තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තවත් කෙනෙක්ගේ ජීවිත බේරන්න පුළුවන් බෝධිසත්වයෙකුට විතරයි. අපි අද කතා කරන්න යන්නේ මිනිස්සු වෙනුවෙන්, විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධ සමයේදී මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව ගැන නොසිතා සුවිශාල කැපවීමක් කරපු මිනිස්සු කීපදෙනෙක් ගැන.
1. අයිරිනා සෙන්ඩ්ලර් (Irena Sendler)
පෝලන්තය ආක්‍රමණය කරන ලද ජර්මානුවන් විසින් එරට අගනුවර වන වෝර්සෝවේ වාසය කළ සියලුම යුදෙව්වන්ව කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි අන්දමේ කුඩා ප්‍රදේශයකට සීමා කළා. මෙම ප්‍රදේශයට හෙදියකගේ හැඳුනුම්පත භාවිතා කරමින් ඇතුළු වුණු අයිරිනා, යුදෙව් දරුවන් රාශියක් හොර රහසේ එම ප්‍රදේශයෙන් බැහැරට ගෙන යෑමට සමත් වුණා. නාසීන් විසින් ඇයව ඔත්තුකාරියක ලෙස හඳුනාගත් අතර ඇයට මරණ දඬුවම නියම කරනු ලැබුවා. නමුත් ඇගේ මරණ දණ්ඩන දිනයේ දී වෙඩික්කරුවන්ට අල්ලස් දී ඇය මුදවා ගැනීමට ඇගේ මිතුරන් සමත් වුණා.
2. චාල්ස් කොවාර්ඩ් ( Charles Coward)
යුදෙව්වන් අතර ඔහු ප්‍රසිද්ධව සිටියේ කවුන්ට් ඔෆ් අවුස්ෂ්විට්ස් (Count of Auschwitz ) ලෙසයි. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඔහුව යුද සිරකරුවෙකු ලෙස නාසින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව එම කඳවුරෙන් පලා යාමට සමත් වූ ඔහු ජර්මානුවන් අතර ජර්මානු සොල්දාදුවෙකු ලෙස රහසේ රැඳී සිටිමින් ඔත්තු බැලීමට කටයුතු කළා. අවුස්ෂ්විට්ස් සිර කඳවුර වෙත ගිය ඔහු එම කඳවුරට පැමිණි වෛද්‍යවරයෙකුගේ සහාය ලබාගෙන යුදෙව් සිරකරුවන්ට මරණයට පත්වූ ලෙසට රඟපාන ලෙස උපදෙස් දී ඔවුන් වෙනුවට මළ සිරුරු තැබීමට කටයුතු කළා. මෙම ක්‍රියාවලිය හරහා යුදෙව්වන් දහස් ගණනකට අභය දානය ලැබුණා
3. ජෝර්ජ් ෆර්ඩිනන්ඩ් ඩක්විට්ස් (Georg Ferdinand Duckwitz)
උපතින් ජර්මානුවෙක් මෙන්ම නාසි ජර්මනියේ ඉහළ තනතුරක් දැරූ නිලධාරියකු වූ ෆර්ඩිනන්ඩ් තුළ යුදෙව් විරෝධයක් තිබුණේ නැහැ. නාසි ජර්මනිය විසින් ඩෙන්මාර්කය ආක්‍රමණය කිරීමට නියමිත බව දැනගත් ඔහු ඩෙන්මාර්ක බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දුන් අතර ස්වීඩන රජය සමඟ සාකච්ඡා කොට ඩෙන්මාර්ක යුදෙව්වන් ස්වීඩනයේ සරණාගතයන් ලෙස යැවීමට කටයුතු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙන්මාකයේ විසූ යුදෙව් ජනගහණයෙන් සියයට අනූ නමයකටම ජීවිත ගලවා ගැනීමට අවස්ථාව ලැබුණා.
4. ඇරිස්ටයිඩ්ස් ඩී සූසා මෙන්ඩෙස් (Aristides de Sousa Mendes)
ජර්මානු හමුදා ඉදිරියේ ප්‍රංශය පරාජය වීමත් සමඟ යුදෙව්වන් දහස් ගණනාවක් ආරක්ෂාව පතා දකුණු ප්‍රංශය වෙත පලා ආවා. ඒ අවස්ථාවේ දී ප්‍රංශයේ පෘතුගාල කන්සියුලර් තනතුර දරමින් සිටි සූසා මෙන්ඩෙස් තම ධුරයේ බලය පාවිච්චි කරමින් යුදෙව්වන් දහස් ගණනකට වීසා ලබා දීම සිදුකළා. ඒ වන විට පෘතුගාල රජය නිල වශයෙන් යුදෙව්වන්ට වීසා ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ඒ අණ නොතකමින් යුදෙව්වන්ගේ ජීවිත බේරා ගැනීමට මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා කටයුතු කර තිබුණා. පසුව මේ නිසාම ඔහුට සේවා තහනමක්ද පැනවුණා
5. හියු ඕ ෆ්ලේහර්ටි (Hugh O’Flaherty)
එවකට වතිකානුවේ වාසය කළ මෙම අයිරිෂ් ජාතික පූජකවරයා ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කරමින් යුදෙව්වන් සහ මිත්‍ර පාර්ශවයේ යුද සිරකරුවන් රැසකගේ ජීවිත බේරා ගැනීමට සමත් වූවා. මේ නිසාම ජර්මානු රහස් පොලිසියේ දැඩි ජීවිත තර්ජන වලට ලක්වීමට එතුමන්ට සිදුවුණා. එක්තරා වාර්තාවකට අනුව ජර්මානු රහස් පොලිසි ප්‍රධානීන් වතිකානු අංගනයෙහි සුදු ඉරක් ඇඳ, එම ඉර පසු කළහොත් පූජකවරයාව ඝාතනය කරන බවටත් තර්ජනය කර තිබුණා. එම කිසිදු තර්ජනයක් ගණන් නොගත් එම පූජකවරයා තමන් සමග කටයුතු කරන පිරිස් වතිකානුවට කැඳවාගෙන එමින් තමන් විසින් බේරා ගත් පිරිස් රෝමයේ විවිධ ස්ථානවල ආරක්ෂාව සඳහා රඳවා තැබීමට කටයුතු කළා.
6. ජෝසේ කැස්ටෙල්නෝස් කොන්ට්‍රියාරිස් (Jose Castellanos Contreras)
දෙවැනි ලෝක යුද්ධ සමයේ ස්විස්ටර්ලන්තයේ එල් සැල්වදෝර කොන්සියුලර් ජනරාල්වරයා ලෙස සේවය කරමින් සිටි ජෝසේ විසින් ස්විස්ටර්ලන්තය වෙත පලා ආ යුදෙව්වන් 25,000කට අධික ප්‍රමාණයකගේ ජීවිත ගලවා ගැනීමට සුවිශේෂී මැදිහත්වීමක් සිදු කරනු ලැබුවා. ඔහු විසින් මෙම සියළුම යුදෙව්වන්ට එල් සැල්වදෝර රජය විසින් නිකුත් කරන ලද වීසා ලබා දීම සිදු කළ අතර, මෙම වීසා භාවිතා කරමින් යුදෙව්වන් මුර කපොලු හරහා වෙනත් රටවලට පළා යෑමට සමත් වුණා.
7. ඒන්ජල් සැන්ස් බ්‍රිස් (Angel Sanz Briz)
හංගේරියාවේ ස්පාඤ්ඤ තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සැන්ස් බ්‍රිස්, එරට වාසය කළ යුදෙව්වන් විශාල ප්‍රමාණයකට ස්පාඤ්ඤ වීසා ලබා දීමට කටයුතු කළා. එසේම ඇතැම් වාර්තා වලට අනුව බුඩාපෙස්ට් නගරයේ ඇතැම් ගොඩනැගිලි තම තානාපති බලතල භාවිතා කරමින් ස්පාඤ්ඤ රජයේ දේපළ වලට බවට හරවාගෙන, බේරාගත් යුදෙව්වන් මෙම ගොඩනැඟිලිවල පදිංචි කරවීමට මොහු සමත් වුණා.
මේ ලැයිස්තුවට අපි ඇතුළත් කළේ මේ වගේ වීරයන් කීප දෙනෙක් පමණයි. මේ ලයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් අය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න ඔබ අමතක කරන්න එපා.
Leave a Reply