ඔෆිස් එකේදි කම්මැලිකමට ඉද්දි කරන්න පුළුවන් ආතල් වැඩ ටිකක්

Office Aathal

ඔෆිස් එකේ කම්මැලිකමේ නිදිමතේ ඉන්න වෙන වෙලාවල් ගොඩක් දෙනෙකුට තියෙනව. ඒ නැතත් වැඩ කරලා කරලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවට මෙහෙම පොඩි ආතල් එකක් දාන්න පුළුවන්. අනික ඔෆිස් එකක් වුනාම වැඩ කටයුතුම ඇරෙන්න වටපිටාවත් සන්තර්පණය වෙලා ඉන්න එපැයි. එනිසයි අපි මේවා කියන්නෙ.
 

1. එයා හොරා

Office Aathal

Source – drweil.com

මෙයාගෙ පෑන අරං එයාගෙ මේසෙ උඩින් දාන්න පුළුවන්. එහෙමත් නැත්තං කෙල්ලෙක්ගෙ ෆෝන් එක උස්සල එයාට ට්‍රයි කරන කොල්ලෙක්ගෙ මේසෙ උඩින් තිබ්බනං ටිකක් ඩ්‍රාමා සීන් බලාගන්න පුළුවන්. කොහොමවුණත් පෑන කියන දේ මෙතනදි වටිනවා. මොකද කට්ටිය සල්ලි පරිස්සං කරන්න හිතුවෙ නැතත් පෑනෙ පරිස්සම ගැන හිතනව. මේ තියල මේ නැතිවෙන දෙයක් විදියට මිනිස්සු පෑනට හෙන ආදරෙයි. අපේ ඔෆිස් එකේ එකෙක් හොස්පිට්ල් ගෙනිච්චා හාට් ඇටෑක් එකක් ඇවිල්ල. ඩොක්ට ඇහුවම ෂොක් එකක් එන්න මොනවද දැක්කෙ කියල, මූ කියපු ඊයෙ තියල ගිය පෑන අද උදේ එද්දිත් මේසෙ උඩ තියෙනව දැක්කම දරාගන්න බැරි වුණා කියල.

 

2. දූ දරුවෝ

Office Aathal

Source – Huffingtonpost.com

අඩෝ කන්ග්‍රෑට්ස් දුවෙක්ලු නේද? අපිට මෙච්චරකල් කිවුවෙත් නෑ කියල කොල්ලෙක්ව බදාගෙන පොඩ්ඩක් සද්දෙට කියන්න තියෙන්නෙ. එහෙමත් නැත්තං ඔෆිස් එකේ ඉන්න හොඳම ගොසිප් සයිට් එක ලන්ච් රූම් එකේ ඉන්දැද්දි පොඩි ට්‍රික් එකක් දාලා අදාළ පුද්ගලයාවත් ලන්ච් රූම් එකට ගෙන්නලා වැඩේ දෙන්න පුළුවන්. මිනිත්තු හතෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගය, රට අභ්‍යන්තරය, ඊසාන දිග මුහුදු තීරය, ශුෂ්ක කලාපය, ඇතුළු මුඩුක්කු වාසී ජනයා හැමෝටම නිවුස් එක ගිහිල්ල තියේවි. ඊටපස්සෙ ඉතිං අරූ දවසම හැම එකාටම නෑ බං එහෙම වුණේ නෑ… එහෙම වුණේ නෑ.. කිය කිය පහදද්දි ආතල් එක හිතපංකො.

 

3. වයිබ්‍රේට් කුමරා

Office Aathal

Source – bbc.com

මේක කරන්න ඕන කෙල්ලෙකුගෙ ෆෝන් එකකට. මුලින්ම පැටර්න් එක අඳින විදිය බලං ඉන්න. ඊටපස්සෙ වොෂ්රූම් ගිය වෙලාවක(සොරි වොෂ් රූම් යද්දි කෙල්ලො අනිවා ෆෝන් එක ගෙනියනවමනෙ ටොයිලට් සෙල්ෆිය ගහන්න) හෝ වෙනිං කොහේහරි ගිය වෙලේක ෆෝන් එක උස්සලා ලොග් වෙන්න. ෆෝන්එක වයිබ්‍රේට් වෙන්න දාන්න. ඊටපස්සෙ කෙල්ලට වැඩිපුරම කෝල් ඇවිල්ල තියෙන නම්බර්වලට මිස්ඩ්කෝල් ගහන්න. ඊටපස්සෙ කොලේක ඔතලා, සෙලෝටේප් ගහල මේසෙ යටින් අලවන්න. හරි සරළයි. දවසම මේස හෙල්ලි හෙල්ලි තියෙයි. කෙල්ලත් මේස අස්සෙ බඩගගා ඉඳියි.

 

4. බොසා නිවාඩු

Office Aathal

Source – coldstonesouthflorida.com

බොස් එන්න ටිකක් පරක්කු දවසක් බලලා අද බොස් නිවාඩු කියලා බොරුවක් කියන්න පුළුවන්. ඊටපස්සෙ බළහත්කාරෙන්ම පැනලා කට්ටියත් එක්ක බොස් නැති දවසෙ ඔෆිස් එක ඇතුළෙ ආතල් එකක් දාන්න සෙට් කරන්න. ඉතිං ඔෆිස් එකේ උනුත් තලු මර මර සෙට් වේවි දාන ආතල් එක ගැන කතාකරන්න. හැබැයි පුතේ අන්න ඒ වෙලාවට පොඩ්ඩක් පස්සට වෙලා ඉඳහල්ලා. පස්සෙ ලොක්ක ආවම කට්ටිය ආතල් බිඳගෙන ඉන්න හැටි බලන්න පුළුවන් ඉතිං.

 

5. බොසා ඔබට ජය

Office Aathal

Source – Entrepreneur.com

බොස් අලුත් ඇඳුමක් ඇඳගෙන ආපු දවසට ටිකක් රූම් එක ඇතුළට ගිහිල්ල කතා කර කර ඉඳලා එන්න. එන ගමන් කට්ටියට කියන්න ඔන්න අද හවස ට්‍රීට් එකක් තියේවි අද බොසාගෙ බර්ත් ඩේ කියල. ඒ ඇති. ගොටු පප්පලා ඔක්කොම ටික යාවි රොත්ත පිටින් දීර්ඝායු පතන්න. ඕකත් අර ඉස්සෙල්ල වගේම ගොසිප් සයිට් එකට කිවුවනං කිසි ප්‍රශ්නයක් නැතුව කතෘ අඥාත වෙලාම ජනගත වේවි.

 
Cover Image Source – 3plusinternational.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *