අසම්ප්‍රදායික නගරය ලාස් වේගාස් ගැන පුදුම හිතෙන කාරණා 10 ක්

Las Vegas

බේබද්දෙක් වගේ බොන්න, කැසිනෝ ගහන්න, සුරූපී කාන්තාවන් එක්ක කාලය ගතකරන්න යන්න කියාපු තැනක් තමයි ලාස් වේගාස් නගරය. අපි වේගාස් කියලත් කියනවා. ඇමරිකාවේ 25 වන වැඩිම ජනගහනය සහිත නගරය තමයි වේගාස්.

ලෝකයේ විනෝදාස්වාදයේ අගනුවර වගේම සුඛෝපභෝගී සහ අතිශය විශාල කැසිනෝ-හෝටල් ප්‍රමාණයක් තියෙන ලාස් වේගාස් වසරකට ලොව වැඩිපුරම සංචාරය කරන සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රේණිගත වෙලා තියෙනවා. වැඩිහිටි විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩක් දෙන නිසා “සින් සිටි” කියලාත් ලාස් වේගාස් හදුන්වනවා. ලාස් වේගාස් සාහිත්‍යය, චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ සංගීත වීඩියෝ සඳහා ජනප්‍රිය පසුබිමක් කියලත් අපි දන්නවා. ඉතින් සින් සිටි, ලාස් වේගාස් නගරය වටේ lifie එක්ක රවුමක් යමු.

01. ගණිකා සේවය නීති විරෝධියි

Las Vegas

මොකද හිතෙන්නේ? ලාස් වේගාස් කියපු ගමන් හිතේ මැවෙන්නේ කැසිනෝ සහ ලිංගික සේවය සපයන වීදි වල ඉන්න ලස්සන කාන්තාවන් නේද? ඒත් මේ අසම්ප්‍රදායික නගරයේ ගණිකා සේවය නීති විරෝධියි තමයි. ඒත් එහි විශාල වශයෙන් ගණිකාවන් ඔවුන්ගේ සේවය සපයනවා. එහි සමහර ලිංගික සේවා සපයන්න නීතියෙන් අවසර තියෙනවා. ගොඩක් වෙලාවට නයිට් ක්ලබ් වල, කැසිනෝ ක්ලබ් වල, නයිට් හෝටල් වල අපි නිතර දකින ස්ට්‍රිපර්ස්ලාට ඒ වැඩෙි කරන්න අවසර තියෙනවා. ඒ වගේම තාවකාලිකව සහකාරියක් විදියට කාන්තාවක් ලබා ගැනීමටද අවසර තියෙනවා.

02. ලාස් වේගාස් එක රැයක කූනිස්සන් බයිට් ප්‍රමාණය මුළු ඇමරිකාවේ එක රැයක බයිට් ප්‍රමාණයටත් වඩා වැඩියි

Las Vegas

කූනිස්සා කිව්ව ගමන් අපට මතක් වෙන්නේ කුඩා කූණිස්සන් සහ කූණිස්සන් සම්බෝල වගේම කූණිස්සන් බැදුම. ඒත් මේ කියන්න යන්නේ පොඩි කූනිස්සන් ගැන නෙමෙයි. ඉස්සො තරම් විශාල කූනිස්සන් ගැන. ලාස් වේගාස්වල කොක්ටේල් කියන්නේ වතුර වගේ ජනප්‍රිය පානයක්. ඉතින් කොක්ටේල් වලට වැඩිපුරම ගන්න බයිට් එක කූනිස්සන් බයිට්. මේකේ තවත් පුදුම හිතෙන කාරණය තමයි මුළු ඇමරිකාවේම දවසකට ගන්න කූනිස්සන් බයිට් ප්‍රමාණය ටොන් 25 වඩා අඩුවෙනකොට වේගාස් වල විතරක් ටොන් 30 ක් බයිට් වලට යොදා ගැනීම.

03. ශ්‍රී ලංකාව වගේ පස් ගුණයකට වඩා වැඩි හෝටල් කාමර ප්‍රමාණයක්

Las Vegas

වේගාස් වල හෝටල් ප්‍රමාණය ගැන හිතාගන්න පුළුන් ද? ලංකාවට සාපේක්ෂව කුඩා නගරයක් වුන වේගාස්වල හොටෙල් කාමර විතරක් එක් ලක්ෂ තිස් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. 2019 අපේ රටේ සංගණනවට අනුව නවාතැන් ගන්න පුළුවන් හෝටල් කාමර ගණන විසිපන්දහසක්. මුළු ලාස් වේගාස් නගරය වර්ග කිලෝමීටර් 352 යි. ඒත් ඒ කුඩා නගරයේ පහසුකම් වලින් අංග සම්පූර්ණ හෝටල් කාමර අපේ රටට වඩා පස් ගුණයක් විශාලයි. ලෝකයේ කාමර 6000 කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන හෝටල් තියෙන්නේ 5 යි. එයිනුත් 3ක් පිහිටා තියෙන්නේ ලාස් වේගාස් වලයි.

04. ශ්‍රී ලංකාව වටේ 20 වතාවක් එලන්න පුළුවන් තරම් නියෝන් ටියුබ්

Las Vegas

ලෝකයේ ගොඩක් වෙලාවට රාත්‍රි සමාජ ශාලාවල, කැසිනෝ ක්ලබ් වල නියෝන් ආලෝකයෙන් තමයි බැබලෙන්නේ. ඒ අතරින් දීප්තිමත් රාත්‍රි නගරයක් වන ලාස් වේගාස් වලත් වැඩිපුරම විදුලිය සපයන්නේ වීදුරු ටියුබ් පාවිච්චි කරලා. වීදුරු ටියුබ් තුල අඩු පීඩනයක් යටතේ පිරවූ නියෝන් වායුවට විදුලි විසර්ජන ශක්තිය සැපයීම හරහා තැඹිලි පාට වර්ණවත් ආලෝකයක් ලබා ගන්න පුළුවන්. මේ වනකොට විවිධ පාට පාවිච්චි වුනත් පොදුවේ මේවා නියෝන් ලයිට් කියල තමයි හදුන්වන්නේ.
ලාස් වේගාස් වල නියෝන් ලයිට් බහුලව භාවිතා වෙනවා. මෙහි කැසිනෝ සහ නයිට් ක්ලබ් ඇතුලු ජනප්‍රිය ස්ථාන වැඩිම ප්‍රමාණයක් පිහිටලා තියෙනවා කියල අපි දන්නවා. එහි පාවිච්චියට ගන්න නියෝන් ටියුබ් වල මුළු දිග කිලෝ මීටර් 27000 කට වඩා වැඩියි.

05. වැඩිම විවාහ ගණනක් සිදුවන නගරය

Las Vegas

කැසිනෝ ක්ලබ් වැඩි ප්‍රමාණයක් වගේම ලෝකයේ ඕනිම වැඩිහිටියෙකුට විවාහ වෙන්න පුළුවන් දෙව් මැදුරු විශාල ප්‍රමාණයක් වේගාස් වල තියෙනවා. හදිසියේ විවාහ වෙන්න හොඳම තැනක්. ඒ වගේම සුළු ගානක් ගෙවලා විවාහ බලපත්‍රයක් ගන්නත් පුළුවන්. මයිකල් ජැක්සන්, එල්විස් වගේ ජනප්‍රිය පුද්ගලයන් වගේ වෙස් වලාගත් අයගේ ආශිර්වාදය යටතේ ඔවුන් ලවා විනෝදයක් ලබා ගන්න ගමන් සතුටින් විවාහ සිද්ධ කරන්න වේගාස් මග බලාගෙන ඉන්නවා.ඒ වගේම දිනපතා වේගාස් වල සිදුවන විවාහ ප්‍රමාණය 300 කට වැඩියි.

06. තරු බිහිකල ස්ථානයක්

Las Vegas

ලාස් වේගාස් නගරය විවිධාකාර පුද්ගලයන්ට ලෝකයේ ඉදිරියට යන්න තරු බවට පත් කරන්න පාර හදල දීපු තැනක් විදියට ප්‍රසිද්ධයි. එයින් ප්‍රධානතම වන්නේ සුප්‍රසිද්ද පොප් ගායක එල්විස් ප්‍රෙස්ලි. ඔහුගේ ජනප්‍රියත්වය ඉහළටම නැගීමට හේතු වන්නේ එකදිගට අවුරුදු දෙක හමාරක් පුරා ලාස් වේගාස් හිල්ටන් හෝටලේ පැවැත්වූ සංදර්ශන බව කියනවා. 1970 ගනන් වල තවත් ගායකයෙකු වූ ලිබරාජි ජනප්‍රියත්වය ලබා ගත්තේ ලාස් වේගාස් වල තම සංදර්ශන පැවැත්වීමෙන්.

07. කැසිනෝ වලින් අවම වශයෙන් සියයට 75 ක් වත් දිනුම් ප්‍රතිශතයක් තියෙනවා

Las Vegas

ලාස් වේගාස්වල ස්ලොට් මැෂින් ඉතා ජනප්‍රියයි. කැසිනෝ කවුන්ටරයෙන් අපේ මුදල් වල වටිනාකමට හරි යන කැසිනෝ මුදල් ලබා ගන්න පුළුවන්. මේ කාසි වලින් තමයි ස්ලොට් මැෂින් ක්‍රියාත්මක කරන්නේ. ලාස් වේගාස් වල නීතියට අනුව සෑම ස්ලොට් මැෂිමකම අවම වශයෙන් 75%ක වත් දිනුම් ප්‍රතිශතයක් පවතින විදිහට සකස් කිරීම අනිවාර්‍යයයි. ඒ නිසා ප්‍රධාන දිනුම ඇදුනේ නැතත් වියදම් කරන සල්ලි වලින් සියයට 75 ක් වත් ආපහු ලැබෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. මේ විදියට ගොඩක් පරදින්නේ නැති එකත් කවුරුත් වේගාස් වලට නැවත නැවත එන්න ප්‍රධානතම හේතුවක් වෙලා තියෙනවා.

08. සූදුවේ අනිටු විපාක

Las Vegas

 

වේගයෙන් ඇබ්බැහි වෙන්න පුළුවන් දෙයක් තමයි සූදුව. මත්ද්‍රව්‍ය, දුම්පානය, හා මත්පැන් වගේම කෙනෙක් පහසුවෙන්ම ඇබ්බැහි කරනවා. ඒ නිසා ලෝකයේ අනික් රටවලට සාපේක්ෂව ලාස් වේගාස්වල සූදුවට ඇබ්බැහු වු බොහෝ දෙනෙක් ඉන්නවා. කැසිනෝ වලින් පිට වි ගියත් එදිනෙදා ජීවිතයේදිත් විවිධාකාර දේවල් වලට ඔට්ටු අල්ලන්නත් එයාල පුරුදු වෙලා තියෙනවා. මේ විදියට ඇබ්බැහි වීම නිසා වූ මිනී මැරුමක් ගැන 1980 ලාස් වේගාස් වල විශාල කතා බහක් ඇතිවුනා.

ලාස් වේගාස් වල හෙදියන් පිරිසක් මැරෙන්න ඉන්න ලෙඩුන් ගෙන් ඔවුන් මැරෙන දින පිළිබද ඕට්ටු අල්ලන්න පටන් ගත්තා. ඔට්ටුව අල්ලපු ලෙඩා දිනේට මරන්න හිතා මතා බෙහෙත් ලබා දීම පැහැර හරින තත්වයට ඔවුන් පත්වුණා. වෙනත් ක්‍රම වලින් රෝගීන් මරණයට පත් කරන්නත් ඒ කාලෙදි කටයුතු කලා. ඒ සිද්ධියෙන් පසු ලාස් වේගාස් වල බොහෝ ව්‍යාපාර ආයතන වල ඔට්ටු අල්ලන්න සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තියෙන්නේ.

09. රෑ වුනාම දවල්ටත් වඩා එළිය

Las Vegas

ලොව දීප්තිමත්ම ස්ථානය ලාස් වේගාස් කිව්වොත් පුදුම හිතන්න දෙයක් නෑ. අභ්‍යවකාශයේ ඉදන් බැලුවාම ලෝකයේ දීප්තිමත්ම නගරය විදියට පේන්නේ ලාස් වේගාස්. නියෝන් ලයිට් වලට අමතරව ඉතාම දීප්තිමත් සෝඩියම් විදුලි බුබුළු සහ හැලජන් ලාම්පු විශාල ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. ලංකාවේ වගේ ශබ්ද දූෂණයට වේගාස් වල ඉඩ නෑ. වේගාස් වල බාහිර පරිසරයට ශබ්දය නිකුත් කිරීමට සියළුම ව්‍යාපාර වලට විවිධ සීමා පනවලා තියෙනවා. ඒ නිසා තමන්ගේ කැසිනෝ ඒකට අවධානය ලබා ගැනීමට පහසුම විදිහ වඩාත්ම දීප්තිමත් ආලෝක රටාවලින් වැඩ දැමීම. ඒ් නිසා ලාස් වේගාස් ප්‍රදේශයේ අවට රාත්‍රි කාලයේදී විශාල, විචිත්‍ර ආලෝක රටා, දීප්තියක් තියෙනවා. ලාස් වේගාස් වල සමහර රාත්‍රි කාලයේ තියෙන ආලෝකය ඇත්තටම හිරු එළියේ ආලෝකයට වඩා වැඩියි කියලයි සඳහන් වෙන්නේ.

10. ට්‍රම්ප්ගේ ලාස් වේගාස් හි ට්‍රම්ප් හෝටලය

Las Vegas

ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති දක්වා ඔසවා තියන්න වෙිගාස් නගරයත් දායක වුනා. ට්‍රම්ප් ව්‍යාපාරිකයෙක් විදියට 1990 දශකයේ පරිහානියට පත් වෙනවා. ඒ එක්කම ඔහු THE APPRENTICE රූපවාහිණී නාලිකාවේ වැඩසටහන මෙහෙය වන්නෙක් විදියට කටයුතු කරනවා. මේ හරහා සිද්ධ වෙන ගනුදෙනුවක් නිසා ට්‍රම්ප් වේගාස්වල ට්‍රම්ප් හෝටලය ආරම්භ කරනවා. ඩොලර් මිලියන 300 වියදමකින් නිමවුන මේ හෝටලයේ දැවැන්ත අකුරින් ට්‍රම්ගේ නම සඳහන් කරනවා. ඒ වගේම වැඩසටහනින් ලැබුන ප්‍රචාරය නිසා මේ හෝටලයේ කාමර සහ එපාර්ට්ම්න්ට් ඉහළ මිලකට අලෙවි කර විශාල ලාභයක් ලබා ගන්න රියැලිටි වැඩසටහනට ඉහළ ජනප්‍රියත්වක් ලබා දෙන දැවැන්ත රූපවාහින තරුවක් වෙන්න ට්‍රම්ට්ට ඒ නිසා හැකියා ලැබුනා. සාර්ථක ව්‍යාපරියක් විදිහට නමක් දිනාගෙන ජනාධිපති කෙනක් වන්නෙ ඔහුට හැකියා ලැබුනෙත් අන්න ඒ හරහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *