කාම සූත්‍රය සිංහලෙන් – අසූ පස් වැනි කොටස

ඔන්න එහෙමනම් අපි අද කාම සූත්‍රයේ අවසාන ප්‍රකරණය කියවන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ප්‍රකරණය සඳහා වත්ස්‍යායන පඬිතුමා දීලා තියෙන නම තමයි “නෂ්ටරාග ප්‍රත්‍යානයන – වෘද්ධි චිත්‍රයෝග ප්‍රකරණය”. මේ ප්‍රකරණය තුළ සාකච්ඡා වෙන්නේ මොකක්ද කියන එක ගැන එතුමා ආරම්භයේදීම මෙන්න මේ විදිහටම පවසලා තියෙනවා… “තෘප්තිමත් කිරීමට අපහසු එනම් අසීමිත කාමාශා සහිත අතිධාවනකාරී කාම ස්වභාවයන්ගෙන් යුතු ස්ත්‍රීන් උදෙසා මෙවැනි යෝග භාවිතා කිරීම සිදුකළ යුතුයි”.

සංසර්ගයේ ආරම්භයට පෙර රහස් ඉන්ද්‍රියයන් පිරිමැදීම කළ යුතුයි. ඒ මගින් ප්‍රබෝධමත් වීම ඇති වීමෙන් අනතුරුව ලිංගේන්ද්‍රිය ඇතුළත් කිරීම සිදුකළ යුතුයි. මේ මඟින් රාගය උද්දීපනය වෙයි.

වේග හීන පුද්ගලයා, වයස්ගත වූ තැනැත්තා, තරබාරු පුද්ගලයා සහ වෙහෙසට පත් තැනැත්තා යන පුද්ගලයන් සඳහා ඖපරිෂ්ටකය භාවිතා කළ යුතු අතර මෙයින් අනුරාගය පුළුල් වීම සිදුවෙයි. එහිදී පුරුෂ ලිංගයට සමාන වෙනත් කෘත්‍රිම නිර්මාණ භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා අපද්‍රව්‍ය යන නම භාවිතා වනවා. මෙවැනි අපද්‍රව්‍ය තැනීම සඳහා රන්, රිදී ,තඹ, යකඩ, ඇත්දත්, හරක් අං, ඊයම් ආදී ද්‍රව්‍ය භාවිතා කිරීමට පුළුවන්.

කෙසේ වෙතත් මෙවැනි අපද්‍රව්‍ය තනා ගැනීමේදී ඒවා ආරක්ෂා සහිත වීම, දැකුම්කළු වීම, මෘදු වීම, ශීත ගතියෙන් යුක්ත වීම, තරමක් දුරට දැඩි ස්වභාවයෙන් යුක්ත වීම, සංසර්ග කාර්යයට පහසු වීම සහ කාර්යක්ෂම වීම යන ගුණාංග වලින් සමන්විත විය යුතු බව බාභ්‍රවීයය පඬිතුමා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දැවයෙන් තැනූ අපද්‍රව්‍ය ද මේ සඳහා සුදුසු බව වචන පඬිතුමා නිර්දේශ කරනවා. එහි ප්‍රමාණය උත්තේජනය වූ ලිංගේන්ද්‍රයේ ප්‍රමාණයට සමාන විය යුතු අතර අග කොටසේ රළු ගැටිති වලින් සමන්විත විය යුතුයි. පුරුෂ ලිංගයට සමාන වන එවැනි ආකාරයේ අපද්‍රව්‍ය සඳහා  චූඩක යන නම භාවිතා වනවා. මේ ආකාර අපද්‍රව්‍ය වැලක් බඳු ආකාරයෙන් ඇත්නම් ඒ සඳහා  ඒක චූඩක යැයිද භාවිතා වනවා. අග මහත සහ රළු ස්වභාවයක් ගන්නේ නම් එවැනි අපද්‍රව්‍ය වෘෂණ ලෙස වර්ගීකරණය වනවා. යම් ලෙසකින් ගැටිති ලිංගයේ ප්‍රමාණයට දිගට විහිදී ඇති නම් කඤ්චුක සහ ජාලක යන නම් භාවිතා වෙනවා.

යම් අවස්ථාවක එවැනි අපද්‍රව්‍යයක් සාදා ගැනීමට ඉඩක් නොලැබුණහොත් එවැනි වාතාවරණයකදී උණ බටයක් හෝ ලබු ශාකයේ බටයක් තෙල් වර්ගයකින් පදම් කොට ගෙන උකුලේ බැඳීම සිදු කළ යුතුයි.

ඉන් පසුව එවකට භාරතයේ පැවති තවත් චාරිත්‍රයක් පිළිබඳව වත්‍ස්‍යාන පඬිතුමා සඳහන් කරනවා. එතුමාට අනුව දක්ෂිණ දේශවාසීන් කන්පෙති විඳින්නාක් මෙන් ස්වකීය ලිංගේන්ද්‍රයද විදගනු ලබනවා. එය සිදු කිරීමේදී ලිංගය විදීමෙන් පසුව ලේ ගැලීම නවතන තුරු දියෙහි තබනවා.

සිදුරු විදීම සඳහා නියමිත දිනයේ ඊට පෙර අධික ලෙස සම්භෝගයේ යෙදීම සිදු කළ යුතු අතර නැවත සිදුර විදීමෙන් පසුව සාදාගත් කසායකින් එය සෝදා හැරීම සිදු කෙරෙනවා. ඉන් අනතුරුව වේවැල් සහ කෙළිඳ අංකුර යන ඖෂධ වර්ග යොදා සිදුර ටිකෙන් ටික ටිකෙන් ටික වැසෙන්නට සලස්සනවා. ඉන් පසුව යළිත් වරක් වැල්මී කසායට මී පැණි යොදා එය සෝදා හැරීම සිදු කරනවා. ඊයම් කූරු ගසා සිදුර ලොකු කිරීම ඉන් අනතුරුව සිදු කෙරෙනවා. අනතුරුව එම සිදුරෙහි තෙල් ආලේප කරනවා. මේ ආකාරයට අදාළ සිදුරේ විවිධ අපද්‍රව්‍ය සිරකොට සංසර්ගයේ යෙදීම සිදු කිරීමට පුළුවන්.

මේවාට අමතරව වටකුරු හැඩයෙන් යුතු, එක පැත්තක් පමණක් වටකුරු හැඩයෙන් යුතු, පැතලි අගකින් යුක්ත, ගෝලාකාර ස්වභාවයෙන් සහ නාලයක් බඳු ආකාරයේ ස්වභාවය ගන්නා, නෙළුම් පෙත්තේ හැඩයෙන් යුතු, තුඩු සහිත, එළදෙනෙකුගේ ඇට වැනි ස්වභාවයක් ගන්නා, අලියෙකුගේ හොඬවැලක ස්වභාවය ගන්නා, අටපට්ටමේ හැඩයෙන් යුතු, රථාකාර හැඩයෙන් යුතු, තුන්හුලස් හැඩයෙන් යුතු ආදී වශයෙන් අවශ්‍යතාවයට සරිලන පරිදි අපද්‍රව්‍ය සකස් කිරීම සුදුසු බවට වත්ස්‍යාන පඬිතුමා නිර්දේශ කරනවා.

 

එහෙම නම් ලබන සතියෙත් අපි මේ ප්‍රකරණය තවදුරටත් කියවගෙන යමු. එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක යාළුවෝ එක්ක ෂෙයාර් කරගන්න අමතක කරන්න එපා.

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 48 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 49 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 50 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 51 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 52 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 53 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 54 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 55 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 56 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 57 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 58 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 59 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 60 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 61 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 62 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 63 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 64 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 65 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 66 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 67 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 68 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 69 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 70 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 71 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 72 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 73 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 74 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 75 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 76 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 77 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 78 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 79 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 80 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 81 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 82 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 83 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 84 කොට​ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *