මිනිස්සු හරිම ආසයි තමුන්ගෙ ගමේම ජීවත් වෙන්න. ඒත් මේ සිස්ටම් එකේදි ඒවා සුම්මා. අන්න ඒ නිසා ගම දාලා යන්න සිද්ධ වෙනවා නොහිතූ පැතිවලට. සමහරුන්ට නගරෙට. තව අය තමුන්ගෙ ගමටත් එහා ගම්වලට යනව. අන්න එහෙම ගිය අය කාලෙකට පස්සෙ තමුන්ගෙ ගමට ආවම සිද්ධ වෙන දේවල් ටිකක් ගැන තමයි අපි ලියන්නෙ.
1. අත වනනු!

Source – wsj.com
හැම තැනටම අත වනන්න වෙනවා. නැත්තං ගමේ මිනිස්සුන්ගෙ හිත නොහොඳ වෙනවා. හදිස්සියට ගමේ ගියාම හැම තැනටම යන්න බැහැ. ඒත් දකින හැම කෙනා එක්කම හිත හොඳ කම තියාගන්න අත වනන්න සිද්ධ වෙනවා. වෙලාවකට අතම වනලා අත වැනිල්ල එපා වෙන තැනකට ආවත් ඒ විදියට එපා නොවී අත වනන්න අපිට සිද්ද වෙනවා.
2. පැරණි ගර්ල්ෆ්රෙන්ඩ්ස්

Source – time.com
ගමේ ගියාම කලින් කෙල්ලොන්ගෙ ගෙවල් දැක්කම ආයෙත් ඉස්සර ගත්තු ආතල් මතක් වෙනවා. ඊටපස්සෙ පොඩි විරහවක් ගහනවා. ඒ අස්සට ඒ කෙල්ලෙක් දරුවෙක් වඩාගෙන ගෙයින් එළියට ආවම අර විරහව දෙගුණ තෙගුණ වෙනවා. ඊට හපං එහෙම එන වෙලාවක වයිෆ් අපේ පැත්තකින් හිටගෙන හිටියම. ඊට පස්සෙ ඉතිං නන්නාඳුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා. මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා තමයි.
3. සෙට්

Source – taoofdestiny.com
කොල්ලො සෙට් හතරක් එක්කවත් බොන්න වෙනවා. මොකෝ ගමේ ඉන්න කාලෙ පිස්සු නැටුවනං කාලෙකට පස්සෙ ගමට ගියාමත් ඒ පිස්සුව ඒ විදියටම තියෙන්න එපැයි. ඒ හින්දා ගමේ එක එක සෙට්වල එක එක අයියල එක්ක එක පාර ගානෙ බොන්න අපිට සිද්ධ වෙනවා. ඒවා වාත කියල හිතන්න හොඳ නෑ කොහෙත්ම. මොකද හැදිච්ච වැඩිච්ච තැන හුළඟ වැදුනත් සැපයිනෙ.
4. ගියදා සිට

Source – worldofbuzz.com
ගමෙන් ගිය මොහොතෙ ඉඳන් අපේ ජීවිතේට සිද්ධ වෙච්ච දේ කාලෙකට පස්සෙ ගමට ආවම සෙට් වෙන කට්ටියට කියන්න වෙනවා. කලින් කියලා තිබ්බත් ආයෙත් කියන්න වෙනවා. දැන් මොකද කරන්නෙ? රස්සාව ෂේප්ද? පිළිවෙලක් වුනේ නැද්ද? තාම බොනවද? වගේ කතා ගොන්නකට උත්තර බඳින්න වෙනවාමයි.
5. හඳුන්වාදීම්

Source – cryptotimes.org
මේක තවත් එක්ස්ටෙන්ඩඩ් ලෙවල් එකකට යන්නෙ ඔයා ගමට යන්නෙ වයිෆ් එක්ක වගේ වුනොත්. ඉතිං ඔයාට ඔයාගෙ විස්තර කියනවට අමතරව වයිෆ්ගෙ විස්තරත් කියන්න වෙනවා. ඊටත් වඩා වයිෆ්ගෙයි ඔයාගෙයි ආදර කතාවෙ බ්‍රීෆ් හිස්ට්‍රියක් දිගාරින්නත් සිද්ධ වෙනවා.
6. කම්පෙයාරිං

Source – depositphotos.com
මෙන්න මේකනං ටිකක් දුක තත්ත්වයක්. මේක ඇත්තටම තමුන්ගෙ ගමට කාලෙකට පස්සෙ ගියාම සිද්ධ වෙන පොඩි දුක් සීන් එකක්. තමුන් දැන් ඉන්න තැන එක්ක තමුන්ගෙ ගම සසඳලා බලනවා. ගමේ ආතල් එක, මිනිස්සුන්ගෙ හිතවත්කං, ඔක්කොම මතක් වෙලා දැන් ඉන්න අපායෙන් ඉක්මනට ගැලවිලා ගමට එන්න හිතෙනවා. ඒත් අපිව ගමෙන් ඈත් කරවපු හේතු ටික, ඒ එකතුවීම ආයෙත් සිද්ධ වෙන්න නොදී බලාගෙන ඉන්නවා.
Cover Image Source – vice.com / srilankanartgallery.com / whatwomanneeds.com
Leave a Reply