සෙක්ෂුවල් ෆැන්ටසි එකක් කරමු කිව්වොත් කෙල්ල කොස්සෙන් ගහයිද?

දැන් සෙක්ස් ගැන නං නොදන්න ළදරුවෙක් ඉන්න විදියක් නෑනේ. සෙක්ස් ගැන නොදන්නවා වගේ ඇඹරුනාට දැන් කාලේ කෙල්ලො කොල්ලෝ සෑහෙන්න සෙක්ස් ගැන දන්නවා. (හැබැයි සෙක්ස් ගැන හරි කරුණු කාරණා දන්නවද කියන එක වෙනම කතාවක්, ඒ ගැන අපි වෙනම ආටිකල් එකකින් කතා කරමු). ඒත් ගොඩක් දෙනෙක් නොදන්න කාරණයක් තමයි සෙක්ෂුවල් ෆැන්ටසි කියන්නේ. අද කතාව ආන්න ඒක ගැනයි!

 

1. මොකද්ද මේ?

හරි, දැන් සෙක්ස් ෆැන්ටසි එකක් නැතිනම් සෙක්ෂුවල් ෆැන්ටසි එකක් කියන්නේ මොකද්ද එතකොට? කොටින්ම කිවුවොත් එහෙම කියලා අඳුන්වන්නේ හිතේ මවාගන්න දෙයක්. ඒ කියන්නේ යම් කෙනෙක්ට ලිංගික උත්තේජනයක් ලබාදෙන, හිතේ මවාගන්න යම් කිසි ලිංගිකත්වය හා සම්බන්ධ වුණු දෙයක්. උදාහරණයක් විදියට කිවුවොත් කෙනෙක්ගේ ලිංගික ෆැන්ටසියක් වෙන්න පුළුවන් සෝෆාවක් උඩ ලිංගිකව හැසිරෙන එක. ඒක හිතේ මැවුනහමත් ලිංගික උත්තේජනයක් ලැබෙනවා. ඕන නම් ඇත්ත ජීවිතේදීත් ඕක කරන්න පුළුවන්.

දැන් ඔය පෝර්නොග්‍රාෆ් නැත්නං නිල් කෑලි බලනවා කියලා කරන්නෙත් ඕකම තමයි. නැද්ද? තිරයේ තියෙන දේ එක්ක තමන්ගේ හිතේ ෆැන්ටසියක් මවා ගැනීම නෙවෙයිද ඒක?  සම්පූර්ණයෙන්ම ඒක නෙවෙයි. හැබැයි ඊට කිට්ටුයි.

 

2. තව උදාහරණයක් දෙකක් දෙන්න බැරිද?

උදාහරණ නම් ඉතින් තොග ගාණට දෙන්න පුළුවන්. සමහරු ආසයි ඇඳට එනකොට තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි වයිෆ් හරි විවිධාකාරයේ ඇඳුම් අඳිනවට. සමහරු ආසයි සාරියක් ඇඳලා එනවට. සමහරු ආසයි ට්‍රැක් බොටමක් ගහලා එනවට. සමහරු ලොංෂරි -ඒ කිව්වේ සෙක්සි යට ඇඳුම්- ඇඳලා එනවට කැමතියි. එතකොට ඒ වගේ ආසාවන් ගෑණු ළමයින්ටත් තියෙනවා. සමහරු ආසයි තමන්ගේ පාට්නර් තමන්ගේ යට ඇඳුම් ඇඳලා ඇඳට එනවට. සමහරු ආසයි ෂෝටක් ගහගෙන එනවට. ඊට පස්සේ ඉතින් සෙක්ස් කරන කතන්දරේට ගියත් එක එක අයට එක එක විදියේ ෆැන්ටසීස් තියෙනවා. ඔය බීඩීඑස්එම් කියන්නෙත් ඒ වගේ දෙයක්. සමහරු කැමතියි අනික් කෙනා තමන්ව ඇඳේදී පාලනය කරනවට. සමහරු කැමතියි තමන්ට රළුවට සලකනවට. සමහරු කැමතියි තමන්ට හරිම මුදුමොළොක් විදියට සෙක්ස් කරනකොට සලකනවට. සමහරු කැමතියි තමන්ව ගැටහගලා සෙක්ස් කරනවට.

ඔය කිව්වේ කීපයයි. ඔයිටත් වඩා බොහොම වයිල්ඩ් වර්ගේ සෙක්ෂුවල් ෆැන්ටසීස් පවා තියෙනවා!

 

3. ඇත්තටම ඇත්ත ජීවිතේදී සෙක්ෂුවල් ෆැන්ටසීස් කරන්න පුළුවන්ද?

මොකද බැරි? ඒවා කරන්න ප්‍රායෝගිකව පුළුවන් ඒවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත් කොල්ලෙක්ට සෙක්ෂුවල් ෆැන්ටසි එකක් තියෙන්න පුළුවන් හෙද නිල ඇඳුමක් එක්ක. එතකොට තමන් විවාහ වෙලා නම් හරි පාට්නර් කෙනෙක් ඉන්නවා නම් හරි, එයත් එක්ක ඕක ෂෙයාර් කරගන්න පුළුවන්. එතකොට එයත් කැමති නම් එයාට පුළුවන් හෙදියක් විදියට ඇඳුමක් ඇඳලා ඇඳට එන්න. ඒක ඒ තරම් ප්‍රායෝගිකව පහසු සෙක්ෂුවල් ෆැන්ටසි එකක් නෙවෙයි. මොකද ඉතින් ඔහොම ඇඳුම් කඩේ විකුණන්න නැහැනේ. හැබැයි කරන්න බැරි නෑ. අනික් අතට ඇත්තටම සමහර සෙක්ෂුවල් ෆැන්ටසි බොහොම පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන් තරමට සරලයි. උදාහරණයක් විදියට ගත්තොත් තමන්ගේ පාට්නර් ස්වයං වින්දනයේ යෙදෙනවා දකින එක ෆැන්ටසි එකක්. ඒක කරන්න බොහොම ලේසි එකක්.

 

4. අප්සෙට් සෙක්ෂුවල් ෆැන්ටසීස් එහෙමත් තියෙනවද?

අප්සෙට් කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමහර සෙක්ෂුවල් ෆැන්ටසීස් සාපේක්ෂව අප්සෙට්. ඒ කියන්නේ ඒ අප්සෙට් කියන එක පුද්ගලානුබද්ධයි. උදාහරණයක් විදියට කිවුවොත්, කෙනෙක්ට ෆැන්ටසි එකක් තියෙන්න පුළුවන් තමන්ගේ ශරීරයේ කොහේ හරි තමන්ගේ ආදරවන්තයා ශුක්‍ර මෝචනය කරනවට. හැබැයි ඒක තව කෙනෙක් කිසිසේත්ම කැමති නැති දෙයක් වෙන්න පුළුවන්. අන්න එතකොට එක්කෙනෙක්ට ආතල් ෆැන්ටසි එක තව කෙනෙක්ට අප්සට්. ඒ වගේම කෙනෙක් ආස වෙන්න පුළුවන් ටිකක් එළිමහනේ සෙක්ස් කරන්න. ඒක එයාගෙ ෆැන්ටසි එක. හැබැයි එයාගෙම පාට්නර්ට ඒ ෆැන්ටසි එක ෆුල් අප්සට් එක්ක වෙන්න පුළුවන්.

දෙවෙනි අප්සෙට් ෆැන්ටසි වර්ගේ තමයි, පොදුවේ නීතිය සහ සදාචාරය කියන මිණුම් දඬු එක්ක ගත්තහම අප්සෙට් ෆැන්ටසීස්. ඒකට හොඳම උදාහරණයක් තමයි ඔය වයසින් බාල අයත් එක්ක සෙක්ස් කරන්න එහෙම තියෙන ලොලීටා වර්ගයේ ෆැන්ටසි එක. ඒක සදාචාරය අතින් විතරක් නෙවෙයි, නීතිය පැත්තෙන් ගත්තත් නොකළ යුතු දෙයක් විදියට තහනම්!

 

5. අප්සෙට් ෆැන්ටසි එකක් කරන්න යන එක අවදානම්ද?

ඒකත් ඔය අප්සෙට් වර්ග දෙක අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මෙහෙමයි. දැන් අපි කියමු කෙනෙක්ට සෙක්ෂුවල් ෆැන්ටසි එකක් තියෙනවා ඔය බීච් එකක්, බොටනිකල් ගාර්ඩ්න් එකක් වගේ ටිකක් එළිමහන් ප්‍රදේශයක සෙක්ස් කරන්න. හරි, ඒකට දෙන්නගෙන ප්‍රශ්නයක් නැහැයි කියමු. කවුරුහරි දැක්කොත්? හැබැයි ඇත්තටම එහෙම පබ්ලික් සෙක්ස් වලට ආස කෙනෙක් කැමති කවුරුහරි දකින්න අවදානමක් තියෙනකොට සෙක්ස් කරන්න. ඒත් දැන් කාලේ ඕන ෆෝන් එකක කැමරා තියෙනවා. හෙට වෙනකොට තමන්ගේ ලිංගික කටයුතු මූණත් එක්කම ඉන්ටර්නෙට් එකේ තිබ්බොත්?

අනික සමහරුන්ට ඔය ත්‍රීසම් වගේ ෆැන්ටසීස් තියෙනවා. අපිට කියන්න බැහැ එව්වා හොඳද නරකද කියලා. හැබැයි එතනදී හරි විශ්වාසයක් තිබ්බේ නැති නම් බ්ලැක්මේල් කිරිලි වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා.  හරිම ලේසියෙන් පවුල් කැඩෙන්න පවා ඉඩ තියෙනවා.

එතකොට ඔය දෙවෙනි අප්සෙට් වර්ගේ සෙක්ෂුවල් ෆැන්ටසීන් අත්හදා බලන එක අප්සෙට් විතරක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම නොකළ යුතුයි. ආයෙ එව්වා ගැන කථාවත් කරන්න එපා!

 

6. තමන්ගේ පාට්නර් එක්ක කොහොමද මෙව්වා කරන්නේ?

මෙන්න මේක තමයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් ඉතින් දෙන්නෙක් අතර සෙක්ස් සම්බන්ධයෙන් වෙන්න ඕන දේ තමයි සෙක්ස් කරන්න යන්න කලින් ඉතාම හොඳ සන්නිවේදනයක් පැවතීම. මේ සෙක්ස් සම්බන්ධ සන්නිවේදනය සමහරු අතර ඉතාම හොඳයි. ඒ අයට ඕන කුණුහරුපයක් කථාකරගන්න පුළුවන්. එතනදී තමන්ට විවෘතව තමන්ගේ සෙක්ෂුවල් ෆැන්ටසීස් ගැන කියන්න පුළුවන්.

හැබැයි තවත් සමහරු ඉන්නවා සෙක්ස් සම්බන්ධයෙන් විවෘත නැති. ඒ අය එක්ක එක පාරටම සෙක්ෂුවල් ෆැන්ටසීස් ගැන කතා කරන්න යනවා කියන්නේ දීගෙත් කැඩෙන පොටක්. අන්න ඒ නිසා ඒ වගේ කෙනෙක් එක්ක බොහොම ඉවසිලිවන්තව, පියවරෙන් පියවර මේ ගැන සන්නිවේදනය සිද්ධ කරන්න ඕනා.

ඒ වගේම තමයි ඔව්වා කරන්න ගියහමත්. එක්කෙනෙක්ගේ සෙක්ෂුවල් ෆැන්ටසි එකකට අනික් පාට්නර් කැමති නොවෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රබල අකමැත්තක් නෙවෙයි නම් හෙමිහිට කැමති කරවාගන්නත් පුළුවන් වෙයි. ඒත් මෙතනදී අනිවාර්‍යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. කවදාවත් සෙක්ස් සම්බන්ධයෙන් බලපෑම් එල්ල කරන්න නරකයි. කෙනෙක් යම් දේකට අකමැති නම් ඒකට බල කරන එක සෙක්ස් සම්බන්ධයෙන් කරන්න පුළුවන් ලොකුම වැරැද්දක්!

 

7. සෙක්ෂුවල් ෆැන්ටසීස් වල හොඳ පැත්ත

ඇත්තටම පමණ දැනගෙන කරනවා නම් සෙක්ෂුවල් ෆැන්ටසීස් වල හොඳ පැති තියෙනවා. එකක් තමයි ඇත්තටම මේ ඔස්සේ දෙන්නෙක්ගේ ආදර සම්බන්ධතාවයක් වඩාත් දියුණු වීමේ හැකියාව. ඒ වගේම කාලයක් යනකොට එකම දේ කරලා බෝරින් වෙන සම්බන්ධතාවයකට හොඳ රසක් එකතු කරන්නත්, විවිධත්වයක් එකතු කරන්නත් සෙක්ෂුවල් ෆැන්ටසීස් වලට හොඳ හැකියාවක් තියෙනවා. කොටින්ම කියනවා නම් හැමදාම ඇඳට ගිහිල්ලා කරන දේ විසිත්ත කාමරේ බිම ඉඳලා කරන එක වුනත්, කුස්සියේ ඉඳලා කරන එක වුනත්, ලියන මේසේ උඩ ඉඳලා කරන එක වුනත් සෙක්ෂුවල් ෆැන්ටසි එකක් බවට හරවාගන්න පුළුවන්.

හැබැයි තවත් දෙයක්. යම් කිසි සෙක්ෂුවල් ෆැන්ටසි එකක් තමන්ට කොයි තරම් ආස්වාදජනක වුනත්, ඒකටම එක දිගට පුරුදු වෙන්න උත්සාහ කරන්න එපා. ඒකෙන් දෙන්නාගේ සම්බන්ධතාවයට හොඳක් වෙනුවට නරකක් සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි!

 

එහෙමනම්, හැමෝටම සෙක්ෂුවල් ෆැන්ටසීස් ඉටුවෙන දවසක් වේවා!