ඩිජිටල් ලෝකයේ සහ මුද්‍රිත මාධ්‍යයේ කවියකට ඉඩ ඇති තැන් 7ක්

කවියක් කියන්නේ ලියලා අහවර වෙලා තමා ම රසවිඳලා කොහේ හරි මුල්ලකට විසි කරලා දාන්න ඕනි දෙයක් නෙවෙයි. කවියක් කියන්නේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනි දෙයක්. ඔබ කියන දේ අහන්න සූදානමක් නැති මනුස්සයෙක් වුණත් ආසාවෙන් ඔබේ කවියක් කියවනවා. ඉතින් කවියක් කියන්නේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න පුරුදු කරවන දෙයක්. ඉතින් එහෙම ලියවන කවි කොහෙද ඔබ අලවන්නේ?



1. රැස


රැස කියන්නේ ලේක්හවුස් පත්තරයක්. දිනපතා පත්තරයක් වෙන රැස කවි පිටුව දකින්න පුළුවන් බදාදා දවසේ විතරයි. ඉතින් ඔයාගේ කවි සිතුවිලි බදාදා දිනයට කලින් එයාලාගේ ‘කවි ඇසුර’ කියන නමින් තියෙන කවි පිටුවට ඊ මේල් කරාම හරි. ඊමේල් කරන්න තියෙන්නේ [email protected] කියන විද්‍යුත් ලිපිනයට. සංස්කාරකතුමා තමයි තිඹිරියාගම බණ්ඩාර. ඉතින් මේ කවි පිටුවේ සතියේ හොඳ ම කවිය තෝරලා ඒ කවියේ නිර්මාණකරුවාට ත්‍යාගයක් එහෙමත් පිරිනමනවා. කවි කලාව සම්බන්ධ උනන්දුවක් දක්වන බොහෝ දෙනා ආසා කරන කවි පිටුවක් තමයි රැස පත්තරේ කවි පිටුව.



2. රාවය


රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සංස්කරණයට ලක් වෙන රාවය පුවත්පතේ කවි පිටුව නමින් ‘පද්ම තටාකය’. එහි හොඳ ම කවිය වෙන්නේ ‘රන් පියුම’. ඒක ම නිකන් කවියක් වගේ. රාවය පත්තරේ මාරුතය කියන අතිරේකයේ මේ කවි පිටුව තියෙන නිසා [email protected] කියන ලිපිනයට ඔබේ කවි නිර්මාණ යවන්න පුළුවන්. කවි යවන්න විතරක් ම නෙවේ විකල්ප මතධාරාවේ ලියවුණ තවත් බොහෝ අපූරු කවි රාවය පුවත්පතේ කවි පිටුවේ තියෙනවා.



3. බූන්දි


කන්න නෙවෙයි බලන්න තියෙන ඒවා. බූන්දි කියන්නේ සයිබර් අවකාශයේ නිර්මාණකරණයට දීලා තියෙන සෑහෙන ලොකු අවකාශයක්. මේකේ ඉතින් නැති දෙයක් නෑ. කතා නම් කතා. කවි නම් කවි. අපි ඉතින් කවි ගැන කතා කරන නිසා ඒ ගැන අවධානය යොමු කරමු. කවි කිව්වාමත් මේකේ තියෙනවා හයිකු කවි, පරිවර්තන කවි යනා දි විදියට. ඔය කොහෝමින් හරි ලියාපු කවියක් බූන්දියට දමා ගන්න ඕනෑ නම් http://www.boondi.lk එකට ගොඩවැදිලා [email protected] එකට කවිය දැම්මා ම හරි.

 

4. අනංමන​ං

 

 

ananmanan.lk කියන්නෙ කවදත් ආධුනික වගේම ප්‍රවීණ අයගෙත් කවි වලට තමන්ගෙ වෙබ් පිටුව ඇතුළේ ඉඩක් වෙන් කරපු ජනප්‍රියම වෙබ් අඩවියක්. බොහොම සිත්ගන්නාසුළු විදිහට ඔබේ කවි අනන්මනන් කවි පිටුවෙත් පළ කරගන්න ඔයාට පුළුවන්. Ananmanan ෆේස්බුක් පිටුවට හරි [email protected] ඊමේල් ලිපිනයට හරි එවන්න විතරයි තියෙන්නේ.



5. මව්බිම – යං


මව්බිම එක්ක එන අතිරේකයක් තමයි යං කියලා කියන්නේ. ඒක තාරුණ්‍යය ඉලක්ක කරගත්ත පත්තරයක්. ඒකේ කවි පිටුව හඳුන්වා දෙන්නේ ‘පට්ට කවි’ කියන නමින්. පට්ට කවිවලට පට්ට කවි යවන්න පුළුවන් [email protected] කියන විද්‍යුත් ලිපිනයට යැව්වා ම. එහෙමත් නැත්නම් යං, සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගම, 101, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 කියන ලිපිනයට කවිය යවන්නත් පුළුවන්.



6. සති අග අරුණ


සති අග අරුණ පත්තරේ කවි පිටුවේ නම තමයි ගිරිකඳුර. අමරසිරි වික්‍රමරත්න විසින් සංස්කරණය කරන ගිරිකඳුරටත් දැන් දැන් සෑහෙන කවියො පිරිසක් ඉන්නවා. ඒ වගේම පාඨක ප්‍රජාවකුත් ඉන්නවා. ගිරිකඳුරට කවි ලියන්න පුළුවන් ගිරිකඳුර, අරුණ පුවත්පත, නො: 91, විජේරාම මාවත, කොළඹ 07 කියන ලිපිනයට නිර්මාණ යැවීමෙන්.



7. JDS Lanka


Reporters Without Borders කියන ගෝලීය සංවිධානයේ ලාංකේය මුහුණුවර තමයි JDS. ඒ කියන්නේ Journalists for Democracy in Sri Lanka. මේකත් ඩිජිටල්කරණයට ලක් වූ තැනක්. කවිවලට වඩා පුළුල් දේශපාලනික කියවීමක් තියෙනවා කියලා http://www.jdslanka.org/s/index.php ගියපු ගමන් පේන්න තියෙනවා. ඒත් එක්ක ම කවියටත් තැනක් තියෙනවා. අවකාශ කියන නමින් තමයි මේ කවිවලට තියන ඉඩ හඳුන්වන්නේ. අවකාශයට ලියන්න නම් [email protected] කියන ලිපිනයට කවිය යවන්න.



8. අනිද්දා


අනිද්දා පුවත්පතේ ‘විස්ස’ වෙන් කෙරිලා තියෙන්නේ සාහිත්‍ය නිර්මාණවලටයි. ඒක කවියක් වෙන්න ම කියලා නෑ. කවියක් හෝ රසවත් දෙයක් තිබේ නම් ඔබ ළඟ, 20ට එවන්න කියලා තමයි පත්තරෙත් තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් යවතෑකි [email protected] කියන ලිපිනයට හෝ අනිද්දා, 28/1/සී, මහවීදිය, බත්තරමුල්ල කියන ලිපිනයට. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *