ලංකාවේ මේ දවස්වල දකින්න පුළුවන් ෆුට්බෝල් ෆෑන්ස්ලා වර්ග 7ක්

sri lankan football fan types

මේ දවස්වල ෆීෆා වර්ල්ඩ් කප් එක යනව ටීවී එකේ. ඉතිං ලංකාවෙ ෆුට්බෝල් ගැන කතා කරන එකේක ජාතියෙ පිරිස් මහ ගොඩක් මේකත් එක්කම බිහිවෙලා ඉන්නවා. සමහරු නං කලින් ඉඳන්ම හිටියා. සමහරු අලුතින් බිහිවුනා. ඒ කොහොම වුනත් අපි මේ කියන්න යන්නෙ ඔන්න ඔය විදියට එකේක කල්ලිවල ඉ‌ඳගෙන ෆුට්බෝල් ගැන කතා කරන බුවාලා ගැන තමයි.

 

1. ෆුට්බෝල් ලෝලියො

sri lankan football fan types

Source – totalprosports.com

මේ අය ෆුට්බෝල් කියන ක්‍රීඩාවට කැමතියි. තමුංගෙ රට ෆුට්බෝල් වලින් දක්ෂතා නොදැක්වීම ගැන ඒ අයට කේන්තියි. ඒ වගේම ඒ අයට තෝරාගත්තු ක්‍රීඩා සමාජයක් සහ තෝරාගත් රටක් තියෙනවා චියර් කරන්න. ඒ රටක් වුනත් අසාධාරණ විදියට ක්‍රීඩා කරන ඕනම මොහොතක ඒ වෙනුවෙන් විරුද්ධව කතා කරන්න ඒ අය සූදානම්. අවුරුදු පතා පැවැත්වෙන ල ලීගා, චැම්පියන්ස් ලීග් සහ ඉංග්ලිෂ් ප්‍රිමියර් ලීග් ඇරෙන්න එයාලට රටවල් අතරෙ පවත්වන තරඟ දකින්න මහ ගොඩක් අවස්ථා නෑ. ඒ නිසා ෆුට්බෝල්වල මහා මංගල්‍යය වුනු ෆීෆා කුසලානෙ බලන්න ඒ අය සෙට්වෙන්නෙ මහත් වූ ආසාවකින්. ඒ නිසා ඒ අය ෆුට්බෝල් ගැන ෆේස්බුක් පෝස්ට් දානව වගේම මේ මාසයක කාලය පුරාම එයාලගෙ කතා බහ හැම එකක්ම විකාශනය වෙන්නෙ ෆුට්බෝල් ඇතුළෙ තමයි.

 

2. දැඩි මතධාරී ෆුට්බෝල් ලෝලියො

sri lankan football fan types

Source – videoblocks.com

මේ අයටත් ‌‌උඩ කට්ටියට වගේම නියම ෆුට්බෝල් දැනුමක් සහ උණක් තියෙනවා. හැබැයි ඒ අය තමංගෙ ටීම් එක තමයි හොඳම සහ තමුං කැමතිම ප්ලේයර් තමයි දෙයියා වගේ මතයක ඉන්නව. හරියට ඉන්දියන් ක්‍රිකට් ප්‍රේක්ෂකයො වගේ. ඒනිසා ඒ අය එක්ක කතා කරල වැඩක් නෑ. ටොයියොයි බයියොයි වගේ තමයි. ඒ අයට කවදත් හොඳ එයාලගෙ කෙනා. අනිත් අය කොච්චර පෆෝම් කළත් ඒ අයට හරියන්නෙ නැහැ. වැරදිමයි දකින්නෙ. ඉතිං කොච්චර හොඳට ක්‍රීඩාව දැනගෙන හිටියත් සර්ව සාධාරණ ෆුට්බෝල් මතයක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.

 

3. එදාට ලෝලියො

sri lankan football fan types

Source – sports.vice.com

මේ අය ෆුට්බෝල් ගැන හොයා යෑමක් නෑ. කොටිම්ම ටීවී චැනල් එකක්වත් ඒ වෙනුවෙන් සල්ලි දීලා ගන්නෙ නෑ. හැබැයි චැනල් අයි එකේ නිකං පෙන්නන නිසා ෆුට්බෝල් බලනව. හැබැයි ඒ ආතල් එක ඒ වෙලේ අරගෙන කිසිම සෝ තැවුලක් නැතුව නිදියන්නෙ කිසිම රටකට හෝ ක්‍රීඩකයෙකුට විශේෂයෙන් ආසා නැති නිසායි.

 

4. මහදැනමුතු ලෝලියො

sri lankan football fan types

Source – gqindia.com

දැන් ඔය අපි ඉස්සෙල්ල කියපු ක්‍රීඩාව ගැන දැනමුතු බුවාලා ඉන්නවනෙ. ඒ අය අතරෙ ඉන්නව තමුන්ගෙ දැනුම පෙන්නන්න කැමති අය. අන්න ඒ අය ඒක පෙන්නන්න පාවිච්චි කරන්නෙ ෆේස්බුක් තමයි. මැච් එකෙන් මැච් එකට ෆුට්බෝල් විචාරෙ ලියන බුවාලා ඉන්නව. සමහරු ඒකට අමතරව මැච් එක යන අස්සෙ පවා ඉංග්‍රීසි සයිට්වලින් පොයින්ට්ස් අරගෙන ට්‍රාන්ස්ලේෂන් ගහනව. ඉතිං ඒ අයට දෙයක් දැනගත්තටම මදියි. පොඩ්ඩක් පොර ටෝක්ස් ඉෂූ කරන්නත් ඕන.

 

5. ලාලෝලියො

sri lankan football fan types

Source – gqindia.com

මේ කියන ලාලෝලියො මහ ලොකුවට ෆුට්බෝල් බලන්නෙ නෑ. හැබැයි මෙසී කවුද රොනාල්ඩෝ කවුද කියල අඳුනගන්න දන්නව. හැබැයි මේ අය එතෙකින් නවතින්නෙ නෑ. මොකද එයාලා ෆුට්බෝල් ගැන පොර ටෝක්ස් ඉෂූ කරනව ලෙසටම. හැබැයි මැච් එකක් ඉවර වෙනකං බලලත් නෑ. ප්ලේයර් කෙනෙක්ව හෝ නීතියක් හරියට දන්නෙත් නෑ. හැබැයි ටෝක්ස් ටික දෙනව ගමකට.

 

6. බයිලෝලියෝ

sri lankan football fan types

Source – dawn.com

මේ අමුතුම මානසික මට්ටමක බුවාලා ටිකක්. මෙයාලට ෆුට්බෝල් එච්චර ඉන්ට්‍රස්ට් එකක් නෑ. එක්කො මැච් බලල නෑ. ක්‍රීඩාවකට කියල දන්නෙ ක්‍රිකට් විතරයි. ඒ නිසා මේ අය ෆුට්බෝල් බලන්න ආසා අයව බයිට් එකට ගන්න හදනවා. ඒ අයට තියෙන මානසික මට්ටමත් එක්ක ඇත්තටම ඒ විදියෙන් බයිට් විය යුතු උන් (ලාලෝලියො වැනි) හිටියට සත්‍ය ලෝලීන්ට මේ ගැන මළ පනිනව.

 

7. නොලෝලියෝ

sri lankan football fan types

Source – dawn.com

මේ අයට ෆුට්බෝල් ගැන හාංකවිසියක් නෑ. මොකාද දිනුවෙ කියල දන්නෙවත් නෑ, හැබැයි බයිට් ගහන්න යන්නෙත් නෑ. ඒ අය ඔය යාළුවෙක් ෂෙයා කරන ගෝල් එකක වීඩියෝ එකක්වත් නොබලන බුවාලා. හැබැයි ෆුට්බෝල් නොබලන එක ගැන ටෝක් නොදෙන බුවාලා විදියට ඒ අය ගැන කට්ටියට අවුලක් නෑ. හැබැයි මේ වගේ පිරිස වර්ල්ඩ් කප් කාලෙට සමහරවිට ෆුට්බෝල් ලෝලියො වෙන්නත් ඉඩ තියෙනවා.

ඔයා අයිති වෙන්නෙ මේ අතරින් මොන කොටසටද කියලා අපිට කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා.

 
Cover Image Source – irishtimes.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *