නවතම චිත්‍රපට : ජනවාරි සිවුවැනි සතිය

Latest movies January fourth week

ඉතින් මේ සතියෙත් මේ අරගෙන ආවේ එළිදකින්න නියමිත චිත්‍රපට ගැන තොරතුරු. ඒත් මේ සතියේ හින්දි සිනමා නිර්මාණ නම් දකින්න ලැබෙන්නේ නෑ. ඒත් ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු ඉංග්‍රීසි චිත්‍රපටනම් කිහිපයක්ම මේ සතියේ එළිදකින්න නියමිතයි. බලමු මේ මොනවද කියල එහෙනම්.

 

ඉංග්‍රීසි

 

1. Maze Runner: The Death Cure

 

මේ ගැන කියන්න දෙයක් නෑ. Maze Runner චිත්‍රපට මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒත් කතාව ටිකක් වෙනස් මේ චිත්‍රපටයේදී. කතාව දිවෙන්නේ රෝගයක් වටා. මේ රෝගය මනුෂ්‍ය සංහතිය විනාශ කරන රෝගයක්. මේ රෝගය සුව කළ හැකි ක්‍රමයක් සොයා යන තෝමස් ඇතුළු පිරිවරගේ කතාවයි Maze Runner: The Death Cure  කියන්නේ. විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැලකුවට වරදක් නෑ. චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ප්‍රකට රචක ජේම්ස් ඩශ්නර් ගේ  කෘතියක් ඇසුරෙන්. රෝසා සලසාර්, තෝමස් බ්‍රොඩි ආදී ප්‍රකට නළු නිලියන් රංගනයේ යෙදෙන මේ සිනේරුවේ සංගීතය ජෝන් පසෙනෝ විසිනුයි.

අධ්‍යක්ෂණය : වෙස් බෝල්

තිරගත වන කාලය : පැය 02 යි මිනිත්තු 23 යි

නිකුත් වන දිනය : ජනවාරි 26

 

2. Please Stand By

 

ටෙලි නාට්‍යයක් ඇසුරෙන් චිත්‍රපට පවා නිර්මාණය වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි මේ. Star Trek කියන ජනප්‍රිය හොලිවුඩ් ටෙලි නාට්‍යයට තෝරාගැනීම සඳහා පැවැත්වෙන පිටපත් ලිවීමේ තරගයකට සහභාගී වීමට යන තරුණියක් වටා කතාව දිවෙනවා. ඇයට පවුලෙන් සහ සමාජයෙන් එල්ල වෙන විවිධාකාර අභියෝග හමුවේ ඇය ඒ වෙනුවෙන් සහභාගී වන ආකාරය චිත්‍රපටයෙන් කියවෙනවා. විචාරක සම්මාන බොහොමයක් දැනටමත් දිනා තිබෙන මේ සිනේරුවේ ඩකෝටා ෆනින්, ටොනී කොලීට් වැනි නළු නිලියන් රංගනයෙන් දායක වනවා.

අධ්‍යක්ෂණය : බෙන් ලෙවින්

තිරගත වන කාලය : පැය 01 යි මිනිත්තු 33 යි

නිකුත් වන දිනය : ජනවාරි 26

 

3. Hostiles

 

පැරණි යුද්ධ කතාවක් කාලයකට පසු කරලියට එන අවස්ථාවක් ලෙසට Hostiles හැඳින්විය හැකියි. 1892 ඇමෙරිකානු යුද්ධ නිලධාරියෙකුගේ වීර වික්‍රමාන්විතයක් ගැන කියවෙන මෙම චිත්‍රපටයේ ක්‍රිස්ටියන් බෙල්,  ස්කොට් ෂෙපර්ඩ්, රෝස්මන්ඩ් පයික් වැනි නළුවන් රංගනයෙන් දායක වනවා. මෙහි තිර පිටපත අධ්‍යක්ෂකගෙන්ම වීමත් විශේෂත්වයක්.

අධ්‍යක්ෂණය : ස්කොට් කූපර්

තිරගත වන කාලය : පැය 02 යි මිනිත්තු 14 යි

නිකුත් වන දිනය : ජනවාරි 26

 

4. The Competition

 

හාස්‍යමය සිනෙමා පටයක්. සම්බන්ධතා ගැන කියවෙන හාස්‍යය මනාව මුසුකොට නිමවුණු සිනේරුවක් කියල කියන්න පුළුවන්. කාන්තාවක් සහ ඔහුට මුණගැසෙන උපදේශකයෙක් වටා කතාව ගොඩනැගෙනවා. කතාව ටිකක් දුරට යත්දී, ඇත්තටම තරගයකුත් (Competition) තියෙනවා. ඔබම බලන්නකෝ. ප්‍රධාන චරිත රඟපාන්නේ තෝරා බර්ච් සහ ක්ලෙයා කොෆී විසින්. තිර රචනය කෙල්සි ටකර් ගෙන්. සංගීතය ස්කොට් සබෝගෙන්.

අධ්‍යක්ෂණය : හාවි ලවුරි

නිකුත් වන දිනය : ජනවාරි 26

 

5. The Clapper

 

මෙන්න තවත් විශිෂ්ට සිනේරුවක්. මේ කතාංග රචකයන්ට කොහොම හිතෙනවද කියල තමයි පුදුම. රුපවාහිනී වැඩසටහන් වල Audience එක තුල ඉන්න ප්‍රේක්ෂකයෙක්. පස්සේ බැලුවම ඔහු හැම රුපවාහිනී වැඩසටහනකම එක එක වේශ වලින් ඉන්න බව හෙළිවෙනවා. මේත් එක්කම ඔහු කුප්‍රසිද්ධියට පත්වෙනවා. මේ අනවශ්‍ය මාධ්‍ය හඹායාම ඔහුගේ ජිවිතයට ප්‍රේමයට බලපාන ආකාරය කියවෙන සිනේරුවක් තමයි The Clapper කියන්නේ. ඇමන්දා සෙයිෆ්රිඩ් සහ එඩ් හෙල්ම්ස් විශිෂ්ට රංගනයක නියැලෙනවා චිත්‍රපටය තුල.

අධ්‍යක්ෂණය : ඩිටෝ මොන්ටියෙල්

තිරගත වන කාලය : පැය 01 යි මිනිත්තු 29 යි

නිකුත් වන දිනය : ජනවාරි 26

 

ඉතින් ඔය විදිහට තමයි මේ මාසේ අන්තිම සතියේ එළිදකින ඉංග්‍රීසි චිත්‍රපට සනිටුහන් වෙන්නේ. ලිපිය කියවලා දැනුමක් ගත්තනම් අනිත් අයටත් බලන්න එක්කම Share කරමු යාලුවනේ.

 
Cover Image Source – imdb.com/ ign.com/ theplaylist.com/ pintarest.com/ teaser-trailer.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *