වසර හතලිස්දාහකට පෙර අපෙන් සමුගත් නියැන්ඩර්තාල්වරු

වර්​ෂ හාරලක්​ෂයකට එපිට දී අප්‍රිකාවෙන් පැමිණ අදින් වසර හතලිස් දාහකට පෙර නියැන්ඩර්තාල්වරුන් මිහිමතින් සදහටම අතුරුදන් විය. නියැන්ඩර්තාල්වරු එවකට මිහිමත සිටි ජීවින් අතර බුද්ධිමත් ජීවින් විශේෂයක් විය. ඔවුන්ගේ බලපෑම නූතන හෝමෝ සේපියන් සේපියන් මානවයාගේද දියුණුවට යම් දායකත්වයක් දක්වා තිබේ. කවුද මේ නියැන්ඩර්තාල්? අපි ඒ ගැන ටිකක් දැනගමු.  

 

1. සිරු​රේ හැඩය

නියැඩන්ඩර්තාල් මානවයා  නූතන හෝමෝ සේපියන් මානවයාට හැඩහුරුකමින් සමානය. එහෙත් වෙනස්කම් කිහිපයක් තිබේ. වඩාත් සීතල කලාපයක ජීවත් වූ නියැන්ඩර්තාල්ට ආශ්වාස කිරීමට පහසු වනු පිණිස විශාල නාසයක් පිහිටා තිබුණි. සාමාන්‍ය​යෙන් යුරෝපා සහ මැදපෙරදිග කලාපයේ විසිරී සිටිය නියැන්ඩර්තාල් දැන් එහි වෙසෙන කෝකසොයිඩ්වරුන්ට වඩා උසින් අඩු විය. පිරිමි නියැන්ඩර්තාල්වරයෙකු අඩි පහකුත් අ​ඟල් 5ක පමණ සාමාන්‍ය උසකින් යුක්ත විය. මොවුන්ගේ කපාල ධාරිතාවය හෙවත් මො​ළය සාමාන්‍ය අපේ මො​ළේටත් වඩා ලොකුය. හැඩහුරුකමින් කොට නාසය විසාල රෙස්ලින් ශූරයෙකුගේ මෙන් පෙනුමක් නියැන්ඩර්තාල්ට තිබුනේ යැයි නිර්මාණය කර ඇති රූ සටහන් ඇසුරින් පැහැදිලි වේ.

 

2. නියැන්ඩර්තාල් ජීවිතය

නියැන්ඩර්තාල්වරු නිකම්ම නිකම් ගෝත්‍රිකයෝ නොවූහ. තවමත් හෝමෝ ​සේපියන්වරුන්ගේද ගෝත්‍රිකයෝ සමහරක් ඇඳුම් නැතිව කැලේ සහ දූපත් වල සිටිති. එහෙත් නියැන්ඩර්තාල්වරු ඇඳුම් ඇඳ සිට ඇත. ගින්න නිපදවාගෙන ඇත. ඔවුන් ආවරණ සහිත තැන් සිය වාසස්ථාන ලෙස පාවිච්චි කර ඇත. යම් යම් දේවල් වල අනුරූ තැනීමටද නියැන්ඩර්තාල්වරු උත්සාහ කර ඇතැයි ඔවුන්ගේ සාධක පිරික්සීමේදී පෙනී යයි. නියැන්ඩර්තාල්වරු ලොකු ප්‍රමාණයේ සතුන් වුවද බිම දමාගැනීමේ හැකියාව සහිත දක්​ෂ දඩයක්කරුවෝද වූහ.

 

3. නියැන්ඩර්තාල් සොයා ගැනීම

නියැන්ඩර්තාල්වරුන් මුලින්ම සොයාගැනුනේ ෆොසිලමය සාධක වලිනි. 1856 වර්​ෂයේදී ජර්මානු විද්‍යාඥයින් විසින් නියැන්ඩර්තාල්වරුන් මුල්වරට සොයා​ගෙන තිබුණි. ඔවුන් ඒවා සොයාගත්තේ නියැන්ඩර් නම් නිම්නයෙන් වන බැවින් එතැන් පටන්  ඒ මානවයෝ නියැන්ඩර්තාල්වරුන් වූහ. ජර්මනියෙන් පමණක් ​නොව යුරෝපය පුරා තැනින් තැන මෙන්ම මැදපෙරදිග, සිරියාව, ඊජිප්තුව ආදී පළාත්වලින්ද නියැන්ඩර්තාල්ගේ උරුමයන් සොයාගෙන තිබේ.

 

4. ඔරොත්තු දීම

ලෝකයේ මුල්ම මානවයා බිහිවුනා යැයි විශ්වාස කරන්නේ අප්‍රිකාවේය. අප්‍රිකාවේ මධ්‍යම නිවර්​තන කලාපයේ අපේ රටේ මෙන් දො​ළොස් මාසේම නිල් පැහැති වන වියනක් තිබේ. ඒ අනුව අවුරුද්දේ ඕනෑම කාලයක ආහාර සොයාගැනීමට අප්‍රිකාවේදී ලේසිය. වාසස්ථාන ස්ථිරය. එහෙත් යුරෝපයට පැමිණි මුල්ම නියැන්ඩර්තාල්වරුන්ට තද ශීත කාලයකට, ආහාර අඩු කාලයකට ස​හ දඩයම් අඩු කාලයකට මුහු​ණ දෙන්නට සිදු විය. එම කාලයේ එක් පසෙකින් සිය ආහාර සැපයුම සලසාගත යුතුය. අනෙක් පසින් ශීත පරිසරයට උචිත ඇඳුම් පැළඳුම් සහ වාසස්ථාන සපයාගත යුතුය. ඒ අභියෝගය කෙසේ හෝ ජ​යගන්නට නියැන්ඩර්තාල්වරුන් සමත් විය.

