ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු ඉන්දියානු කෙටි සිනමාපට හතක්

කෙටි සිනමාපට කියන්නේ ඇත්තටම චිත්‍රපටයක් වගේ ගොඩක් ලොකු වාණිජ මට්ටමේ සාර්ථකත්වය ළඟා නොකර ගත් සිනමා කර්මාන්තයක්. ඒ වුනත් ඒ එක නිර්මාණයක් වත් දුර්වල මට්ටමේ නම් නැහැ. ගොඩක් අපූරු කතා තේමාවක් ඒ නිර්මාණ ඇතුලේ තියෙනවා කිව්වොත් වැරදි නැහැ. ඉතින් එහෙනම් අද අපි කතාකරමු ඒ වගේම සුපිරම නිර්මාණ හතක් ගැන.

 

01. Devi

මේක තරමක් මෑතකදී ආපු නිර්මාණයක්. ඒ වුනාට ගොඩක් ජනප්‍රිය වුනු සෑහෙන්න ඇගයිම් තොගයක් ලබපු නිර්මාණයක්. විශේෂයෙන්ම මේකේ රංගනය ගැන කතා කලොත් කාජල් වගේම ශෘති හසන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තව නිලියන් හත්දෙනෙකුත්.. මේකේ කතාව දිවෙන්නෙ එක කාමරයක ඉන්න ගැහැනුන් කිහිප දෙනෙක් සමඟ. නිකන්ම ගැහැනුන් නෙමේ මියගිය ගැහැනුන් පිරිසක්. ඉතින් හරිම සංවේදී කතාපුවතක්. අනිවාර්යයෙන් මග නොහැරිය යුතු නිර්මාණයක්.

 

02. Ahalya 

මේ නිර්මාණය නම් අපේ රටේ පවා ගොඩක් ජනප්‍රිය වුනු නිර්මාණයක්. ඒ නිසා ගොඩක් අය අනිවාර්යයෙන් නරඹලා ඇති කියලා විශ්වාස කරනවා ඉතින්. ඇත්තම කිව්වොත් මේක බෙංගාලි නිර්මාණයක්. මේකේ අධ්‍යක්ෂකවරයා ගැන කිව්වොත් ඔහු සුජෝයි ගෝෂ්. ඔහු තමයි කහානි, කහානි 2 වගේ අතිශය විශිෂ්ඨ නිර්මාණ බිහිකරෙත්. ඒ වගේමයි රාධිකා ආප්තේගේ විශිෂ්ඨ රංගනයත්.. ඉතින් නොබලපු අය අනිවාර්යයෙන් බලන්න.

 

03. Hi hello kadhal 

මේක නම් හරිම ලස්සන කතාපුවතක්. අපි හැමෝම අහලා තියෙනවනේ සමාජ ජාලා වලින් හම්බුනු ප්‍රේමවන්තයෝ ගැන. මේකෙත් ඉන්නේ එහෙම දෙන්නෙක්. ඇත්තටම මෙයාලා හම්බෙන්නේ සින්ගින් ඇප් එකකින්. ඉතින් හරිම වෙනස් කතාවක්. මේකෙ රංගනය ගැන කිව්වොත් 96 ෆිල්ම් එකේ කුඩා ජානු ගේ චරිතයට රංගනයෙන් දායක වුනු නිලියත් ජූන් වගේ අතිශය ජනප්‍රිය නිර්මාණ වල රංගනයෙන් දායක වුනු සර්ජානෝ කාදිල් රංගනයෙන් දායක වෙන්වා.

 

04. Little terrorist 

මේ නිර්මාණය ඔස්කාර් නොමිනේශන් එකක් වගේම තව විශාල ඇගයීම් කන්දරාවක් ලබාගත්ත නිර්මාණයක්. ඉතින් මේකට පාදක වෙන්නේ හරිම සරල ඒ වගේම වෙනස්ම කතාවක්. අවුරුදු දහයක මුස්ලිම් කොල්ලෙක් තමයි ජමාල්. එයා යාලුවො එක්ක සෙල්ලම් කරකර ඉද්දි එයාගේ බෝලේ ඉන්දියානු දේශසීමාවට වැටෙනවා. ඊට පස්සේ වෙන දේවල් මෙතන කියන්නෑ.. ඔයා අනිවාර්යයෙන් බලන්න.

 

05. Chettan 

මේක ටිකක් අනික් ඒවට සාපේක්ෂව කොමඩි පැත්තට බර නිර්මාණයක්. හැබැයි ඒ වුනත් ගොඩක් ලස්සන නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. මේක මලයාලම් කෙටි චිත්‍රපටයක්. මේක විනාඩි විසිදෙකක විතට නිර්මාණයක්. මන් කතාව ගැන වැඩිය කියන්න නම් යන්නේ නෑ.. ඔයාම අනිවාර්යයෙන් බලන්න.

 

06. Majha honeymoon 

මේක ගැන දානවද නොදානවද කියලා දෙපාරක් හිතපු එකක්. ඒ මේකේ ධාවන කාලය නිසා. ඇත්තම කිව්වොත් විනාඩි පහක නිර්මාණයක්. ඒ නිසා ඕනෙම කෙනෙක් අනිවාර්යයෙන් බලයි ඉතින්. මේකේ රංගනය ගැන කිව්වොත්, මිතිලා ඇය තමයි ප්‍රධාන චරිතය. ලිට්ල් තිංග්ස් ටිවි සීරිස් එක බැලුවනම් මේයා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් කෙටිම කෙටි නිර්මාණයක්. ඒ නිසා අනිවාර්යයෙන් බලන්න.

 

07. Printed rainbow 

මේක ඇත්තටම අනිත් ඔක්කෝටම වඩා වෙනස් නිර්මාණයක්. මොකද්ද දන්නවද හේතුව මේක ඉන්දියවේ හැඳිච්ච ඇනිමේෂන් චිත්‍රපටයක්. ඒ හින්දා මග නොහැර බලන්න. ආ තව දෙයක් මේකේ අධ්‍යක්ෂකවරිය ගැන කිව්වොත් ඔක්තෝම්බර් ෆිල්ම් එක බලපු අයට නම් අමතක නොවන මුහුණක් ඉතින්.

 

ඉතින් මේ නිර්මාණ හතම ගොඩක් වෙලාවට ඔයාට යූටියුබ් එකෙන් එහෙම, ලේසියෙන්ම හොයාහන්න පුලුවන් අනිවාර්යයෙන්. ඉතින් මේ නිර්මාණ රසවිඳින්නත් මීට අමතරව ඔබ දන්න නිර්මාණත් අපිට කියන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *