සාමාන්‍යයෙන් මිනිහෙක් ජීවත්වෙන කාලසීමාව හෙවත් උපතේදි ආයු අපේක්ෂාව ජපාන රටේ 83.9ක්. එනම් සාමාන්‍ය ජපාන මිනිසෙක් අවුරුදු 84ක් තරම් දිගු කාලයක් ජීවත් වෙනවා. මෙය ලංකාවේ අවුරුදු 76.9ක්. ලෝකයේම අගය අවුරුදු 71ක්. වැඩිම කලක් ජීවත් වෙන මිනිස්සු අතර ජපනා හැම තැනදීම මුල් ස්ථානයක ඉන්නවා.
1. යහපත් ලෙස ආහාර ගැනීම
ජපනා ආහාර ගන්නේ පෝෂණය ගැලපෙන විදියට. ආහාර සැකසීම, ආහාර ගැනීම ගැන ජපාන පාසල් වල පුංචි කාලේ ඉඳලාම කියා දෙනවා. ජපන් රටේදි සෝයා බෝංචි, මුහුදු මාලු, මුහුදු ආහාර, එළවලු වගේ පෝෂ ගුණය සපිරි ආහාර ඒ අය කෑම වේලට එකතු කරගන්නවා. ජපාන රටේ පිළිගන්වන ආහාර ප්‍රමාණයත් ටිකයි. ගොඩක් කොත ගහලා මෙහෙ වගේ බත් බෙදන්නෙ නැහැ. ජපනාත් බත් කනවා. ඒත් ටිකෙන් ටික කූරු වලින් තමයි ජපනා බත් කන්නේ. ආහාරයට ගන්නා දේවල් වගේම ආහාර ගන්න රටාවත් ජපනාගේ ජීවිත කාලය වැඩිවෙන්න හේතු වෙනවා.
2. ව්‍යායාම ලැබෙන පරිදි ජීවන රටාව හැඩගස්වාගැනීම
ජපන් කාර් වලට, වාහන වලට නම් ලංකාවේ පුදුම ඉඩක් තියෙන්නේ. ඒ වුනාට ජපනා ගොඩක් වෙලාවට කැමති බස් එකේ, කෝච්චියේ, මෙට්‍රො එකේ වැඩට යන්න. එතනින් ගිහින් බැහැලා ගෙදරට වැඩට පයින්ම යනවා. එහෙම නැතිනම් පාගන ජපන් බයිසිකලෙන් කිලෝමීටර හතර පහ වැඩට හෝ පාසැලට යන්න කම්මැලි නැති ජපනා හුරුවෙලා තියෙනවා. ඒ වගේම කාර්යාලයක තට්ටු දෙකක් වගේ පඩි තියෙනවා නම් ආයේ ලිෆ්ට් එකට නොයා පයින්ම ඒ දුර ගෙවායන්නත් ජපනා ඉදිරිපත් වෙනවාලු. තාක්ෂණය දියුණු වුනත් ජපනුන් ඔවුන්ගේ ජීවන රටාව ව්‍යායාම ලැබෙන විදියට සකසාගෙන තියෙනවා.
3. කාර්යයන් බහුල කරගැනීම
වැඩක් නැති දවසක් කියන්නේ අපිට නම් හොඳට නිදාගන්න, දවසම ටීවි බලන්න හෝ ගේම් එකක් ගහන්න වගේ වැඩකට යොදන්න පුළුවන් දවසක් කියලා හිතෙන්නේ. ඒත් ජපනා නිවාඩු දවසත් හොඳට ප්ලෑන් කරනවා. නිකංම ඉන්න කැමති නැති ජපන්නු සතියකට වැඩ කරන පැය ගාණත් වැඩියි. කොච්චර වැඩිද කියනවානම් ජපන්නුන්ට සමහර දවස් අනිවාර්ය නිවාඩු විදියට නම් කරලා ඒ කාලේ වෙනත් වැඩ කරන්න කියලා කොම්පැනි වලින් ගෙදර එලවන වෙලාවලුත් තියෙනවාලු.
4. මොළයට වැදගත් ව්‍යායාම
ව්‍යායාම ඕනි ඇඟට විතරක් නෙමෙයි. මොළයටත් ව්‍යායාම ඕනි. ජපානේ වයසක අයත් තරුණ වයසේ අය කරන කාඩ් සෙල්ලම් සුදෝකු වගේ සෙල්ලම් කරනවා. ඒ වගේම පොත පත කියවීමට වගේම අලුතින් දේවල් ඉගනගන්නත් ජපනා වයස බාධාවක් කරගන්නේ නැහැ. වැඩිම කාලයක් ගෙවන ජපාන ජාතිකයින් සැලකුවාම ඔවුන්ට ඇඟට වගේම මොළයටත් ඒ ජීවන රටාවෙන්ම හොඳ ව්‍යායාම ලැබිලා තියෙනවා කියලා පේනවා. මොළය කියන්නේ එහෙම නිසි ව්‍යායාම ඕනිය කියලා කියන්න පුළුවන් තැනකුත් නෙමෙයි. ඒත් අහක යන කරදර ආදිය, පවුල් අඬදබර වරු ගණන් මෙනෙහි කර කර ඉන්නවාට වඩා මොනාහරි ගේම් එකක නිරත වෙන එකත් ලොකු දෙයක් නෙ.
5. හොඳ පවුල් පසුබිම
අපේ ගෙවල්වල ඉස්සර කොහොමද? කුඩාම දරුවන්ට අම්මලා තාත්තලාට වඩා ආච්චිලා සීයලා සමීපයි. වයසට ගියත් ඒ අය සමාජෙන් කොන් වෙන් නැහැ. නිතර දරු මුණුබුරන් ඇවිල්ලා බලලා යනවා. ඒ වගේම වයස අයටත් වගකීම් ලැබෙනවා. එයාල තනිවෙලා කොහෙටහරි වෙලා නිකං හිටියේ නැහැ. ජපානෙත් නාගරිකව ඇරුනාම ගම්බද පළාත්වල ඉන්න වැඩිහිටියන් ඒ පවුලේ අයත් එක්ක හොඳට බැඳීම් තියාගෙන ඉන්නවා. ලෙඩට දුකට බලනවා. කට්ටියම එකතු වෙලා උත්සව සමරනවා. මානසික අතින් ගත්තොත් වැටුන වෙලාවට ගොඩ එන්න මේ පවුල් පසුබිම හොඳ පිටුවහලක් වෙනවා.
6. ජපානයේ සෞඛ්‍ය සේවාව
අපේ රටේ මාතෘ මරණ සංඛ්‍යාව ගොඩක් දුරට අඩු කරන්න අපේ රටේ තියෙන ප්‍රබල සෞඛය සේවාව දායක වුනා. ජපාන රටේත් හොඳ සෞඛ්‍ය සේවාවක් තියෙනවා. සෞඛ්‍ය රක්ෂණ සේවාවනුත් හොඳටම ක්‍රියාත්මක වෙනවා. යම් සේවකයෙක් සේවය කරද්දි ඒ සේවය සමාගමටයි ලෙඩ වුනාම ගෙදර අයටයි පටවන මෙහෙ වගේ දේවල් එහෙ නැතුව ඇති. ඒ රටේ දුප්පත් ජනතාවගෙන් සියයට 90කටම නොමිලේ සෞඛ්‍ය සේවා සැපයුම ජපාන රටේදි ලැබෙනවා. ප්‍රබල සෞඛ්‍ය සේවාව මහජනයා ගොඩාක් කල් ජීවත්වෙන්න හේතුවක් විදියට සඳහන් වෙනවා.
7. පිරිසිදුකම
අපිරිසිදු වටපිටාවක් කියන්නේ ලෙඩරෝග බැක්ටීරියාවන්ට හොඳ තෝතැන්නක්. ජපානයේ පාසැල් වල පොඩිකාලේ ඉඳලාම මහජන සෞඛ්‍යය ගැන උගන්වනවා විතරක් නෙමෙයි, කාණු සුද්දකරගන්න, වැසිකිළි පිරිසිදු කරගන්නත් ප්‍රායෝගිකව කියාදෙනවා. ජපානයේ නගරයක වීදියක් වුනත් අපේ බාසාවෙන් කිව්වොත් “පාරෙ බත් දාගෙන කන්න” තරමට පිරිසිදුවට තියෙනවා. පිළිවෙලකට පිරිසිදුවට වැඩ කිරීම නිසා කසල ආදිය නිසා පැතිරෙන ලෙඩරෝග ආදියෙන් ගැලවෙන්න ජපනාට පුළුවන් වෙලා තියෙනවා.
ජපාන ආහාර රටාව ගත්තාම දූපත් රටක් නිසා ඒ අයටත් අපිට වගේම මුහුදු මාලු, මුහුදු කෑම ලැබෙනවා. ඒත් ජපානයේ අය ආහාර පිළියෙල කරන විදියට ඒවායේ පෝෂණ ගුණය වඩාත් ආරක්ෂා වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජපානයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. අපිට ඔක්කෝම දේවල් ආදර්ශයට ගන්න බැරිවුනත් මේ දේවලින් කිහිපයක් හෝ අපේ ජීවිත වලට එකතු කරගන්න හැකි වුනොත් අපිටත් සෙන්චරියකට කිට්ටු වෙන්න ජීවත් වෙන එක ගේමක් නැතිවේවි.
Leave a Reply