 

5. තාමත් තියෙන නියැන්ඩර්තාල් ජාන

ආසියානුවන්ට සහ යුරෝපීයයන්ට නියැන්ඩර්තාල් ජාන සුළු වශයෙන් තිබේ. ඇතැමෙකුගේ 2%ක් දක්වා නියැන්ඩර්තාල් ජාන තවමත් තිබෙන අවස්ථා හමුවී තිබේ. ඒ අනුව වසර 30,000 – 50,000ත් අතර දී මෙලොවින් තුරන් වූ නියැන්ඩර්තාල්වරු අපේ හෝමෝ සේපියන් සේපියන් මනුස්සයා සමගද මුසු වී තිබේ. එහෙත් අප්‍රිකානුවන්ට මේ නියැන්ඩර්තාල් ජාන නොමැත.‍ නියැන්ඩර්තාල්වරුන් යුරෝපීය සීමාවේ ජීවත්වී එයට හැඩගැසීම නිසා අද වෙසෙන අප්‍රිකානුවන්ට නියැන්ඩර්තාල් ජාන නොපිහිටීම ස්වාභාවික සංසිද්ධියකැයි විද්‍යාඥයෝ කියති. ඒ අතර අදද අප්‍රිකානුවන්ට වඩා ආසියාතිකයින් සහ යුරෝපීයයන් බුද්ධි මට්ටමින් වැඩි වීමට මේ නියැන්ඩර්තාල්වරුන්ගේ ජානමය ඇසුර හේතුවී ඇති බවට ඇතැම් විද්‍යාඥයින් මත ප​ළ කර තිබේ.

 

6. නියැන්ඩර්තාල් ව​ඳ වීම

මීට වසර තිස්දහසත් හතලිස්දාහත් අතර කාලේදී නියැන්ඩර්තාල්වරුන් මිහිපිටින් අතුගෑවී යන්නට ඇතැයි සැලකේ. එසේ වූයේ ඇයිද යන ප්‍රශ්​නය කලක සිට විද්‍යාඥයින් පිළිතුරු හොයන ගැටළුවකි. නූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්වරුන් මේ කලාපයේ පැතිරී ඇත්තේ නියැන්ඩර්තාල්වරුන් නික්මී යන කාලවකවානුවේදීමය. කලකට පෙර විශ්වාස ක​ළේ හොමෝ සේපියන්වරුන් විසින් සිය විරුද්ධවාදීන් ලෙස නියැන්ඩර්තාල්වරුන් මරුමුවට පත් කරන්නට ඇති බවකි. එහෙත් එය දැන් වැඩි විශ්වාසයක් නැති මතයකි. නියැන්ඩර්තාල්වරුන්ට හෝමෝ සේපියන්වරුන්ට තරම් ලෙඩරෝග වලට ඔරොත්තු දෙන්නට ඇති හැකියාව අඩු වීම නිසා නියැන්ඩර්තාල්වරුන් ව​ඳවී ගියා යැයි සැලකේ

 

7. නියැන්ඩර්තාල් දියුණුව

නියැන්ඩර්තාල්වරුන්ටද ආගමික දේ පිළිබ​ඳ විශ්වාස තිබූ බවට ද යම් මත ප​ළවී තිබේ. නිරිතදිග ප්‍රංශයේ ගුහාවක අභ්‍යන්තරයෙන් හමු වූ ගල් කැබලි ආදිය ඒ ඇදහීම් වලට යොදාගත් ඒවා යැයි සැලකේ. නූතන මානවයා යුරෝපයට පා තැබීමට පෙර යුරෝපයට ආ නියැන්ඩර්තාල්වරුන්ගේ චිත්‍ර සටහන්ද ගල් ගුහා වලින් හමු වී තිබේ. ඔවුන්ගේ සන්නිවේදන කාර්යයන් ගැන එතරම් තොරතුරු අනාවරණය වී නැතත් ඔවුන් සතුව යම් කිසි ක්‍රමයක සන්නිවේදන ක්‍රමයක් පවතින්නට ඇතැයි සැලකේ.

 

මේ මානවයින්ගේ නැගීසිටීම ඔවුන්ගේ ව​ඳවීම ආදිය අධ්‍ය​යනය කිරීම හුදෙක් විනෝදයක් පමණක්ම නොවේ. ඒ ඇසුරෙන් මානව වංශකතාව අපිට පැහැදිලිව නිර්මාණය කරගත හැකි වෙනු ඇත. මිනිසාගේ නූතන ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙනගන්නේ යම් සේ ද පරිණාමීය කාලයෙන්ද අපිට ලබාගත හැකිදේ තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *