ආකර්ශනයේ නීතියේ එන මැනිෆෙස්ටින් ක්‍රම 7ක්

ගිය සතියෙ අපි කියලා දුන්නා ආකර්ශනයේ නීතිය කියන්නෙ මොකද්ද කියලා. ඉතින් විශ්වයේ මේ ස්වභාවික නීතිය උපයෝගී කරගෙන කරන්න පුලුවන් ක්‍රියාකාරකම් ටිකක් තමයි අද අපි කියලා දෙන්න ආවෙ. මේවා බොහොම ප්‍රතිඵලදායකය ක්‍රම .කරලා බලලා ප්‍රතිඵල අත්විඳපු අයත් ඇති. ආසාවෙන් ඉන්න අයත් ඇති. ඒ ඔක්කොටමයි අද මේ ආටිකල් එක ගෙනාවේ.

01. 55*5 ක්‍රමය

ආකර්ශනයේ නීතියේ එන ප්‍රභලම මැනිෆෙස්ටින් ක්‍රමයක් තමා මේ. මේකෙදි වෙන්නෙ ඒන්ජල් නම්බර්ස් වලින් ප්‍රභලම නම්බර් එකක් වන 55 ක්‍රමය අනුගමනය කිරීමයි. එකම ඉලක්කම කිහිප වාරයක් ලිවීමෙන් එන ඉලක්කම ඒන්ජල් නම්බර්ස් විදියට සලකනවා. මේක 11 111 22 33 44 55 66 77 වගේ කියන්න පුලුවන්.මේ ඒන්ජල් නම්බර්ස් දකිනවා කියන්නෙ විශ්වයෙන් අපිට ලැබෙන සංඥා කියලයි කියන්නෙ. අපිට අවශ්‍ය කාරණාව අනුව අපි තෝරගන්න ඕනෙ ඒන්ජල් නම්බර්ස් තියනවා. ඉතින් විශ්වයේ බලය හරියටම අත් විඳින්න පුලුවන් නම්බර් එකක් තමයි මේ 55 කියන්නෙ. මේකෙදි ඔයාට ඉටුකරගන්න ඕන කාරණාව ඉටු උනාට විශ්වයට ස්තූතියි කියලා වාක්‍යක් හදාගන්න. ඊළඟට ඒ වාක්‍ය පොතක එක් දවසකට 55 වාරයක් ලියන්න. මේක එක දිගට දවස් 5ක් ලියන්න ඕනේ. උදේම අවදි වුන ගමන් හෝ නින්දට යන්න කලින් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

 

02. තප්පර 17 ක්‍රමය

ඒබ්‍රහම් හික්ස් විසින් හොයාගත්තු මේ ක්‍රමය සෑහෙන්න ප්‍රතිඵලදායක ක්‍රමයක්. ඒබ්‍රහම් හික්ස් කියන විදියට ඔයාගෙ ඉලක්කය ගැන තප්පර 17ක් එක එල්ලේ අවධානය හා හිත යොමු කරන් ඉන්න පුලුවන් නම් අනිවාර්යෙන්ම ඒක ලබාගන්න පුලුවන් කියලයි. ඔයාට අවශ්‍ය දේ හෝ හමුවෙන්න ඕන කෙනාව ඇස් දෙක වහන් තප්පර 17ක් එක දිගට විශුවලයිස් කිරීම තමයි මේකෙදි කරන්න ඕනේ. පුළුවන් නම් ෆෝන් එකේ ටයිමර් එක තප්පර 17කට හදාගෙන සැහැල්ලුවෙන් ඉඳගෙන හිත එකම අරමුණක තියාගෙන මේක කරන්න. මේකෙදි ඉටුවෙන්න ඕනෙ කාරණාව ඉෂ්ඨ උනා සේ චිත්තරූප මැවීම කරන්න ඕනේ (Visualize).

 

03. තප්පර 69 ක්‍රමය

තප්පර 69කින් ඔයාට අවශ්‍ය දේවල් ලබාගන්න කරන්න පුලුවන් ක්‍රමයක් තමයි ඒබ්‍රහම් හික්ස් හඳුන්වා දුන්නේ. තප්පර 17 ක්‍රමය පුහුණු කළ කෙනෙක්ට මේක කරන්නත් අමාරු නෑ (17*4). මේකෙදිත් අපි කරන්නෙ තප්පර 69ක් ඇතුලත අපිට ඉටුකරගන්න ඕන දේ විශුවලයිස් කිරීමයි. නිදහස් පරිසරයක මේක කරනවනම් හිත එක තැනක තියාගන්න ගොඩක් පහසු වෙනවා. නින්දට යන්න කිට්ටුව ගෝ උදේ අවදි වුන සැනින් මේක කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම අනිවාර්යෙන්ම ඔයාගෙ කාරණාව ඉටු උනා සේ සලකා චිත්ත රූප මැවීම නම් කරන්නම ඕනේ.

 

04. වලාකුළු ක්‍රමය

ආදරේ කරන අයට, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට තමන්ගෙ සිතුම් පැතුම් ඉෂ්ඨ කරගන්න පුලුවන් ක්‍රමයක් කියලයි මෙය සඳහන් වෙන්නේ. මේ ක්‍රමයෙදි මුලින්ම ඔයා පහසුවෙන් ඉඳගන්න ඕනේ. ඊළඟට හිස් කොළයක් හා පෑනක් හෝ ප්ලැටිග්නම් එකක් ගන්න. ඒක රතු හෝ නිල් පාට වෙන්න ඕනේ. ඔයා ගෑණු ළමෙක් නම් ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගෙ රූපයක් ඇඳලා එයාගෙ නම ලියන්න. නමට යටින් ඉරි 3ක් අඳින්න. ඒ වගේම එහා පැත්තෙන් වලාකුලක් ඇඳලා ඒකෙ ඔයාට ඉටුවෙන්න ඕනේ කාරණාව ලියන්න. ඊළඟට යටින් ඔයාගෙ නම ලියලා ඉරි 3ක් අඳින්න. වලාකුළ හා පිරිමි ළමයා සම්බන්ධ වෙන්න තිත් පේලියක් අඳින්න. ඒක තිත් 6කින් අඳින්න. දැන් මේ කොළේ තමුන්ගෙ පැත්තට තුන් පාරක් නවලා ඇස් වහන් අදාළ කාරණාව ඉටු වුන විදියට විශුවලයිස් කරන්න. දැන් නේ කොළේ කොහෙහරි අරන් තියන්න. ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න.

 

05. නිකොලා ටෙස්ලාගේ 369 නීතිය

ආකර්ශනයේ නීතියේ එන ගොඩක් ජනප්‍රිය ක්‍රමවේදයක් තමයි මේ. ඇමරිකන් ජාතික නිකොලා ටෙස්ලා කියන්නෙ විශ්වයෙන් හරියටම වැඩ ගත්තු කෙනෙක්. ඉතින් මෙයා කියන විදියට මේ 3, 6 හා 9 යන ඉලක්කම් වල වැදගත්කම හොයාගත්තා කියන්නෙ විශ්වයේ යතුර හොයාගත්තා වගේ තමා. ඒ වගේම අපි හැමවෙලේම විශ්වයට ස්තූති ප්‍රශංසා කරන්න ඕනෙ. මේක හරිම ප්‍රතිඵලදෙන ක්‍රමයක්.

මේක කරන ක්‍රම දෙකක් තියනවා;

01. මේකෙදි කරන්න ඕනෙ ඇෆමේශන්ස්, ඒ කියන්නෙ ඔයා බලාපොරොත්තු වෙන දේවල් 3ක් හදලා දවසේ 6 වතාවකදි එක ඇෆමේශන් එකකට තප්පර 9 ගානෙ වගේ ගත කරලා විශුවලයිස් කරන එක. මේකෙදි ඔයා ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන දේ ඉෂ්ඨ උනා සේ සලකලා ඔයා විශුවලයි කරන්න ඕනේ. ඒකයි වැදගත්ම දේ.

02. මේ ක්‍රමය තනිකරම ජර්නල් ක්‍රමයක්. මේකෙදි ඔයාට අවශ්‍ය කාරණාව ඉෂ්ඨ උනාට විශ්වයට ස්තූතියි කියලා වාක්‍යක් හදාගෙන ඒක උදේ අවදි උනාම 3 පාරක්, දවල්ට 6 පාරක් හා රෑට 9 පාරක් පොතක ලියන්න ඕනෙ. මේකෙදි ඔයා ලියන වාක්‍ය තප්පර 17ක් ගතකරලා ලියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

මේ ක්‍රම දෙකම එක දිගට දවස් 21 ඉඳලා 33ක් හෝ 45ක් වෙනකල් කරන්න ඕනේ. හැබැයි මේක ලේසියෙන්න කරන්න බෑ.මේ මෙතඩ් එක කරන්න කලින් ඔයා හිත ගොඩක් සන්සුන් කරගන්න ඕනේ. නෙගටිව් දේවල් හිතන එක නවත්තන්න ඕනේ. ඔයාට අවශ්‍ය කාරණාව නිතැතින්ම ලැබෙනවා කියලා විශුවලයිස් කරන්න ඕනේ. ඒ වගේම ඒකට වැඩ කරන්න ඕනේ. හැම වෙලේම ධනාත්මකව හිතන්න ඕනේ. මේ විදියට සති දෙකක් විතර ඔයාගෙ මනස හදාගෙන තමා මේ ක්‍රමය පටන් ගන්න ඕනෙ. එතකොට ප්‍රතිඵල වඩාක් ඉක්මනින් ලැබෙනවා.

 

06. රෝස බුබුළු ක්‍රමවේදය

මේක උදේම නැගිට්ටම හෝ නිදාගන්න යන්න කලින් තමා කරන්න ඕනේ. මුලින්ම මේසයක් තියන පුටුවක කොන්ද කෙලින් තියාගෙන වාඩිවෙන්න. පෑනක් හා කොළයක් ගන්න. දැන් ඔයාට අවශ්‍ය කාරණාව හිතන්න. ඒක ඉටු උනා කියලා හිතන්න. ඒක ඉටු උනාට පස්සෙ ක්‍රියා කරන ආකාරය ගැන විශ්වයට ස්තූති කරමින් විශ්වාසෙන් ලියන්න. දැන් මේක හිතින් මවාගෙන ලියපු දේ කියවන්න. ඊළඟට ඇස් වහගෙන විනාඩි කිහිපයක් ඒ ලියපු දේ විද්‍යාමාන කරන්න. කාරණාව ඉටු උනා කියලා හිතලා ඒ සතුට විඳින්න. ඊළඟට ඒ සිතුවිලි ඔක්කොම රෝසපාට බෝලයක් ඇතුලට යනවා දකින්න. මේ බෝලෙ ටික ටික උඩට ගිහින් පාවෙලා නොපෙනී යනවා හිතන්න. ඇස් දෙක වහගෙන හිත මේ කාරණාවටම යොමු කරගෙන භාවනාවක් වගේ මේක කරන්න. එක දිගට දවස් 21ක් කරලා බලන්න ප්‍රතිඵල කොහොමද කියලා.

 

07. Pillow Method

මේක කරන්න හරිම ලේසි. ඔයාට ඉටුවෙන්න ඕන කාරණාව හෝ ඔයා ආදරය කරන කෙනාගෙ නම, මේ ඕනම එකක් කොළයක ලියලා ඒක ඔයාගෙ පැත්තට නවන්න. ඊළඟට මේකට පර්ෆියුම් ටිකක් ස්ප්‍රේ කරලා ඔයා නිදාගන්න කොට්ටෙ ඇතුළෙන් දාන්න. විශ්වාසයෙන් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *