තම්බපු බිත්තර වලින් හදාගන්න පුළුවන් කෑම රෙසිපි 7ක්

සාමාන්‍යයෙන් අපි බිත්තර කන්නෙ තම්බලා නැත්නම් බැදලා. හැමදාම එකම විදියට කන කොට බෝරින්නෙ. වෙනස් විදියට බිත්තර හදාගන්න රෙසිපි ගොඩක් අපි මීට කලින් අරන් ආවා මතක ඇතිනෙ. පොඩි බබාලට එහෙම නිතරම දෙන දෙයක්නෙ තම්බපු බිත්තර කියන්නෙ. ඉතින් අද අපි කතා කරන්නෙ තම්බපු බිත්තර වලින් හදාගන්න පුළුවන් කෑම වර්ග ගැන. අනිවාර්යයෙන් කියවන්න. 

 

1. ස්කොච් එග්ස් (Scotch Eggs)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් බිත්තර 5
  2. අඹරාගත් චිකන් ග්‍රෑම් 500
  3. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  4. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. මස්ටඩ් සෝස් මේස හැඳි 1

 

කෝටින් එකට

 

  1. ගසාගත් බිත්තරයක්
  2. බිස්කට් කුඩු කෝප්ප 1
  3. පාන්පිටි ටිකක්

 

  • අඹරාගත් චිකන් වලට සුදුළූණු, මස්ටඩ් සෝස්, කොත්තමල්ලි කොළ, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට අනාගන්න. දැන් මේක පැය භාගයක් ෆ්‍රිජ් එකේ තියන්න. 
  • ලන්ච් ෂීට් එකක් උඩට මේ මිශ්‍රණයෙන් 1/5ක් වගේ දාලා තව ලන්ච් ෂීට් එකක් උඩින් දාලා තුනී කරගන්න. උඩින් දාපු ලන්ච් ෂීට් එක අයින් කරන්න.
  • තම්බපු බිත්තරයක් අරගෙන පාන්පිටි වල දවටලා මේ තුනීකරගත් මිශ්‍රණය මැදින් තියාගන්න. ලන්ච් ෂීට් එකෙන් අල්ලලා බිත්තර මැදි වෙන සේ හොඳට කවර් කරගන්න. 
  • බිත්තරේ සම්පූර්ණයෙන්ම කවර් වෙන්න බෝලයක් වගේ හදාගන්න. අතේ තෙල් ටිකක් ගාලා බිත්තර බෝල අතින් හදාගන්න. 
  • හදාගත්ත බෝල වල බිත්තර සාරු තවරලා බිස්කට් කුඩු දවටලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

2. එග් සැලඩ් (Egg Salad)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 4
  2. ගාගත් පොල් මේස හැඳි 1
  3. චොප්කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. අමුමිරිස් 2
  6. චොප්කරගත් ළූණු මේස හැඳි 
  7. රටකජු ටිකක් 
  8. සියඹලා ‍යුෂ ටිකක් 

 

  • බිත්තර කහමද වෙන්කරගන්න. සුදුමද ටික පොඩියට කපාගන්න. 
  • කහමද ටිකත් පොඩි කරලා මේකට එකතු කරන්න. 
  • අනික් සියල්ලම දාලා හැන්දකින් කලවම් කරගන්න. 

 

3. එග් සැන්ඩ්විච් ස්ප්‍රෙඩ් (Egg Sandwich Spread)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පෙති කිහිපයක් 
  2. තම්බාගත් බිත්තර 4
  3. බටර් මේස හැඳි 1
  4. චොප්කරගත් අමුමිරිස් තේ හැඳි 1
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. චීස් වෙජස් 1

 

  • බිත්තර ටික හොඳට පොඩි කරගන්න. මේකට චොප්කරගත් අමුමිරිස් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. 
  • ඊළඟට චීස් හා බටර් ටික දාලා හොඳට කලවම් කරගන්න. දැන් මේක වාටි කපාගත් පාන් වල තවරලා සැන්ඩ්විච් හදාගන්න. 

 

4. ටෙම්පර්ඩ් බොයිල්ඩ් එග් (Tempered Boiled Eggs)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 5
  2. මිරිස්කුඩු තේ හැඳි 1
  3. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  4. තුනපහකුඩු තේ හැඳි 1/4
  5. ගරම් මසාලා තේ හැඳි 1/2
  6. ලුණු ටිකක් 
  7. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 

 

  • බිත්තර වල කහමද ටික අයින් කරලා සුදුමද ලොකු කෑලි කපාගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මිරිස්කුඩු, තුනපහකුඩු, ගරම් මසාලා, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා පොඩ්ඩක් බැදෙන්න අරින්න. 
  • මේකට කපාගත් බිත්තර සුදුමද කෑලි ටික දාලා කලවම් කරගන්න. බිත්තර කහමද බෝල පිටින්ම එකතු කරන්න. ටිකක් කලවම් කරලා චොප්කරගත් කොත්තමල්ලි කොළ එකතු කරන්න. ටිකකින් ලිපෙන් බාගන්න. 

 

5. ඩෙවිල්ඩ් එග්ස් (Devilled Eggs)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 10
  2. මයෝ​නේස් කෝප්ප 1/2
  3. අබ පේස්ට් මේස හැඳි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. චොප්කරගත් පාස්ලි කොළ ටිකක් 

 

  • බිත්තර දිග අතට දෙකට කපලා කහමද එළියට ගන්න. කහමද වලට මයෝ​නේස්, අබ පේස්ට්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට පොඩි කරමින් කලවම් කරගන්න. 
  • දැන් මේ මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාලා බිත්තර සුදුමද මැදට පයිප් කරගන්න. 
  • උඩින් චොප්කරගත් පාස්ලි කොළ ටිකක් ඉසගන්න. 

 

6. එග් කුර්මා (Egg Korma)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් බිත්තර 5
  2. කරදමුංගු 2
  3. කරාබුනැටි 4
  4. ස්ටාර් ඇනයිස් 1
  5. බේ ලීව්ස් භාගයක්
  6. තෙල් ටිකක් 
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. ලුණු ටිකක් 
  9. චොප්කරගත් ළූණු ගෙඩි 1
  10. ලියාගත් ළූණු ගෙඩි 2
  11. තලාගත් ඉඟුරු තේ හැඳි 1
  12. තලාගත් සුදුළූණු තේ හැඳි 1
  13. තුනපහකුඩු තේ හැඳි 1/2
  14. මිරිස්කුඩු තේ හැඳි 1
  15. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  16. ලුණු
  17. මිටිකිරි කෝප්ප 1 1/2
  18. කර්ඩ් කෝප්ප 1/2

 

  • බිත්තර වලට පොඩි කැපුම් ටිකක් දාලා ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක් අතගාන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු ටික දාගන්න. ළූණු හොඳට තෙම්පරාදු කරගන්න. ළූණු ටික බැදුනම අයින් කරගන්න. 
  • සීසන් කරපු බිත්තර ටික ඒ පෑන් එකට දාලා හොඳට ෆ්‍රයි කරගන්න. දැන් බිත්තර ටික අයින් කරලා ඒ පෑන් එකටම කරදමුංගු, කරාබුනැටි, ස්ටාර් ඇනයිස්, බේ ලීව්ස් දාලා ෆ්‍රයි කරන්න. 
  • ඊළඟට චොප්කරගත් ළූණු ටික දාගන්න. ටිකකින් ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න. ඊළඟට පහේ සියල්ලම දාලා කලවම් කරන්න. දැන් මිටිකිරි කෝප්ප 1/4ක් දාගන්න. 
  • හොඳට තෙල් පෑදීගෙන හිඳිලා එනකොට කර්ඩ් ටික එකතු කරන්න. ඉතිරි මිටිකිරි ටිකත් දාලා වහලා විනාඩි 5ක් පිසගන්න. 
  • දැන් මේක ආයෙ හැඳි ගාලා බිත්තර ටික දාලා කලවම් කරගන්න. වහලා විනාඩි 10ක් පිසගන්න. අන්තිමට බැදගත් ළූණු ටික දාලා කලවම් කරගන්න. ටිකක් හිඳෙන්න ඇරලා ලිප නිවාගන්න. 

 

7. ක්‍රීමි එග් සැන්ඩ්විච් (Creamy egg Sandwich)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පෙති කිහිපයක් 
  2. චීස් ස්ලයිසස් කිහිපයක් 
  3. තම්බාගත් බිත්තර 4
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
  6. අලිගැටපේර ගෙඩි 1

 

  • පාන්පෙති දෙක මත චීස් ස්ලයිසස් අතුරාගන්න. 
  • බිත්තර වල කහමද අයින් කරලා සුදුමද ටික කෑලි කපාගන්න. භාජනයක් ලිපේ තියලා ෆ්‍රෙශ් ක්‍රීම් ටික දාලා හැඳිගාන්න.
  • ටිකකින් කපාගත් බිත්තර සුදුමද කෑලි ටික දාලා කලවම් කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. මිශ්‍රණය තික් වේගෙන එනකොට ලිපෙන් බාලා පාන්පෙති වලට තවරගන්න.
  • උඩින් බිත්තර කහමදකුඩු කරලා දාගන්න. අලිගැටපේර ගෙඩිය පොඩි කෑලි වලට කපලා උඩින් අතුරගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක් ඉසගෙන සැන්ඩ්විච් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *