Lobster එහෙමත් නැත්නම් පොකිරිස්සන්ගෙන් හදන්න පුළුවන් රසම රස කෑම 7කට රෙසිපි

කාලා තියන අය දන්නවා ඇති, රස කෑමක් තමා මේ ලොබ්ස්ටර්ලා කියන්නෙ. ලංකාවේ වැඩිය ජනප්‍රිය නොවුණත් ඔන්න අද අපි ගෙනාවා ලොබ්ස්ටර්ලා රසටම හදාගන්න විදි ටිකක්. ට්‍රයිකරලා බලන්න හැමෝම. 

1. Lobster and Summer Fruit Salad

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. තම්බාගත් ලොබ්ස්ටර් ග්‍රෑම් 150 
  2. සලාද කොළ කෝප්ප 1
  3. චොප්කරගත් රොකට් ලීව්ස් 2-3
  4. කපාගත් අලිගැටපේර ගෙඩි 1
  5. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  6. කපාගත් මිංචි කොළ ටිකක් 
  7. කපාගත් කොත්තමල්ලි කොළ ටිකක් 
  8. චොප්කරගත් අඹ ගෙඩි 1
  9. රාස්බෙරි ග්‍රෑම් 100
  10. ලෙමන් යුෂ මේස හැඳි 1
  11. ඔලිව්තෙල් මේස හැඳි 1
  12. ඩිජොන් මස්ටඩ් තේ හැඳි 2
  13. සීනි පින්ච් එකක්
  • ප්ලේට් එකකට සලාද හා රොකට් කොළ අතුරගන්න. අලිගැටපේර ගෙඩිය හීනියට පෙති කපාගෙන ඊට උඩින් අතුරාගන්න. 
  • උඩින් ළූණු, කොත්තමල්ලි කොළ, අඹ හා රාස්බෙරි පිළිවෙලින් අතුරගන්න. උඩින් ලොබ්ස්ටර් කෑලි කපලා දාගන්න. 
  • දෙහියුෂ හා ඔලිව් තෙල් වලට මස්ටඩ් හා සීනි ටික කලවම් කරලා සැලඩ් එකට උඩින් වක්කරගන්න. 

2. Lobster Rolls

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. තම්බාගත් ලොබ්ස්ටර් ග්‍රෑම් 200
  2. චොප්කරගත් සැල්දිරි ටිකක් 
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. මයෝනේස් මේස හැඳි 1
  5. දෙහි යුෂ තේ හැඳි 1
  6. හොට් ඩෝග් බන්ස් 4
  7. බටර් මේස හැඳි 2
  8. සලාද කොළ කිහිපයක් 
  9. චොප්කරගත් ළූණු කොළ ටිකක් 
  • ලොබ්ස්ටර් ටික පොඩි කෑලි කපාගන්න. බෝල් එකකට සැල්දිරි, ළූණු, මයෝනේස් හා දෙහි දාලා සලාද කොළ ටිකත් කඩලා දාලා කලවම් කරගන්න. 
  • කපාගත් ලොබ්ස්ටර් ටික දාලා කලවම් කරගන්න. දැන් බන්ස් මැදින් පළලා බටර් ගාලා හදාගත්ත ෆිලින් එක දාගන්න. 

3. Little Lobster Finger Sandwiches

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. තම්බා චොප්කරගත් ලොබ්ස්ටර් ග්‍රෑම් 100
  2. මයෝනේස් කෝප්ප 1/2
  3. ග්‍රේට්කරගත් ලෙමන් පොතු ටිකක් 
  4. ලෙමන් යුෂ මේස හැඳි 1
  5. පාන්පෙති කිහිපයක් 
  6. බටර් ග්‍රෑම් 60
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  • මයෝනේස් වලට ලෙමන් පොතු, යුෂ, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. 
  • පාන්පෙති වල මුලින්ම බටර් ගාලා මයෝනේස් මිශ්‍රණය ගාගන්න. 
  • ඊළඟට චොප්කරගත් ලොබ්ස්ටර් අතුරගන්න. බටර් ගාගත් පාන් පෙත්තකින් වහගන්න. 

4. Luscious Lobster

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. තම්බාගත් ලොබ්ස්ටර් 4ක්
  2. බටර් ග්‍රෑම් 100
  3. චොප්කරගත් සුදුළූණු බික් 2
  4. චොප්කරගත් ළූණු කොළ මේස හැඳි 1
  5. දෙහි ගෙඩියට යුෂ
  6. දෙහි පෙති 2
  • ලොබ්ස්ටර් ටික දික් අතට පලාගන්න. දැන් භාජනයකට බටර් ටික දාලා මෙල්ට් කරගන්න. මේකට චොප්කරගත් සුදුළූණු ටික දාලා කලවම් කරලා විනාඩි 5කින් විතර ලිපෙන් බාගන්න. 
  • මේකට ළූණු කොළ හා දෙහි යුෂ ටික දාගන්න. දැන් ප්ලේට් එකකට පලාගත් ලොබ්ස්ටර් ටික තියලා උඩින් මෙල්ටඩ් බටර් ටිකක් ඉහලා ඉතුරු බටර් ටික කප් එකකට දාලා දෙහි පෙති එක්ක පිළිගන්වන්න. 

5. Lobster Herb Salad

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. තම්බාගත් ලොබ්ස්ටර් 2ක්
  2. කපාගත් මිදි ගෙඩි 6-7
  3. ලියාගත් ළූණු ගෙඩි 5
  4. චොප්කරගත් මින්චි කොළ ටිකක් 
  5. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 
  6. බේසිල් ලීව්ස් කෝප්ප 1/2

වියට්නාම් ඩ්‍රසින් එකට

  1. චොප්කරගත් සේර කෑල්ලක්
  2. චොප්කරගත් සුදුළූණු බික් 2
  3. මිදියුෂ මේස හැඳි 2
  4. ස්වීට් චිලී සෝස් මේස හැඳි 2
  5. රතු සීනි මේස හැඳි 1
  6. ෆිශ් සෝස් මේස හැඳි 1
  7. සෙසමි ඔයිල් මේස හැඳි 1/2
  • බෝල් එකකට ඩ්‍රසින් එකට අවශ්‍ය සියල්ලම දාලා කලවම් කරගන්න. 
  • වෙනම බෝල් එකකට චොප්කරගත් ළූණු වලට කොළ වර්ග සියල්ලම දාලා මිදි එක්ක කලවම් කරගන්න. 
  • ලොබ්ස්ටර් කටු අයින්කරලා තරමක කෑලි කපගන්න. ලොබ්ස්ටර් කෑලි ටික ප්ලේට් එකක තියලා උඩින් ඩ්‍රසින් එක දාගන්න. 

6. Lobster Risotto

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. තම්බාගත් ලොබ්ස්ටර් 2ක්
  2. ඔලිව්තෙල් මේස හැඳි 1
  3. චිකන් ස්ටොක් කෝප්ප 3
  4. බටර් ග්‍රෑම් 30
  5. චොප්කරගත් ළූණු ගෙඩි 1
  6. චෙරි තක්කාලි ගෙඩි 10
  7. වයිට් වයින් කෝප්ප 1
  8. පිසගත් බත් කෝප්ප 2
  9. බේසිල් කොළ කිහිපයක් 
  10. ලෙමන් යුෂ මේස හැඳි 1
  11. ග්‍රේට්කරගත් පාමසාන් චීස් කෝප්ප 1/4
  • ලොබ්ස්ටර් කටුවෙන් අයින් කරලා පොඩි කෑලි කපාගන්න. තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට ලොබ්ස්ටර් කෑලි ටික දාලා චිකන් ස්ටොක් එක දාගන්න. ස්ටොක් එක උතුරගෙන එනකොට ගින්දර අඩු කරගන්න. 
  • වෙනම පෑන් එකකට බටර් ටික දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු ටික දාගන්න. ටිකකින් තක්කාලි ටික දාල කලවම් කරගන්න. 
  • ටිකකින් වයින් ටික දාලා බත් ටික දාලා කලවම් කරගන්න. විනාඩි විස්සක් විතර හොඳට පිසගන්න.
  • ලොබ්ස්ටර් වලට ලෙමන් යුෂ, බේසිල් කොළ හා පාමසාන් චීස් දාලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. 
  • ප්ලේට් එකකට රයිස් ටික දාලා ඒකට උඩින් ලොබ්ස්ටර් මික්ස් එක දාලා තවත් පාමසාන් චීස් ටිකක් ඉහගන්න. 

7. Lobster with Pickled Ginger Salad

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. තම්බාගත් ලොබ්ස්ටර් 2
  2. ඇස්පරගස් 2
  3. ළූණුකොළ ටිකක් 
  4. පිකල්ඩ් ජින්ජර් කෝප්ප 1/4
  5. විනාකිරි මේස හැඳි 2
  6. සෝයාසෝස් මේස හැඳි 1
  7. සීනි තේ හැඳි 1
  8. තලාගත් ඉඟුරු පොඩි කෑල්ලක්
  9. සෙසමි ඔයිල් තේ හැඳි ½ 
  • ඇස්පරගස් ටික ග්‍රේටර් එකකින් ගාගන්න. ළූණුකොළ ටික දිග අතට පළලා අයිස් වතුර එකක දාලා විනාඩි 5ක් තියන්න. එතකොට මේ ටික කර්ල් වෙන්න බලනවා.
  • ඊළඟට බෝල් එකකට පිකල් කරගත් ඉඟුරු, ළූණුකොළ හා ඇස්පරගස් ටික දාලා කලවම් කරගන්න. මේ ටික ප්ලේට් එකක අතුරගන්න. 
  • වෙනම බෝල් එකකට විනාකිරි, සෝයාසෝස්, තලාගත් ඉඟුරු හා සෙසමි ඔයිල් දාලා කලවම් කරගන්න. 
  • තරමක කෑලි කැපූ ලොබ්ස්ටර් ටික ප්ලේට් එකේ තියල හදාගත්ත ඩ්‍රසින් එක උඩින් වක්කරගන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *