කෙට්ටු වෙන්නම විතරක් නෙමෙයි, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නත්, ආයුෂ වැඩිකරගන්නත්, නිරෝගීව ජීවත් වෙන්නත් අපි හැමෝම කැමතියි. ඉතින් අපි අද ගෙනාවේ ඩයට් කරන අයට සුදුසු විදියට හදන කිටෝ සැලඩ් රෙසිපි ටිකක්. මේ විදියට කෑමට හුරුවෙනවා කියන්නෙ ශරීරයට සෑහෙන්න ගුණයි.
1. කිටෝ චිකන් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් චිකන් කෝප්ප 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1/2
- තම්බාගත් බිත්තර 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මයෝනේස් ටිකක්
- මස්ටර්ඩ් ක්‍රීම් ටිකක්
- දෙහි යුෂ ටිකක්
- චොප්කරගත් ආමන්ඩ් ඇට කිහිපයක්
- චිකන් ටික පොඩියට කඩලා බෝල් එකකට දාගන්න. මේකට චොප්කරගත් ළූණු, කපාගත් බිත්තර එකතු කරන්න ඊළඟට මයෝනේස්, මස්ටර්ඩ් ක්‍රීම් දාලා දෙහි යුෂ එකතු කරන්න.
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට කලවම් කරන්න. අවසානයට බෙල්පෙපර් ටික දාලා ටිකක් කලවම් කරලා ගන්න.
2. කිටෝ එග් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බිත්තර 2
- දෙහි යුෂ ටිකක්
- මයෝනේස් ටිකක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1/4
- ග්‍රේට් කරගත් ගෝවා කෝප්ප 1/2
- බෙල්පෙපර් ගෙඩි 1/4
- චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1/4
- ඔරිගානෝ ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බිත්තර ටික තරමක කෑලි කපාගන්න. මේකට ලෙමන් යුෂ එකතු කරන්න. කිටෝ මයෝනේස් දාලා චොප්කරගත් ළූණු, ගෝවා, බෙල්පෙපර් හා ළූණු කොළ එකතු කරන්න.
- ඊළඟට රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ඔරිගානෝ ටිකක් එකතු කරන්න. මේ සියල්ලම හොඳට කලවම් කරගන්න.
3. වෙජිටේරියන් කිටෝ සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- චයිනීස් කැබේජ් කෝප්ප 2
- චොප්කරගත් සැල්දිරි කෝප්ප 1
- ගර්කින් කෝප්ප 1/2
- බෙල්පෙපර් කෝප්ප 1/2
- බ්‍රෝකොලි කෝප්ප 1
- තක්කාලි කෝප්ප 1/2
- චොප්කරගත් ආමන්ඩ් ඇට 8-10
- චොප්කරගත් වෝල්නට්ස් 6-7
- පම්කින් සීඩ්ස් 10-12
- ඔලිව්ස් කෝප්ප 1/4
- චියා සීඩ්ස් මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- වර්ජින් ඔලිව් ඔයිල් මේස හැඳි 1
- ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2
- ග්‍රේට් කරගත් චීස් කෝප්ප 1/4
- දෙහි යුෂ ටිකක්
- කපාගත් අලිගැටපේර කෝප්ප 1
- අලිගැටපේර ඇර සියල්ලම බෝල් එකකට දාලා හොඳට හැන්දකින් කලවම් කරන්න.
- ඊළඟට අලිගැටපේර ටික දාලා ටිකක් කලවම් කරලා ගන්න.
4. කිටෝ වෙජි ක්ලබ් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- සවර් ක්‍රීම් මේස හැඳි 2
- මයෝනේස් මේස හැඳි 2
- ගාලික් පව්ඩර් තේ හැඳි 1
- අනියන් පව්ඩර් තේ හැඳි 1
- ඩ්‍රයි පාස්ලි තේ හැඳි 1
- කිරි මේස හැඳි 1-2
- චොප්කරගත් ගර්කින් ගෙඩි 1/2
- චෙරි තක්කාලි ගෙඩි 10ක් පමණ
- කපාගත් චීස් කැබලි 10ක් පමණ
- තම්බාගත් බිත්තර 4
- චයිනීස් කැබේජ් කෝප්ප 3
- සවර් ක්‍රීම් වලට මයෝනේස් දාලා ගාලික් පව්ඩර්, අනියන් පව්ඩර් හා ඩ්‍රයි පාස්ලි ටික දාගන්න. මේකට කිරි මේස හැන්දක් එකතුකරලා කලවම් කරන්න. මිශ්‍රණය උකු වැඩි නම් තව කිරි මේස හැන්දක් දාලා කලවම් කරගන්න.
- බිත්තර ටික දික් අතට කපාගන්න. ට්‍රේ එකකට චයිනීස් කැබේජ් ටික අතුරලා ඒකට උඩින් ගර්කින් ටික දාගන්න.
- ඊළඟට කපාගත් චෙරි තක්කාලි ටික අතුරගන්න. උඩින් චීස් ටික තියලා කපාගත් බිත්තර ටික අතුරගන්න.
- දැන් මේකට උඩින් අපි කලින් සාදාගත් පේස්ට් එක දාගන්න.
5. කිටෝ කෝල්ස්ලෝ (Keto Coleslaw)
අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රේට් කරගත් කැරට් අල 1
- හීනියට කපාගත් ගෝවා ගෙඩි 1/2
- මයෝනිස් මේස හැඳි 2
- රයිස් වෙනිගර් මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කැරට් හා ගෝවා බෝල් එකකට දාලා හොඳට කලවම් කරගන්න. ඊළඟට මයෝනිස් හා විනාකිරි ටික දාලා රස අනුව ලුණු හාගම්මිරිස්කුඩු දාගන්න.
- මේ ටික හොඳට කලවම් කරලා සැලඩ් එක හදාගන්න.
6. කිටෝ බ්‍රොකොලි සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- බ්‍රොකොලි කෝප්ප 1
- කපාගත් පනීර් කෝප්ප 1
- පම්කින් සීඩ්ස් 10-15
- කපාගත් බෙල්පෙපර් කෝප්ප 1/2 (පාට 2කින් )
- ලොකුවට කපාගත් ළූණු කෝප්ප 1/4
- ලෙමන් යුෂ ටිකක්
- චොප්කරගත් මින්චි කොළ කෝප්ප 1/4
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බ්‍රොකොලි ටික උතුරන වතුරට දාල විනාඩි දෙකක් තියන්න. ඊළඟට වතුර පෙරාගන්න.
- පෑන් එකට ඔලිව්තෙල් ටිකක් ගාලා කපාගත් පනීර් ටික දාගන්න. ලාවට ෆ්‍රයි කරගන්න. දැන් මේ ටික අයින් කරලා පෑන් එකට පම්කින් සීඩ්ස් දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න.
- මේකට කපාගත් බෙල්පෙපර් ටික එකතු කරන්න. මේ ටික විනාඩියක් වගේ ෆ්‍රයි උනාම බ්‍රොකොලි ටික දාගන්න. දැන් මේ ටික ලිපෙන් බාලා බෝල් එකකට දාගන්න.
- ෆ්‍රයි කරගත් පනීර් ටිකත් දාගන්න. ලෙමන් යුෂ, චොප්කරගත් මින්චි කොළ ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න.
7. කිටෝ කෝලිෆ්ලවර් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කෝලිෆ්ලවර් කෝප්ප 1
- මස්ටර්ඩ් ක්‍රීම් කෝප්ප 1/4
- මයෝනේස් මේස හැඳි 2
- රෙඩ් වයින් මේස හැඳි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- තම්බාගත් බිත්තර 2
- ෆ්‍රයි කරගත් බේකන් කෝප්ප 1/2 (කැමතිනම්)
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කෝප්ප 1/4
- චොප්කරගත් ළූණු කොළ ටිකක්
- කෝලිෆ්ලවර් ටික ස්ටීම් කරගන්න. මයෝනේස් වලට මස්ටර්ඩ් ක්‍රීම් ටික එකතු කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතුකරන්න.
- මේකට රෙඩ් වයින් ටික දාගන්න. දැන් හොඳට කලවම් කරලා ක්‍රීමි පේස්ට් එකක් හදාගන්න.
- කෝලිෆ්ලවර් වලට ළූණු ටික දාගන්න. මේකට කපාගත් බිත්තර ටිකත් දාගන්න. චෙඩාර් චීස් ටිකත් එකතු කරන්න. අන්තිමට ළූණු කොළ ටික දාලා කලවම් කරන්න. ඊළඟට සාදාගත් පේස්ට් එක දාලා හොඳට කලවම් කරගන්න.
Leave a Reply