පොතක් හිට් කරගන්න එක ලංකාවෙ අමාරු වැඩක්. ඒ විදියෙ හිට් කරගත්තු පොතකින් වුනත් ලාබයක් උපයන එකත් අමාරු වැඩක්. ඒ නිසා ලියන ලියන පොත කොහොමහරි හිට් කරගන්න සිද්ධ වෙනවා. මේකට කන්ටෙන්ට් එක විතරක් බලපාන්නෙ නෑ. මේකට තවත් අමතර දේවල් ටිකක් කරන්න සිද්ධ වෙනව. මේ දේවල් නෙගටිවු මාකටින් පැත්තටත් යනව. කොහොමවුනත් ඒ හැම මාකටින් කැම්පේන් එකක්ම කොහොමහරි පොතට අදාළ කරගත්තොත් වැඩේ ගොඩදාගන්න පුළුවන්.
1. සෙක්ෂුවල් කන්ටෙන්ට්

Image Source – theodysseyonline.com/bravotv.com/clipartpanda.com
අපේ රටේ මිනිස්සු සැළකිය යුතු සෙක්ස් ඇරියස් එකකින් ඉන්නව. රටේ පොඩි මිනිහාගෙ ඉඳන් මහ මිනිස්සු වෙනකං හැමෝම. කොච්චර ලැබුනත් දේශපාලකයො, ඉහළ පෙළේ ව්‍යාපාරිකයො පවා මේ අවුලෙන් ඉන්නව. අන්න ඒ නිසා සෙක්ස් ටිකක් ගෑවෙන ඕනම කුණු ගොඩක් විකිණෙනවා. මේක තේරුං ගත්ත රචකයො පහුගිය කාලෙ නියමෙට මේකෙන් සල්ලි හම්බුකරා. ඒවට වැරැද්දක් කියන්නත් බෑ. ලස්සන කවරෙක ඔතලා ලස්සන කතාවක් විදියට සෙක්ස් කතාවක් එන නිසා ඕන කෙනෙකුට අවුලක් නැතුව ගන්නත් පුළුවන්නෙ. ඇත්තටම කිවුවොත් සෙක්ෂුවල් කන්ටෙන්ට් නැතත් ඒ දේ තියෙන බව ඇඟවීමත් ප්‍රමාණවත් වේවි.
2. මහන්සි වෙන ප්‍රකාශකයෙක්

Image Source – youtube.com
රචකයෙකුට මහන්සි වෙන ප්‍රකාශකයෙක් ලැබීමත් වාසනාවක්. තමුන්ගෙ පොතක් ඉහළටම ගෙනියන්න උත්සාහ කරන ප්‍රකාශකයො ඉන්නව. ඒ අය තමුන් ප්‍රකාශයට පත් කරන පොත විවිධ ක්‍රමවලට ඉදිරිපත් කරනවා. සිත්ගන්නාසුළු කවර, අවධානය පැහැර ගන්නා බුක් සයිනිංස්, මිලාධික කලෙක්ටර්ස් එඩිෂන්ස් ඇතුළු බොහෝදේ පොත වෙනුවෙන් මහන්සි වෙලා ගොඩ දාන ප්‍රකාශකයො ඉන්නව. මොකද භාගෙ කියන්නෙ 50% වුනාට, කර්තෘ භාගෙ කියන්නෙ 10% නිසා ලේඛකයටම ඔවුව කරන්නත් බැහැනෙ.
3. ෆෙමිනිසම්

Image Source – medium.com
රැඩිකල් ඈයො අල්ලාගැනීමට සහ ඔවුන් හරහා වැඩේ ගොඩදාගන්න පුළුවන් මාතෘකා කිහිපයක්ම තියෙනවා. එයින් එකක් තමයි ෆෙමිනිසම් කියන්නෙ. ස්ත්‍රීවාදීත්වය කියන කාරණේ ලංකාවෙ ඇතුළෙ රන් කරන්නෙ වෙනමම නන්-ගවර්න්මන්ටල් ඕගනයිසේෂන්ස්වල ප්‍රොජෙක්ට් විදියට. ඒ අය හැම මොහොතකම ස්ත්‍රීන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. ඒ අය පෙනී ඉන්නෙ ගබ්සාව, කොටට අඳින්න බැරි වීම වගේ දේවල්වලට විතරයි. පොලිසියෙන් ගෑණුන්ට පොලුවලින් ගහද්දි ඒ අය නෑ. ඇතැම් සංවිධාන පෙනීසිටින්නෙ සුළු ජාතියෙ කාන්තා ප්‍රශ්නවලට විතරයි. අන්න ඒ වගේ ඒ අයගෙ අතපෙවීම් තේරුම් අරගෙන, ඒ අනුව ඒ අයව පොත මාකට් කරවගන්න යොදාගන්න පුළුවන්. උදාහරණෙකට පොත ඇතුළෙ කතාබහට ලක්වෙන්න පුළුවන් විදියකට ස්ත්‍රීවාදය තියෙන බව දැනගත්තොත් ඒ අය බලෙන් හරි ඇවිත් ප්ලග් වෙලා පොත ලියපු මනුස්සයට සාර්ථකත්වය ළඟා කරලා දෙනවා.
4. ආගම් හිටිං

Image Source – amazon.in
ආගම්වලට පහර ගැසීමත් පොතක් මාකට් කරන්න ලේසි ක්‍රමයක්. මේක පහුගිය දවස්වලත් අත්දැක්කනෙ. කිසිම වැදගත් යමක් නොලියවුණු පොතකට ආගමක් ඈඳලා පොඩි හෙල්ලිල්ලක් කරාම වැඩේ නියමෙට පත්තුවෙනවා. මොකද කියනවනං ඒකට සපෝට් කරන නිරාගමිකයි කියල ලෝකෙට කෑගහල කියන්න කැමති, රැඩිකල් බව පෙනෙන ඕන මළජරාවකට සපෝට් කරන බුවාලා වගේම, ‘අඩෝ අපේ ආගමට අත තියපු බල්ලා කවුද ඩෝ!’ කියල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කෑගහගෙන එන බුවාලත් ඉන්නව. මේ දෙපිරිස එක තැනකට ගෙනාවොත් ඕන මීකුණක් නියමෙට මාකට් කරන්න පුළුවන් බව දන්න කෙනෙකුට සාර්ථක ලේඛකයෙක් වෙන්න හරියට අකුරු පේළියක්වත් ලියාගන්න පුළුවන් වෙන්න ඕන නෑ.
5. රැඩිකල් නම් සහ කවර ඇතුළු බොහෝ දේ

Image Source – twitter.com
පොත මාකට් කරගන්න තවත් බලපාන දෙයක් විදියට රැඩිකල් නම් සහ කවර හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මිනිස්සු පොතේ ගුණාත්මක බව මනින්න මිලත් බලපානවා. අන්න ඒ නිසා ඕනම නල්ලමලේ පොතකට මිලාධික ප්‍රයිස් ටැග් එකක් ගැහුවොත් ඒ පොත හිට් වෙනවා. ඒ වගේම ඉස්සර පොතකට නම් දාපු විදියට නෙමෙයි දැන් පොතකට නමක් දාන්න ඕනෙත්. ඒ නමේ කන්ටෙන්ට් එකට කිසිම අදාළත්වයක් තිබිය යුතුම නෑ. උදාහරණෙකට ‘කොට්ටකිලංගු, කැඩිච්ච පුටුව, දෙයියොත් එක්ක හෙළුවෙන්, මගේ කොණ්ඩෙ සුදු වුනේ උඹ හින්දා’ වගේ ඕනම එකක් පොතේ නමට හරියනවා. අන්න ඒ වගේමයි කවරෙත්. කිසිම අදාළත්වයක් නැති කවරෙකට වදින අප්පුඩිය ලොකු වැඩියි. ඒක තේරුං ගන්න.
6. පොතේ නැති දේ

Image Source – youtube.com
මිනිස්සු ආසයි තමුන් වියත් බව පෙන්වන්න. තමුන්ගෙ පරිණත බව පෙන්වන්න. තමුන් ග්‍රාම්‍ය නොවන බව පෙන්වන්න. තමුන් මේ ලෝකෙ අනන්ත දේ එක්ස්පීරියන්ස් කරපු කෙනෙක් බව පෙන්වන්න. අන්න ඒක නිසා මිනිස්සු ආසයි පොදු සමාජය විරුද්ධ වෙන දේවල් ෂෙයා කරන්න. ඒක නිසා පොතේ නැති වුනත් පොත ගැන යන කතාබහ අතරේ පොත ඇතුළෙ ත්‍රීසම් හෝ ගෲප් සෙක්ස්, ගංජා, එල්එස්ඩී, අබිං වගේ දේවල් බලෙන් ඔබ්බවන්න. මිනිස්සු ඒ කතා සෝෂල් මීඩියා ඇතුළෙ තමුන්ගෙ කරගෙන ෂෙයා කරලා, කවදාවත් හැබැහින් දැක නැතත් රචකයාගේ ප්‍රොෆයිල් එකට ටැග් කර කර පෝස්ට් දාවි. ඒකනෙ පබ්ලිසිටි වෙනුවෙන් සිද්ධ වෙන්න ඕනෙත්.
7. අවධානය යොමුවෙන පොත් දොරට වැඩුමක්

Image Source – wordservewatercooler.com
මේ දේට ප්‍රකාශකයව කැමති කරවගන්න වෙනවා. මොකද මහා සල්ලියක් සහ ආසාවක් නැත්තං රචකයෙකුට මෙහෙම වැඩක් කරන්න බැහැනෙ. බොන්න දීලා, කතාවෙන් සෙනග අද්දගන්න පුළුවන් දෙතුන් දෙනෙක් ගෙනැල්ලා, රැඩිකල් පන්නෙ ගායකයෙකුගෙ අතට ගිටාර් එකක් දීලා, පොතේ අන්තර්ගතේ ගැන සින්දුවකුත් හදලා කියලා, ඉටිපන්දං පත්තු කරපු හැන්දෑවක සිගරට් උර උර, වයින් බිබී ඉන්න අවස්ථාවක් ෆොටෝ ගහල ෂෙයා කරනවනං BMICH එක පුරවන්න තරං සෙනග ඉඳීවි.
Cover Image Source – wordservewatercooler.com/studioflicks.com
Leave a Reply