වෙල් එකේම පහළ තට්‍ටුවේ තියෙන ටොකීවා කැෆේ එක වඩාත්ම සිත් ගත්තේ මිලාධික ජපන් නොවන, ඒත් ජපන් පැත්තට බර අමුතු අමුතු කෑම බීම එක්ක නිදහසේ වරුවක් ගත කරලා එන්න පුලුවන් ඉඩ පහසුකම් තියෙන තැනක් නිසා. මෙතන ඔය බේග්ල්, බේකන් ඇන්ඩ් එග් බන්, ජපන් ආරේ පෑන් කේක් වගේ එක එක කෑම ජාති තියෙනවා. එතකොට බොන්නත් කෝපි වගේම ජපන් ඌරුවේ එක එක බීම ජාතිත් තියෙනවා.

දුරකථන අංක: 0764727927

තැන මෙතන:

 

2. Cafe Sociale

best new coffee shops

Source – facebook.com

බම්බලපිටියේ හැමෝගේම ඇහැ ගැටෙන තැනක තියෙන නවීන පෙනුමත්, පැරණි පෙනුමත් එක් තැන් වුණු කැෆේ සෝෂාල් එක ගැන මුලින්ම දැනගත්තේ ඒ උදවියගේ වෙබ් අඩවියෙන්. ඒක දැක්කම නම් පිස්සු හැදෙනවා. ටොප් බන්, සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස්, ද කොඩ් ෆාදර්, ද හිල්ස් හෑව් පයිස්, චිකන් රන්, ද ඉටැලියන් ජොබ්, ග්‍රිල් බිල් වොලියුම් 1, ලයිෆ් ඔෆ් පයි, කැච් මී ඉෆ් යූ කැන්, බ්‍රිජ් ඔෆ් ද රිවර් තායි වගේ නම් වලින් තමයි මේකේ මෙනු එක හැදිලා තියෙන්නේ. ‍ෆිල්ම් ෆෑන් කෙනෙක් නම් පට ගාලා නම් ටික අල්ලගනී. හැබැයි මේකේ තියෙන කෝපි වල නම් ඒ ඒ විදියටම තමයි තියෙන්නේ. තැන මරු. පරණ තාලේ සෝෆා, පු‍ටු, මේස තියෙන මෙතන යාලුවෙක් එක්ක සීරියස් ටෝක් එකක් දාගෙන ඉන්න ගැලපෙනවා.

දුරකථන අංක: 0774445788

තැන මෙතන:

 

3. Brew 1867 by Dilmah

best new coffee shops

Source – facebook.com

මෙතන ඇත්තටම හවසකට ඇවිත් නිදහසේ කෝපි කෝප්පයක් තොලගාන්න ගැලපෙන තැනක් නම් නෙවෙයි. තැනත් ඉඩකඩ මදි, පු‍ටුත් සැප පහසු නෑ. හැබැයි උදේට කන්න කෑම අරගෙන යන්න, හවසට ඇවිත් මැක්‍රෝන් එකක් කාලා තේ එකක් හරි කෝපි එකක් හරි බීලා යන්න මෙතන නියම තැන. විශේෂයෙන්ම මෙතන දැක්ක ගමන් හිතෙන දෙයක් තමයි හැමදේම හෙල්දි ෆුඩ් කියලා. විශේෂයෙන්ම මේ අයගේ තියෙනවා ග්‍රැනෝලා, ස්ට්‍රෝබෙරි සහ යෝගට් එකතු කරලා හදපු ෆෘට් පොට් එකක්. උදේ කෑමට ඒ එකක් ගත්තත් ඇති.

දුරකථන අංක: 0117445990

තැන මෙතන:

 

4. The Embazzy

best new coffee shops

Source – facebook.com

කොළඹ මල් පාරේ රෝයල් එක පැත්තට වෙන්න තියෙන එම්බසි කැෆේ එක දැක්ක ගමන් ආස හිතෙනවා. ඒකේ පෙනුම හරියට ඉහළ පෙළේ රෙස්‍ටුරන්ට් එකක වගේ. ඉස්සරහා ලොකුවට නමත් එක්කම Eat. Travel. Live. කියලා ගහලා තියෙන ස්ලෝගන් එක දැක්කහමත් අමුතු කික් එකක් එනවා. හැබැයි ඇතුළට ගියාට පස්සේ ඒකේ අර නවීන අංගෝපාංගයන් එක්ක තියෙන පැරණි පෙනුම, විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ සහ තරප්පු පෙළ දැක්කහම හිතෙන්නෙම කෝපි එකක් තොලගාන ගමන් මොනවා හරි ලියන්න වගේ වැඩක් කරන්නයි. හැබැයි හවසකට ගිහින් ගෑණු ළමයා හරි පිරිමි ළමයා හරි එක්ක සාමීචියේ යෙදෙන්නත් මෙතන කියාපු සුවපහසු තැන. එතකොට කොළඹ තියෙන හොඳම කෝපි එකකුත්, හොඳම චීස් කේක් කෑල්ලකුත් මෙතනින් ලබාගන්න පුලුවන් කියලා අපි බය නැතුව කියනවා.

දුරකථන අංක: 0112576027

තැන මෙතන:

 

5. Wheelys Café

best new coffee shops

Source – facebook.com

වීලීස් කැෆේ එකට ඇත්තටම ඉස්සර හරි හමන් තැනක් තිබුණේ නැහැ. ඒත් දැන් ඒ අය පර්මනන්ට් තැනක නතර වෙලා ඉන්නවා. අර ඉස්සර තිබුණු හිපි ලුක් එකත් එහෙමම තියෙනවා. තැන දැක්ක ගමන් අර පිටකො‍ටුවේ ගොඩ ගහලා තියෙන ලී පෙට්ටි වගේ හැඟීමක් ආවට ගණන් ගන්න එපා. මෙතන ලස්සනයි වගේම පු‍ටු මේස සුවපහසුයි. ලී ඵලකයක එන මෙනු එකත් දැක්කත් සතු‍ටුයි. මේ අය කියනවා ඒ ගොල්ලෝ දෙන්නේ හෑන්ඩ්මේඩ් කෝපි කියලා. ඒක හරි, කැමති ඕනෑම කෝපි වර්ගයක් මෙතනින් ගන්න පුලුවන්. ඒ ඇරෙන්න ජින්ජර් බියර්, කැරට් සහ නාරං යුෂ, ලයිම් සහ මින්ට් යුෂ, අයිස් තේ, අයිස් කෝපි එහෙමත් එතැනම හදලා දෙනවා.

දුරකථන අංක: 0763244515

තැන මෙතන:

 

6. La Veranda

best new coffee shops

Source – facebook.com

කොල්ලුපිටියේම තියෙන මෙතනත් අර අපේ නිදහසේ පොතක් කියවන්න තියෙන කැෆේ එකක වගේ වාඩිවෙලා කෝපි එකක් බොන ගමන් පොතක් කියවන්න, නැතිනම් පැයක් දෙකක් කයියක් ගහගෙන ඉන්න ගැලපෙන තැනක් නම් නෙවෙයි. මොකද තැන පුංචියි. තියෙන මේසත් පුංචියි. පු‍ටුත් පුංචියි. හැබැයි ඉතින් මෙතන පොඩි ගතියක් නැත්තේමත් නෑ. කොහොම වුනත් මෙතැනත් අපේ ලිස්ට් එකට එකතුවෙනවා. මොකද දෙන්නත් එක්ක කොල්ලුපිටිය පැත්තට එන වෙලාවක බඩගින්නක් ආවොත් කෝපි එකක් එක්ක බර්ගර් එකක් එහෙම කන්න හිතුනොත්, ඒකට මෙතන ගැලපෙන නිසා. මෙතන ෆෘට් ජූස්, මිල්ක් ෂේක්, බූස්ටර්ස්, සිසිල් කෝපි, උණු කෝපි වගේම උණු තේ වර්ගත් තියෙනවා. විශේෂයෙන්ම කෝපි වර්ග කීපයක් එක්ක ග්‍රීන් ටී, බ්ලැක් ටී, ජින්ජර් ටී, සිනමන් ටී, ඕගැනික් ටී සහ උණු නැති අයිස් ටී මෙතන තියෙනවා. මිල ගණන් ඉතාමත්ම අඩුයි.

දුරකථන අංක: 0768300400

තැන මෙතන:

 
Cover Image Source – facebook.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *