ඔස්ට්‍රියාවේ පිහිටා ඇති සුන්දරම ස්ථා​න

ඔස්ට්රියාව කියන්නේ යුරෝපයේ සුන්දරත්වයෙන් අනූන රටක්. පුරාතන යුගයේදී යුරෝපයේ බලවතෙක් වෙලා හිටපු ඔස්ට්රියාව වර්තමානය වන විට අතීතයේ පැවති භූමි ප්රමාණයට නම් හිමිකම් කියන්නේ නැහැ. කෙසේ නමුත් ඒක පුද්ගල ආදායම අතින් යුරෝපයේ  අනෙකුත් සාමාජික රටවල් අතර ඉහළින් සිටින්න ඔවුන් සමත් වී තිබෙ​නවා. අතීත සහ වර්තමාන ආර්ථික සමෘද්ධිය නිසා සුවිශේෂී ගෘහ නිර්මාණ ලක්ෂණ ඇතුළත් මාළිගා, පල්ලි, නිවාස සංකීර්ණ රැසකට ඔස්ට්රියාව උරුමකම් කියනවා. ඊට අමතරව ඔස්ට්‍රියා​වේ ස්වභාවික සෞන්දර්යය​ද සංචාරකයන් රැසක් එරට​ට ආකර්ෂණය කිරීමට දායකත්වය ලබා දෙනවා. අපි අද ඔබට කියන්න යන්නේ ඔස්ට්රියාවේ සංචාරය කරද්දී අනිවාර්යයෙන්ම බැලිය යුතු ස්ථාන කීපයක් පිළිබඳවයි.

 

1. ​ෂොන්බ්රන් මාළිගය (Schonbrunn Palace)

මෙම මාළිගය සැලකෙන්නේ යුරෝපයේ ඇති අලංකාරතම මාළිගයක් ලෙසටයි. පළවෙනි ලියෝපෝල්ඩ් රජු දවස මෙම මාළිගයේ වැඩ කටයුතු ආරම්භව තිබෙන අතර මාරියා තෙරේසා අධිරාජනිය විසින් ග්රීෂ්ම ඍතුව ගත කිරීම සඳහා මෙම මාළිගය භාවිතා කරනු ලැබුවා. වර්තමානයේදී මෙම මාළිගය තුළ රාජකීය භාණ්ඩ රැසක් ප්රදර්ශනය වන අතර මෙම මාළිගයේ සුවිශාල උද්යානයද විවිධ ප්රදර්ශන සහ උත්සව සඳහා භාවිතා වනවා. ලෝකයේ පැරණිතම සත්වෝද්යානයද මෙම මාළිගය ආශ්රිතව පිහිටා තිබෙනවා.

 

 

2. හෝල්ස්ටට් (Hallstatt)

අතීතයේ දී පටන් යුරෝපා වාසීන්ට ලුණු යනු නැතුවම බැරි දෙයක් බවට පත්ව තිබුණා. එහෙත් මුහුදක් නොමැති ඔස්ට්රියාවට ලුණු ලබා ගැනීම දුෂ්කර ව්යායාමයක් වූ අතර ඕස්ට්රියානු වාසීන් ලුණු සාන්ද්රණය වැඩි විල් ආශ්රිතව එම කර්මාන්තය සිදු කරනු ලැබුවා. මෙම පැරණි ගම ආකාරයට නිර්මාණය වූ ගමක් වනවා. වර්තමානයේදී ලුණු කර්මාන්තය සංචාරක ව්යාපාරය ඉලක්ක කරගෙන සිදුවන නමුත් ​මේ ගමෙහි තවමත් පැරණි ස්වභාවය ආරක්ෂිතව පවතිනවා.

 

 

3. ග්රොස්ග්ලොක්නර් ඇල්පයින් මාර්ගය (Grossglockner Alpine Road)

ග්රොස්ග්ලොක්නර් ඔස්ට්රියාවට අයත් උසම කඳු ශිඛරයයි. මේ වෙත යන මාර්ගය යම්තාක් දුරකට දුෂ්කර ස්වභාවයක් ගන්නා නමුත් අතිශයින් අලංකාර ප්රදේශයක් වනවා. මේ නිසා බොහෝ සංචාරකයන් මෙම මාර්ගයේ ගමන් කිරීමට රුචිකත්වයක් දක්වනවා. කෙසේ නමුත් මෙම මාර්ගයේ දුෂ්කරත්වය නිසා, විශේෂයෙන්ම ශිශිර සෘතුවේදී ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වය නිසා මෙම ප්රදේශය සම්පූර්ණයෙන්ම විවෘත වන්නේ මැයි මස සිට ඔක්තෝම්බර් අවසාන​ය දක්වා වන කාලය තුළයි. මෙම කාලයෙන් බැහැරව යමෙක්ට එහි ගමන් කිරීමට අවශ් නම් විශේෂ අවසරයක් ලබාගත යුතු වෙනවා

 

 

4. සෙන්ට් ඇන්ටන් ඇම් ආල්බර්ග් (St Anton am Arlberg)

හිම මත ලිස්සා යෑමේ තර​ඟ සඳහා මෙම ප්රදේශය වසර ගණනාවක සිට ප්රසිද්ධියක් උසුලනු ලබනවා. මෙහි ඇති කඳු පන්ති සිසිර සමය තුළදී හිමෙන් වැසී යන අතර විනෝදකාමීන්ට ආරක්ෂිතව මෙම කඳු පන්තිය ආශ්රිතව හිම ක්රීඩාවේ යෙදීමට අවස්ථාව සැලසෙනවා. මෙම ප්රදේශයට ඔබ යා යුතු හොඳම කාලය වන්නේ  සිසිර සමය වුවත් ග්රීෂ්ම සෘතුවේදීද කඳු  පන්ති ආශ්රිතව දැකුම්කළු දර්ශන මැවෙනවා. එම නිසා ඡායාරූප ශිල්පීන් ග්රීෂ්ම සෘතු​වේද මෙම ප්රදේශය වෙත යෑමට අමතක කරන්නේ නැහැ

 

 

5. ඉන්ස්බ්රක් ඇල්ට්ස්ඩට් (Innsbruck Altstadt)

ඇල්පයින් කඳුවැටි ආශ්රිතව පිහිටා තිබෙන මෙම නගරය මධ්යතන යුගයේ අලංකාරයත් වර්තමාන යුගයේ කාර්යබහුලත්වයත් එක ලෙස නිරූපණය වන නගරයක්. මධ්‍යත​න යුගයට අයත් නිවාස, කඩපිල් ආදිය සංරක්ෂණයව පවතින අතර ඉන් බැහැරට යද්දී ඔබට මුණ ගැහෙන්නේ නාගරික කේන්ද්රස්ථානයක්. ස්වර්ණමය වහළ ලෙස සැලකෙන මෙම නගරයේ සලකුණ ලෙස ගැනෙන ගොඩනැඟිල්ල ගැ​න විශේෂයෙන් සඳහන් කළ යුතුයි. තඹ වලින් සකස් කරන ලද පත් භාවිත කොට මෙය සකසා තිබෙන අතර පිටතින් බලද්දී එය රන් පැහැයෙන් දිලිසෙනවා

 

 

6. හොෆ්බර්ග් මාළිගය (Hofburg Imperial Palace)

පළමු ලෝක යුද්ධය අවසානයේදී බලයෙන් පහ වනතෙක් හැක් හැප්ස්බර්ග් රාජවංශයේ ප්රධාන මාළිගය ලෙස භාවිතා වූයේ මෙම මාළිගයයි. මෙහි ඉදි කිරීම කොටස් වශයෙන් සිදු වූ බවට වාර්තා පවතිනවා. ඒ මුලින්ම අශ්ව ඉස්තාල ස​හ අනතුරුව මාළිගයේ පුස්තකාලය ආදී වශයෙන්. එවක නිතර නිතර යුද්ධවලට පැටලීම නිසා ඔස්ට්රියානු භාණ්ඩාගාරය පැවැති තත්ත්වය ද මෙම කොටස් වශයෙන් කළ ඉදිකිරීම්වල​ට හේතු වූ බව කියවෙනවා

 

 

7. හොහෙන්සැල්බර්ග් මාළිගය (Hohensalzburg Castle)

මධ්යතන යුගයේ අග්රගණ්‍ය නිර්මාණයක් ලෙස සැලකෙන මෙම බලකොටුව සැලකෙන්නේ එම සමයේ පටන් අද දක්වාම ආරක්ෂිතව පවතින යුරෝපයේ බලකොටු කීපය අතරින් එකක් ලෙසයි. සැල්ස්බර්ග් නගරයේ ආරක්ෂාව උදෙසා ඉදිකර තිබෙන තිබූ මෙම බළකොටුව අද වන විට එම ප්රදේශයට සංචාරකයන් ආකර්ෂණය කරන කාන්දමක් බවට පත්ව තිබෙනවා. මෙම බලකොටුව තුළ වසර 500ක් පම​ණ පැරණි ඕගනයක්​ද තිබෙනවා. සඳහා වැඩිය ආකර්ෂ​ණයක් හිමි වනවා

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔබ ඔස්ට්‍රියාවේ සංචාරය කර තිබෙනවා නම් ඔබේ අදහස් අපිට කියන්නත් ඔබට පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *