පොඩි බයිට් සයිස් Finger Food රෙසිපි 5ක්

පාටි එකකට, චූටි සෙට් වීමකට ඉක්මනින් හදාගන්න පුලුවන් ෆින්ගර් ෆුඩ් රෙසිපි ටිකක් ගෙනාවා. පොඩි අයගෙ පාටි වලටත් මේ කෑම වලින් අයිඩියාස් ගන්න පුලුවන්. ඉස්සරහට තවත් රස ෆින්ගර් ෆුඩ් රෙසිපි ටිකක් අරන් එනකල් මේ ටික ට්‍රයි කරන්න ඔන්න.

01. Crispy Potato Bites

අවශ්‍ය ද්‍රව්‍ය :-
තම්බාගත් අල ගෙඩි 3
කෝන්ෆ්ලා මේසහැඳි 1
හාල්පිටි මේසහැඳි 2
ලුණු ස්වල්පයක්
ඔරිගානෝ තේහැඳි 1/2
බේකින් පව්ඩර් තේහැඳි 1/2
කෑලිමිරිස් තේහැඳි 1/2
බැදීමට තෙල්

  • අල ටික හොඳට මෑශ් කරගන්න.මේකට කෝන්ෆ්ලා, හාල්පිටි හා ලුණු දාගන්න.
  • මේකට ඔරිගානෝ, බේකින් පව්ඩර් හා කෑලිමිරිස් දාලා කලවම් කරගන්න.
  • දැන් මේක හොඳට කලවම් කරලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
  • පිටි ඉසගත් ලෑල්ලක මේක දික් අතට තුනීකරලා සෙන්ටිමීටර 1.5 වගේ කෑලි කපාගන්න.
  • දැන් මේ කෑලි අතින් පොඩ්ඩක් තද කරලා පැය භාගයක් පිපෙන්න තියන්න.
  • ගැඹුරුතෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.

02. Cauliflower Hash Brown

අවශ්‍ය ද්‍රව්‍ය :-
ගෝවාමල් ගෙඩියක්
ඔලිව්තෙල් මේසහැඳි 2
චොප්කරගත් චිව්ස් කෝප්ප 1/4
චොප්කරගත් සුදුළූණු බික් 3
බැසිල් තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
පාමසාන් චීස් කෝප්ප 1/2
බිත්තර 2

  • ගෝවාමල් ටික ග්‍රේට් කරගන්න.
  • මේක පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකලා වතුර අයින් කරගන්න.
  • දැන් මේක බෝල් එකකට දාලා ඔලිව්තෙල් හා අනික් ද්‍රව්‍ය සියල්ලම දාලා හොඳට අනාගන්න.
  • බේකින් ශීට් එකක් දාගත් ට්‍රේ එකකට මිශ්‍රණයෙන් ටිකක් තියලා අතින් රවුමට හදලා තුනී කරන්න.
  • මේ වගේ අඟලක පරතරයක් ඇතුව හෑශ්බ්‍රවුන් ටික තියලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න.

03. Fruit Rolls

අවශ්‍ය ද්‍රව්‍ය :-
ටෝටිලා කිහිපයක්
ක්‍රීම්චීස්
ස්ට්‍රෝබෙරි ජෑම්
ස්ට්‍රෝබෙරි ගෙඩි 4-5
මින්චි කොළ ස්වල්පයක්
කෙබාබ් ස්ටික්ස්

  • ටෝටිලා රොටියක් අරගෙන ක්‍රීම්චීස් ගාගන්න.
  • ඊළඟට ස්ට්‍රෝබෙරි ජෑම් ගාගන්න.
  • උඩින් කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි ටික දාගන්න.
  • දැන් කොණක ඉඳලා රෝල් කරලා උඩට කෙබාබ් ස්ටික්ස් ගහලා කෑලි කපාගන්න.
  • උඩින් මින්චි කොළ දාලා ස්ටික්ස් පිටින් සර්ව් කරන්න.

04. Mini Garlic Bread Pizza Cups

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පෙති කිහිපයක්
තලාගත් සුදුලූනු මේසහැඳි 1
මෙල්ට්කරගත් බටර් කෝප්ප 1/2
චොප්කරගත් මින්චි ස්වල්පයක්
ග්‍රේට්කරගත් මොසරැල්ල චීස් කෝප්ප 1/2
පීසා සෝස් මේසහැඳි 4
කපාගත් සොසේජස් කිහිපයක්

  • පාන්පෙති වාටි කපාගෙන රෝලින් පින් එකෙන් තුනී කරගන්න.
  • කටර් එකකින් තරමක රවුම් කපාගන්න.
  • මෙල්ට් කරගත් බටර් වලට මින්චි කොළ, තලාගත් සුදුලූනු දාලා කලවම් කරලා පාන්පෙති වල ගාගන්න.
  • දැන් මේවා මෆින් ට්‍රේ එකක් ඇතුලට බස්සවලා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් බේක් කරගන්න.
  • මේ කප්ස් වලට මොසරැල්ල චීස් දාලා පීසා සෝස් හැන්දෙන් දාගන්න.
  • උඩින් ආයෙ මොසරැල්ල චීස් දාලා සොසේජස් අතුරගන්න.දැන් මේක ආයෙ විනාඩි 10ක් බේක් කරගන්න.

 

05. Smoked Sausage Pineapple Bites

අවශ්‍ය ද්‍රව්‍ය :-
සොසේජස් කිහිපයක්
කපාගත් අන්නාසි කෝප්ප 1
ටෙරියාකි සෝස් ස්වල්පයක්

  • සොසේජස් තරමක මහත පෙති කපාගන්න.
  • මේ එක් එක් සොසේජස් පෙත්ත උඩින් අන්නාසි කෑලි තියලා ටූත්පීක් එකක්ගහගන්න.
  • ට්‍රේ එකක තියලා විනාඩි 5ක් බේක් කරගන්න.
  • ඊළඟට මේකට ටෙරියාකි සෝස් ඉහලා තවත් විනාඩි 5ක් බේක් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *