නත්තලේ අසිරිය කියන්නෙ ලෝකය පුරාම සමරන, මග තොට කල එළි සිරි වැඩි කාලයක්. ඒ නිසාම නත්තල් කාලයට මගතොට බොහෝදෙනා රැස්කකා ඉන්නවා දකින්න පුළුවන්. මේ කියන්න යන්නෙ ඒ විදියට සිරි නරඹන අතරේ නිතර රස බැලෙන කෑම වර්ග කිහිපයක් ගැනයි. කෝක් එකක් බොන ගමන්ම මෙහෙම කෑම කනවනං එය රසින් වැඩියි වගේම කටෙන් කටට රස අලුතෙන් විඳින්න පුළුවන් රිෆ්‍රෙෂින් ගතියකුත් දැනේවි. කොහොම වුනත් නත්තලේ ලස්සන බලන ගමන්ම කුස පුරවගන්න එකත් වැදගත් නිසාම මේ කතාව කියෙවුවට පාඩුවක් වෙන්නෙ නං නෑ.
1. ඩ්‍රම්ස්ටික්ස්
ඩ්‍රමිස්ටික්ස් කියන්නෙ අපිව නොස්ටැල්ජියාවට අරගෙන යන කෑමක්. අපි එහෙම කියන්නෙ රැල්ලට නෙමෙයි. ඉස්සර ඩ්‍රම්ස්ටික්ස් දැන් නත්තල් කාලෙට කරත්තවල විකුණන ඩ්‍රම්ස්ටික්ස්වලට වඩා ලොකුයි. ඒ කොහොමවුනත් ඩ්‍රම්ස්ටික්ස්වල රස නම් වෙනස් වෙලා නැහැ. පැරණි පුරුදු පෙපරි මස් රස තාමත් ඒ විදියටම දිව පිනවනවා. රස්නෙට ලැබෙන නිසා ඩ්‍රම්ස්ටික්ස් කද්දි කූල් කරපු කෝක් එකක් අනුපානෙට බිබී කෑවනං තමයි රස වැඩි. ඒ වගේම ඩ්‍රම්ස්ටික්ස් කියන්නෙ ඉඳගෙන කන්න ඕන කෑමක් නෙමෙයි නිසාත්, කෝක් කප්ස් දෙන තැන් නත්තල් කාලෙට ඕනතරං දකින්න පුළුවන් නිසාත්, එහෙමත් නැත්තං කෝක් පෙට් බොට්ල් එකක් ගන්න පුළුවන් නිසාත් මේක රස විඳින එක අමාරු නැහැ.
2. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්

Image Source – favim.com
සමහර ෆුඩ් ෆ්‍රැන්චයිස් වලින් ප්‍රධාන ආහාර වේලට ලබාදෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වල අඩු ගුණාත්මකභාවය නිසාම මේ වෙද්දි කට්ටිය ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කන්න තියෙන ආසාව අඩු කරගෙන. ඒ වුනාට හොඳ මහතට පිහියෙන් කපපු ෆ්‍රෙෂ් අල තීරු ඩීප් ෆ්‍රයි කරලා, ගම්මිරිස් ලුණු මික්ස් එකක් එක්ක සෝස් ටිකක් දාලා ප්‍රසන්ට් කරන කරත්තයක් මග තිබුනොත් ඒ මගහරින්න එපා. ඒ ඔබේ නත්තල් චාරිකාවේ වටිනම දෙයක් වේවි. හොඳ මහත අල කූරක තියෙන පිටත ක්‍රිස්පි සහ ඇතුළත මොයිස්ට් ගතිය නියමෙට අත්විඳින්න පුළුවන් වේවි.
3. ෂවර්මා

Image Source – pinterest.com
ෂවර්මා වර්ග කිහිපයක් තියෙනවා. අයිස්බර්ග් ලෙටුස් සහ ළූණු එක්ක ක්‍රිස්පි චිකන් දාපු ෂවර්මා එක ඒ තරම් දැවිල්ල නැහැ. හැබැයි කටට නියම ටෙක්ස්චර්ස් හසුවෙන රස කෑමක්. ඒ වගේම චිකන් කරි ෂවර්මා එක කටට දැවිල්ල, සෝසි ගතියෙන් යුතු නියම ශ්‍රී ලාංකික දිවට ගැලපෙන කූල් කෝක් එකක් එක්ක ගතියට බ්ලෙන්ඩ් වෙන බීමක්. රස විඳලම වෙනස වටහාගන්න.
4. බර්ගර්

Image Source – tripadvisor.com
බර්ගර් කියන්නෙ සුද්දගෙ කෑමක් වුනාට ලංකාවෙ අයටත් චිකන්, බීෆ්, වෙජි, බේකන් ඇන්ඩ් එග් වගේ ඕනම බර්ගර් එකක් නියමෙට අල්ලලා යනවා. අනික බර්ගර් කියන්නෙ ප්‍රධාන ආහාරයක් නිසා නත්තල් සිරිය බලන ගමන්ම පුටුවල වාඩි වෙන්නෙ නැතුව නියම චීස් බර්ගර් එකක් කකා ගමන යන්න පුළුවන්. අන්න ඒ නිසාම නත්තලට රවුමක් ගහද්දි අමතක කරන්න හොඳම නැති කෑමක් තමයි මේ. ලෝකල් බර්ගර් ජොයින්ට්ස් මේ වෙද්දි නැගීගෙන එන නිසා රසින් අනූන බර්ගර් හොයාගන්න අපහසුවකුත් නැහැනෙ.
5. ග්‍රිල්ඩ් සොසේජස්

Image Source – deepsouthdish.com
පිහි පාරවල් කීපයක් වැදුණු, ගම්මිරිස් රසත් දැනෙන ගාලික් රස ඉන්ෆියුස්ඩ් ග්‍රිල් කරපු සොසේජ් එකක් කියන්නෙ පේපර් සර්වියට් එකක් දවටලා ගත්තම මග යනෙන ගමන් කන්න පුළුවන්, දිවටත් රස, බඩත් පිරෙන කෑමක්. පෙණ උතුරන රස කෝක් එකක් එක්ක ග්‍රිල්ඩ් සොසේජ් එකක් කෑව කියන්නෙ ඉතිං නත්තල් අසිරිය හිතේ පිරෙනව හිතාගන්න බැරි විදියට. මොකද මේ කෑම නත්තලට අද ඊයෙක ඉඳන් පාරට එන කෑම නෙමෙයි. මේ කාලයක් තිස්සෙ නත්තල එක්ක ෆෙස්ටිවු සීසන් නිසා ඇතිවෙච්ච උප සංස්කෘතියේ කොටස්.
Leave a Reply