ලංකාවේ මහා කසිලිබිසිලියක් වුණා නෙව පැණි බීමවල සීනි ප්‍රමාණ ගැන සඳහන් කරාට පස්සේ. මේවා බොන ප්‍රමාණය සෑහෙන අඩු වුණා. ඉතින් කොහෝමින් හරි මේවා අයිති කොම්පැණි ෂුගර් ෆ්‍රී කියලා කෑල්ලක් දාලා ඒ රහම එන බීම සෙට් එකක් වෙළඳපොළට දැම්මා. ඒවා අම්බානෙකට විකිණෙනවා. ඇයි ඉතින් සීනී නෑ කියලනේ හිතන්නේ. ඇත්තටම ඕවාගේ සීනි නැද්ද? ෂුගර් ෆ්‍රී කියන්නේ මොකක්ද?
1. ෂුගර් ෆ්‍රී?
කියවලා බැලුවම සීනී නෑ කියලා හිතුණට ඇත්ත තත්ත්වේ දැනගත්තමයි හිතෙන්නේ යකෝ මේ කියන්නේ සීනි නිකන් දෙනවා වගේ කෙහෙල්මලක් නේද කියලා. හොඳම සිද්ධිය තමයි මේ ෂුගර් ෆ්‍රී කියලා කියන කෑමබීම, උදාහරණයක් විදියට අයිස්ක්‍රීම් සහ සිසිල් බීමවල චූටිම චූටි අකුරෙන් ගහලා තියෙනෝ පොඩි ඈයොන්ට මේවා දෙන්න එපා කියලා. ඒ ඇයි? මේවායේ අහිතකර රසායන සංයෝග අඩංගු වෙලා තියෙන නිසා.
2. ෂුගර් ෆ්‍රී කෑමවල ඇති කෘත්‍රිම රසකාරක
රසකාරක නැති ලොවෙත් පිරිසිදු කෑමක් බීමක් කඩෙන් ගන්න එක අමු කට්ටක්. ඒත් ඒ ගොඩක් ඒවයේ සඳහන් වෙනවා අපි මෙන්න මේවා තමයි එකතු කරගන්නේ කියලා. ෂුගර් ෆ්‍රී කෑමවල තියන රසකාරක එක්ක බැලුවම හිතේවි අර කලින් සඳහන් කරපු රසකාරක ගොඩක බැහැලා හිටියත් මොකක්වත් වෙන එකක් නෑ කියලා. ඒ තරම් මේ වැඩේ භයානකයි. ෂුගර් ෆ්‍රී කෑමවල සැකරින්, ඇස්පාර්ටේම් වගේ රසායනික සංයෝග මත පදනම් වුණ රසකාරක තියනවා. ළමයින්ට විතරක් නෙවේ දිගට හරහට ගත්තොත් මේවා වැඩිහිටියන්ටත් හොඳ නැහැ.
3. ඇස්පාර්ටේම් (Aspartame)
විකල්ප රසකාරකයක් විදියට සීනි වෙනුවට දැන් එන්නේ මෙන්න මේවා. සීනි හැඳි 200ක තියෙන පැණි රහ ගන්න ඇස්පාර්ටේම්වලින් එක හැන්දක් ඇති. කැලරි ගාණත් සාපේක්ෂව අඩුයි. හැබැයි ස්වාභාවික සීනි කන එක ඇඟට ගුණයි කියලා හිතෙන්නේ මේවා පාවිච්චි කරන එකෙන් ඇඟට එන ලෙඩ කන්දරාව ගැන හිතෙනකොට. ඇස්පාර්ටේම්වලට ප්‍රබල වශයෙන් එල්ල වෙන චෝදනාව තමයි මේවා පිළිකා කාරකයක් කියන එක. තවත් කට්ටියක් කියනවා අජිනොමොටෝවලට තියනවා වගේ අනියත බියක් තමයි මේ රසකාරකයටත් තියෙන්නේ කියලා. හැබැයි ඉතින් අවදානමක් ගන්න බෑනේ. වැඩිය කියන්න ඕනෑ නෑ මේවා අඩංගු කෑමක් බීමක් ගත්තට පස්සෙ ලොකු වතුර තිබහක් ඇති වෙනවා. සෞඛ්‍යමය පැත්තෙන් කිසිම දෙයක් දන්නේ නැති වුණත් තමන්ගේ අත්දැකීම් වුණත් නිරෝගී දිවියකට ප්‍රමාණවත්.
4. ෂුගර් ෆ්‍රී ආහාර
ලංකාවේ අපි හිතාන ඉන්නේ ඇස්පාර්ටේම් තියෙන්න පුළුවන් සිසිල් බීමවල විතරයි කියලා. ඒත් ඇත්තටම ලෝකය අපි හිතනවට වඩා ලොකුයි. දැන් ඇස්පාර්ටේම් අයිස්ක්‍රීම් වර්ග, යෝගට් වර්ග, පැකට් කරපු පළතුරු බීම, චුයින්ග් ගම් වගේ කෑම වර්ග වල තියනවා. ගන්න කලින් අසුරණය කියවන එකේ වැදගත්කම තියෙන්නේ මෙතනයි.
5. ෂුගර් ෆ්‍රී ආහාර ගැනීමෙන් ඇතිවිය හැකි ආබාධ
ඉස්සෙල්ලාම ෂුගර් ෆ්‍රී බීම බෝතලයක සඳහන් වෙන දේකින්ම පටන් ගන්නම්. “Shall not be used by Phenylketonuria” කියලා තියෙනවා. දැන් ඕක කියවන්න ගිහින් දිව උලුක් කරගන්න එපා PKU කියලා කියන්නත් පුළුවනි. PKU කියන්නේ ජානමය වෙනස්කම් නිසා ඇතිවෙන රෝගයක්. ඇස්පාර්ටේම් අක්මාවේදී පරිවෘත්තිය ක්‍රියාවට ලක් වෙනකොට ෆිනයිල්ඇලනින් ඇති වෙනවා. ඒක PKU රෝගීන්ට අන්තිම නරක දෙයක්. ඒ මදිවාට “Not Recommended for children” කියලා කියනවා. සිගරට් පෙට්ටියේ මුඛ පිළිකා ගැන සඳහන් වෙනවා වගේ මේකත් හෙන සීරියස් කේස් එකක්.
පොදුවේ මේවා පාවිච්චි කිරීම නිසා පිළිකා ඇතිවෙනවාය කියලා තවම ඔප්පු නොකළ තර්කයක් තියනවා. මීට අමතරව අක්ෂි දුර්වලතා, හිසරදය, විෂාදය, තරබාරුව, දත් දිරායාම, මතකය අඩුවීම, කෙස් හැලීම වගේ අතුරු ප්‍රතිඵල ඇතිවෙන බව පැවසෙනවා.
6. ස්ටේවියා (Stevia)
ලස්සන ගෑණු ළමයෙක්ගේ නමක් නම් නෙවෙයි මේ. අතුරු ආබාධ නැති සීනි ආදේශකයක්. ඇස්පාර්ටේම් ගැන එක එක කතන්දර තියෙනවනේ. ස්ටේවියා කියන්නේ ශාක ස්ටේවියෝසයිඩ්. බය වෙන්න හේතුවක් නෑ. දැන් දැන් ලංකාවේ නිෂ්පාදනයක කරන බීමවලට ස්ටේවියා දාන්න සමහර ආයතන පියවර අරන් තියනවා. ස්ටේවියාවලයි ඇස්පාර්ටේම්වලයි වෙනස ශාක ආදේශක වීම සහ කෘත්‍රීම රසකාරක වීම. කෘත්‍රීම දේකට වඩා කොහොමත් ස්වාභාවිකයි කියලා හිතෙන දේකට තමයි අපි යොමු වෙන්න ඕනි.
අන්තර්ජාලයේ ෂුගර් ෆ්‍රී කෑම කියන්නේ මතභේදයට තුඩු දුන්න මාතෘකාවක්. සමහරු කියනවා බය වෙන්න එපා කියලා. සමහරු කියනවා මේවා තියන පළාතක්වත් බලන්න එපා කියලා. මේ ගැන ඔයාලගෙ අදහස මොකක්ද? ෂුගර් ෆ්‍රී භාවිතා කරනවද? නැත්නම් දන්න යකා හොඳයි කියලා සීනිම පාවිච්චියට ගන්නවද?
Cover Image Source – amazon.com
Leave a Reply