ආයතනේට අපේ තියෙන වටිනාකම හොඳටම තේරෙන්නෙ ලොක්කගෙන් නිවාඩුවක් ඉල්ලන්න ගියාම කියල කතාවක් තියෙනවනෙ. ඇයි ඉතිං අපිට නිවාඩුවක් දුන්නොත් 9/11 ප්‍රහාරෙන් බිල්ඩින් දෙක දොහ් උනා වගේ කොම්පැනිය වැටෙන සීන් එකක් තමයි ලොක්කා රඟපාලා පෙන්නන්නෙ. ඉතිං මෙහෙම දේකදි පටාචාරා වගේ දුක් සීන් එකක් දාගෙන ගිහින් හඬා වැටිලා ගේම ගොඩ දාගන්න අපේ අයියලා ගහන බොරු කන්දෙන් හතක් තමයි මේ කියන්නෙ.
1. අමුතු ලෙඩ

Source – media.giphy.com
බොස් මට සතියක ඉඳන් කන්න බෑ. පිටකොන්ද රිදෙනවා. බඩ යනව බුරුලෙන්. චූ දම් පාටයි. තාත්තානං කියන්නෙ මට උන්මාදෙලු. මෙහෙම තියාගෙන මං වැඩකරල හදිස්සියෙවත් මං මළොත් ඉන්ෂුවරන්ස් එකෙන් ලොකු ගානක් හම්බෙයි කියලයි මං අදත් වැඩට ආවෙ. ඒත් බොස් මං මෙහෙදි මළොත් ඩිරෙක්ටර්ලා බොස්ට කේස් එකක් අදියි කියල මට හිතෙනවා. ඒ නිසා මං යන්නං බොස් ගෙදර. මට කවද වෙනකං එන්න පුළුවන් වෙයිද කියල කියන්න බෑ. මං මැරෙන්න කලින් ලංකාව දිනන මැච් එකක් බලන්න ආසයි බොස්. ඒ හින්දා මේ ටුවර් එකේ මැච් ටික බලන්නයි හිතුවෙ. ඒ නිසා ටීවී එකේ මාව දැක්කොත් කේන්ති ගන්න එපා.
2. ගෙදර ප්‍රශ්න

Source – media.giphy.com
සර්, මං මේ කියන්නමයි කියල ආවෙ. මං ටික දවසක් ගෙදර නවතින්නං සර්. ගෙදර දොරේ ලොක් එක කැඩිලා. ට්‍රිප් ස්විච් එකේ අවුලක් ගිහින්. ඊයෙ හවස ග්‍රිල් එක හොරු කපලා. මං මෙහෙ ඉඳන් ආවට හිත තියෙන්නෙ ගෙදර. ඉතිං වැඩ කරන්න අමාරුයි. අනික මගෙ නිවාඩු ඔක්කොම ඉතුරුයි. ඉතිං මේ ප්‍රශ්න තියෙන කාලෙ ඒ නිවාඩු ටික ගන්නම කියලයි හිතුවෙ. ප්‍රශ්නයක් නෑ නේද සර්.
3. ශෝචනීය කතා

Source – media.giphy.com
මේ ප්‍රශ්නෙ සර්ට කියල වැඩක් නෑ. මට නිවාඩුවක් දෙන්න දවස් තුනක්. ඇයි කියල අහන්නෙපා බොස්. මට මෙතන කඳුළු එයි. මගේ නැන්දා නැති වුනා සර්. ඒ මනුස්සයා තමයි මට කන්න බොන්න දීලා මාව උස්මහත් කළේ. ඒ මනුස්සයාගෙ හැම දේම දුන්නෙ මට. දරුවෙක් ඉඳලත් ඒ මනුස්සයා ආදරේ කළේ මට. එහෙම තියෙද්දි මං කොහොමද සර් ඒ මනුස්සයාගෙ මළ ගෙදරට නොගිහින් ඉන්නෙ. සර්ට තේරෙන්නෙ නැහැනෙ ඊටපස්සෙ නෑයො කියන කතා. හැමෝම කියාවි මං ඒ මනුස්සයා ජීවත් වෙලා ඉන්න කාලෙ වැඩ කරගෙන මළාම බැලුවෙවත් නෑ කියල. ඒ මනුස්සයා මට අම්මා වගේ බොස්.
4. සාපරාධී පාවාදීම්

Source – media.giphy.com
බොස්ටත් මං කරන කිසිම හොඳක් පේන්නෙ නෑ නේද බොස්. මං මේ පුදුම මහන්සියකින් වැඩ කරනවා. මුළු ටීම් එකේම උන් නිකං ඉද්දිත්. බොස් ඒක දැක දැක අර අජියට නිවාඩු දුන්නා. මං මේ දවස් දෙක නිවාඩු දෙන්න බොස්. බොසුත් කිසිම වෙලාවක් බනින්නෙ නැතුව හුරතල් කරන්නෙ වැඩ නොකරන එවුන්ව තමයි. උන් පහු වෙලා එනවා. පැය දෙක් විතර කනවා. සිගරට් දෙකක් විතර හෙමීට ඇදලා, උඩට ඇවිල්ලා තේ බොනවා. පැයක් විතර ෆින්ගර් ප්‍රින්ට් මැෂිම ගාව හිටගෙන ඉඳලා බැහැලා යනවා. ඇයි බොස් නොබනින්නෙ උන්ට? මට මේ නිවාඩු දෙක දෙන්න බොස්.
5. ටයිම් ට්‍රැවල්

Source – media.giphy.com
බොස් මම ඊයෙ රෑ දෙක වෙනකං වැඩ කළා. ඒ නිකං නෙමෙයි බොස්. නොකා වැඩ කළේ. මම සති දෙකකට වැඩ ඉවරයි. මං මේක කරන්නං කියල පොරොන්දු පිට ඉල්ලුවනං බොස් මට මේ නිවාඩුව නොදෙන්න තිබ්බා. බොස් මට දවස් තුනක් නිවාඩු දෙන්න. ඒ ඇති. ආයෙ මේ ජම්මෙට නිවාඩු එපා. බොස් හැමදාම මට බැනපු එකමයි කළේ. පඩි වැඩි කරන්න කිවුවද? නිවාඩු ඉල්ලුවද? ඔෆිස් එකේ කේස් දාගත්තද? වැඩ නොකර හිටියද? නැහැනෙ. ඔන්න මේ නිවාඩු දවස් තුනනං ඕනමයි හොඳේ.
6. උගත් පාඩම්

Source – media.giphy.com
බොස් මට හෙට දවාලෙ ඉඳන් පාටියක්. ඒක හින්දා හෙට නිවාඩුවක් ඕන. අනිද්දට මට අමාරු වෙනවා කියල මම කලින්ම දන්නව බොස්. කලින් පාරත් පාටි ඉවර වෙලා වැඩ කරන්න ඇවිත් මට අමාරු වුනා බොස්. ඊටපස්සෙ පට්ට නිදිමතක් එනවා ඔලුව කැක්කුමක් එක්ක. මාව දැක්කම අනිත් උන්ටත් නින්ද යනව. මං දැක්ක එදා බොස්ටත් නින්ද ගිහින් තිබ්බා. මාව දැකලද කොහෙද? ඔන්නොහේ එදාටත් නිවාඩුවක් දෙන්න බොස්. දවස් දෙකයිනෙ.
7. දන්නෙම නැතුව

Source – media.giphy.com
බොස් මට මේ නිවාඩුවට අස්සන් කරල ඕන. මේක මේ පෙරේදා ගත්තු නිවාඩුවක්. කියන්න උනේ නෑ. මං එදා පාන්දර තුනට ඔෆිස් ඇවිත් අවුට්ස්ටේෂන් ගියා. ඉන් එක ගහන්න අමතක වුනානෙ. එන ගමං කෙලින්ම ගෙදර ගියේ. මම ඊයෙ ආවට පස්සෙ තමයි මේ අවුල දැනගත්තෙ බොස්. නිවාඩුවක් දාලා දෙන්න බොස්.
මේ වගේ යාළුවෝ ඉන්නවා ද?
ඔන්න ඔයාටත් මේ ජාතියේ යාළුවෝ ඉන්නවා නම් එයාලාව ටැග් කරලා ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply